|01|

"හැමදේම තිතට පිලිවලට තියෙන්න ඕන.... තේරුනාද...? බේබි කැමති නෑ කොහෙත්ම අපිලිවෙලට...."

ප්‍රධාන සේවිකාව තමන්ගේ අතේ තිබුනු දිග කලු පාට පිස්නාව එහෙට මෙහෙට වනන ගමන් සේවකයෝ ඉස්සරහින් ඇඉදගෙන ගියා.... අද කිම් මැන්ශන් එකේ කලබලයක්.. මොකද අවුරුදු ගනනාවකට පස්සේ ඒ ගෙදර දරුවා ආයෙත් කොරියාවට එනවා...

"නිල ඇදුම අනිවාර්‍යෙන් අදින්න ඕන, කියන ඕනම වැඩක් ඒ වෙලාවෙම කරලා දෙන්න ඕන... තේරුනාද තමුන්ලට..."

සේවකයෝ හැමෝම හෙමින් බිමට පාත් කරන් හිටපු ඔලු හෙලෙව්වා...

"හරි.. දැන් ගිහින් තමන්ලාගේ වැඩ පටන් ගන්න...."

ආයෙත් ප්‍රධාන සේවිකාව කිව්වමහ හැමෝම තමන්ට වැඩ පැවරුනු තැන් වලට ඇවිදගෙන ගියා...

මැන්ශන් එකේ උඩු මහලට ඇවිදගෙන ගිය කුඩා පිරිමි ලමයා තමන්ගේ අතේ තිබුනු දූවිලි පිස්නයෙන් තරප්පු වැට නැවත නැවත වතාවක් පිස දමමින් ඇවිදගෙන ගියා... කවුරුත්ම දන්නේ නැහැ අලුත් කෙනා මොන වගේ වේවිද කියලා.. නමුත් ඒ තරම් ලේසි පහසු නොවෙන බව නම් හැමෝම දැනගෙන හිටියා....

"ආහ්..ආ.. දෙවියනේ මම මොකක්ද මේ කරේ..."

කුඩා පිරිමි ලමයා තමන්ගේ අතින් ඇල උනු වතුර ජෝගුව කෙලින් කරන ගමන් වටපිට බැලුවා... ඇද ගාවම තිබුනු පොඩි මේසේ උඩ තිබුනු වතුර ජෝගුව ඇල වෙලා හැලුනු වතුර ලී පොලව පුරා ගලලා තිබුනා.... කාමරෙන් එලියට බෙල්ල දාලා කවුරුත් ඉන්නවද කියලා විපරම් කරපු පිරිමි ලමයා ඇගිලි තුඩු වලින් වගේ උඩ තට්ටුවේ කෙලවරට ඇවිදගෙන ගිහින් කුඩා දොරක් ඇරියාම තිබුනු කාමරෙන් මොප් එක අරගෙන ආයෙත් හොරෙක් වගේ ආවා...

විශාල කාමරයේ දොර වහන ගමන් මොප් එකෙනුත් බිම පිහලා මොප් එක බිත්තියට හේත්තු කරන ගමන් තමන්ගේ සේවක ඇදුමේ ඉදිරිපස තිබුනු සුදු පාට රෙදි කැබැල්ලකුත් අතට අරන් බිමට නැමිලා පිහින්න ගත්තේ දිලිසෙමින් තිබුනු බිම පලුදු වෙයි කියලා ආපු සැකේටයි...

ගත වෙන වෙලාව ගැන කිසිම අවධානයක් නැතුව තමන්ගේ වැඩේ ඉවර කරපු ලමයා රිමෝට් එක අරන් ඒ සී එකත් ගානට හදලා ආයෙත් රිමෝට් එක තියනකොටම වහපු දොර පිටින් ඇහුන අඩි හඩට ගැස්සුනා... බිත්තියට හේත්තු කරපු මොප් එක අත් දෙකෙන්ම තුරුල් කරගත්තු ලමයා දොර මුල්ලට වෙන්න ඇලිලා වගේ හිටියේ ඊලගට මොනවා වෙයිද කියලා අදහසක් නැතුවයි...

"ඉවරයි...පොඩි මහත්තයාගේ කාමරේ...."

තොල් දෙක රතු වෙනකන් හපාගන්න ගමන් ,

"fuck..ආආහ්‍ර්ග්....."

මුමුනලා කටගන්න හම්බුනේ නෑ කාමරේ දොර ඇරන් ඇතුලට ආපු තරුනයා දොර ගාවට විසිරිලා තිබ්බ මොප් එකේ ලිස්සලා බිමට වැටුනේ කෑ ගහගෙනමයි...

"අනේ.. මට සමාවෙන්න පොඩි මහත්තයා.. මාව අස් කරන්න නම් එපා... මට සමාවෙන්න..."

ඉන්න තැනම බිම දනගහලා සමාවගන්නකොට බිම වැදුනු පස්සත් එක අතකින් අල්ලගෙන තරුනයා බලන් හිටියේ මේ මොකක්ද කියන්න වගේ...

"තමුසෙට පිස්සුද.. සමාවගන්න කලින් මෙතනින් අයින් වෙනවා මට නැගිටින්න.. ආර්ග් fuck..මගේ දවසම කෑවා...."

අමාරුවෙන් තමන්ගේ අත් දෙක බිමට තද කරලා නැගිට්ට තරුනයා තාමත් එහාට වෙලා බිම දනගහන් ඉන්න ඔලුව නවන් ඉන්න තරුනයා දිහාට බැල්මක් දැම්මා...

"තමුන් නැගිටිනවා...."

තරුනයා කෑ ගහලා කිව්වම ලමයා ඉක්මනින් නැගිටලා අත් දෙක එකතු කරගන්න ගමන් ඔලුව නවාගත්තා...

"තමුන් ඔය ඇදන් ඉන්න ඇදුම ගලවලා මේ හැම තැනම පිහලා දානවා..."

එක පාරට ඇහුන දේත් එක්ක ලමයා තමන්ගේ කදුලු පිරුනු ඇස් උස්සලා බැලුවේ කිව්ව දේ විශ්වාස කරන්න බැරුව...

"ම..මට ස.සමාවෙන්න සර්.. මම මේ රෙදි කෑල්ලෙන්......."

"මම දැන් තමුන්ට එක පාරක් මොකක්ද කීවේ.. තමුන් දන්නවද මගේ මේ ඇදුමේ වටිනාකම ආර්හ්...."

ඒ කෑ ගහන සද්දෙට ලමයා තමන්ගේ ඇස් වහාගත්තා...

"මම ඒක පිරිසිදු කරලා දෙන්නම් මහත්තයා...."

"අවශ්‍ය නෑ... තමුන් දැන් මන් කීව වැඩේ කරනවද නැද්ද... කවුද මෙහෙ මුන්ව වැඩට තියාගන්නේ එක පාරක් කීවම දෙයක් කරන්න බැරි......"

ආයෙත් තරුනයාට වචනයක්වත් කියන්න නොදී ලමයා තමන්ගේ උඩ ඇදුමේ බොත්තම් එකින් එක විවර කරේ ඇස් වල තාමත් පිරුනු කදුලු එක්ක...

බොත්තම් එකින් එක ගැලවෙනකොට නිරාවරනය වෙන කිරි පාට ඇග දිහා තරුනයා තමන්ගේ තොල් කොන හපාගන්න ගමන් බලන් හිටියා... සම්පූර්නයෙන්ම තමන්ගේ උඩ සුදු පාට සේවක කමිසය ගලවපු ලමයා බිමින් දනගහගන්න ගමන් බිම පිරිසිදු කරන්න ගත්තේ අත් දෙකත් වෙව්ලනකොට.. එක තැනක වතුර පිහිනකොට උඩින් වැටුනු වතුර වගේ බින්දු කිහිපයක් ආපහු පිහදාපු තැනට වැටුනා.... ඒ වතුර නෙවෙයි අහින්සක ඇස් වලින් වැටුනු කදුලු බින්දු උනා....

.



.


.


.


.


.

ජන්කුක් තමන්ගේ අතේ තිබුනු ලා දුඹුරු පාට වුනු කමිසය අත් දෙකෙන්ම එකට අතුල්ලන ගමන් හිටියා... තමන්ගේ එකම සේවක නිල ඇදුම මහලා අනිත් දවසෙම අපිරිසිදු කරගන්න උන එකට ජන්කුක් දුකෙන් හිටියේ.. ඒත් ඉතින් ජන්කුක්ට කරන්න දෙයක් තිබුනේ නෑ.. තමන්ගේ අතින් උනු වරදට අලුතෙන් ආපු පොඩි මහත්තයාගෙනුත් දඩුවම් විදලා , ප්‍රධාන සේවිකාවගෙනුත් ගුටි කෑවට පස්සෙයි ජන්කුක්ට එන්න පුලුවන් උනේ....

සේවකයන්ට වෙන් කරපු කොටසේ තිබුනු නාන කාමරෙන් එලියට ආපු ජන්කුක් තමන්ගේ කලු පාට කලිසමයි අත තද කරලා සුදු පාට කරගත්තු කමිසයයි රැක් එකට වේලෙන්න දාලා දොර ඇරන් එලියට ආවා... ආයෙත් කිචන් එකට ගිහින් ලැබුනු වැඩ කරමින් තමන්ගේ හොද හුස්මක් පාතට දැම්මා...

.



.


.


.


.

"ඇතුලට එන්න..."

ටේහ්‍යොන්ග් තමන්ගේ කකුලක් පිට කකුලක් දා ගන්න ගමන් කතා කරා...

"මහත්තයා ඇයි එන්න කීවේ..."

සේවිකාව තමන්ගේ ඔලුව නවලා අචාර කරන ගමන් කතා කරා..

"කවුද ඒ පොඩි කොල්ලා, මෙතන වතුර හලලා මාව වැට්ටුවේ..."

ටේහ්‍යොන්ග් ඇස් කොනින් බලන ගමන් ඇහුවේ කේන්තියෙන් වගේ...

"ඒ..ඒ.. මේ ගෙදර වැඩ කරන කොල්ලෙක් මහත්තයා.. බයවෙන්න එපා ආයේ උඩ තට්ටුවට එවන්නේ නෑ කොල්ලව...."

සේවිකාව කිව්වම ටේහ්‍යොන්ග් කට කොනින් හිනා උනා....

"අස් කරනවා..."

සේවිකාව ආයෙත් ඔලුව උස්සලා බැලුවේ ඇහුන දේ විශ්වාස කරන්න බැරුවයි...

"ඇයි.. දැන් මන් හැමදේම දෙපාරක් කියන්න වෙලාද... අස් කරනවා ඒකව..."

"ම..මට සමාවෙන්න මහත්තයා ඒත් ලොකු සර් තමයි ඒ කොල්ලව වැඩට ගත්තේ, ගොඩාක් ටිකක් පොඩි කාලේ ඉදන් වගෙයි මෙහෙ ඉන්නේ.. ඒ හින්දා අපිට.....

ප්‍රධාන සේවිකාව තමන්ගේ වචන ගැට ගහ ගහ කියනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ අත් මිටි මොලවගත්තා...

"ඩෑඩ් ගැන මන් බලාගන්නම්.. ඌව අස් කරලා දානවා.. ආයෙත් මට මේ මැන්ශන් එකේ ඌව දකින්න බෑ.. ආපු දවසෙම මාව කෑවා...."

සේවිකාව ඔලුව නවන ගමන් ඉක්මනින් කාමරෙන් එලියට ගියේ ඒ සද්දෙට බය වෙන ගමනුයි...






"ජන්කුක්.. තමුන්ව අස් කරා ...."

ජන්කුක් තමන්ගේ අතේ තිබුනු පිටි ටික පිහ දාගන්න ගමන් ඇස් ලොකු කරගෙන හැරුනා...

"අ..අනේ මැඩම් .. මම කොහෙද යන්නේ..."

ජන්කුක් බලාපොරොත්තු සහගතව ඇහුවත් ජන්කුක්ව නොසලකා හැරපු ප්‍රධාන සේවිකාව කිචන් එකෙන් එලියට ගියා... අනිත් වැඩ කරමින් හිටපු කිහිප දෙනා ජන්කුක් දිහා අනුකම්පාවෙන් බැලුවා.. ජන්කුක්ට අවුරුදු දහ අටක් වගේ පොඩි වයසක් වෙනකොට ජන්කුක් මේ වගේ තැනක ඉන්න ප්‍රධාන හේතුව තමන්ගේ අනාතකම උනා...ජන්කුක්ගේ ඇස් වල පිරුනු කදුලු කම්මුල් වලින් කඩන් වැටෙනකොට පිටි නොගෑවුනු අතේ පිටි අල්ලෙන් කම්මුල් පිහගත්තු ජන්කුක් ගබඩා කාමරේ මුල්ලකට උනේ කකුල් උඩින් තමන්ගේ මූන තියාගන්න ගමනුයි...

.





.



.




.




.




.
ජන්කුක් හොද හුස්මක් ගන්න ගමන් වට පිට බලලා පඩිපෙල මුදුනේ ඉදන් ඇගිලි තුඩු වලින් දුවන් ආවා... ඇවිත් විශාල ලී දොර ඉස්සරහ නතර උන ජන්කුක් හොද හුස්මක් ගන්න ගමන් තමන්ගේ ඇගිලි එකට පටගත්තේ නොසන්සුන් කමෙන්....

"එනවා..."

දොරට තට්ටු කිරීමත් එක්ක ඇතුලෙන් ඇහුනු හඩෙන් ඇස් පියාගෙන මොහොතක් ගැස්සුන ජන්කුක් දොරේ හැඩල් එකට අත තියන ගමන් තද කරා....














*********************

___________________________Dark_Sunshiner 🤍🥀


ඒකාකාරී කතාවක් වගේද...
මම මේක Because Of You ලියන්නත් කලින් ලියන්න පටන් ගත්තු එකක්..
බලනකොට මට මේක දීලා ඉන්න හිතුනා ඒකයි මම මේක දෙන්න හිතුවේ...

ගොඩාක් අය High School luv story එකක් ඉල්ලලා තිබුනා.... ඇත්තටම මට ඒම ඒවා ලියන්න බෑ.... සමාවෙන්න , ඒත් මං පුලුවන් නම් උත්සහ කරලා බලන්නම්....♡✾

Thanks for reading....♥️

To be continued...

2023/06/27

Check the tags..🙃

Bạn đang đọc truyện trên: AzTruyen.Top