|10|
"අන්කල්..."
ජන්කුක් කතා කරේ නාන කාමරයෙන් විලියම් ගෙනාව තමන්ගේ ඇදුම් මාරු කරගෙන එලියට ඇවිත් ඉදගන්න ගමනුයි... ටේහ්‍යොන්ග්ට නින්ද ගිහින් තිබ්බා වගේම දෙවෙනි දවස අවසාන වෙනකොටත් විලියම් ඇරෙන්න වෙන කිසිස්ම කෙනෙක් ටේහ්‍යොන්ග්ව බලන්න ඇවිත් තිබ්බේ නෑ..
"මිස්ටර් කිම්ගේ පවුලේ කවුරුත් නැද්ද..? ම්ම් මන් කීවේ ,"
"ඒක දිග කතාවක් පුතා, දැන් ඒවා වැඩක් නෑ...."
විලියම් කීවම ජන්කුක්ට ඒ දේවල් ගැන බල කරලා අහන්න පුලුවන් කමක් තිබ්බේ නෑ...
"එතකොට අන්කල්, පු...පුන්චි ජෝන් කියන්නේ...."
ජන්කුක් ඒක ඇහුවම විලියම්ගේ මූන කලබල උනත් ආයෙත් සන්සුන් උනේ, ටේහ්‍යොන්ග් ටිකෙන් ටික නැගිට්ටම....
විලියම් ඉක්මනට ගිහින් ටේහ්‍යොන්ග්ට ඉස්සෙන්න උදව් කරා....
"දැන් කොහොමද මහත්තයා...."
"දැන් හොදයි, මට හවසට යන්න ඕන....වැඩ තියනවා..."
ටේහ්‍යොන්ග් කීවම විලියම් ඔලුව හරවලා බැලුවේ ජන්කුක් දිහා.. ජන්කුක් අත් දෙක බැදන් අහක බලන් හිටියේ ටේහ්‍යොන්ග්ට කොච්චර කීවත් වැඩක් නැති හින්දා....
.
.
.
.
.
"මිස්ටර් කිම්, මන් ඇතුලට එන්නද...."
ජන්කුක් ටේහ්‍යොන්ගේ දොර ගාවට වෙලා කතා කරාම ඇතුලෙන් මිමිනිල්ලක් ඇහුනා... ටේහ්‍යොන්ග් ගෙදර ඇවිත් දැන් දවස් දෙකක් විතර උනා.. ජන්කුක් ඒත් ටේහ්‍යොන්ගේ පස්සෙන් වැටිලා ටේහ්‍යොන්ගේ තුවාලේ පරිස්සම් කරන එක ටේහ්‍යොන්ග්ට වදයකුත් උනා....
අතේ වෙලුම් පටි බෙහෙත් ගොඩාක් පුරවන් ඇතුලට එන ජන්කුක් දිහා බලලා මේසේ ගාව හිටන් හිටපු ටේහ්‍යොන්ග් ලොකු හුස්මක් පාතට දාලා ඇදෙන් ඉදගත්තා.. ඇද එහා පැත්තේ තිබුනු පොඩි මේසේ උඩින් ඒ බඩු ටික තියලා ආයෙත් වේගෙන් කාමරෙන් එලියට ගිය ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ කලකිරීමෙන්.. ටික්කින් ලොකු වතුර භාජනේකුත් අරන් ඇතුලට ආපු ජන්කුක් මේසේ උඩින් තිබ්බ ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලලා හිනා උනා....
කලින් විලියම් බෙහෙත් දැම්මත් අද ජන්කුක් නිවාඩුවක් දාලම ගෙදර ඉන්න එකේ ජන්කුක්ට එපා කියන්න ටේහ්‍යොන්ග්ට බැරි උනා....
"ම..මන් මෙතනින් වාඩි වෙන්නද..."
ටේහ්‍යොන්ග්ට එහා පැත්තේ ඇද පෙන්නලා ජන්කුක් හෙමින් ඇහුවම ටේහ්‍යොන්ග් එහාට වෙලා ජන්කුක්ට ඉඩ දුන්නා... ටේහ්‍යොන්ග් උඩින් දාගෙන හිටපු ලොකු කමිසේ සම්ම්පූර්නෙන්ම ගලවලා ඇද උඩට දැම්මම ජන්කුක් උගුර යටින් සද්දය්ක් දාලා අහක බලාගත්තේ ටේහ්‍යොන්ග් යටි හිතින් හිනා වෙනකොට...
"ජෝන්..."
"ජෝන්..."
"අහ්...."
දෙපාරක් විතර කතා කරනකොට ජන්කුක් මූනත් රතු කරන් හැරුනේ හරියට ගෑනු ලමයෙක් එයා ඉස්සරහා ඇදුම් ගැලෙව්වා වගේ...
"දැන් බෙහෙත් දාන්න නෙවෙයිද ආවෙ..."
ටේහ්‍යොන්ග් ගැඹුරු විදියට ඇහුවම ජන්කුක් ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා වෙලුම් පටියේ ගැටේ ලෙහන්න ගත්තා.... හෙමිට සම්පූර්න වෙලුම් පටියම අයින් කරපු ජන්කුක් තුවාලෙට තියලා තිබුනු ඇතුරුමත් අත් දෙකෙන්ම අයින් කරා... ලා රස්නේ වතුර බදුනට පොඩි තුවායක් දාලා ටේහ්‍යොන්ගේ උඩ කොටසත් තුවාලේ වටෙත් පිරිසිදු කරපු ජන්කුක් බෙහෙත් දියර අලුත් ඇතුරුමට දාලා තුවාලෙන් තියලා වෙලුම් පටි ඔතන්න ගත්තා... ඔක්කොම ඉවර උනාම ආයෙත් තමන්ගේ කමිසය ඇදගත්තු ටේහ්‍යොන්ග් ඇදෙන් නැගිට්ටේ ආයෙත් මේසෙ ගාවට යන්න, ඒත් ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ගේ අතින් අල්ලගත්තා....
එහෙමම හිටගෙන ජන්කුක් දිහා බලලා ඇස් දෙකෙන්ම ඇයි අහපු ටේහ්‍යොන්ග් , ජන්කුක්ගේ බැල්මට ජන්කුක්ට එහා පැත්තෙන් ඉදගත්තේ ජන්කුක් කියන්නේ මොකක්ද කියලා දන්න හින්දා....
"වාර්තා ඔක්කොම මම හදන්නම්, විවේක ගන්න පොඩ්ඩක්..."
ජන්කුක් හෙමීට කීවම ටේහ්‍යොන්ග් තමන්ගේ අත ඇදලා ගන්න හැදුවත් ජන්කුක් ටේහ්‍යොන්ගේ අත තදින් අල්ලගන්න ...
"කරුණාකරලා , හ්‍යුන්ග්...."
එක වචනෙකට සන්සුන් වෙන ටේහ්‍යොන්ග්ව ඒ වචනෙන්ම සන්සුන් කරපු ජන්කුක් ටේහ්‍යොන්ග්ට බෙහෙත් ටික පොවලා ඇදෙන් හාන්සි කරේ හිතන දැනුනු අමුතු හැගීමකින්....
ටේහ්‍යොන්ගේ පුටුවෙන් ඉදන් අස්ම්පූර්ණ වාර්තා, අලුත් පරීක්ෂන සම්පූර්ණ කරන්න ගත්තු ජන්කුක් දැක්කේ නෑ, ටේහ්‍යොන්ගේ ගැඹුරු ඇස් දෙක තමන්ට යොමු වෙලා තියන බවක්....
ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ කාටවත් යටත් වෙන්න, ඒත් සමහර දැනෙන දේවල් ටේහ්‍යොන්ගේ හිත ටේහ්‍යොන්ග්ටත් අවනත නැති විදියට භාරගෙන තිබුණා.....
.
.
.
.
තමන්ගේ ඇදේ දිගා වෙලා ලී රටා ගිය වියන දිහා බලන් හිටපු ජන්කුක් ලොකු හුස්මක් පාත දැම්මා... අද ටේහ්‍යොන්ගේ ඇග පිරිසිදු කරපු වෙලාවේ, උරහිසේ පපුවේ තිබුනු හා උනු තුවාල පැල්ලම් ජන්කුක්ගේ මතකේ සැරි සැරුවා... ඒ ලොකු හොද උනු තුවාල පැල්මන් මේ එක උන්ඩෙකින් උනු තුවාලෙට වඩා ගොඩාක් බරපතල වෙලා තියෙන්න ඇති කියලා හිතාගන්න ජන්කුක්ට අපහසු උනේ නෑ... හැම අතින් බලනකොට මේ තුවාලේ ටේහ්‍යොන්ග්ට පොඩි දෙයක්... ජන්කුක් කවදාවත් දැකලා තිබුනේ නෑ ටේහ්‍යොන්ගේ කියලා කවුරුත් මේ ගෙදරට එනවා... මේ ගෙදරට ආව ගිය ඒ හැම කෙනෙක්ම උනේ ටේහ්‍යොන්ග්, ජන්කුක් හා විලියම්ම විතරයි.... එහෙනම් ටේහ්‍යොන්ග් කියන්නෙත් ජන්කුක් වගේ කවුරුත් නැති කෙනෙක්ද... ජන්කුක්ට ඒක දැනගන්න විදියක් තිබ්බෙත් නෑ, විලියම්ගෙන් ඒක අහන්න අවස්තාවක් ලැබෙන් නෑ වගේම , වැඩිය කතා නොකරන ටේහ්‍යොන්ගෙන් ඒක ගැන ක්සිස්ම අදහසක් ගන්න විදියක් තිබුනේ නෑ...
නින්ද නොයන හින්දා ජන්කුක් අදෙන් පාතට බැහැලා ටිකක් ඉදගෙන හිටියා.. ඇද ගාව තියන වතුර ජග් එකත් ඉවර හින්දා ඒකත් අරන් දොර ඇරන් එලියට ආපු ජන්කුක් කොරිඩෝව දිගේ ඇවිදන් ගිහින් විසිත්ත කාමරෙන් කුස්සියට යන්න හැරුනා... ටේහ්‍යොන්ගේ දොර යටින් පෙරිලා ආපු කහ පාට ආලෝකයෙන් ටේහ්‍යොන්ග් තාමත් ඉන්නෙ ඇහැරිලා කියලා ජන්කුක්ට තේරුනා... මධ්‍යම රාත්‍රියත් පහු වෙනකන් ඇහැරන් තාමත් ටේහ්‍යොන්ග් වැඩ කරනකොට ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගැන දුකක් දැනුනා... මුදල්, නිල නාම ඒ හැම දේමත් එක්ක තවත් ටේහ්‍යොන්ග්ට මොනවද අඩු... තාමත් මෙච්චර මහන්සි වෙන්න තරම්....
උනු කෝපි කෝප්ප දෙකක් හදාගෙන ජන්කුක් ටේහ්‍යොන්ගේ දොර ගාවට ගිහින් තට්ටු කරා....
"එන්න..."
ඇතුලෙන් ඇහෙනකොට අගුලු නොදමපු කාමරේ දොර තල්ලු කරගෙන ජන්කුක් ඇතුලට ගියා.. ඒත් ජන්කුක්ගේ හුස්ම හිරවෙන්න ආවේ කාමරේ පිරිලා තිබුනු දුමට... ජන්කුක් බලාපොරොත්තු උනේ වැඩ කරන ගමන් ඉන්න ටේහ්‍යොන්ග්ව මිසක් හාන්සි පුටුවේ දිගා වෙලා කල්පනා කරන ගමන් දුම් බොන ටේහ්‍යොන්ග් කෙනෙක්ව නෙවෙයි....
"තාම හොද නෑ හ්‍යුන්ග් ඔයාට..."
ජන්කුක් ටිකක් හයියෙන් කීවම ටේහ්‍යොන්ගේ කේන්තියෙන් පිරුනු ඇස් දෙක ජන්කුක්ට යොමු උනා...
"ඕනවට වඩා වද වෙනවා වගේ රගපාන්න එපා...."
ටේහ්‍යොන්ග් නපුරු විදියට කීවම ජන්කුක්ට ඒ වචන පිහියකින් ඇන්නා වගේ දැනුනා... ජන්කුක් ඇත්තටම වද උනා, ඕනවටත් වඩා ටේහ්‍යොන්ග් ගැන වද උනා... ඒක ටේහ්‍යොන්ග් තේරුම් නොගත්තට ටේහ්‍යොන්ග්ට මොනවා හරි වෙලා ඇති කියලා පලවෙනි මොහොතේ ඉදන්ම ජන්කුක් වද උනා... ඉතින් ජන්කුක්ට ඒ නපුරු වචන ඕනවට වඩා රිදෙව්වා....
එක මොහොතක නොසෙල්වී හිටපු තැනම හිටන් හිටපු ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවට ඇවිදන් ගිහින් එතන මේසේ උඩින් කෝප්පේ තියලා ආයෙත් වචනයක්වත් නොකියා එන්න හැදුවා....
"කොහෙද යන්නේ..."
"ක..කාමරේට මිස්ටර් කිම්...."
ජන්කුක් එහෙම කීවම ටේහ්‍යොන්ග් ඉක්මනට බෙල්ල හරවලා බැලුවේ ජන්කුක් දිහා...
"හ්ම්ම්..."
ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක් තමන්ගේ කෝප්පේ මේසේ උඩින් තියලා ජනේලේ ගාවට ඇවිදන් ගියා... ගිහින් ජනේලේ උඩින් තිබුනු පොඩි කවුලුව ඇරිය ජන්කුක් ලොකු අල්මාරිය ගාවට ගිහින් පොරෝනයක් අරගෙන ඒක ටේහ්‍යොන්ග්ට පෙරෙව්වේ, ජන්කුක් කරපු හැමදේම ටේහ්‍යොන්ග් නිහඩවම බලන් ඉන්නකොට...
ආයෙත් වචනයක් වත් නොකියා තමන්ගේ කෝප්පේ අරන් එලියට ගිහින් දොර වැහුව ජන්කුක් කුස්සියට ගිහින් උගුරක්වත් නොබීපු කෝපි එක හලලා දාලා තමන්ගේ කාමරේට ඇවිදන් ආවා...
ජන්කුක් තමන්ට තේරෙන වයසේ ඉදන්ම හැමෝගෙන්ම බැනුම් ඇහුවා... ඉතින් මේක එච්චර දෙයක් නෙවෙයි වගේ පෙනුනත් , ඒක කොච්චර දුරකට රිදුනද කියලා ජන්කුක්ගේ හිත විතරක් දැනන් හිටියා...
.
.
.
.
ටේහ්‍යොන්ග්ට එක පාරට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනත්, හැමවෙලේම නපුරු ටේහ්‍යොන්ග්ට මුකුත් හිතන්න උවමනාවක් තිබුනේ නෑ...
මොකද ටේහ්‍යොන්ග් තමන්ගේ හිත ඇතුලෙන් තමන්ට දැනෙන හැගීම් ගැන අරගලයකයි හිටියේ....
.
.
.
.
.
******************
_________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading...♥️
To be Continued...
2023/05/04
Bạn đang đọc truyện trên: AzTruyen.Top