|09|
ජන්කුක් තමන්ගේ තවත් කන්න ඉතුරු වෙලා නැති නියපොතු හපන ගමන් හිටියේ ලොකු නොසන්සුන් කමකින්... ජන්කුක්ට කොහෙත්ම ඕන උනේ නෑ ටේහ්‍යොන්ග් එක්ක කොහෙවත් යන්න.. ටේහ්‍යොන්ග් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා දැනගෙන හිටියටත් පස්සේ ටේහ්‍යොන්ග් එක්ක මොනව සම්බන්ධයක්වත් තියාගන්න ජන්කුක්ට ඕන උනේ නෑ...
කොටින්ම කියනවා නම් ජන්කුක් ටේහ්‍යොන්ග්ට බය උනා.. හරියට මූන දිහා බලන්න පවා බය වෙන විදියට ජන්කුක් ටේහ්‍යොන්ග්ට බය උනා...
"ජන්කුක්...."
"ජන්කුක්..."
"ජන්කුක්.. තමුන් මොන සිහියෙන්ද ඉන්නේ..."
"ඔහ්.. ඇ..ඇයි ඇයි නූනා..."
ජන්කුක්ට මේ මැන්ශන් එකේ හොදින් කතා කරා නම් ඒ මේ මේඩ්ම විතරක් උනා...
"ජන්කුක්..ඔයා හොදින්ද මම බලාගෙන අද දවසම ඔයා ඔහොමයි... පොඩි බේබි බැන්නද ඔයාට.. මට කියන්නකෝ..."
ජන්කුක් ඉදන් හිටපු පුටුව ගාවින්ම වාඩි වෙන ගමන් මේඩ් අහන්කොට ජන්කුක් තමන්ගේ කදුලු පිරුනු ඇස් උස්සලා බැලුවා...
"ජීයුන් නූනා..."
"ඔව්..කියන්න ලමයෝ...මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ..."
ජන්කුක්ගේ ඔලුව අතගාන ගමන් ජීයුන් අහනකොට ජන්කුක් තමන්ගේ තොල් පොට එකට හපාගත්තා.. ජන්කුක්ට තදින්ම මේ හැමදේම කාට හරි කියලා තමන්ගේ හිත නිදහස් කරගන්න ඕන උනා.. ඒත් ඒකට ජන්කුක්ට හැකියාවක් තිබ්බේ නෑ.. ඒකට ජන්කුක්ට අයිතියක් තිබ්බෙත් නෑ...
"ම..මහත්තයා මට කොහෙ හරි යන්න කතා කරා..."
"කවුද.. පොඩි බේබිද... කොහෙද..."
ජන්කුක් දන්නේ නෑ කියන්න වගේ ඔලුව වැනුවා...
"ඉතින් මොනවා හරි වැඩක් වෙන්න ඇතිනේ දරුවෝ.. ඇයි මේ බය වෙලා..."
තමන්ගේ දිග ගවුම් අතෙන් ජන්කුක්ගේ මූන යන්තම් පිහින ගමන් ජීයුන් අහනකොට ජන්කුක් ලොකු හුස්මක් ගත්තා .. අනේ ජන්කුක්ට හරි මහන්සියි මේ හැම දේම හිර කරන් ඉදලා, ඒත් කොහොමද කියන්නේ එයාට ටේහ්‍යොන්ග් එක්ක ඉන්න බයයි කියලා...
"ම..මම කොහෙවත් ගිහින් නෑනේ නූනා... අ..අනික මට ගෙදරින් එලියට යන්න එපා කියලානේ තියෙන්නේ..."
ජන්කුක් කියනකොට ජීයුන් ඉස්සරහා කොටසට විවර වෙන දොර දිහා බැලුවා...
"ඒත් මොනවම හරි වැඩක් නිසානේ ඔයාට එන්න කියන්නේ... ඔච්චර අකමැති නම් අපි හන් මැඩම්ට කියමු.."
"එ..එපා නූනා.. අ..අනේ එපා.. ම..මහත්තයා දැනගත්තොත්.......
ජන්කුක් අඩුම තරමේ දන්නවා හ්‍යුන්බින් ගෙදර හිටියානම් අඩුම මේකෙන් ජන්කුක්ට බේරෙන්න තිබ්බා කියලා...
"ජීයුන්.. ජීයුන්.. කොහෙද මේ මේඩ්ලා..."
එක පාරටම දොරට එපිටින් ඇහුන මිසිස් හන්ගේ හඩට ජීයුන් ඉන්න තැනින් නැගිට්ටා..
"අන්න අරයා අපිව කන්න හොයනවා.. දැන් නොගියොත් කනක් ඇහෙන්න නෑ.. ජන්කුක් ඔයා තවත් හිතලා බලන්නකෝ.. තව ටික්කින් පොඩි බේබි ගෙදර ඒවි ඒ වෙනකොට ඉස්සරහට එන්න.. මන් ඔයාට තේ එකක් හදලා මෙතනට ගෙනත් දෙන්නම්කෝ.. හොද ලමයා වගේ නාඩා ඉන්න...."
ජන්කුක්ගේ මූනත් පිහලා ඔලුව අතගාලා දුවන් යන ජීයුන් දිහා ජන්කුක් ඇස් වල කදුලු පුරවන් බලන් හිටියා.. ජන්කුක්ට එහෙම සැලකුවා නම් ආදරෙන් කතා කරානම් ඒ ජීයුන්ම විතරයි.. අනේ ජන්කුක්ට මේ හැමදේමත් කියලා අඩන්න ඕන උනා... තමන්ට කියලා ඉන්න අන්තිම කෙනා නිසා...
.
.
.
.
"වාහනේ බඩු වගයක් ඇති අරන් උඩට එනවා..."
අදත් බිත්තිය ගාවින් හිටන් හිටපු ජන්කුක්ට වාහනේ කී එක දීලා ටේහ්‍යොන්ග් එහෙමම උඩට යනකොට ජන්කුක් තමන්ගේ අතේ තිබ්බ කී එකත් ටේහ්යොනුයි දිහා ආයෙ ආයෙ බැලුවා... කී එකත් අතේ ගුලි කරගන්න ගමන් එලියට ආපු ජන්කුක් ටේහ්‍යොන්ගේ වාහනේ ගාව නතර වෙලා යතුර දිහා බැලුවේ මොකක්ද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව...
"ඒයි..තමුන් මොකද වාහනේ ගාව හිටන් කරන්නේ... "
එතනට ආපු ගාඩ් කෙනෙක් ජන්කුක්ගෙන් අහනකොට ජන්කුක් ඇස් ලොකු කරන් ඔලුව ඉස්සුවා...
"ම්..මෙ..මේ..."
"මොකද කොල්ලෝ ගොත ගහන්නේ..."
"ම..මහත්තයා වාහනේ බ..බඩු ටිකක් තියනවා අරන් එන්න කිව්වා..."
අතේ තිබ්බ කී එකත් පෙන්නලා ජන්කුක් කියනකොට ගාඩ් කී එක අතට අරන් ඩෝ ඕපන් කරලා ඩිකිය ඇරියා... එක එක වර්ග වලින් තිබුනු බෑග් ගොඩක් අරන් ජන්කුක් අතෙන් තිබ්බ ගාඩ් වාහනේ ලොක් කරලා කී එකත් ජන්කුක්ගේ අගිල්ලකින් රැදෙව්වා...
අත් දෙකේම බෑග් පුරවන් ටේහ්‍යොන්ගේ දොර ගාව නතර උනු ජන්කුක් අමාරුවෙන් අත උස්සලා දොරට තට්ටු කරාම ඇතුලෙන් සද්දයක් නැති හින්දා දොරත් මූනෙන්ම ඇරගෙන ජන්කුක් ඇතුලට ගියා....
ගෙනාපු බෑග් ඔක්කොම ටේහ්‍යොන්ගේ ඇද උඩින් තිබ්බ ජන්කුක් කී එකත් ඩ්‍රෝවර් එක උඩින් තියලා ජග් එකෙන් වතුර එකක් වීදුරුවට පුරවලා තිබ්බා... ආයෙත් ක්ලෝසෙට් එක ඇරන් ඇතුලට යනකොට බාත් රූම් එකේ ඉදන් ටේහ්‍යොන්ග් එලියට ආවා... ටේහ්‍යොන්ගේ ඇදුම් දෙක අරන් පුටුව උඩින් තිබ්බ ජන්කුක් එහෙ මෙහෙ දාලා තිබ්බ ටේහ්‍යොන්ගේ ඇදුම් එකතු කරන්න පටන් ගත්තම ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන් හිටියා..
වෙනදට වඩා වෙනස් බවක් ඒ මූනෙන් පේනකොට කවදත් ටේහ්‍යොන්ග් දිහා කෙලින් නොබලන ජන්කුක්ගේ පුන්චි වෙනසකුත් ටේහ්‍යොන්ග්ට තේරුනා වගේ උනා..
"ම්ම්..."
ඇද ගාවට ගිහින් තෝරලා බෑග් ටිකක් අරන් ආපු ටේහ්‍යොන්ග් ජන්කුක්ට දික් කරාම ජන්කුක් පුදුමෙන් ඒ දිහා බලන් හිටියා.. ආයෙත් යන්තම් ඔලුව නවන ගමන් බෑග් ටික අතට ගත්තු ජන්කුක් ටේහ්‍යොන්ගේ ක්ලෝසෙට් එකට ඇවිදගෙන ගියා..
"ඔය කොහෙද තමුන් යන්නේ..."
"මෙ..මේ ටික අස් කරන්න මහත්තයා..."
ජන්කුක් හෙමින් මිමිනුවාම ටේහ්‍යොන්ග් තමන්ගේ කේන්තිය පාලනය කරගන්න ගමන් නලල මිරිකගත්තා..
"ඔය ටික තමුන්ට..."
ඒ වෙලාවෙ නම් ජන්කුක්ගේ ලොකු උන ඇස් දෙක ටේහ්‍යොන්ග් දිහාවට යොමු උනා.. ආයෙත් බෑග් දිලා බලලා ටේහ්‍යොන්ග් දිහා බලපු ජන්කුක් තොල් එකට හපාගත්තා...
"මට ඇයි ඒ බේබි..."
"ඇයි දැන් තමුන් හෙට ඇදන් යන්නෙ මොනවද... ඒකට තමයි ඔය ටික..."
ටේහ්‍යොන්ගේ කතාවට නිරායාසයෙන්ම ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුනා...ඔලුව උස්සන්නවත් බැරි වෙනකොට ජන්කුක් තමන්ගේ අතින් බෑග් ටික මිරිකගන්න ගමන් හෙමින් ඉකි ගැහුවා..
"ජන්කුක්..."
"ජන්කුක් ඔලුව උස්සනවා..."
ටේහ්‍යොන්ග් දෙවෙනි පාරටත් කියනකොට ජන්කුක් ඉක්මනට මූන පිහගන්න ගමන් ඔලුව ඉස්සුවා...
"මොකද දැන් තමුන් අඩන්නේ... අයිශ් මට පේන්න බෑ ඔය ඇඩියාව...."
ජන්කුක් හයියෙන් පිටවෙන්න ගිය ඉකිය නවත්තගන්න තොල් එකට හපාගත්තා... කිසිම සද්දයක් නොකර හයියෙන් හයියෙන් ඉකි ගහන ජන්කුක් දිහා බලපු ටේහ්‍යොන්ග් අතේ තිබ්බ පොඩි ටවල් එක කරේ දාගෙන ජන්කුක් ගාවට අඩියක් තිබ්බා.. ඒ උනත් ඒ තත්පරේම ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවින් දනගහගත්තේ දනිස් දෙක බිම වදින සද්දෙත් ටේහ්‍යොන්ග්ට ඇහෙද්දි..
"අ..අනේ.. මහත්තයා ම..මට මෙහෙම කරන්න එපා... ම..මම බ..බයයි... ම...මට කොහෙවත් යන්න බ්..බෑ... ම..මම මෙහෙමම ඉන්නම්...ම..ම..මම.......
ජන්කුක්ට හයියෙන් ඇඩුන හින්දා කියන්න ආපු ඔක්කොම කියාගන්න බැරි උනා.. ඒ ජන්කුක් හයියෙන් බිම බලන් ඉකි ගහනකොට ටේහ්‍යොන් ශොක් වෙලා වගේ බලන් හිටියා....
ටේහ්‍යොන්ග් මේ වෙලාවේ කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි උනා...
"මන් තමුන්ව මරන්න අරන් යනවා නෙවෙයිනේ... මගේ වැඩකට එක්කන් යන්නේ.. තමුන්ට තියෙන්නෙ එතන මාත් එක්ක ඉදලා එන එක... නවත්තගන්නවා අඩන එක...."
තමන්ගේ අතක් ඉස්සරහට දික් කරලත් ආයෙ මිටි මොලවගන්න ගමන් ටේහ්‍යොන්ග් කෑ ගැහුවම ජන්කුක් තමන්ගේ අතේ තිබ්බ බෑග් ටික එතනම අතාරින ගමන් බිමින් නැගිටලා එලියට දුවන් ගියා...
"ආයිශ්..ආයිශ්...."
ටේහ්‍යොන්ග් අතේ තිබ්බ ටවල් එකත් විසි කරලා පුටුවකටත් පයින් ගහනකොට පුටුව විසි වෙලා ගිහින් මේසෙ වැදිලා ජග් එකත් එක්කම ග්ලාස් එක බිමට වැටිලා කුඩු උනා...
"ආයිශ්..ෆක්.... කනවා මාව...."
මිනි ෆ්‍රිජ් එකෙන් බියර් කෑන් එකක් එලියට ගන්න ගමන් බැල්කනි එකේ දොරටත් පයින් ගහන් එලියට ආපු ටේහ්‍යොන්ග් බැල්කනියේ වැටට අත් දෙක තියලා තද කරලා අල්ලගත්තා... එන කේන්තිය පාලනේ කරගන්න නොතේරෙනකොට අතේ තිබ්බ කෑන් එක යන්තමට පොඩි උනා...
.
.
.
.
ජන්කුක් එලාම් එක වැදෙනකොට හෙමීට තමන්ගේ බර වෙලා තිබ්බ ඇහි පිහාටු අරින්න උත්සාහ කරා..කදුලු වලට ඇලිලා තිබුනු ඇහි පිහාටු හරි බරයි වගේ දැනෙනකොට ජන්කුක් තමන්ගේ ඇගිලි වලින්ම ඇස් දෙක පිහදාගත්තා...
හෙමීට නැගිටලා ඇදේ ඉදගත්තු ජන්කුක් තමන්ගේ යන්තමින් රිදුම් දෙන ඔලුව පිරිමැදගන්න ගමන් ඔරලෝසුව දිහා බැලුවා..
ජන්කුක්ට උන දේවල් පෝලිමට මතක් උනා... ටේහ්‍යොන්ග් අච්චර කේන්තියෙන් ඉන්න වෙලාවෙ තමන් කාමරෙන් දුවන් ආව කියලා මතක් උනාම බයටම ජන්කුක්ගේ කකුල් දෙක ගැහුනා...
"අ..අනේ.. මන් මොකක්ද ඒ කරේ...'
ඇගිලි එකට මිරිකගන්න ගමන් ජන්කුක් තමන්ගේ පුන්චි කාමරේ වටේට ඇස් යවනකොට ජන්කුක්ගේ ඇස් එක තැනක නතර උනා.. ඒ තමන්ගේ ඇද ගාවම බිම තියලා තිබුනු බෑග් ටික ගාව.... ඒ ඊයෙ ටේහ්‍යොන්ගේ කාමරේ බිම දාලා ආපු බෑග් ටික කියලා දැක්කම ජන්කුක් තොලෙන් හම කෑල්ලක් හයියෙන් හපලා ගත්තා..
"ම..මම නම් අද ඉවරයි..."
ඇදෙන් නැගිටලා ජන්කුක් දොර ගාවට ඇවිදන් ගියත් එතකොටම දොර ඇරගෙන ජීයුන් ඇතුලට ආවා...
"ජන්කුක්... ඔයා නැගිට්ටද... ඊයෙ මොකක් කරාද ආ..."
ජන්කුක්ගේ උරහිසෙන් අල්ලගන්න ගමන් ජීයුන් අහනකොට ජන්කුක් ඇස් දෙක එහෙට මෙහෙට කැරකෙව්වා...
"හරි.. බේබි මේ බෑග් ටික ජන්කුක්ට එව්වා... උදේ නමය වෙද්දි ලෑස්ති වෙලා ඉන්න කියලා..."
"එ..එව්වා කිව්වෙ..."
ජන්කුක් ජීයුන්ගෙන් අහනකොට අඩපු නිසා ඉදිමිලා තිබ්බ ජන්කුක්ගේ කම්මුලක් මිරිකුවා...
"පඩිපෙල ගාවට ඇවිත් කාට හරි කතා කරා... මම ඒ වෙලේ කිචන් එකේ හිටපු හින්දයි ගියේ , කැඩුනු වීදුරු කටු ටික්කුයි , මේ බෑග් ටිකයි දීල ඔයාට මේක දෙන්න කිව්ව... මම කතා කරන්න එන්න ඇහුවමත් එපායි කීවා... ඈ ජන්කුක් තමුන් වීදුරු කටු ටික ගන්නෙ නැතුව ආවද.."
"මො..මොන වීදුරු කටුද.. අ..අනික මු..මුකුත් බිදිලා තිබ්බෙ නෑනේ..."
ජන්කුක් පුදුමෙන් අහන්කොට ජීයුන් ඔරලෝසුව දිහා බලන ගමන් ජන්කුක්ව අතෑරියා...
"මොකක් හරි..හොද වෙලාවට හන් මැඩම් හිටියේ නෑ.. එහෙනම් ඔයා අද ඉවරයි..ඉක්මනට ලෑස්ති වෙලා එන්න කිචන් එකට...."
ජීයුන් ආයෙත් යන ගමන් කිව්වම ජන්කුක් ආයෙත් ඇදෙන් ඉදගන්න ගමන් කල්පනා කරා... ටේහ්‍යොන්ග් කවදාවත් අනවශ්‍ය දේවල් වලට පඩිපෙල බහින්න හිතන්නෙවත් නැති හින්දා ටේහ්‍යොන්ග් කේන්තියෙන් ඉන්නවා කියලා ජන්කුක්ට බයක් දැනුනා...
හෙමීට බෑග් එකින් එක විවර කරපු ජන්කුක් තමන්ගෙ වෙව්ලන අත් වලින් ඇතුලේ තිබුනු වටින ඇදුම් එලියට ගත්තා... ලස්සන ඇදුම් කීපය දිහා බලපු ජන්කුක් නොතේරෙන හැගීමකින් ඒ දිහා බලන් හිටියා.. තමන්ගේ කකුල් වල ගානටම ගැලපෙන සපත්තු දෙකත් අතට අරන් හෙමින් අතගෑව ජන්කුක් එහෙමම බිමින් වාඩි උනා....
මේ හැමදේම එක මොහොතයි කියන්න ජන්කුක් හොදටම දැනන් හිටියා...
.
.
අලුත් ඇදුමත් ඇදගෙන මැන්ශන් එකේ පිටිපස්ස පැත්තෙන් වටෙන් ඉස්සරහට ආපු ජන්කුක් වාහනේ ගාව හිටන් ඉන්න ටේහ්‍යොන්ග් ඉස්සරහින් නතර උනාම සන්ග්ලාස් දෙක අතරින් බලපු ටේහ්‍යොන්ගේ ඇස්වල පෙනුමනම් ජන්කුක්ට හොයාගන්න පුලුවන් උනේ නෑ...
.
.
.
.
.
.
.
*********************
___________________________Dark_Sunshiner 🤍🥀
🤗💝💫
Thanks for reading ♥️
To be Continued....
2023/08/04
Bạn đang đọc truyện trên: AzTruyen.Top