|06|

"ම..මහත්තයා...."

ජන්කුක් හෙමින් හැරෙන ගමන් කතා කරත් ටේහ්‍යොන්ග් හැරිලා බැලුවේ නෑ... ටේහ්‍යොන්ග් හරි අවුලෙන් හිටියේ, මත් ගතිය හින්දා අවුල් වෙච්ච ඔලුවේ පිරුනු දේවල් එක්ක ටේහ්‍යොන්ග්ට ඔලුව හරි බරට දැනුනා....

"මගේ ඔලුව මසාජ් කරන්න..."

"අහ්..."

"ඇයි කීව එක ඇහුන් නැද්ද.."

කලින් අසරන විදියට ඇහුනත් ඒ හඩේ ආවේගයක් තැවරෙනකොට ජන්කුක් ඉක්මනින් ඇද වටෙන් ගිහින් ටේහ්‍යොන්ග් ඉස්සරහින් හිටගත්තා...

"ම..මහත්තයා පුටුවෙන් වාඩි වෙනවද....."

"ඇදට නැගලා අතගාන්න..."

"අහ්..."

"මොකක්ද අයිසේ හැම එකටම අහ්..අහ්.. ගාන්නේ, මන් දැන් හැමදේම උබලට දෙපාර ගානෙත් කියන්නත් ඕනද..."

ටේහ්‍යොන්ග් තමන්ගේ අතකින් කෙස් ටිකක් අදින ගමන් කෑ ගහනකොට ජන්කුක් කෙල ගිලලා ඇද දිහා බැලුවා....

"ක..කමක් නැද්ද මහත්තයා .. ම..මම කීවේ මන් ඇදට නැග්ගට..."

"ඇයි දැන් මේක උබට නුපුරුදු තැනක්ද අහ්...පුලුවන් නම් කරපන් නැත්නම් මගේ දෑහැට නොපෙනි පලයන් මෙතනින්...."

නැවත වතාවක් ඒ ආවේගශීලී කටහඩ අඩු වෙනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙකෙන්ම මූන වහගත්තා...

ජන්කුක් හෙමින් සැරේ ටේහ්‍යොන්ග් ගාවින්ම ඇදට නැගලා දනිස් දෙකෙන් ඇවිදින ගමන් ටේහ්‍යොන්ගේ පිටිපස්සෙන් දනිස් වලින් හිට ගත්තා...බයෙන් බයෙන් වගේ තමන්ගේ අත් දෙක උස්සලා ටේහ්‍යොන්ගේ කෙස් අතරින් තමන්ගේ ඇගිලි තුඩු යැව්ව ජන්කුක් හෙමීට ඇගිලි තුඩු හිස මත එහා මෙහා කරනකොට ටේහ්‍යොන්ග් ඇස් දෙක පියාගෙනම පිටිපස්සට බර උනා...

ඔලුවට දැනෙන පහසුවත් එක්ක ටේහ්‍යොන්ග් තව ටිකක් පිටිපස්සට බර වෙනකොට ටේහ්‍යොන්ගේ විසල් පිට ඇවිත් ජන්කුක්ගේ පපුවේ නතර උනේ ජන්කුක් ගැස්සෙනකොට... මින්ට් සුවද මික්ස් උන අමුතු සුවදක් ඒ හිස කෙස් අතරින් එනකොට ටේහ්‍යොන්ග් ගාවින් ආපු උසස් තත්වයේ ලිකර් වල සුවද ජන්කුක්ට තදින් දැනුනා....

තමන්ගේ අතේ ඇගිලි මොන විදියට එහෙ මෙහෙ ගියත් තමන්ගේ හදවත නම් ඊට විරුද්ධ විදියට හයියෙන් ගැහෙනවා කියලා නම් ජන්කුක්ට දැනුනා... ටේහ්‍යොන්ග්ට යට වෙලා කෙදිරි ගාලා විලාප තියපු එක මොන තරම් අමිහිරි අත්දැකීමක් විදියට දැනුනත්, ඒකට ජන්කුක් මොන තරම් වෛර කරත් හරි අමාරුවෙන් තමන්ගේ උරහිසට ඔලුව තියත් ටේහ්‍යොන්ග් ඉන්නකොට කවදාවත් නැතුව අමුතු විදියට හැසිරෙනකොට ජන්කුක්ට ඒකට හේතුව දැනගන්න උවමනා උනා...

මොකද අද විදියට වෙනදානම් කාමරේ තිබ්බ මොනවාහරි පොලවේ ගහන ගමන් කේන්ති ගන්න ටේහ්‍යොන්ග් අද ජන්කුක්ට කාමරෙන් පලයන් කියලා කෑ ගහනකොට ටේහ්‍යොන්ගේ හැසිරීමට පුරුදු වෙලා හිටපු ජන්කුක්ට ඒ වෙනස හොදට පෙනුනා....

"ශිට්..."

තමන්ගේ පෝන් එක සාක්කුවෙන් ගන්න ගමන් ලොක් එක ඇරලා බලන් ටේහ්‍යොන්ග් ඒක විසි කරනකොට ඒක ගිහින් බිම වැදුනු සද්දෙට ජන්කුක් ආයෙම වතාවක් ගැස්සුනා....

"ම..මහත්තයා කෑම ක..කනවද..."

ජන්කුක් හෙමින් ඇහුවාම ටේහ්‍යොන්ග් හෙමීට ලොකු හුස්මක් පාත දැම්මා....

"එපා...."

"ඒ..ඒත් ඒනම් තේ එකක්.... මහත්තයා නොකා හිටියොත් එදා වගේ අසනීප වේවි.."

ජන්කුක් ආයෙත් ඇහුවාම ටේහ්‍යොන්ග් තමන්ගේ ඔලුව ජන්කුක්ගේ උරහිසෙන් උස්සන ගමන් ඉස්සරහට වෙනකොට ජන්කුක් තමන්ගේ අත් ඔලුව මතින් ගත්තා....

ඉස්සරහට උන ටේහ්‍යොන්ග් පිටිපස්ස හැරිලා ජන්කුක් දිහා බලනකොට ජන්කුක් පුදුමෙන් බලලා බිම බලාගත්තා... ටේහ්‍යොන්ග් ටික වෙලාවක් තමන්ගේ ඇස් ඒ මූන මත යවලා ආයෙත් ඉස්සරහට හැරෙන ගමන් ජන්කුක්ගේ පපුව මතින් ඔලුව තියාගත්තා....

ටේහ්‍යොන්ගේ මේ වෙනස් හැසිරීමට ජන්කුක්ට හදවත මහ හයියෙන් ගැහුනේ බයටමයි.. එක පාරටම අකුනු ගහන්නා වගේ ආයෙත් ටේහ්‍යොන්ග් කෑ ගහයි කියලා ජන්කුක් බයෙන් බයෙන් තමන්ගේ අත් ආයෙත් ඒ හිස මතින් තිබ්බා..

"ජන්කුක්ට තරහක් නැද්ද...."

"අහ්..."

"තරහක් නැද්ද... මන් ගැන..."

ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් ටික වෙලාවක් නිහඩව හිටියා....

"එහෙම දෙයක් නෑ මහත්තයා...."

"ඇයි ඒ... "

ටේහ්‍යොන්ග් ආයෙත් ඇහුවාම ජන්කුක් නිශ්ශබ්දවම හිටියා.. ටේහ්‍යොන්ග් මීට ටික්කට කලින් ලැබුනු උත්තර වලට පුදුම වෙමින් හිටියා.. ටේහ්‍යොන්ග් කන්න බෑ කිව්වම තේ එකක්වත් බොන්න කීවේ ජන්කුක් ටේහ්‍යොන්ග් අසනීප වෙයි කියලා... එහෙම වචන ටේහ්‍යොන්ගේ කනට ඇහෙන්නේ කලාතුරකින් වගේ නිසා ඒක ටිකක අමුතුවට ටේහ්‍යොන්ග්ට දැනුනා....

"ඇයි ඒ කියලා අහන්නේ ඇයි මහත්තයා... මම වරදක් කරේ නැහැනේ මහත්තයාට...."

"ජන්කුක් නෙවෙයි, ජන්කුක්ට මම ගැන තරහක් නැත්ද , මම කරපු දේවල් වලට...."

"මට එහෙම අයිතියක් නැහැනේ මහත්තයා...."

ජන්කුක්ගේ හීනි කටහඩ හීනි විදියට ටේහ්‍යොන්ග්ට ඇහුනත් ඒ හඩ ඕනවටත් වඩා වේදනාවෙන් පිරිලා තිබුනා....

"මම එච්චර දේවල් කරලත් මට අරෙහෙම කිව්වෙ..."

"ඒක මගේ වගකීමනේ මහත්තයා... මහත්තයා අසනීප උනෝතින් ලොකු මහත්තයා මට කෑ ගහයි..."

ටේහ්‍යොන්ග් හිනා උනා, හයියෙන් හිනා උනා... ජන්කුක්ගෙන් ලැබුනු උත්තරෙත් එක්ක හයියෙන් ටේහ්‍යොන්ග් හිනාවෙනකොට ජන්කුක් ගැස්සිලා තමන්ගේ අත් දෙක ගත්තා.. ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවින් ඉස්සරහට වෙන ගමන් හයියෙන් හිනා උනා...

"එලියට යන්න... කාමරෙන්... "

ටේහ්‍යොන්ගේ දෝංකාර දුන්න අමුතු හිනාව අවසානයේ හැරෙන්නවත් මහන්සි නොවී ගැඹුරු කටහඩකින් එහෙම කියනකොට ජන්කුක් ආයෙත් ටේහ්‍යොන්ග්ට කතා කරන්න උත්තසහා කරා....

"යන්න...කියපු වෙලාවේ පලයන් එලියට..."

කෑ ගහලා ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ඉක්මනින් ඇදෙන් බිමට පනින ගමන් දොර ගාවට දුවන් ගියා...

'හහ්..හැමදේම වගකීමක්..ඔව් උබ හරි..."

අන්තිමට එහෙමම ඇදට වැටෙන ගමන් ටේහ්‍යොන්ග් මිමිනුවා....

.





.





.




.




.




.

"ඔක්කොම කම්ප්ලීට්ද..."

හ්‍යුන්බින් තමන්ගේ පුටුවේ පිටිපස්සට හේත්තු වෙන ගමන් ඇහුවාම මිස්ටර් ලී අතේ තිබුනු රිමෝට් එකෙන් ටී වී එක ඔන් කරා....

නගරාධිපතිගේ දුව බීමත්ව රිය පැදවීමත් සමග අනතුරකට ලක් වෙලා මිය ගිහින් කියන නිව්ස් එක යනකොට ඒක දිහා බලන් හිටපු හ්‍යුන්බින් ටී වී එක ඕෆ් කරලා දැම්මා..

"අරුන් දෙන්න ගෙදර ගියාද...?"

"ඔව් සර්..."

"ටේහ්‍යොන්ග්...?"

"පොඩි බේබිත් එවෙලෙම ගියා සර්..."

"අර ඩොකියුමන්ට් වැඩ ටික ලෑස්ති කරන්න, ඒකට හෙට උදේ වෙනකන් ඉන්න එපා, හේජි එක්ක තිබ්බ ඔක්කොම කනෙක්ශන් ලොස්ට් කරන්න...."

"හරි සර්..."

මිස්ටර් ලී ඔලුව නවලා අචාර කරන ගමන් කැබින් එකෙන් එලියට යනකොට හ්‍යුන්බින් තමන්ගේ මූන අත් දෙකෙන්ම පිහින ගමන් පිටිපස්සට ඔලුව හේත්තු කරගත්තා..

"ශිට් , ...."

පෑන මේසෙ උඩට විසික් කරපු හ්‍යුන්බින් නැගිටලා ඉස්සරහා තිබ්බ සෝෆා සෙට් එකෙන් ඉදගත්තා... ග්ලාස් බොට්ල් එකෙන් ග්ලාස් එකට විස්කි ටිකක් වත් කරගන්න හ්‍යුන්බින් ඒක තොල ගාන ගමන් සෝෆා එකට ඔලුව හේත්තු කරගත්තා...

-------

"එ..එපා... ම..මගේ දරුවා ඉන්නවා අනේ මහත්තයා...."

"කට වහපන්...."

"ශ්..හන්, ඇයි මෙහෙම කරන්නේ, අනේ මාව අතාරින්න, මගේ දරුවා ඉන්නවා හන්..."

"චටාස්.. වහගනින් බැල්ලි කට, උබ මේ ගෙදර සර්වන්ට් නම් ඒ විදියට හිටපන්..."

"ම..මගේ දරුවා... එ..එයාව පරිස්සම් කරන්න.. ප්ලිස්ස්...අ..අනේ..........

-------

හ්‍යුන්බින් ගැස්සිලා තමන්ගේ ඇස් දෙක ඇරියා, හරියටම මීට අවුරුදු ගානකට උඩදි සිද්ද උන සිද්දියක් ආයෙත් උඩට එන්න තරම් දැන් උන සිදුවීම ඒකට සමාන උනා...

"ලී...."

හ්‍යුන්බින් කෑ ගැහුවම මිස්ටර් ලී දොර ඇරගෙන ඉක්මනට ඇතුලට ආවා...

"මැන්ශන් එකේ ඉන්න අර පොඩි කොල්ලා.. ඌ ගැන ඇහැ ගහගෙන ඉදපන්, ඌව ආරක්ශා කරපන්...."

හ්‍යුන්බින් එහෙම කියන ගමන් ග්ලාස් එකේ ඉතුරු ටික ඔක්කොම කටට හලාගන්නකොට මිස්ටර් ලී ටික වෙලාවක් හ්‍යුන්බින් දිහා බලන් ඉදලා පෝන් එක අතට ගන්න ගමන් එලියට ආවා....

.




.



.




.



.

"ජන්කුක්...ජන්කුක්..නැගිටපන් කොල්ලෝ..."

ජන්කුක් තමන්ව භූමිකම්පාවක් වගේ හෙල්ලෙනකොට ඔලුවේ ඉදන් වහන් තිබුනු පුන්චි ශීට් එක අයින් කරලා ඇස් දෙක එලියට දැම්මා....

"අනේ නූනා , ඇයි දැන්ම නැගිටින්නේ..."

ජන්කුක් හෙමීට කෙදිරිගානකොට මේඩ් ජන්කුක්ගේ ශීට් එක ඇදලම අතට ගත්තේ හිනාවෙලා...

"මන් කතා නොකලානම් තව ටික්කින් මිසිස් හන් කෑ ගහනකොට තමයි උබ නැගිටින්නේ.... අද පොඩි බේබිව නැගිට්ටවන්න උදෙන්ම , ලොකු සරුත් ගෙදර ඇවිත්...."

ඒක ඇහුනම නම් ජන්කුක් වේගෙන් ඇදෙන් ඉදගත්තා.. ඇහැක් හීනී කරලා බිත්තියේ ගහලා තිබුනු ඔරලෝසුව දිහා බලපු ජන්කුක් මූන දෙක කරන් ආයෙත් මේඩ් දිහා බැලුවා...

"අනේ..නූනා මෙච්චර උදෙන් නම් පොඩි මහත්තයා නිකමටවත් නැගිටින් නෑ අප්පා...."

"ඒක මන් දන් නෑ නැගිටින් නැත්නම් උස්සන් ගිහින් හරි ලෑස්ති කරවපන්...මන් යනවා....ඉක්මනට...."

එහෙම කියන ගමන් මේඩ් එලියට ගියාම ජන්කුක් ඔලුවත් කහ කහ පුන්චි ඇදෙන් බිමට බැස්සා.. ඇදුම් දෙක තුනත් ගුලි කරන් වොශ් රූම් එක පැත්තට කකුල් අද්දව අද්දව ගිය ජන්කුක් ටික්කින් සෝදන් ඇදුම් මාරු කරන් එලියට ආවා...

කිචන් එකට ඇවිත් මේඩ් හදලා දුන්නු තේ එකත් බිබීම ටේහ්‍යොන්ගේ තේ එක හදපු ජන්කුක් ඒකත් පීරිසියකින් වහන් උඩට නැගලා කාමරේ ගාවින් නතර උනා...

ටේහ්‍යොන්ගේ නින්ද මතක් උනාම ජන්කුක්ට උදෙත් එක්ක එපා උනා.... ඩ්‍රෝවර් එක උඩින් මග් එක තියලා වතුර වීදුරුවක් වත් කරලා ඊලගට බැලුවේ ඇදේ හරහට නිදන් ඉන්න ටේහ්‍යොන්ග් දිහා.... හෙමින් ජනෙත් තිර රෙදි ගාවට ගිහින් සද්දෙන් ඇද්ද ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බැලුවත් ඇදෙන් එලියට කකුල් දෙකත් දාන් ටේහ්‍යොන්ග් හොදට නිදි...

"පොඩි මහත්තයා...."

ජන්කුක් ඇද ගාවට ලං වෙලා කතා කරත් ම්හුම්, ටේහ්‍යොන්ගෙන් කිසි ප්‍රතිචාරයක් නෑ...

"පොඩි මහත්තයා...."

ටිකක් ටේහ්‍යොන්ග් ගාවට නැවිලා ටේහ්‍යොන්ගේ උරහිසෙන් යන්තම් අල්ලල හෙලෙව්ව ජන්කුක් කතා කරාම ටේහ්‍යොන්ග් ටිකක් කෙදිරි ගාලා අනිත් පැත්තට හැරුනා...

"අහ්..අනේ සර් නැගිටින්නකෝ..."

එපා උන තැනම ජන්කුක් කෙදිරි ගානකොට ජන්කුක් එහෙමම ඇද උඩට වැටුනේ ඇදට හේත්තුවක් දාන් හිටපු ජන්කුක්ගේ අත ටේහ්‍යොන්ගේ පපුව උඩම නතර වෙනකොට.... වැටුනු විදියටම ඉන්න ජන්කුක්ගේ පැත්තට හැරුනු ටේහ්‍යොන්ග් නින්දෙනම් අනිත් අතත් ජන්කුක්ගේ වටෙන් දාල හොදට ඔලුව තියාගත්තම තමන්ගේ මූන ඉස්සරහා තිබ්බ ඒ මූන දිහා ජන්කුක් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා....

"උදේම කුකුලෙක් වගේ වද නොදී නිදාගන්නවකෝ...."

.




.




.




.




.

********************

___________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading ♥️

To be Continued...

2023/07/11

Bạn đang đọc truyện trên: AzTruyen.Top