|03|
ජන්කුක් බලන් හිටියේ තමන්ගේ කනත් අල්ලගෙන ඇදේ දෙකට තුනට උන්ඩි වෙලා කෑ ගහන ටේහ්‍යොන්ග් දිහා හොරෙන්....
"ටේහ්‍යොන්ග්.. බලනවා තමුන් ගාව ගද... මගේ ලමයෙක් කියලා කියන්නවත් පුලුවන්ද, ආහ්... තමුනුත් අප්පා වගේම හිතුවක්කාර වෙනවාකෝ..."
ග්‍රැනී කෑ ගහන්කොට ටේහ්‍යොන්ග් මුකුත් නොකියා ග්‍රැනීගේ වයසක ශක්තිමත් අතින් තමන්ගේ කන ලිහිල් කරගන්න උත්සාහ කරා...
"අ..අනේ අතාරින්නකෝ කන ග්‍රැනී.. මම දැන් නැගිටින්න හැදුවේ...."
"අහ්... ඉක්මනට ඉක්මනට ලෑස්ති වෙලා පහලට එනවා... මේ ලමයාට කෑ ගහන් නැතුව..."
ග්‍රැනී එහෙම කියන ගමන් තමන්ගේ කලු පාට ගව්මේ යට කොටස අතින් උස්සගෙන කාමරෙන් එලියට ගියේ ජන්කුක්ටත් හිනා වෙන ගමනුයි...
"තමුන්.. තමුන්ට මන් හොද වැඩක් කරනවා දැනගන්නවා.. කට නැද්ද මට කලින් ඇවිත් ග්‍රැනී එනවා කියන්න..."
ජන්කුක් තමන්ගේ ඇස් දෙක ලොකු කරගන්න ගමන් තාමත් ඇද උඩ ඉදන් කෑ ගහන ටේහ්‍යොන්ග් දිහා බැලුවත් උත්තර දෙන්න ගියේ නෑ...
ටික්කින් ටේහ්‍යොන්ග් ලෑස්ති වෙලා පඩිපෙල බැහැගෙන එනකොට ග්රැන්ඩ්මා ටේබල් එකට වාඩි වෙලා හිටියා....
"ටේහ්‍යොන්ග් එන්න කන්න... බලන්න මේ මිනිස්සු උදේ ඉදන් මහන්සි වෙලා කෑම හදනවා, මේ ගෙදර එක මනුස්සයෙක් වෙලාවට වැඩක් කරනවද....."
ටේහ්‍යොන්ගේ අතින් ඇදලා ඉන්දවලා ප්ලේට් එකක් අතට ගන්න ගමන් ග්රෑන්ඩ්මා කියනකොට ටේබල් එකට එහායින් හිටන් හිටපු මේඩ්ලාගේ මූනේ ආදරනීය පෙනුමක් ආවා.. එයාලා ගැන සැලකිලිමත් උනා නම් ඒ ලොකු මැඩම් විතරයි..
"මොකක්ද ග්‍රැනී කෑ ගහන්නේ ආපු වෙලේ ඉදන්.. මට ආදරේ නෑනේ දැන්..."
"ආදරේ,.. තමුන්ට ආදරේ වැඩි වෙලා තමයි මේ තරම් හිතුවක්කාර වෙලා තියෙන්නේ...දැන් තමුන් මෙහෙට ඇවිත් කොච්චර දවසක්ද මන් බලන් හිටියා මාව බලන්න එනකන්, අන්තිමට මමම් එනකොටත් බීලා ඇවිත් නිදි..."
ටේහ්‍යොන් ඔලුව පිටිපස්සට හරවලා මේඩ්ලා ඔක්කොටම රැව්වා..
"මොකද ඒ අයට රවන්නේ, තමුන් බිව්ව කියලා දැනගන්න මට කාගෙන්වත් අහන්න ඕන නෑ ලගට ආවම තේරෙනවා...."
ටේහ්‍යොන්ග් මූනත් උල් කරගන්න ගමන් තමන්ගේ හැන්ද අතට ගත්තම සුප් බෝල් එකක් ටේහ්‍යොන්ග් ගාවින් තිබ්බ ග්රෑන්ඩ්මා ටේහ්‍යොන්ගේ ඔලුව අතගෑවේ ආදරෙන්....
"හෙට ඉදන් ඩෑඩ් එක්ක වැඩ කරන්න..."
"මට බෑ, ආපු ගමන් ඔය විකාර වලට හිරවෙන්න..."
ටේහ්‍යොන්ග් දමලා ගහන්න වගේ කියනකොට ග්රෑන්ඩ්මා පාන් පෙත්තක් ටේහ්‍යොන්ගේ ප්ලේට් එකෙන් තිබ්බා...
"ඒනම් මොනාද කරන්න කැමති, මොනාද ඔයාට ඕනේ, ඔයා දන්නවනේ මේ ග්රෑන්ඩ්මා කාටද වැඩිපුරම ආදරේ කියලා..."
"මුකුත් නෑ.. මට නිදහසේ ඉන්න ඕන...."
"හරි..තව මාසයක් මන් දෙන්නම් ඔයාට, ඇති තරම් නිදහසේ ඉදලා වැඩ වලට ලෑස්ති වෙන්න, ඕකේ...."
ග්රෑන්ඩ්මා කිව්වම ටේහ්‍යොන්ග් සර්වියට් එක අරන් කට පිහදාගන්න ගමන් වතුර වීදුරුව අතට ගත්තා....
"හ්ම්ම්....ග්‍රැනී යනවද අද...."
ටේහ්‍යොන්ග් ඇහුවාම ග්රෑන්ඩ්මා හිනා වෙලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...
"යන්න ඕන, මගේ පැටව් ටික දාලා මෙහෙ ඉන්න බෑ මට..."
ටේහ්‍යොන්ග් කට ඇද කරාම ග්රෑන්ඩ්මා හයියෙන් හිනා උනා...
"මට නම් හිතාගන්න බෑ පොඩි උන් ටිකක් එකතු කරන් ග්රෑනී මොනවා කරනවද කියලා ,"
"ඔයාටත් වයසට යනකොට තේරෙයි , මොකක්ද ජීවිතේ කියන්නේ කියලා, අපි මොනවද සතුටු වෙන්න තෝරගන්න ඕන කියලා... ටේහ්‍යොන්ග් ඩෑඩ්ට කියන්න මන් ඇවිත් ගියා කියලා... "
ලොකු හුස්මක් පාතට දාන ගමන් ග්රෑන්ඩ්මා කිව්වම ටේහ්‍යොන්ග් ග්රෑන්ඩ්මා දිහා බලන් හිටියා...
"ඩෑඩ්... ඩෑඩ් ගෙදර ඉන්න එපැයි ඒක කියන්න..."
"ඔයාගේ ඩෑඩ් මොනවා කරන්වද කියලා මම නම් දන් නෑ ටේහ්‍යොන්ග්... එයාගේ මේ අලුත් කෝලම් ආරංචි වෙනකොට මට කතා කරන්නවත් හිතෙන්නේ නෑ...."
ග්‍රෑන්මා කියනකොට ටේහ්‍යොන්ග් ඇස් දෙක හීනි කරන් බැලුවා...
"අලුත් කෝලන්... මොනාද ඩෑඩ් කරන්නේ ඒ පාර...."
"ඔයා මුකුත් දන් නෑ....?"
ග්‍රැනී ආයෙත් ඇහුවාම ටේහ්‍යොන්ග් දන් නෑ කියලා ඔලුව හෙලෙව්වා...
"ඒනම් එයාම ඔයාට කියනකන් ඉන්න... ගෙදර ආවොත් කියන්න මම ඇවිත් ගියා කියලා..."
දවල් වෙනකන් රැදුන ග්රෑන්ඩ්මා ආයෙත් ගියාම ටේහ්‍යොන්ග් ආයෙත් කාමරේට ඇවිත් ඇදුම් මාරු කරගත්තේ එලියට යන්න... ඒත් ආයෙත් ග්‍රෑන්ඩ් මා මතක් වෙනකොට මොකක් හරි හේතුවකට ටේහ්‍යොන්ග් එලියට යන්න ඇරපු කාමරේ දොර වහලා ආයෙත් ඇතුලට ආවා....
තනියම මෙහෙ ගෙවෙන ජීවිතේ ටේහ්‍යොන්ග්ට ඇත්තටම එපා වෙලා තිබුනා... ටිකක් තේරෙන වයස වෙනකොටම ටේහ්‍යොන්ගේ මාම් නැති උන හින්දා ටේහ්‍යොන්ග් පුන්චි කාලේ ඉදන්ම දරදඩු ගතිගුන මැද හැදුනත් තමන්ට ආදරේ පෙන්නන්න කාලේ වැය කරපු ග්රෑන්ඩ්මා ඉස්සරහා විතරක් හොද චරිතයක් උනා... අන්තිමට ඩෑඩ් විතරක් තමන්ට ඉතුරු උනා කියලා දැනෙනකොට මහා විශාල මැන්ශන් එකක් මැද ටේහ්‍යොන්ග් ඕනවාටත් වඩා තනි උනා...
පිට රට ගිහින් පොඩි කාලේ ඉදන් ඉගන ගන්න පුරුදු උන හින්දා කොහොමත් ඒක ගානක් නොවුනු ටේහ්‍යොන්ග් ටිකෙක් ටික ලොකු වෙනකොට තමන්ගේ ජීවිතේ සාධාරණීකරනය කරගන්න විදියට සාමාන්‍යකරණය කරගත්තා... ඉතින් එහෙම ඉදලා තමන්ගේ ඩිග්රි එකත් කම්ප්ලීට් කරලා ටේහ්‍යොන්ග් ආයෙත් කොරියා ආවේ මෙහෙ දිගටම ඉන්න බලාගෙන උනත් ඒ වෙනකොට වෙනත් ජීවිතේකට හුරු වෙලා හිටිය ටේහ්‍යොන්ගේ යාලුවෝ, පුරුදු හැමදේම කොරියාවෙන් පිට තියෙන දෙයක් උනා.. ඉතින් ඒ හින්දා ටේහ්‍යොන්ග්ට මේ දැනෙන එපා කරපු පාලුවත් එපා වෙලා ගියා....
ඉස්සරහා වාහනයක් නතර කරනවා ඇහෙනකොට බැල්කනි එකට වෙලා ඉදපු ටේහ්‍යොන්ග් පහලට එබුනත් ගෙදර ඉස්සරහා කොටස නොපෙනෙන හින්දා එහෙමම නැගිටින ගමන් බැල්කනි එකෙන් කාමරේට ආවා... ටිකක් වෙලා හිටියත් ආවෙ කවුරු උනත් ඒ කවුරුත් ටේහ්‍යොන්ග්ට කතා නොකරනකොට ටේහ්‍යොන්ග් කමරෙන් එලියට ඇවිත් පඩිපෙල ගාවට ඇවිත් පහලට එබුනා.... ඒත් කිසි සද්දයක් නොඇහෙනකොට ටේහ්‍යොන්ග් පඩිපෙල බැහැලා පහලට ගියා...
"What the fuck.... What are you doing here...?"
ටේහ්‍යොන්ග් පඩිපෙලේ බාගයක් බැහැලා ටිකක් හයියෙන් නමුත් කේන්තියෙන් කෑ ගැහුවේ තමන්ගේ ඇස් වලට දැක්ක දේ හින්දා....
"ඔහ්.. ටේහ්‍යොන්ග්... එන්න මන් ඔයා හම්බෙන්න තමයි ආවේ..."
තමන්ගේ තොල් සිප ගනිමින් හිටපු කාන්තාව ඈත් කරන ගමන් ටේහ්‍යොන්ග් ඩෑඩ් කතා කරනකොට ටේහ්‍යොන්ග් කට කොනින් හිනා වෙන ගමන් පහලට බැස්සේ තමන්ගේ ඇස් වලින් ඒ කාන්තාවගේ උඩ ඉදන් පහලට බලන ගමනුයි.. නමුන් ඒ කාන්තාව ටේහ්‍යොන්ග්ව දැක්ක ගමන් ගැස්සුනත් ආයෙත් සාමාන්‍ය විදියට හ්‍යුන්බින්ගේ අතක තමන්ගේ අත පටලගත්තා....
"මොන වගේ විකාරයක්ද ඩෑඩ් මේ කරන්නේ.. තමන්ගේ ලමයි ඉස්සරහ හැසිරෙන්න ඕන විදියටද ඔයා හැසිරෙන්නේ...."
"කට..කට වහගන්නවා ටේහ්‍යොන්ග්.. තමුන් කොහොමද මෙහෙම තවත් කෙනෙක් ඉස්සරහ කතා කරන්නේ..කොහෙද තමුන්ගේ discipline අහ්...?"
හ්‍යුන්බින් කේන්තියෙන් කතා කරනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ගිනි ගන්න ඇස් දෙකෙන් ඩෑඩ් දිහයි ලේඩි දිහයි බැලුවා...
"මේ ඉන්නෙ මන් මැරි කරන්න ඉන්න කෙනා... අදුරගන්න, හේජි...හනී මේ මගේ පුතා කිම් ටේහ්‍යොන්ග්...ටේහ්‍යොන්ග් හේජිට සොරි කියන්න...."
ටේහ්‍යොන්ගේ කටින් සද්දෙට හිනාවක් පැන්නත් ඒකේ සම්පූර්නයෙන්ම සමච්චලය පිරුනු එකක් උනා... ඒත් හ්‍යුන්බින්ගේ කේන්තිය පිරුනු මූන දැකලා ටේහ්‍යොන්ග් තමන්ගේ හිනාව නවත්තගත්තත් මූනේ තිබුනු කේන්තිය නැතිවෙලා ගියේ නෑ...
"What nonsense, ah..."
කරදරකාරි කටහඩකින් එහෙම කියන ගමන් ටේහ්‍යොන්ග් ආයෙත් පඩිපෙල නගින්න පටන් ගත්තා...
"ටේහ්‍යොන්ග්, තමුන් කරුනාකරලා පහලට එනවා,.. මන් දෙපාරක් කියන් නෑ..."
"මට කොහෙත්ම උවමනාවක් නෑ මේ විකාර බලන්න, ග්‍රැනී කීවේ මේකයි එහෙනම්... "
හ්‍යුන්බින් දිහා බලන්නවත් කරදර නොවී ටේහ්‍යොන්ග් පඩිපෙලේ උඩටම යනකොට හ්‍යුන්බින් ආයෙත් හැරිලා හේජිගේ අතින් අල්ලගත්තා...
"අ..අනේ හන්..."
බය උන මූනකින් හේජි හ්‍යුන්බින්ගේ අතින් අල්ලගන්නකොට හ්‍යුන්බින් හේජිගේ අතින් අල්ලලා ලගට ගත්තා...
"It's okey honey....එයාගේ හැටි එහෙමයි.. මන් කලින්ම වෝන් කරානේ..."
හ්‍යුන්බින් එහම කීවත් හේජිගේ බය උන මූනට හේතුව උනේ වෙන දෙයක්... හේජි තමන්ගේ අතින් මූන අල්ලගන්න ගමන් හ්‍යුන්බින් එක්ක රූම් එකට ඇවිදන් ගියේ ටිකක් ඉක්මනින්....
.
.
.
.
.
"fucking bitch..."
ටේහ්‍යොන්ග් මේසේ උඩ තිබුනු වීදුරුව පොලවේ ගැහුවම ලී ටයිල් පොලවේ වැදුනු වීදුරුව සී සී කට කැඩිලා ගියා...
ටේහ්‍යොන්ග් කේන්තියෙන් තමන්ගේ අත මිටි මොලවගත්තා... මීට දවස් කීපයකට කලින් තමන්ට ක්ලබ් එකේදි හම්බුන ලේඩිව මතකෙට එනකොට ටේහ්‍යොන්ගේ ඇස් කේන්තියෙන් කලු උනා... හේජි ඒ හේජි... ටේහ්‍යොන්ග්ට හ්යුන්බිගේ මේ හැසිරීම පුදුමයක් නොවුනත් තමන් ඉස්සරහම ගෙදරටම ඇවිත් ඒ ලේඩිව කිස් කරපු එක ටේහ්‍යොන්ග්ට පිලිකුල් උනා.... මීට කලින් ටේහ්‍යොන්ග්ට ඩෑඩ් කිසිම ලේඩි කෙනෙක් හදුන්වලා දීලා තිබුනේ නෑ....
ජන්කුක් තමන්ගේ අත් දෙක එකට ගුලි කරගන්න ගමන් කාමරේ දොර ඉස්සරහ හිටගෙන හිටියා, මීට මොහොතකට කලින් ඇතුලෙන් ඇහුන සද්දේ හින්දා ජන්කුක් ඒක විපරම් කරත් වැඩි වෙලා යන්න කලින් ඇතුලෙන් එක එක බඩු පොලවේ වදිනවා ඇහෙනකොට ජන්කුක් හොද හුස්මක් පාතට දැම්මා... ටේහ්‍යොන්ගේ ඔක්කොම වැඩ ඉවරකරලා තමගේ නිල ඇදුම පිරිසිදු කරපු ජන්කුක් මේ වෙනකොට වෙන ඇදුමකට මාරු වෙලා තිබුනා.. ආයෙත් ටේහ්‍යොන්ග් වනසපු කාමරේ අස් කරන්න යන්න තෙත ඇදුම් අදින්න බැරි හින්දා ජන්කුක් එහෙමම ආවත් දැන් ජන්කුක් දෙගිඩියාවෙන් බය වෙමින් හිටියා...
කාමරේ ඇතුලෙන් ආපු සද්දේ නතර උනත් මේ වෙලාවේ ඕක අස් කරන්න යන එක අවදානම් හින්දා ජන්කුක් එහෙමම පහලට ඇවිත් කිචන් එකට වෙලා උදව් කරන්න ගත්තේ ලොකු මහත්තයා ගෙදර හින්දා ඩිනර් එක රෙඩි කරන්න මහන්සි වෙල මේඩ්ලට...
පැයකටත් වැඩි කාලයක් කිචන් එකේ හිටපු ජන්කුක් අවසාන ප්ලේට් එකත් අතේ තිබුනු රෙද්දෙන් පිහනකොට එක පාරටම ගැස්සුනා...
"ජන්කුක්...."
"ඔහ් මිසිස් හන්..."
ජන්කුක් ටේබ එක උඩින් ප්ලේට් එක තියන ගමන් මිසිස් හන් දිහා හැරිලා බැලුවා...
"ගිහින් පොඩි බේබිගේ කාමරේ අස් කරන්න.. තමුන් ක්
මොන විකාරයක්ද තවමත් මෙතන කරන්නේ ..."
ජන්කුක් බයේ වෙව්ලන්න ගත්තා.. ඒත් කරන්න දෙයක් නැති හින්දා පඩිපෙල නැගලා කබඩ් රූම් එකෙන් ඩස්ට්පෑන්ඩ් එකත් කොස්සත් අරගන්න ගමන් කාමරේ ගාවට ඇවිදන් ගියා...
'ස..සර්..."
ජන්කුක් දොරට තට්ටු කරන ගමන් හෙමින් කතා කරත් ඇතුලෙන් සද්දයක් නැති හින්දා හෙමීට දොර ඇරන් ඇතුලට ගියා...
"අහ්..කැහ්..කැහ්..."
ඇතුලට යනකොටම දැනුනු දුම් ගදට ජන්කුක් තමන්ගේ අතින් නහය වහගන්න ගමන් කැස්සා... අදුරෙන් පිරිලා තිබුනු කාමරේ බැල්කනියට යන තැන දොර විවර කරපු තැන තිර රෙද්ද විතරක් හෙලවෙමින් තිබ්බා... රෑ අදුර වැටුනත් මැන්ශන් එකේ එලියේ දල්වපු ලයිට් වල එලිට බැල්කනි ඩෝ එක අතරින් ඇතුලට වැටිලා තිබුනා...
ටේහ්‍යොන්ග් බැල්කනි එකේ කියලා හිතපු ජන්කුක් හෙමින් අඩිය තිබ්බත් එක පාරටම තමන්ගේ කකුල පසාරු කරගෙන යනවා වගේ දැනනකොට එහෙමම කකුල උස්සගන්න ගමන් කෑ ගැහුවා....
කලින් බිම වැටුනු වීදුරු කෑල්ලක් ජන්කුක්ගේ යටි පතුල කපාගෙන ගිහින් තිබ්බා වගේම එතනින් බේරුනු ලේ බිංදු සද්දෙන් බිමට වැටුනා... ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැටෙනකොට ජන්කුක් තොල් පොටවල් එකට තද කරගන්න ගමන් ඉකි ගැහුවේ ගැඹුරට කැපුනු තුවාලේ ගොඩාක් රිදුන හින්දා...
"අහ්..අනේ..."
අනපේක්ශිත විදියට කම්මුලට වැදුනු පාරෙන් ජන්කුක් තනි කකුලෙන් හිටන් හිටපු තැනින් බිමට වැටෙනකොට බිම විසිරිලා තිබුනු පුන්චි වීදුරු කෑලි ඇග පුරා ඇනුනා...
"උබ..උබත් ආවේ මාව කේන්ති ගස්සන්නද.. මෙතන මොකක් කියලා හිතුවද උබ...."
"අ..අනේ මහත්තයා... මගේ ක..කකුලේ....
ජන්කුක්ට කතාව සම්පූර්න කරගන්න බැරි උනේ ටේහ්‍යොන්ග් ආයෙත් වතාවක් ජන්කුක්ගේ කම්මුලට ගහපු හින්දයි...... ටේහ්‍යොන්ග් මත් ගතියකින් වගේම කේන්තියෙන් කලු වෙච්ච ඇස් දෙකෙන් ජන්කුක් දිහා බලන් හිටියා... තමන්ගේ හිතේ තිබුනු කේන්තිය පිට කරගන්න මගක් බලමින් හිටපු මත් වෙලා හිටපු ටේහ්‍යොන්ග්ට තමන් ඉස්සරහා ඉන්න අසරන තරුනයා කෑ ගහලා අඩන බවවත් ඔහුගේ කකුලෙන් ලේ ගලන බවවත් දැක්කේ නෑ...
බිම වැටුනු පාර ඉන ගාවින් ඉහලට එසවුනු ශර්ට් එකෙන් නිරාවරනය උනු කිරි සුදු පාට ඉන එලියෙන් වැටුනු ලයිට් එලියෙන් හරි ලස්සනට දිලිසෙනකොට ටේහ්‍යොන්ගේ ඇස් රාගයෙන් අදුරු වෙන්න ගත්තා.... අත දිගෑරලා දොරේ යතුර කරකවපු ටේහ්‍යොන්ග් බිම ඉකිගහමින් ඉන්න ජන්කුක්ව අතකින් ඇදලා නැගිට්ටෙව්වාම වීදුරු කට්ටෙන් අත තියන් ඉකි ගහමින් හිටපු ජන්කුක්ගේ අතට වීදුරු කෑල්ල ඇදිලා ආවේ රතු පාටින් දිලිසෙමිනුයි....
"අ..අනේ මහත්තයා එහාට යන්න...අ..අනේ..."
බාගෙට අඩවන් උනු ඇස්වලින් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලට ලන් වෙනකොට ටේහ්‍යොන්ගේ එක අතක් උඩට එසවුනු කමිසය අතරින් පේන හීනි ඉනේ නතර උනා...
.
.
.
.
.
*********************
___________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading♥️
To be Continued...
2023/07/05
Bạn đang đọc truyện trên: AzTruyen.Top