|27|

"මිස්ටර් කිම් ඉදගන්න... මේ වගේ වෙලාවක මේ වගේ ගමනක් එන්න හේතුව මොකක්ද..."

කැප්ටන් ටේහ්‍යොන්ග්ට තමන්ගේ මේසේ ඉස්සරහ පුටුව සන් කරන ගමන් ඉදගත්තා...

"ම්ම්.. මම කෙනෙක්ව හොයනවා..."

ටේහ්‍යොන්ග් කියනකොට කැප්ටන් ටිකක් වෙලා ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා...

"මට තේරුම්ගන්න පුලුවන් මිස්ටර් කිම්ගේ වැඩ කටයුතු.. ඒත් දන්නවනේ ආරක්ශාවට මට කිසි කෙනෙක්ගේ තොරතුරු පිටට දෙන්න බෑ... වොරන්ට් එකක්.....

"නෑ.. කැප්ටන් මේක මගේ පෞද්ගලික දෙයක්... කෙනෙක් මෙහෙ ඉන්නවද කියලා දැනගන්න විතරයි මට ඕන...ඩොක්ටර් ජෝන් ජන්කුක්..."

කැප්ටන් පුටුවෙන් නැගිටලා දොර ගාවට ගිහින් සෙබලෙක් ගෙනාව තඹ පැහැති කෝප්ප දෙකෙන් එකක් ටේහ්‍යොන්ග් ඉස්සරහින් තිබ්බා...

"මිස්ටර් කිම් දන්නවනේ.. මෙහෙ ආගන්තුකයෝ පිලිගන්න සූදානමක් නෑ..."

කැප්ටන් කියනකොට ටේහ්‍යොන්ග් හිනා වෙලා තමන්ගේ අත් එකට පටලගත්තා...

"මෙහෙ වෛද්‍යවරු කිහිප දෙනෙක් ඉන්නවා.. මට දැනගන්න පුලුවන්ද මිස්ටර් කිම් වෛද්‍යවරයෙක් ගැන් අහන්න හේතුව..."

"ම්..එයා මගේ සහයකය.. වගේම හිතවත්ම මිතුරෙක්... හදිසියේම එන්න උනා... කදවුර ගැන විස්තරයක් නැති උනා..."

"මිත්‍රයෙක්.. මේ තරම් හදිසියේ....."

ටේහ්‍යොන්ගෙන් ඒකට උත්තරයක් ලැබුනේ නෑ...

"ඕකේ... ඩොක්ටර් ජෝන් ගැනනම් කියන්නේ... ඉන්නවා ඩොක්ටර් ජෝන් කියලා කෙනෙක්... මිස්ටර් කිම්ට මුන ගැහෙන්න ඕනද... "

"එපා.. මට එයා ගැන කියන්න.. එයාගෙ විස්තර..."

ටේහ්‍යොන්ග් දිහා බැල්මක් හෙලන ගමන් කැප්ටන් සෙබලෙක්ට කතා කරා... පණිවිඩයක් යවන ගමන් සායන කොටසේ වැඩ කරන කෙනෙක් ගෙන්න ගත්තු කැපට්න් ටේහ්‍යොන්ග් ඉස්සරහින් ඒ කෙනාව තිබ්බා...

"ඩොක්ටර් ජෝන් ගැන කියන්න.. මේ මිස්ටර් කිම්...."

"ඔ..ඔහු දක්ශයි.. හැමදේටම.. ඒත් නිතර කලබලෙන් ඉන්නේ.. හැමෝමත් එක්ක සමීපව සුහදව ඉන්නවා...මේ දවස් කිහිපයේ අසනීප ගතියෙන් හිටියේ..."

බියෙන් වගේ සේවකයා කියනකොට ටේහ්‍යොන්ග් අතින් සන් කරන ගමන් කැප්ටන් පැත්තට හැරුනා... සේවකයා කාමරෙන් එලියට යනකොට තමන්ගේ පෑනත් සටහන් පොතත් එලියට ගන්න ගමන් ටේහ්‍යොන්ග් යම් දෙයක් ලියමින් ඒක නමලා පොත කබා සාක්කුවට දා ගත්තා...

"කැප්ටන්.. මට විශ්වාසයි ඒ ඩොක්ටර් ජෝන් මන් හොයන කෙනා කියලා... එයාට මේ පණිවිඩය ලැබෙන්න සලස්වන්න.. ඒක විතරයි මම බලාපොරොත්තු වෙන්නේ...."

කැප්ටන් ඒක බාරගන්නවත් එක්ක ටේහ්‍යොන්ග් කැප්ටන් එක්ක කතා කරන ගමන් ගොඩනැගිල්ලෙන් එලියට ආවා... සම්බන්ධතා සමග වැදගත් තොරතුරු කතා කරන ගමන් ටේහ්‍යොන්ග් කදවුරෙන් පිට වෙනකොට රාත්‍රිය එලෙබෙමින් තිබුනා...

.





.




.




.





.



.

ජන්කුක් හිටියේ කදවුරෙන් එලියට ඇවිදන් එන ගමන්.... ඒ අවට අසරන උනු රෝගියෙකුගෙන් ලැබූ පණිවිඩයකට යන බව කියලයි ජන්කුක් කදවුරෙන් එලියට ආවේ... නිතරම එහෙම වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරන්න යන නිසා ඒක අමාරු වැඩක් නොවුනත් මේ වෙලාව හවස නිසයි ජන්කුක්ට එලියට එන්න අමාරු උනේ...

සාක්කුවට අත දාලා නමපු කොල කැබැල්ල අතට ගත්තු ජන්කුක් ඒක දිග ඇරියා..

ලා දුබුරු පැහැති සටහන් කොලේ ඊතල කිහිපයක් හා ඉලක්කමක් සදහන් වෙලා තිබුනා... ටේහ්‍යොන්ග් එක්ක වැඩ කරපු කෙනෙක් විදියට ඒ පණිවිඩය ටේහ්‍යොන්ගෙන් සහ ඒකෙන් දුන්නු පණිවිඩේ තේරුම්ගන්න ජන්කුක්ට අපහසු උනේ නැහැ... ඒ විදියට ඒක සදහන් කරේ ඒක දිග ඇරලා බැලුවොත් ඒක ජන්කුක්ට විතරක් තේරුම්ගන්න පුලුවන් වෙන්නයි..

මිනිසුන් විශාල ප්‍රමාණයක් ඉවත් කරත් තවමත් කිහිප දෙනෙක් රැදුනු පාළුවට ගිය නගරයත් කදවුරත් අතර තිබුනු කුඩා නගර කොටසට ආපු ජන්කුක් වීදි හැරීම් තිබුනු තැනින් නතර වෙලා ඊතල මගින් හැරෙන විදියට තිබුනු ගල් අතුරපු මාවත් දිගේ ඇවිදගෙන ගියා...

ගොඩනැගිලි දෙකක් අතරින් වැටුනු පටු පාරක් දිගේ ඇවිදන් ගිය ජන්කුක් වනාන්තර මායිමත් ගොඩනැගිලිත් අතර නතර වෙලා නිවාස පිහිටි කොටසට යන අදුරු හැරුමේ නතර උනේ දෙගිඩියාවෙන්...

මුලු ගමන පුරාම තමන් යා යුතුද නැද්ද කියමින් හිතලා ජන්කුක්ගේ ඔලුව සම්පූර්නයෙන්ම අවුල් වෙලා තිබුනා.. ටේහ්‍යොන්ග් කදවුරෙන් එලියට යනකනුත් බලන් හිටපු ජන්කුක් හුස්මක් පාත දාන ගමන් පුටුවෙන් වාඩි වෙනකොට කූඩාරමට පිටින් සෙබලෙක්ගෙ කටහඩ ඇහුනා... ඒත් සමග ලැබුනු පොඩි ලියවිල්ල නැවත වතාවක් ජන්කුක්ගේ හදවත බර කරන්න සමත් උනා..

ඇත්තටම ජන්කුක් නැවතත් ටේහ්‍යොන්ග්ව මුන නොගැහෙන්න ඕන උනත් ජන්කුක්ට ඒක පොඩි කොල කෑල්ලක් උනත් ඒක ටේහ්‍යොන්ගේ උන හින්දා නොසලකා හරින්න බැරි උනා... මොන දේ උනත් ජන්කුක්ට ටේහ්‍යොන්ග් සම්බන්ධ හැමතැනකදිම හරිම දුර්වල උනා...

"අහ්.."

ජන්කුක්ගේ හුස්ම හිරවෙනකොට තද බිත්තියකට තද වෙන ගමන් තදින් තොල් දෙක හිර උනා.. ටේහ්‍යොන්ග් ජන්කුක්ව බිත්තියකට හිර කරගන්න ගමන් තදින් තොල් අල්ලගත්තත් ටිකෙන් ටික ඒ හාදුව ලිහිල් වෙන ගමන් සියුම් හාදුවකට ඒක පෙරලුනා...

ජන්කුක්ට උනු දේ එකපාරටම තේරුම්ගන්න බැරි උනත් ඒ සුපුරුදු උණුසුම හුස්ම දැනෙනකොට ජන්කුක් එයාගේ තොල් චලනය කරා.. ජන්කුක්ගේ ඇස් දෙකෙන් එක දිගට කදුලු වැක්කෙරෙනකොට ජන්කුක් ඒ කොලර් එක තදින් අල්ලගන්න් ගමන් තමන්ගේ තොල් චලනය කරා....

ටිකෙන් ටික ආදරණීය සියුම්ව ගලා ගිය හාදුව අතරින් ලුණු රස කදු වැල් වැටෙනකොට ටේහ්‍යොන්ග් ඒ තොල් අතරින් ඈත් වෙන ගමන් ජන්කුක්ව තමන්ගේ පපුවට තදින් තුරුල් කරගත්තා.. ඒ වෙලාවෙ කිසිම දෙයක් කියන්න උවමනාවක් නොතිබුනු ජන්කුක් නිශ්ශබ්දව හෙමින් අඩනකොට ටේහ්‍යොන්ගේ ශර්ට් එක තෙත් උනා... ටේහ්‍යොන්ගේ ඇස් අතරින් එලියට ආපු කදුලු බින්දු කිසිම කෙනෙක් දකින්නේ නැතුවම ජන්කුක්ගේ කෙස් අතර සැගවිලා ගියා....

ටික්කින් ජන්කුක් හොද සිහියට එන ගමන් ටේහ්‍යොන්ගේ පපුවට අත් දෙකම තියලා තල්ලු කරා.. ඒ මූන දිහා බලන්න හයියක් නැති වෙනකොට ජන්කුක් බිත්තියට හේත්තු වෙලා බිම බලාගෙනම හිටියා...

"ඇයි ආවෙ..."

සෑහෙන වෙලාවකට පස්සෙ ජන්කුක්ගෙ තොල් අතරින් පිට වෙනකොට ටේහ්‍යොන්ග් හොද හුස්මක් පාතට දැම්මා...

"ඇයි ජෝන් මාව දාලා ආවෙ.. කිසිම දෙයක් නොකියා අතුරුදහන් උනේ ඇයි...."

කාටවත් මේ දේවල් වලට පැහැදිලි උත්තර ඕන උනේ නෑ... අනිවාරෙන්ම ඒ ගැහෙන හිත් දෙක හේතු දැනන් හිටිය.. ඒක හරියට හිත සනසගන්නවා වගේ.. හරිම බොලද රවටාගැනීමක්....

"ම..මම වෙන මොනව්ද කරන්න ඕන ටේහ්‍යොන්ගී... මොනාද මට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ... මම තවත් කොහොමද හැමදේම දිහා බල බල නිකන්ම ඉන්නේ... මම නිකමෙක් එහෙම නෙවෙයිද.. මට මුකුත්ම කරගන්න බෑ.. අඩුම ඔයා නැත්නම් මට බය නොවී ඉන්නවත් බෑ.. ඇයි මට මෙහෙම කරේ.. ඇ..ඇයි කියන්න ටේහ්‍යොන්ගී... මට ඔයා නැතුව ඉන්න බැරි තරමට මාව ඉස්සරහට එක්කන් ආවේ ඇයි... හැමදේම දැනන් හිටියනම් මට ඉවසගන්න බැරි තැනට මාව අරගෙන ආවේ ඇයි ටේහ්‍යොන්ගී..."

ජන්කුක්ගේ කදුලු පෙරෙන බෝල ඇස් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ හරිම වේදනාවෙන්... වේදනාව වචන වලින් ප්‍රකාශ කරන්න නොතේරෙනකොට අසරණ වෙන විදිය අත්විදින එක හරිම අපහසුයි.. ඒකත් රිදුම් දෙනවා...

හැමදේටම උත්තර තිබුනු ටේහ්‍යොන්ග්ට උත්තර හිතා ගන්න බැරි ප්‍රශ්න එක දිගට යොමු වෙනකොට ටේහ්‍යොන්ග් නිහඩවම නිරුත්තර උනා.. වෙන කවරදාටත් වඩා තදින්ම ටේහ්‍යොන්ග්ට ජන්කුක්ව ඕන උනා ටේහ්‍යොන්ග් ටිකක් නැමෙන ගමන් ජන්කුක්ගේ පපුවෙන් ඔලුව තියාගත්තා...

ජන්කුක් එක පාරටම ගැස්සුනත් ටේහ්‍යොන්ගෙන් මේ වගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ.. ටේහ්‍යොන්ගේ සුදුමැලි මූන දුම් බීම නිසාම ලා දුඹුරු පාට උනු තොල් දෙක ඇතුලට ගිලා බැස්ස හීනි ඇස් දෙක ඒ හැමදේම ටේහ්‍යොන්ග් හොදින් නෙවෙයි කියලා ජන්කුක්ට ඕනවටත් වඩා පෙන්නුම් කරා...

මොනවද කරන්න ඕන... ටේහ්‍යොන්ග්ව පපුවට තුරුල් කරන් ඔලුව අතගාන්නද, එහෙමත් නැත්නම් අත් දෙක පහලට දාන් ඔහේ බලන් ඉන්නද... ජන්කුක් ලෝක දෙකක් අතර හිර උනත් ජන්කුක්ගේ සියුම් අත් දෙක නිරායාසයෙන්ම ඒ හිස වටා එතුනා... සිනිදු කෙස් කැරලි අතරින් ඇගිලි යවන ගමන් ඒ හිස තමන්ගේ පපුවට තද කරගන්න ගමන් ජන්කුක් ඒ හිස් මුදුනින් හොද හුස්මක් ගත්තා...

.




.



.



.




.



.

පරන පැහැයක් තිබුනු උඩුමහල් කාමරයක් තුල ජනෙල් අතරින් ආපු අන්ධකාරය නිවන්න වගේ ලා එලියක් විහිදුවන ලාම්පුවක් හා ඉටිපන්දම් කිහිපයක් දැල්විලා තිබුනා... ඝනකම් රවුම් ඉටිපන්දම් වල භාගයක් ඉවර වෙමින් ඉටි කිරි රවුම් ඉටිපන්දම් රදවනයෙන් පහලට පෙරෙමින් තිබුනේ ඒ ඉටිපන්දම් දැන් හෝරා දෙක තුනක් දැල්වුනු බව කියන්න වගේ.....

කලින් ලැජ්ජාවෙන් සියුම් රාගික හා තෘප්තිමත් කෙදිරිලි වලට සවන් දුන් සිනිදු තිර රෙදි යලිත් සාමාන්‍ය විදියටම හුලගට සැලෙමින් තිබුනා... පරන සයනයේ සුදු පාට ඇතිරිලි වලට මැදි වෙලා හිටිය සියුමැලි තරුණයාගෙ උස් පහත් වෙන නිරුවත් පපුව මත රලු පෙනුමැති පිරිමියාගේ හිස සියුම් ලෙස තද වී තිබුනා....

"මේ හැමදේම හොදින්ද ටේහ්‍යොන්ගී....."

ජන්කුක් ඇහුවත් හෙමින් හුස්ම ගන්න ගමන් හිටපු ටේහ්‍යොන්ගෙන් උත්තරයක් හම්බුනේ නෑ... අද ටේහ්‍යොන්ග් මොන දේ අතර උනත් සුවපහසු හැගීමකින් වැතිරිලා ඉන්නවා....

"මට ඔයාව ගොඩාක් මතක් උනා මයි ලව්... දන්නවද මේ සුවද හැමදාමත් මම හෙව්වා...."

ජන්කුක් ලාවට හිනා වෙමින් ඒ නලල මතින් හාදුවක් තැවරුවා...

"මටත් ගොඩාක් මතක් උනා මගේ ටේහ්‍යොන්ගිව..."

හැමදේම අමාරුයි එහෙම නේද... හැමදේටමත් පස්සේ හැමදේම හොදින් වගේ දැනෙනකොටත් ඒකත් ගොඩාක් අමාරුයි...

"දන්නවද මගේ සහෝදරයා..හිටියානම් හරියටම ඔයා වගේ වේවි... "

කවදාවත් නොකියවුනු කතාවක් පිටවෙනකොට ජන්කුක් ඇද පිටිපස්සට හේත්තු වෙන ගමන් ඒ කෙස් මතින් ඇගිලි යැව්වා...

"එයත් ඔයා වගේම හරිම පන්ඩිතයි... හැබැයි වෙලාවකට විතරයි, අනිත් හැමවෙලේම හරිම නිශ්ශබ්දයි...."

"මගෙ ගාවින් තමයි හැමවෙලේම දැවටිලා හිටියේ... මම එයාගේ වැඩිමල් සහෝදරයා උනාට එයාට මාව එයාගේ අප්පා වගේ.. මොකද අපේ වයස් පරතරය ගොඩාක් වැඩි හින්දා..."

ජන්කුක් ආසාවෙන් ඒ දේවල් අහන් හිටියා... ටේහ්‍යොන්ගෙන් මෙහෙම වචන පිටවෙන්නේ හරිම කලාතුරකින්.. මාතෘකාවෙන් පිට යන්නේ හරිම කලාතුරකින්...

"එයා ගොඩාක් නිවිච්ච චරිතයක්.. කිසිම කෙනෙකුට කරදරයක් නැති හරිම අහිංසක කෙනෙක්... එයා අපි අතරට නොඑන්න තිබුනා... එයා වගේ අහිංසක කෙනෙක් අපේ පවුලට නොඑන්න තිබුනා... "

මෙච්චර වෙලා දිලිසෙමින් තිබුනු ඇස් අදුරු වෙන විදිය ජන්කුක් බලන් හිටියා...

"ඒත් මන් අද පලවෙනි වතාවට සතුටු වෙනවා එයා එදා අපි අතරට ආපු එකට.."

"ඇයි ඒ..."

ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ඔලුව ඉස්සලා ජන්කුක්ගේ ඇස් දිහා බැලුවා... අත උස්සලා ජන්කුක්ගේ කම්මුලක් සියුම්ව පිරිමැදපු ටේහ්‍යොන්ග් යන්තම් හිනා උනා...

"ඒනම් මගේ සහෝදරයා වෙන්නේ වෙන කෙනෙක්.. එහෙම වෙනවට වඩා මේ විදියට මම කැමතියි..."

ටේහ්‍යොන්ග් කියපු කතාවේ කිසිම දෙයක් ජන්කුක්ට තේරුනේ නෑ... දැනුයි එදායි අතරේ කිසිම සම්බන්ධයක් ජන්කුක්ට තේරුනෙ නෑ... ඒත් ටේහ්‍යොන්ගේ සහෝදරයා දැන් නෑ කියලානම් ජන්කුක්ට තේරුනා.. ටේහ්‍යොන්ගේ මේ හැමදේකටම එයාගේ සහෝදරයත් යම් හේතුවක් කියලා ජන්කුක්ට තේරුනා....

"ඔයාට නම හම්බුන විදිය දන්නවද..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් බය වෙලා වගේ බලන් හිටියා.. ටේහ්‍යොන්ග් කතා කරන මේ අමුතු දේවල් වල කිසිම ගැලපීමක් තිබ්බේ නෑ.. ජන්කුක් හෙමින් නෑ කියන්න ඔලුව වැනුවා...

"ඔයා දැනගනියි පස්සෙ..."

ජන්කුක්ගේ කම්මුලක් සිප ගන්න ගමන් ටේහ්‍යොන්ග් කොට්ටෙන් ඔලුව තියාගෙන ජන්කුක්ව තුරුල් කරගත්තා... නිරුවත් ශරීර එකිනෙකට ස්පර්ශ වෙනකොට අමුතු හැගීමක් දැනුනත් ඒක හරිම හුරුපුරුදු නිදහස් හැගීමක් ගෙනල්ල දුන්නා....

"මුකුත්ම මගෙන් අහන්නේ නැද්ද..."

ජන්කුක් වෙන දේවල් ගැන කිසිස්ම දෙයක් ටේහ්‍යොන්ගෙන් ඇහුවේ නෑ.. ජන්කුක්ට ආයෙ ආයෙත් හැමදේම අහලා පාරවගන්න ඕන උනේ නෑ.. ටේහ්‍යොන්ග් එහෙම ඇහුවාම ජන්කුක් හෙමින් හිනා උනා...

"මම මොනවද අහන්නේ ටේහ්‍යොන්ග්... මොනවා ගැනද මම අහන්නේ..."

"දැන්වත් හැමදේම දැනගන්න කලින් එක පාරට අතුරුදන් වෙන එක නතර කරන්න ජෝන්..... "

"මොනවද හරි දේ ටේහ්‍යොන්ග්... ඔයා ලින්ඩාව විවාහා කරගන්නවා කියන එකද, එහෙමත් නැත්නම් එදා මම එනකොට ඔය දෙන්නා සිප ගනිමින් හිටියා කියන එකද... මේ වෙනකොටත් විවාහයට දින නියම වෙලා හැමදේමත් සූදානම් කියන එකද... මට ඒ අතරින් කෝකද හරියි කියලා පිලිගන්න කියන්නේ ටේහ්‍යොන්ග්..."

අන්තිම ටික හැඩුම් කටහඩකින් පිට වෙනකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූන තමන්ගේ පපුවට තද කරගත්තා... ජන්කුක් හැමදේම දන්නවා... ඒ වෙලත් කිසි දෙයක් නොආහා මේ විදියට ඉන්නකොට ටේහ්‍යොන්ගේ හදවත ගිනි ගන්නවා වගේ දැනුනා.. ටේහ්‍යොන්ග්ට කවදාම හරි මේ ජෝන්ව නැතුව ඉන්න පුලුවන් වෙයිද... මේ පපුවට දැනෙන සැනසීම නැති කරගන්න පුලුවන් වෙයිද...

"ඔ..ඔයාට පුලුවන්ද මට කෝපි එකක් හදලා දෙන්න ජෝන්...."

ජන්කුක්ගේ හිස් මුදුනෙන් තොල් තද කරන ගමන් ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක් තමන්ගේ ඇස් පිහදාන ගමන් ඉක්මනින් ඔලුව ඉස්සුවා...

"අර ඔයා මට බලෙන්ම කවන පැනි රස කෑමත් අර භාජනේ ඇතුලේ තියනවා.."

ජන්කුක්ගේ ඇස් දිහා බලන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් එහෙමම මූන පාත් කරලා ටේහ්‍යොන්ගේ පපුව මැදට තොල් තද කරන ගමන් ඇදේ කොනට ගියා.. ගිහින් බ්ලැන්කට් එක ඉන වටෙන් ඔතාගන්න ගමන් අමාරුවෙන් ඇදෙන් බිමට බැස්සම ටේහ්‍යොන්ග් අමාරුවෙන් ඇවිදින ජන්කුක් දිහා බලන් හිටියා... හෙමින් පුටුව ගාවට ඇවිදන් ගිහින් ටේහ්‍යොන්ග් ගලවලා දාපු ලා කහ පැහැති කමිසය අරගෙන බ්ලැන්කට් එක බිමට දාන ගමන් ඇදගත්තා.. තාමත් ජන්කුක්ගේ කිරි සුදු පැහැති කලවා වල සුදු පැහැයෙන් බේරුනු වින්දනය දකිනකොට ටේහ්‍යොන්ග්ට තමන් ගැනම තෘප්තිමත් හැගීමක් ඇති උනා...

ආයෙත් හෙමීට කොර ගහන ගමන් ඇද පැත්තට ඇවිදගෙන ඇවිත් නිරුවතින්ම ඉන්න ටේහ්‍යොන්ගේ ඇග උඩට බ්ලැන්කට් එක දාපු ජන්කුක් ආයෙත් හැරනකොට ටේහ්‍යොන්ග් ජන්කුගේ සිහින් ඉන වටෙන් අත දාන ගමන් තමන්ගේ ඇග උඩට වට්ටගත්තා...

"ඔයාට අමාරුයිද..."

මූනට වැටුනු ජන්කුක්ගේ කෙස් කැරැල්ලක් කන පිටිපස්සෙන් රදවන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් තමන්ගේ මූන අත් දෙකෙන් වහගත්තා..

"ඔයා මාව ලැජ්ජා කරනවා ටේහ්‍යොන්ගී... ඔයා දන්නවා මට රිදෙනවා කියලා..."

"ඒත් ටිකක් රළු වෙනවට ඔයා කැමතියි ලව්... එහෙම නෙවෙයිද..."

කට කොනින් හිනා වෙන ගමන් ටේහ්‍යොන්ග් අහනකොට ජන්කුක් ටේහ්‍යොන්ග් පපුවට මිටිමොලවලා ගැහුවා...

"අතාරින්න මාව.. මට කෝපි හදන්න ඕන..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලේ සදහන් උනු තද රතු පැහැති සලකුන මතින් තොල් තියලා උරන ගමන් ඒ ඉනෙන් අත ගත්තේ ජන්කුක්ගේ පිරුනු පිටුපස අතින් තද කරලා මිරිකන ගමනුයි...

කාමරේ කොනක තිබුනු උදුන දල්වන ගමන් වතුර රත් කරන , භාජන අරින ගමන් දේවල් එලියට ගන්න ටේහ්‍යොන්ගේ ගලවලා දාලා තිබුන් කබා එල්ලන, සූට් කේස් එකෙන් ඇදලා තිබුනු ඇදුම් නමලා අහුරන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් ඇදේ වැතිරිලා බලන් හිටියා... හරියට අන්තිම වතාවට මේ දේවල් දිහා බලනවා වගේ ....

ටික්කින් ජන්කුක් උනු කෝපි කෝප්ප දෙකක් හදන් ඇවිත් ඇද ගාව තිබුනු පොඩි ලී මේසය මතින් තියලා ටේහ්‍යොන්ග් ගාවින් ඇදේ කොනකින් ඉදගත්තා.... තාමත් කොට්ටෙට ඔලුව තියන් ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන්..

"ඇයි මේ.. හරි අමුතුයි මට..."

ටේහ්‍යොන්ගේ කොන්ඩේ අතරින් අත යවන ගමන් ජන්කුක් කිව්වම ඒ අත්ල අල්ලන් සිප ගන්න ගමන් ටේහ්‍යොන්ග් ඇදෙන් ඉදගත්තා.. කෝපි කෝප්පේ නහය ලගට අරන් හොද හුස්මක් ගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා හිනා වෙලා බැලුවා...

"ඔයාගේ කෝපි එක මට නිතරම මතක් උනා.. මතක් වෙයි..."

ජන්කුක් ඇදේ ඉදන්ම ටිකක් ලන් වෙලා ටේහ්‍යොන්ගේ උරහිසට ඔලුව තියාගත්තා...

"සතුටුදායක අවසානයක් තියෙයිද ටේහ්‍යොන්ගී මේ හැමදේටම...."

"කොහොම අවසානයක් උනත් ඒක තීරනය වෙන්නේ අපි භාරගන්න විදියට ජෝන්..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිස වටෙන් අත දැම්මම ජන්කුක් නැගිටලා ටේහ්‍යොන්ගේ උකුල ඔඩින් වාඩි වෙන ගමන් බෙල්ලට නහය තිබ්බා...

"මම ආදරෙයි ටේහ්‍යොන්ගී...."

ජන්කුක් හෙමින් මිමිනුවාම ටේහ්‍යොන් කෝප්පේ පැත්තකින් තියන ගමන් ජන්කුක්ගේ පිට දිගේ අත ගෙන ගියා... හෙමින් හෙමින් පුන්චි කවුලුව අතරින් හුලන් ඇවිත් පිටේ වදිනකොට නිශ්ශබ්ද නගරයේ මධ්‍යම රාත්‍රිය අගවන බෙල් එක වැදුනා...

"මමත් ආදරෙයි මගේ පුන්චි ජෝන්...."

සෑහෙන වෙලාවකට පස්සේ ටේහ්‍යොන්ගේ තොල් අතරින් ඒ වචන පෙල ගැඹුරු හුස්මකුත් එක්ක පිට උනා....

.





.





.




.




.




.




.

*********************

___________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading..♥️

To be Continued....

2023/06/04

Bạn đang đọc truyện trên: AzTruyen.Top