|11|
ජන්කුක්ට මතකයි තමන් හිටපු විදිය... දැන් මොන දේ උනත් කුඩා කාලයේ මතක එතරම් නැති උනත් ජන්කුක් දන්නවා තමන් තනි උන කෙනෙක් කියලා... මේ කාලය තුල ඒ තනිකම තමන්ගෙන් ඈත් උනා සේ දැනුනත් මේ දින වල ජන්කුක්ට කවරදාටත් වඩා ඒ තනිකම දැනෙමින් තිබුනා... කවදාටත් වඩා කවුරුත් නැහැයි කියන හැගීම දැනෙමින් තිබුනා...
ජන්කුක්ට කොහෙත්ම අයිතියක් තිබුනේ නැහැ ටේහ්‍යොන්ග් එක්ක තරහ ගන්නවත්, ටේහ්‍යොන්ග්ට විරුද්ධ වෙන්නවත්.. මොකද අද ජන්කුක් ඉන්න තැන ඉන්න හේතුව සම්පූර්ණ්‍යෙන්ම ටේහ්‍යොන්ග් උනා... සමහර විට ටේහ්‍යොන්ග් නොහිටියා නම් ජන්කුක් අද කොතනක ඉදියිද කියලා ජන්කුක් හිතන්නවත් බය උනා...
නමුත්.. නමුත්.. ටේහ්‍යොන්ගේ හැසිරීම අහේතුවකට ජන්කුක්ට වේදනාවක් ඇති කරා... ඒක මොන වගේ වේදනාවක්ද කියලා පැහැදිලිව තේරුම්ගන්න ජන්කුක්ට හැකියාවක් තිබුනේ නැතත් ඒක ජන්කුක්ට වේදනාවක් ඇති කරා..
"ආහ්..."
ජන්කුක් තමන් හිටන් හිටපු බිත්තියටම ඇලිලා තමන්ගේ බෑග් එක අත් දෙකෙන් තද කරගන්න ගමන් ඇතුලට එන ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා.... අවුල් උන පෙනුමක් තිබුනු ටේහ්‍යොන්ගෙන් යහපත් පෙනුමක් පෙනුනේ නෑ වගේම ටේහ්‍යොන්ග් තමන්ගේම එහා පැත්තේ හිටපු ජන්කුක්ව වත් දැකපු බවක් පේන්න තිබුනේ නෑ...
කරෙන් පහලට වැටිලා තිබුනු ලොකු කබාය, ඇතුලේ තිබුනු ලා කහ පාට කමිසයේ කොලර් එක ගාව ගෑවිලා තිබුනු රතු පාට තොල් සායක්, අවුල් උනු ඇදුම් පැලදුම් වගේම මත් උනු පෙනුම ටේහ්‍යොන්ග් එන්නේ කොතන ඉදන්ද කියලා පෙන්නලා තිබුනා....
ජන්කුක් කතා කරන්නත් හදලා ආයෙත් තමන්ගේ කට වහගත්තේ ටේහ්‍යොන්ග්ට කේන්ති යයි කියලයි... එදා රැයෙන් පස්සෙ බෙහෙත් දාන්න වෙන දේකටවත් ජන්කුක්ව මුන් ගැහුන් නැති ටේහ්‍යොන්ගේ හැසිරීම ගොඩාක් දුරට මේක උනා.. ටේහ්‍යොන්ග් මූනට හම්බුනත් කතා නොකිරීමෙන් ටේහ්‍යොන්ග් තමන්ව මගාරිනවා කියලා ජන්කුක්ට තේරිලා තිබුනා... ඉතින් ජන්කුක්ට නිශ්ශබ්දව ඉන්නවා ඇරෙන්න වෙන කරන්න කිසි දෙයක් තිබුනේ නෑ...
"ආයෙත් මොනවා හරි හිතට වද දෙන ප්‍රශ්නයක් තියනවා වගේ..."
පිටිපස්සෙන් විලියම්ගේ හඩ ඇහුනාම ජන්කුක් තමන්ගේ ඇස් දෙක පිහින ගමන් ඉක්මනට හැරිලා බැලුවා...
"ඇයි ඒම කියන්නේ අන්කල්...මීට කලිනුත් ඒම වෙලා තියනවද.."
"හ්ම්ම්... ජෝන් එන්න කලින් එහෙම හිටියා... මට බල කරන්නත් බෑනේ,"
විලියම් එහෙම කියලා ජන්කුක්ගේ උරහිසට තට්ටුවක් දාලා ඇතුලට ගියේ ජන්කුක් නැවතිලා බලන් ඉන්නකොට... එතකොට ටේහ්‍යොන්ග් කලිනුත් මෙහෙම හැසිරිලා තියනවා, ජන්කුක් නොදැක්කේ එයා හිටපු කාලේ කවදාවත් මෙහෙම දෙයක් සිද්ද නොවුනු නිසා....
.
.
.
.
පිරිසිදු වෙලා ඇදට ආපු ජන්කුක් ඇදේ වැතිරිලා කල්පනා කරේ හිත හුගාක් බරට දැනුනු හින්දා... ටේහ්‍යොන්ග් තමන්ව මගාරින්නේ තමන්ට අක්මැති හින්දද කියලා ජන්කුක්ට හිතුනේ ඇත්තටම ටේහ්‍යොන්ග් මගාරින එක ජන්කුක්ගේ හිතට ලොකු බලපෑමක් නිසයි.... තව දුරටත් තමන්ට මේ ගෙදර ඉන්න ඉඩ නැත්නම් ඈත් වෙන එක හොදයි කියලා ජන්කුක් හිතුවා.. ඒක ජන්කුක්ට එච්චර පහසු දෙයක් නොවුනත් ටේහ්‍යොන්ග් මෙහෙම හැසිරෙන එක ජන්කුක්ට රිදෙව්වා...
ඇදෙන් බැහැලා හෙමින් සැරේ ටේහ්‍යොන්ගේ දොර ගාවට ඇවිදගෙන ගිය ජන්කුක් තාමත් කහ පාට ආලෝකය පෙරිලා එන තීරුව දිහා බලන් හිටියේ කල්පනා කරන ගමන්.. දොරට තට්ටු කරත් ප්‍රතිචාරයක් නැති වෙන කොට ජන්කුක් දොරේ අගුල කරකවන ගමන් ඇතුලට ගියේ තමන්ගේ නහය වහගෙන.... දොර ගාවට එනකන්ම දුම් පිරෙනකම් ටේහ්‍යොන්ගේ පාතට වැටුනු අත මත රැදුන පයිප්පයෙන් දුම් ගිහින් තිබුනා... යන්තම් වීදුරු අතරින් පෙරිලා ආපු හද එලිය පැත්තට හැරුනු හාන්සි පුටුවේ වැතිරිලා හිටපු ටේහ්‍යොන්ගේ ඇස් පියවිලා තිබුනා වගේම බෙල්ල පැත්තකට කඩා වැටිලා තිබුනා...
කාමරේ පුරාවට බැල්මක් හෙලපු ජන්කුක් එහෙට මෙහෙට විසිවුනු සපත්තු දෙක වගේම පුටුව ගාව බිම ගුලි වෙලා වැටිලා තියන කබාය දැක්කා... හෙමීට සපත්තු දෙක රාක්කෙන් තියලා කබාය අරගෙන කබා රදවනයේ එල්ලපු ජන්කුක් ටේහ්‍යොන්ගේ අතේ තිබුනු පයිප්පය අරන් මේසය උඩින් තිබ්බා... හෙමීට කවුලුව ඇරපු ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවින් බිම දණගහගත්තේ ඇස් දෙකේ කදුලු පුරවගෙන...
තෙහෙට්ටු පාට මූනේ පියවුනු ඇස් දෙකට උඩින් වැටුනු කොන්ඩ කෑලි පිටිපස්සට කරන ගමන් ජන්කුක් හෙමීට ටේහ්‍යොන්ගේ ඔලුව අතගෑවා... තෙත රෙදි කෑල්ලක් ගෙනත් මූන අත පය හෙමීට පිරිසිදු කරලා බ්ලැන්කට් එකක් පොරවලා ජන්කුක් එතනින් නැගිට්ට්ටේ ගොඩාක් දුකින්.. කාමරේ විදුලි පහන නිවන ගමන් ජන්කුක් එලියට ඇවිත් තමන්ගේ ඇදට ගොඩ උනා.....
ටිකක් උදෙන් නැගිට්ට ජන්කුක් තමන්ගේ සූට් කේස් එකට බඩු ටික ලෑස්ති කරගන්න ගමන් තමනුත් ලෑස්ති උනා.... කෑම කාමරේට එනකොට විලියම් කෑම ලෑස්ති කරාලා තිබ්බා.. නිශ්ශබ්දව කෑම ගත්තු ජන්කුක් විලියම්ව බදාගත්තේ ගොඩාක් ආදරෙන්... හැම වෙලාවකම හොයලා බලලා තමන්ව බලාගත්තේ විලියම්...
"මොකද අද විශේෂයක්..."
"මන් ක්වාටස් වල නවතින්න හිතුවා අන්කල්... මිස්ටර් කිම් මාව මගාරිනවා ගොඩාක්.. මන් තවත් හිටියොත් මිස්ටර් කිම් අපහසුතාවයට පත් වෙයි.. මට ඕන නෑ එහෙම වෙන්න දෙන්න... අන්කල් මිස්ටර් කිම්ට කියන්න, ඊයේ රෑ මිස්ටර් කිම්ට නින්ද ගිහින් තිබ්බා....ගොඩාක් ස්තූතියි මාව බලාගත්තට අන්කල්..."
ජන්කුක් කීවම විශ්වාස කරන්න අපහසු බැල්මකින් විලියම් බලන් හිටියා...
"හොදටම විශ්වාසද මේ තීරණේ ගැන පුන්චි ජෝන්, නැත්නම් ඔයාට ඉන්න පුලුවන්, මේක ඔයාගෙම වගේ තමයිනේ ඉතින් ඇයි මේ..."
ජන්කුක්ගේ අතින් අල්ලගන්න ගමන් විලියම් කීවේ ඇත්තටම කණගාටුවෙන්... මොකද නිශ්ශබ්ද ජීවිතයක් ගෙවපු ටේහ්‍යොන්ගේ ගෙදර හිනා හඩ ඇහුනේ ජන්කුක් ආවට පස්සේ, විලියම්ට කතා කරන්න, විහිලු කරන්න, එයත් එක්ක කෑම හදන්න, අසනීප උනාම හොයලා බලන්න ජන්කුක් ඉන්නකොට මුලු ගෙදරම පිරිලා තිබුනා.. ඒ ටික කාලයක් උනත් ඇති උනු බැදීම විලියම්ව දුකට පත් කරා....
යන්තම් හිනා උන ජන්කුක් තමන්ගේ බෑග් එක ගන්න ගමන් එලියට යනකොට ජන්කුක්ගේ අතින් සූට් කේස් එක අරන් විලියම් ඇවිදන් ආවා... කූලී රතයට සූට් කේස් එක පටවලා ආයෙත් වතාවත් විලියම්ව වැලදගත්තු ජන්කුක් ඒ ගෙදර දිහා හැරිලා බලන ගමන් රතයට නැග්ගේ ලොකූ දුකක් හිතේ පුරවගෙන.... පැත්තකින් විවෘත උනු කවුලුවෙන් ඉදිරියට ඇදෙන රතය දිහා තාමත් පාර අයිනට වෙලා බලන් හිටපු විලියම්ව පෙනුනත් ජන්කුක් හැරිලා බැලුවේ නෑ... ඒ කරුණාවන්ත වයසක මනුස්ස්‍යා ගැන කොච්චර ආදරයක් තිබුනත් ජන්කුක් රිදවීමෙන් ඈත් වෙන්න හිතුවා...
.
.
.
.
.
නිදන් ඉන්න ගමන්ම අනිත් පැත්තට හැරෙන්න හැදුවත් හෙලවීමක් එක්ක හිර වෙලා තියනකොට ටේහ්‍යොන්ග් තමන්ගේ ඇස් උඩින් අත අල්ලන ගමන් තමන්ගේ ඇස් ඇරියේ මූනට වැටෙන ඉර එලිය ආවරණය කරන අරමුනෙන්.... එලියට ඇස් හුරු කරගන්න ගමන් ටික වෙලාවක් අදුරගන්න ගත කරපු ටේහ්‍යොන්ග්ට ඊයේ රෑ පේලියට මැවිලා පෙනුනා...
තමන් මේ දවස් වල නිතරම හැසිරෙන විදිය ගැන බරක් පතලක් ටේහ්‍යොන්ග් හිතුවේ නැත්තේ තමන්ගේ හිතේ තියන ප්‍රශ්න අමතක කරන්න ටේහ්‍යොන්ග්ට ඒ විදිය හොදයි කියලා හිතුනු නිසයි... ඒත් හැමදාමත් තමන්ගේ අත පය පිරිසිදු කරලා කාමරේ අස් කරලා බ්ලැන්කට් එකක් පොරවලා ජන්කුක් යනකම්ම ටේහ්‍යොන්ග් බලන් හිටියා... එදා තමන් කතා කරපු විදිය වැරදි උනත් ඒකට සමාව ගන්න තරම් උවමනාවක් ටේහ්‍යොන්ග් දැක්කෙත් නෑ... හැබැයි අද වෙනකොට ජන්කුක් මේ ගෙදරින් ගිහින් තියෙයි කියලත් ටේහ්‍යොන්ග් බලාපොරොත්තු උනේ නෑ....
ඇගේ හිරි අරින ගමන් පුටුවෙන් නැගිටලා පොරෝනය පරිස්සමින් නමලා වෙනදා තැනින්ම තිබ්බ ටේහ්‍යොන්ග් නාන කාමරයට වැදිලා පිරිසිදු උනා... සූදානම් වෙලා කෑම කාමරේ පැත්තට ඇවිදන් ගිය ටේහ්‍යොන්ග් වට පිට බලන ගමන් වාඩි උනේ ජන්කුක් තාම ඇවිත් නැති හින්දා....
විලියම් ඇවිත් ටේහ්‍යොන්ගේ උදේ කෑම එක මේසේ උඩින් තියනකොට තමන්ගේ ඇහි බැමක් උස්සලා ටේහ්‍යොන්ග් විලියම් දිහා බැලුවේ කෝ අනිත් කෑම එක අහන්න වගෙයි...
"ජො..ජෝන් උදෙ කෑම ගත්තා මහත්තයා..."
විලියම් කීවම තමගේ අත දික් කරලා ඔරලෝසුවට ඇස් දෙක යොමු කරන ගමන් ටේහ්‍යොන්ග් ආයෙත් විලියම් දිහා බැලුවා...
"මෙච්චර කලින්..."
"ම්ම්..මහත්තයා ජෝන් මහත්තයට කියන්න කීවා, එයා ක්වාටස් වල නවතින්න යනවා කියලා... ඊයේ මහත්තයට නින්ද ගිහින් තිබ්බා කීවා...."
විලියම්ට ඒ ටික සම්පූර්ණයෙන් කියලා ඉවර කරන්න බැරි උනේ ටේහ්‍යොන්ග් අතේ තිබ්බ ගෑරුප්පුව හයියෙන් පිගාන උඩින් තිබ්බ හින්දා...
"කොයි වෙලේද ගියේ...."
"ම..මහත්තයාට කියන්න ඊයේ......"
"මන් ඇහුවේ කොයි වෙලේද ගියේ....."
ටේහ්‍යොන්ග් හයියෙන් කෑ ගැහුවම විලියම් ගැස්සුනා...
"දැ..දැන් පැයකටත් වැඩී...."
ආයෙත් මුකුත් නොකියා පුටුව පිටිපස්සට විසික් කරන ගමන් ටේහ්‍යොන්ග් නැගිට්ටේ පුටුව ලී පොලවේ වදින සද්දේ ගේ පුරා දෝංකාර දෙනකොට...
ටේහ්‍යොන්ග් තමන්ගේ කබාය ගස්සන ගමන් තමන්ගේ කාමරේට හයියෙන් ඇවිදන් යනකොට සපත්තු වල වැදිලා අඩි සද්දේ දෝංකාර දෙනකොට ටේහ්‍යොන්ගේ කට කොනින් හිනාවක් ඇදිලා තිබුනා...
ඒක මොන විදියේ හිනාවක්ද කියලා තේරුම්ගන්න විලියම්ට බැරි උනා වගේම ටේහ්‍යොන්ග්ටත් ඒ ප්‍රතිචාර බර වැඩි උනා...
.
.
.
.
"අ..අන්තිමට තමුනුත් මාව දාලා ගියා...."
අත් දෙකෙන්ම තමන්ගේ කොන්ඩේ පිටිපස්සට කරන ගමන් ටේහ්‍යොන්ග් තමන් දිහාම කන්නාඩියෙන් බලන් හිටියේ රතු උනු ඇස් දෙකකින්.....
.
.
.
.
*****************
____________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading...♥️
To be Continued...
2023/05/08
Bạn đang đọc truyện trên: AzTruyen.Top