|02|

1955 ලන්ඩන් නුවර උදෑසන ආලෝකයෙන් පිරුණු මාවත දිගේ චෙක් රටාවෙන් උනු පැතලි දුඹුරු පැහැති හිස් වැස්මකින් සැරසුනු කඩවසම් පුද්ගලයෙක් ගල් ඇතිරූ මාවත දිගේ ගමන් කරමින් සිටියා.... ඔහුගේ අතේ රැදුනු මිල අදික සිගරට්ටුව සහ ඔහුගේ බාහිර ඇදුම් පැලදුම් ඔහු ධනවතෙක් බව මනාව ඉස්මතු කරා...

අතේ රැදුනු රන් පැහැති අත් ඔරලෝසුවෙන් වෙලාව බලමින් තිබූ ඔහුගේ හීනී ඇස් මාවත දිගේ තිබූ ගල් වෙතට යොමු වී තිබුනේ දැඩි කල්පනාවකින්....

"මිනිත්තු හයක් පරක්කුයි...."

ගොඩනැගිල්ලකින් ඇතුල් වී කාර්‍යාලයකට ඇතුල් උනු මිස්ටර් කිම් නැත්නම් කිම් ටේහ්‍යොන්ග්ට ඇහුනේ වයස්ගත එහෙත් ශක්තිමත් කට හඩක්....

"ඒක මිනිත්තු හතරක් වෙන්න ඕනේ මිස්ටර් තෝමස්..."

වයස්ගත වැදගත් පුද්ගලයාට අතට අත දෙමින් කියපු ටේහ්‍යොන්ග් පුටුවෙන් වාඩි උනාම සිනහවකින් හිස සොලවපු මිස්ටර් තෝමස් ඉස්සරහ තිබුනු පුටුවෙන් වාඩි උනා...

"එහෙනම් මම ඇවිත් පැය විසි හතරක් යන්න කලින් මිස්ටර් කිම් වැඩේ ඉවර කරා..."

"සමාවෙන්න මිස්ටර් තෝමස් , මට ඊයේ ඔබතුමාව මුනගැහෙන්න එන්න බැරි උනේ ඒකයි..."

ටේහ්‍යොන්ග් කීවම මිස්ටර් තෝමස් හිස සෙලෙව්වේ ඒක ගැටලුවක් නෑ කියන ගමනුයි... සතියක කාලයක් අතුරුදන්ව තිබුනු ආයුධ තොගය ඊයේ ලැබුනු කට උත්තරය එක්ක හොයාගන්න ටේහ්‍යොන්ග් සමත් වෙලා තිබුනා... අපරාධ විමර්ශන අංශයේ ඉහල තනතුරක් දරන කිම් ටේහ්‍යොන්ගේ පැතිරිලා තිබුනු කීර්ති නාමය ඒකෙන් තවත් පැසසුමට ලක් උනා...

"මෙහෙ කාර්‍යාලයක් විවෘත කරමු අපි... ඒක මිස්ටර් කිම්ගේ වැඩ වලට පහසුවක් වෙයි..."

මිස්ටර් තෝමස් කිව්වම ටේහ්‍යොන්ග් තමන්ගේ එකගතාවය පල කරා...

"මෙහෙ ඉන්න කමකට නැති නිලධාරීන් මාව පිස්සු වට්ටනවා..."

ටේහ්‍යොන්ග් කියනකොට තෝමස් හයියෙන් හිනා වුනේ ඒකට එකග වෙන ගමන්..

"එහෙනම් , මන් ඒකට වැඩ දැන් ඉදන් ලෑස්ති කරන්නම්... මිස්ටර් කිම්ට පුලුවන් අවශ්‍ය අයව තෝරගන්න..."

එතනින් සමුගන්න මොහොතේ මිස්ටර් තෝමස් කිව්වා....

.






.





.






.




.

"ඔහ්.. මිස්ටර් කිම් ඇවිත්..."

"මිස්ටර් කිම් ඇවිත්...."

උසාවිය තුල යම් නොසන්සුන් කතා බහක් ඇති උනේ ඒකට ඇතුල් උන මිස්ටර් කිම්ව දැකීමත් එක්කයි...

"මිස්ටර් කිම්... ඇතුලට එන්න... අද ඔබතුමාට මෙහෙ නඩුවක් තියනවද...."

තවත් නඩුවක් නෑ කියලා දැන දැනම නිලධාරියෙන් අහනකොට ඒකට ඔව් කියලා උත්තර දුන්න මිස්ටර් කිම් ඉස්සරහම පේලියෙන් වාඩි උනා...

හැම සාක්ශියක්ම ජෝන් ජන්කුක් තරුනයාට විරුද්ධව කියවෙනකොට බොහොම ලේසියෙන් තමන්ගේ වැඩ ඉවරකරලා අනවශ්‍ය පුද්ගලයෙක්ව බන්ධනාගාරගත කරන්න කම්මැලි පොලිස් නිලධාරීන් ලොකු වෙහෙසක් දැරුවා...

ජෝන් ජන්කුක් කියන තරුණයාට අවුරුදු ගානක සිර දඩුවම් නියමවෙන්න තීන්දුව දෙන්න හදනකොටම මිස්ටර් කිම් එතනින් නැගිටලා තමන්ගේ අතේ තිබුනු ලිපිය ජජ් අතින් අවසර අරන් තිබ්බා...

එතනින් පස්සෙ ජෝන් ජන්කුක් සියලු වරදින් නිදහස් කරේ එතන සමහරක් පිරිසකගේ මූනේ අප්‍රසාදය සලකුනු වෙනකොට...

"මිස්ටර් කිම්...."

ටේහ්‍යොන්ග් කෝට් එකෙන් එලියට එන ගමන් හිටියා.. පිටුපසින් ඇහුන සද්දයට ටේහ්‍යොන්ග් හැරිලා බැලුවා...

"ඇයි ඒ වගේ දෙයක් කරේ... ආයුධ ගැන තාමත් තොරතුරක් නැහැනේ..."

එතන හිටපු ආදුනික නිලධාරියෙන් පොඩි සටහන් පොතක් අතින් අරන් ඇවිත් ඇහුවම තමන්ගේ තොල අතරෙන් සිගරට් එක අහකට ගන්න ගමන් කිම් දුම් වලාවක් පිට කරා....

"මම හිතන්නේ නඩුවක් අධ්‍යනය කරන්න කලින් වටපිටාව අධ්‍යනය කරන එක අනිවාර්‍යෙන්ම වැදගත්...."

නිලධාරියා එහා පැත්තෙන් තිබුනු බංකුව ඉගි කරන ගමන් කිම් එතනින් යන්න හැරුනාම නිලධාරියා බංකුව මත තිබුනු පුවත් පත අතට ගත්තා...

"මොනවා... ඒ කියන්නේ ආයුධ හොයාගෙන... "

පුදුමෙන් තමන්ටම කියාගන්න ගමන් නිලධාරියා දැන්වීම යට තිබුනු නම කියවන ගමන් තමන් ඉස්සරහින් ආඩම්බර අඩි තියන පුද්ගලයා දිහා බැලුවේ ගෞරවයෙන්.....

අපරාධ පරීක්ෂක කිම් ටේහ්‍යොන්ග්....

.






.





.






.

ජන්කුක් උදේ තමන්ව කෝට් එකට අරන් එන්න ඇදපු සුදු පාට ඇදුමෙන්ම හිමීට කෝට් එකෙන් එලිය ඇවිත් ඇවිදගෙන ගියා... දවස් දෙකක් තුල උනු කිසිම දෙයක් ගැන පැහැදිලි තේරුමක්වත්, මුකුත් ජන්කුක්ගේ හිතේ තිබ්බේ නෑ. ඇගට දැනුනු ලොකු වෙහෙසට අමතරව මුලු ඇග පුරාම දැනුනු වේදනාව ජන්කුක්ගේ මනසක් බිදලා දැම්මා...

ප්‍රධාන මාවත දිගේ හෙමීට ගිහින් අතුරු මාවත දිගේ හැරිලා නගරය ඇතුලට වෙන්න ඇවිදගෙන ගිය ජන්කුක් පරන උනු පාට ගොඩනැගිල්ලට අත් වාරු කරන් නැග්ගා...

ඒත් ඉදිරිපස දොර ඇරපු ගමන්ම ඒකේ අයිතිකාරයා ඉදී කියලා ජන්කුක් මේ වගේ වෙලාවක බලාපොරොත්තු උනේ නෑ...

"තමුන්ගේ බඩු ලෑස්ති කරන් මෙහෙන් යන්න පුලුවන්..."

කිසිම හිතක් පපුවක් නැති විදියට ඒ වචන ඇහෙනකොට ජන්කුක් මොහොතකට නතර උනා..

"අනේ ඒත් ඇයි... මම මේ ඉක්මනින් තැනක් හොයාගන්නේ කොහොමද..."

ජන්කුක් ඇහුවාම අයිතිකාරයා කට කොනින් හිනා උනා...

"උබලා වගේ අහිංසක මූනු දාන් ඉන්න එවුන් හින්දා තමයි අපිත් දවසක අමාරුවේ වැටෙන්නේ.. ඒ හින්දා පුලුවන් ඉක්මනට මෙහෙන් යනවා..."

"මේ අහන්න මහත්තයා... මම වැරැද්දක් කරලා නෑ, ඒක සම්පූර්නයෙන්ම වැරදීමක්.. නැත්නම් මට අද නිදහස් වෙන්න බෑනේ.. අනේ කරුනාකරලා එහෙම කරන්න එපා.. මට ටික දවසක් දෙන්න..."

ජන්කුක් තමන්ගේ අත් දෙකෙන් අත් වැට තදින් අල්ලන් කීවේ ඇගේ පන නැති ගතිය මගාරවගන්න ගමනුයි...

"මට වැඩක් නෑ... අනික මට තමුන්ට වඩා වැඩි මුදලකට මේක දෙන්න පුලුවන්.. ඒ හින්දා ආයෙත් මම එනකොට තමුන් මෙතන ඉන්න හිතන්නවත් එපා...."

කේන්තියෙන් නපුරු විදියට කීව අයිතිකාරයා එතන පඩි පෙල බැහැලා යනකොටම ජන්කුක් දොර ලග බිම දන ගැස්සවුනේ දරාගන්න බැරුව... ඔහු කොහොමද එහෙම දැනුම් දීමක් නැතුවම එක පාරටම තමන්ව එලියට දාන්නේ... ඒක නීතියෙන් වැරදි උනත් ජන්කුක් හිටියේ නීතිය ගැන කතා කරන තත්වයක නෙවෙයි...

ජන්කුක් එතනින් එලියට ආවා, තමන්ට උස්සගන්න බැරි තරම් ලොකු බෑග් එක වගේම පොත් පත් අඩඟු සූට් කේස් එක අත් දෙක්න් තදින් අල්ලගන්න ගමන් ජන්කුක් හිටියේ අරමුනක් නැතුව ඇවිදින ගමන්... රිදෙන මනුස්සයෙක්ටම රිද්දන්න තරම් මිනිස්සු නපුරු වෙන්නේ කොහොමද, ජන්කුක්ට ඇගට පනක් තිබ්බේ නෑ අධික තෙහෙට්ටුව වේදනාව වැඩි වෙලාවක් යන්න කලින්ම ජන්කුක්ව ලොකු බෑග් දෙකත් එක්කම පාර අයිනෙන් කඩන් වැටෙන්න හේතු උනා.......

.






.





.






.





.

ලොකු වියන් ඇදක පැත්තකින් තිබුනු රටාවක් ගිය ලී පුටුවක පුද්ගලයෙක් ඉදගෙන තමන්ගේ තොල් අතරින් දුම් පිට කරන ගමන් හිටියේ ඔලුව පිටුපසට හේත්තු කරගෙනයි.... මහන්සි පාටක් පේන තිබුනු සුදුමැලි පාට තරුණයා විශාල ඇද මත තද නින්දක පසු උනා....

ටේහ්‍යොන්ග් තමන්ගේ වැඩ ඉවර කරලා එයාගේ ගෙදරට ඇවිත් පිරිසිදු වෙලා කෝපි කෝප්පයක් තොල ගාන ගමන් හිටියත් ආයෙත් එලියට ඇවිත් ඉස්සරහට යන්න සිද්ද උනේ ගෙදර හිටපු සේවකයා ගෙනාපු පණිවිඩේකට.... ගේට්ටුව ගාව පාරේ ටිකක් එහාට වෙන්න ලොකු බෑග් දෙක්කුත් එක්ක සිහිය නැතුව වැටිලා හිටපු තරුනයා තමන් උදේ නිදහස් කරපු කෙනා කියලා අදුරගන්න ටේහ්‍යොන්ග්ට ඒ තරම් වෙලාවක් ගියේ නෑ..

සේවකයට බෑග් ඇතුලට ගේන්න කියලා ටේහ්‍යොන්ග් ජන්කුක්ව අත් දෙකට අරගෙන ඇතුලට ඇවිත් තමන්ගේ ඇද උඩින් තිබ්බේ මූනේ තිබුනු තෙහෙට්ටු පාට හොදටම පේන්න තිබුනු හින්දයි...

සේවකයා ලවා මූන අත පය තෙත රෙදි කැබැල්ලකින් පිහ දම්මවලා ජන්කූක්ට විවේක ගන්න ඉඩෑරිය ටේහ්‍යොන්ග් පැත්තකට වෙලා එයාගේ සුපුරුදු වැඩේ කරන්න පටන් ගත්තා....

.





.




.

ඔලුවෙන් දැනුනු තද වේදනාවත් එක්ක තමන්ගේ ඇස් පිය අරින්න උත්සහා කරන්ත් ජන්කුක්ට දැනුනේ තද සිගරට් ගදක්.... ඉන්න විදියටම තමන්ගේ ඇස් දෙක විවෘත කරලා ඇස් බෝල එහෙ මෙහෙ යවලා තමන් ඉන්නේ මොන වගේ තැනකද කියලා දැනගන්න ජන්කුක් උත්සහ කරා..

ඔප දාපු අදුරු පාට ලීයෙන් වට උනු විශාල කාමරේ වටේටම තිබුනු මිල අධිකයි කියලා හිතන්න පුලුවන් බඩු එකතුව ජන්කුක්ගේ හිතේ මොහොතකට කලබලයක් ඇති කරා...

"ඔහ්... නැගිට්ටද.. දැන් කොහොමද..."

තමන් හිස හරවන් හිටපු පැත්තට විරුද්ද පැත්තෙන් ඇහුනු ගැඹුරු කටහඩට ජන්කුක් තමන්ගේ ඔලුව වේගෙන් හැරෙව්වා....

"ම..මන්..."

ටේහ්‍යොන්ග්ව දැකපු ගමන් කලබලෙන් ඇදෙන් නැගිටින්න උත්සහ කරත් ජන්කුක් ආයෙමත් පිටුපසින් ආපු අධික වේදනාවට ඇදන් වැටුනා...

"පේන විදියට එච්චරම සනීපයක් නෑ වගේ.... විලියම්...."

ටේහ්‍යොන්ග් ටිකක් සද්දෙන් කතා කරාම ටික්කින් අතේ බන්දේසියකුත් තියාගෙන මැදි විය පහු කරමින් තිබුනු පුද්ගලයෙක් කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා....

ටේහ්‍යොන්ග් අලු බාජනේ ඇතුලට සිගරට් එක දාන ගමන් තමන් හිටපු තැනින් නැගිටලා ජන්කුක්ගේ පිට යටින් අත දාන ගමන් ජන්කුක්ට නැගිටින්න උදව් කරා... පුලුන් කොට්ටය පිටට තියලා ඇදේ උඩ කොටසට ජන්කුක්ව හේත්තු කරපු ටේහ්‍යොන්ග් ආයෙත් කෙලින් වෙන ගමන් අත් දෙක බැදගත්තේ ටේහ්‍යොන්ගේ මේ හැසිරීම ජන්කුක්ගේ හිතේ බයක් ඇති කරනකොට...

"ඕක බීලා ඉන්න, එතකොට අඩු වෙයි ටිකක්..."

ටේහ්‍යොන්ග් ආයෙත් කියනකොට විලියම් ජන්කුක්ගේ ඔලුව පිටිපස්ස අල්ලගන්න ගමන් සුදු පාට පීරිසි භාජනේ ඇතුලේ තිබුනු දුඹුරු පැහැති තිත්ත ද්‍රාවණය පෙව්වේ ජන්කුක් ඒක තිත්ත උනත් ඇති උනු තිබහට ඉක්මනින් බොනකොට....

"ම..මම කොහොමද..."

ජන්කුක් ආයෙත් දෙයක් අහන්න උත්සහ කරත් ආයෙත් කලින් විදියට ජන්කුක්ව ඇදේ හාන්සි කරපු ටේහ්‍යොන්ග් දොර පැත්තට ඇවිදන් ගියා...

"නිදාගන්න.. නිදාගෙන නැගිටලා අපි කතා කරමු..."

ටේහ්‍යොන්ග් එලියට යනකොටත් වටපිටාවෙන් දැනුනු සුව පහසු හැගීමටත්, උගුර පහලින් දැනුනු උණුසුම් බවටත් ජන්කුක්ගේ විඩාබර ඇස් පිය පියවෙමින් තිබ්බා....

.







.







.







.







.




.


******************


.

.
_____________________________Dark_Sunshiner 🤍🥀

Thanks for reading....♥️

To be Continued....

2023/03/17

Bạn đang đọc truyện trên: AzTruyen.Top