|31|

" උබ මගෙ මල්ලිගේ ජීවිතේ විනාශ කරා..."

එක පාරට ඇහුන හුරුපුරුදු ගැඹුරු කටහඩත් එක්ක නිශා ට තමන්ගේ කම්මුල පුපුරු ගහලා නිලංකාර වෙනවා වගේ දැනෙනකොට විසිවෙලා ගිහින් ස්ටූල් එකේ කොනක වැදුනා.. ඒත් එක්කම තමන්ගේ අත් දෙක පිටිපස්සට ඇදිලා තද වෙනවා දැනෙනවත් එක්කම ඔලුවට හයිය දේකින් තද පාරක් වැදෙනවා දැනුනා...

"ඕකිව වාහනේට දාපන් .. එකෙක් ඉතුරු කරන්න එපා ඔක්කොම එවුන් ගනින් පණ පිටින් හරි නැතුව හරි..."

සිහිය නැතුව තියන නිශාගේ ශරීරයත් එක්ක අනිත් හැමතැනටම ඇගිල්ල දික් කරලා නම්ජූන් ගියේ තාමත් බිම වැටිලා තමන්ගේ අත් අතර තියන ජන්කුක්ගේ සිරුර දිහා එක දිගට බලන් ඉන්න ටේහ්‍යොන්ග් ගාවට..

"නැගිටපන් .. තවත් මොනවද බලන්නේ ඔක්කොම ඉවර උනාට පස්සේ ... "

ටේහ්‍යොන්ගේ උරහිසෙන් අල්ලලා හොල්ලන ගමන් නම්ජූන් අතින් සන් කරාම එතන හිටපු අය ජන්කුක්ගේ සිරුර ගන්න ලෑස්ති උනත් ටේහ්‍යොන්ග් තමන්ගේ අත් දෙකෙන්ම ඒ පණ නැති සිරුර උස්සන් නැගිට්ටේ කාටවත් පේන්නේ නැතිව ජන්කුක්ගේ ලේ වලින් පෙගිච්ච ඇගිලි තදින් අල්ලගෙන හිටපු චූටි අතත් ඇදෙද්දිමයි...

"පපා..."

හුස්මගන්න අමාරුවෙන තරම් හයියෙන් යටි ගිරියෙන් කෑ ගහ ගහ ඉකි ගහන ගමන් අඩන චූටි ගුකීව එහෙමම නම්ජූන් වඩා ගත්තේ ඒ ඇස් වලටත් අගින් පුන්චි කදුලු බින්දුවක් මෝදු වෙනකොට...

"බොස් .. එකෙක් පැන්න.."

මාක් නම්ජූන් ගාවට දුවන් එන ගමන් කීවා..

"මොකක්ද උබට මම කීවේ... එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා යකෝ, පලයන් , හවස් වෙනකොට ඉවර වෙන්න ඕනෙ.."

තම්න්ගේ අත් උඩ ඉදන් බිමට බහින්න දගලට ගුකීව අල්ලගන්න ගමන් රහසින් නමුත් තදින් කීව නම්ජූන් ගුකීවත් එක්කන් ඇවිත් එයාගෙ වාහනේට නැග්ගේ ජන්කුක්ව දාපු වාහනේ පැත්තට අත දික් කරලා අඩන ගුකීවත් තදින් අල්ලගෙනයී...

.

.

.

.

.

"නිදිද ජිනී..."

නම්ජූන් ඇහුවේ උඩ ඉදන් පහලට ආපු ජින්ගෙන්..

"නෑ ජූන්.. ඉකි ගගහා අඩනවා... පපාව ඕනේමයි කියලා අඩනවා..."

ජින් කීවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන.. ජන්කුක්ට උන දේ ඇත්තටම ජින්ට විශ්වාස කරන්න බෑ.. කවුරු මොනවා කීවත් ජන්කුක් අහින්සකයි කියලා ජින් නිතරම විශ්වාස කරා... ඒ වගේම ගුකී දවස් ගානක් කිසි දෙයක් කන්නේ බොන්නේ නැතුව හොදටම දුර්වල වෙලා ඉන්න වෙලාවෙ අඩලම තවත් කිසිම දෙයක් ඇගේ ඉතුරු වෙලා තිබ්බේ නෑ.. තමන් මේ ලෝකේ දන්න අදුරන ආදරේ කරන එකම කෙනා රතු පාටින් ලේ පෙරාගෙන බිමට වැටෙනවා දකින එක ඒ තරම් පුන්චි දරුවෙක්ට කොහෙත්ම හොද දර්ශනයක් නෙවෙයි.. ගුකී හිටියේ තමන්ගේ එකම ආදරණීයයා, තමන්ගේ එකම ආරක්ශනයා , තමන්ගේ පපා නැතුව හොදටම බය වෙලා...

"අන්තිමට එයා අපේම දරුවෙක්..."

නම්ජූන් කීවේ ඇස් දෙකේ පිරුනු කදුලු පේන්නේ නැති වෙන්න මූන අනිත් පැත්තට හරවන ගමන්...

"මම කීවේ ජූන් ඔයාට,, ඒ පුන්චි හිනාව දැක්ක දවසෙම මට දැනුනා කියලා..."

දුකින් නමුත් සතුටෙන් ජින් කීවේ ගුකී හම්බුන පලවෙනි දවස මතක් කරන ගමන්...

"ගුකී ගාව ඉන්න... එයාව බලාගන්න මන් මේ ඔක්කොම හරිගස්සන්න ඕනේ... මම ගිහින් එනකන් පරිස්සමට ඉන්න.."

ජින්ගේ නලල ඉබින ගමන් නම්ජූන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ එලියට යන්න , ඒත් ජින් ආයෙත් නම්ජූන්ගේ අත අල්ලගත්තා...

"ජූ..ජූන් ජන්කුක්ට කොහොමද, එතකොට නිශා..."

ජින් බයෙන් බයෙන් අහනකොට නම්ජූන් ජින්ව ඇදලා අරන් බදාගත්තා...

"නිශා ගැන ඔක්කොම මන් පස්සේ කියන්නම් , උන් ඔක්කොම මගෙ ටේ බෙයාගේ ජීවිතේ විනාශ කරා... ජන්කුක්ට බුලට් දෙකක් වැදිලා, සුවර් කරන්න බෑ..."

නම්ජූන් එලියට ගියේ ඒක ටේහ්‍යොන්ගේ අතින් උනේ කියලා කියන්නේ නැතුවමයි..

.

.

.

.
°°°°°°°°°°°°°°°°°°°°°

ජියෝන් කියන්නේ මිසිස් කිම්ගේ එකම නන්ගිව මැරි කරපු කෙනා.. ගෙවල් දෙකේම අකමැත්තෙන් බලෙන්ම මැරි කරලා ගියත් ඊට පස්සේ දෙන්නම ගැන කිසිම ආරන්චියක් හම්බුනේ නෑ.. රට ගියා කියලා දැනගන්න හම්බුනත් ඒ කොහෙද මොකද කරන්නේ කියලා හොයාගන්න බැරි උන හින්දා ඒ ගැන හොයන එක නතර කරත් තමන්ගේ නන්ගි ඒ වගේ අතුරුදහන් උන එක ගැන මිසිස් කිම් පිස්සු වැටිලා හිටියේ...

අවුරුදු ගානක් යනකොට කිම් ෆැමිලි එක ඇති වෙලා තිබ්බ වගේම , කලින් ඉදන් තිබ්බ ජියෝන් ෆැමිලි එකේ අවධානය යොමු වෙන්න තරම් කිම් ෆැමිලි එකේ හැම දෙයක්ම විශාල වෙමින් තිබ්බා..

අවුරුදු තුනකට විතර පස්සේ තිබ්බ එක පාටි එක්කට සහභාගී උන කිම් කපල් එකට හම්බුනේ තව එක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිත් හිටපු ජියෝන්ව... ඒක දැකපු කිම්ගෙ ලේ රත් වෙන්න එච්චර වෙලාවක් ගියේ නෑ මොකද , තමන්ගේ එකම නන්ගිව බලෙන් මැරි කරලත් අතුරුදන් වෙලා වගේ පේන් නැතුව ඉදලා, එයා නැතුව වෙනත් කෙනෙක් එක්ක අත් අල්ලන් එනකොට දැනෙන හැගීම කොහොමද....

එතන ඇති උන ලොකු රණ්ඩුවකට පස්සෙ ජියෝන් කිම් අතර නොදැන ඇති උන වයිරය , දෙන්නට දෙන්න අදුරගැනීමත් එක්ක කිම්ගේ පැත්තෙන් වැඩි උනා වගේම.. ජියෝන්ගේ පැත්තෙන් අඩු උනා...

ඒ හැමතැනකදිම මාෆියා වැඩ වලදි ඇරෙන්න ජියෝන්ගෙන් පුද්ගලික වයිරයක් එල්ල උනේ නැති එකට කිම්ගේ පැත්තෙන් තිබුනේ පුදුමයක් උනත් , තමන්ගේ වැඩ එන්න එන්නම අවුල් වෙන එකට අකමැති උන කිම් ෆැමිලි එක ජියෝන් ෆැමිලි එකත් එක්ක තවදුරටත් ඇටෑක් එක පවත්වගෙනම ගියා...

තමන්ගේ නන්ගි පවුලටත් විරුද්ධ වෙලා සම්බන්දයක් තියාගන ඉදලා තියෙන්නේ ලොකුම මෆියා කාරයත් එක්ක කියන එක කිම්ලා දැනගන්නකොට හැමදේටම පරක්කු වැඩි වෙලා තිබ්බා, ඒ හැමදේටම සමාව දෙන්න හරි තමන්ගේ නන්ගි තවදුරටත් මේ ලෝකෙ ජීවත් වෙලා නැති එක ගැන කිම්ලට දරාගන්නම බැරි උනා....

ඒත් ඒ කවුරුත් මිසිස් කිම්ගේ නන්ගිට හොද කරන්න බැරි අසනීපයක් තිබුණා කියලා දැනගෙන හිටියේ නෑ.. ඒක දැනගෙන හිටියේ මිසිස් කිම්ගේ නන්ගි යූනයි එයා පණ වගේ ආදරේ කරපු ජියෝනුයිම විතරයි... ඒ බ්ලඩ් කැන්සර් එක නිසා ජීවත් වෙන්න තියන කාලය ටිකෙන් ටික අඩු වෙද්දි තමන්ව එක මොහොතක් අතාරින් නැතුව ආදරේ කරපු ජියෝන් එක්ක හැමෝගෙම අකමැත්තෙන් හරි එක දවසක් හරි සතුටින් ජීවත් වෙන්න යූන දෙපාරක් කල්පනා කරේ නෑ... තමන් කොහොමත් මැරෙනවා කියලා දැනගෙන එක දවසක් එයා හීන දැක්ක ජීවිතේ ජීවත් වෙලා බලන්නයි යූනට ඕනෙ උනේ...

යූනා ජියෝන් මැරි කරලා සතියක් යනකොට යූනට හොදටම අමාරු උනා , කරන්න පුලුවන් හැමදේම කරලත් බැරි වෙනකොට , යූනගේ අකමැත්තෙන්ම ජියෝන් යූනාව රට අරන් ගියේ අන්තිම වෙනකන්ම තමන්ට පුලුවන් හැමදේම යූනා වෙනුවෙන් කරන්න තමන්ට පොරොන්දු වෙලා... ඒත් ඒ මොනවා කරත් මාසයක්වත් යන්න කලින් යූනා ජියෝන්ව තනි කරලා මේ ලෝකෙන් සමු ගත්තෙ ,එයා නැති උනත් සතුටින් ඉන්නවා කියන පොරොන්දුවත් ජියෝන්ගෙන් අරගෙන..

තමන් ආදරේ කරපු කෙනා තමන්ගේ ඇස් ඉස්සරහම පණ ඇදලා නැති වෙනවා දකින එක මොන තරම මිනිස්සු මැරෙනවා දැකලා තිබුනත්, තමන්ගේ අත් වලින්ම කොච්චර මිනිස්සූ මැරුවත් , ජියෝන්ගේ මනසට ගොඩක් බලපෑවා.. පිස්සෙක් වගේම තමන්ගේ රටට එන්නෙවත් නැතුව හැසිරුන ජියෝන් අන්තිමට යූනගේ අන්තිම පොරොන්දුව ඉටු කරන්න ඕනෙ නිසා සතුටින් නොවුනත් කලින් විදියට ජීවත් වෙන්න තීරණේ කරා...

නැවත තමන්ගේ පරණ අදුරු ජීවිතේටම වැටුන ජියෝන්ගේ ලෝකෙ පුන්චි එලියක් ඇති කරේ තමන්ගේ පාලුව මකන්න යූනා වෙනුවෙන් ඕහ්පනේජ් එකකින් ගෙනාව පුන්චි දරුවා... ඒක කවදා හරි යූනගේ බලාපොරොත්තුවක් වෙලා තිබුන දෙයක් ... ජියෝන් නිශා...

ජියෝන් වගේම දක්ශ කටකාර පුන්චි කෙල්ලෙක් උන නිශාට දෙන්න පුලුවන් හැම සැප සම්පතක්ම දීලා ජියෝන් නිශාව බලාගත්ත.. ඒ අතරෙයි ජියෝන්ට තමන්ගේ පවුලේ බල කිරීමට මැරි කරන්න උනේ.. මොන තරම් අකමැත්තෙන් මැරි කරත් එයා ජියෝන්ටත් නිශාටත් එක වගේම ආදරේ කරන යූනා තරම්ම හොද ගුණයහපත් කෙනෙක් උනා.. ජියෝන්ට උන හැමදේමත් දැනගෙන ඒ දේවල් ගැන වචනෙකින්වත් කතා නොකර ජියෝන්ගේ හිත රිදෙන වෙලාවට සනසන වයිෆ් ලග, ජියෝන් ගාව ආදරයක්ම නැති උනත් ජියෝන්ගේ හිත නතර වෙන්න පසුබට උනේ නෑ..ඒ විදියටත් ජියෝන් පවුලට ජියෝන් ජන්කුක්ව ඉපදෙන්නේ.. නිශා හිටියත් හැමදේකම ලේ උරුමක්කාරයා උනේ ජන්කුක්...

නිශාට පුන්චි මල්ලියෙක් ලැබුන එක ගැන නිශා ගොඩක් සතුටු වෙයි කියලා හිතුවත් පිටට පේන්න සතුටු උනත් හිත ඇතුලේ අදුරු හැගීම් ගොඩක් දලුදාන ගමන් තිබ්බේ.. අනාත නිවාසෙක කාත් කවුරුත් නැතුව හිටිය නිශාට ජියෝන්ගෙන් හම්බුන ආදරය සැප සම්පත් මහා ලොකු දෙයක් උනා, මිසිස් ජියෝන්ගෙත් ජියෝන්ගෙනුත් ලැබුනු ආදරේ සැලකිල්ල , අයිතිය හැමදේම දෙකට බෙදෙනවා වගෙයි නිශාට තදින්ම දැනුනේ... ඒ හින්දම පිටට පේන්න ජන්කුක්ට හොදින් හිටියත් ජන්කුක් ගැන ලොකූ වයිරයක් හිත ඇතුලේ තියාගෙනයි පොඩි උනත් නිශා ජීවත් උනේ...

ටිකෙක් ටික ලොකු වෙනකොට නිශා ගොඩක් ලස්සන තියුණු චරිතයක් වෙනකොට, ජන්කුක් හැමෝගෙම හුරතලේ මැද හැදුන සියුමැලි හුරුබුහුටි චරිතයක් උනා වගේම, තමන්ගේ නූනගේ තියුණු ගති ගුන වලට ආදරේ කරන නිතරම නූනගෙ පස්සෙන් ගිහින් එල්ලිලා ඉන්න කෙනෙක් උනා... හැබැයි ජන්කුක් එයාගෙ පස්සෙන් වැටෙන එකට පොඩිම කැමැත්තක්වත් නොතිබ්බ නිශා කවුරුත් පේන්න නැති හැමවෙලාවකම ජන්කුක්ට වෙනස්කම් කරන්න, රිද්දන්න ,බෝල ඇස් කදුලු පුරවන් අඩනකන් හිත රිදෙන කතා කියන්න දෙපාරක් හිතුවේ නෑ..

කලින් නූනා තමන්ට ආදරේ හින්දා එහෙම රිද්දනවා කියලා හිතුවත් තවත් ටිකෙක් ටික ලොකු වෙනකොට ජන්කුක්ට තේරුනා නූනා එයාට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා.. ඒකට හේතුව ජන්කුක් නොදන්නවා උනත් අහින්සක ජන්කුක් තවත් තමන්ගේ නූනට ආදරේ කරා,..

ජන්කුක් තමන්ගේ අප්පගේ මාෆියා වැඩ වලට එයාගෙ වචනෙන් නම් නපුරු වැඩ වලට පොඩ්ඩක්වත් කැමති උනේ නැතත්, බලය කියන එකට ආධිපත්‍යට ගොඩක් කෑදර උන නිශා ජියෝන් එක්ක ඒ වැඩ වලට යොමු උනේ ජියෝන්ගේ අකමැත්තෙන්මයි... මොකද ජියෝන්ට නිශාව හදන්න ඕනෙ උනේ රෝස මලක් වගේ පරිස්සමට මිසක් මේ ජරා මාෆියා ලෝකෙ ඇතුලේ ගිල්ලලා නෙවෙයි හින්දා.. ජන්කුක් ඉගනගන්න රටින් පිට හිටපු කාලෙ නිශා තමන්ගේ හිතේ නිදහසේ හිටියත් ඒ නිදහස නැති උනේ ජියෝන් තමන්ගේ දේපල, ෆැමිලි එක ගැන ලෝයර් එක්ක කතා කරපු දවසේ ඉදනුයි...

නියම දරුවා ජන්කුක්ට හැමදේම ලැබෙන්න ඕනෙ කියලා හැමෝම කියන කොට ජියෝන් ඒකට විරුද්ධ වෙලා හැමදේම දෙකට බෙදන්න ඕනෙ කියලා කීවා... නමුත් හැමෝගෙම තීරණේ මත 35% නිශාට දෙන්න තීරණේ කරේ තම්න්ගේ වටිනම දේපල ගොඩක් නිශාගෙ නමට හරවන්න තීරණය කරලා, නිශා ඒ දේන් ගොඩක් සතුටු වෙයි කියලා හිතලා ජියෝන් ෆයිල් එක නිශාගෙ අතට දුන්නේ ගොඩක් බලාපොරොත්තුවෙන් උනත් , එයාගෙ අහින්සක ලස්සන දුවගෙන් බලාපොරොත්තු නොවුන ප්‍රතිචාරයක් ජියෝන්ට හම්බුනේ...

ෆයිල් එකේ කොල සී සී කඩ යන විදියට ෆයිල් එක විසිකරපු නිශා ගොඩක් නරක විදියට ජියෝන්ට කෑ ගැහුවේ තම්න්ගේ අයිතිය තමන්ට ඕනෙ කියලා.. ජන්කුක් ඉපදුන දවසේ ඉදන් මේ දේ වෙයි කියලා බය වෙලා හිටපු නිශාට මේක ඕනවාටත් වඩා වැඩි උනා... මුකුත්ම නොකියා කාමරෙන් එලියට ගිය ජියෝන් දිහා බලාගෙන නිශා තමන්ගේ තරහා පිට කරනකොට , නිශා දැක්කේ නෑ ඒ කොල අතරේ එයා ගොඩක් ආසාවෙන් නිවාඩුව ගත කරපු ලස්සන ලොකු වටිනම විලා එකක් සම්පූර්නයෙන්ම ජියෝන් නිශාට අරන් දීලා තියන විදිය...

නිශාගෙ නපුරු දේවල් ගතිගුන ගැන එතන ඉදන් ජියෝන්ට අවබෝධයක් ලැබුනා, මේඩ්ලා ගොඩක් දැකපු ජන්කුක්ට උන හිරිහැර ගැන ඇහුවාම ජියෝන් කපල් එකටම ගොඩක් හිත රිදුනා.. මොකද ඒ කිසිම දෙයක් ජන්කුක් එයාලට කීවේ නැති හින්දයි , ජන්කුක් නිශාට කොච්චර ආදරෙයිද කියලා දන්න හින්දයි...

නිශා ටිකෙන් ටික ගෙදරින් පිට වෙලා ඉන්න ගන්නකොට ඒකට මුකුත්ම කීවෙ නැත්තෙ නිශාගෙ නිදහස නැති කරන්න එයාලා කොයිම වෙලාවකවත් බලාපොරොත්තු නොවුන නිසයි.. ඒත් එයාලා ටිකක් හෙව්වනම් නිශා ඉස්සරහට කරන්න තිබ්බ විනාශෙ නතර කරන්න පුලුවන්කම තිබ්බා...

නිශා උත්සහ කරේ ඒ වෙනකොට ජියෝන් එක තරම්ම බලවත් විදියට නැවත ගොඩනැගිලා තිබ්බ කිම් ෆැමිලි එකට ජොයින් වෙලා ඒකේ බලය තමන් අතට ගන්නයි.. හැබැයි ඒකට එයා තෝරගත්තේ හැගීම් එක්ක කරන සෙල්ලමක්.. හැමදාම ක්ලබ් එකට ආව ටේහ්‍යොන්ගේ විශ්වාසය දිනාගන්න , ඒ දවස් වල තමන්ගේ හ්‍යුන්ගේ බැනුම් නිසා හිත රිදවගෙන තිබ්බ ටේහ්‍යොන්ගේ හිත ගොඩක් උදව් උනා නිශාට...

ලැබුනු නිදහසෙන් අයුතු විදියට ප්‍රයෝජන අරන් තමන්ගේ මොලේ පාවිච්චි කරලා හැමදේම තමන්ට ඕනේ විදියට කරගෙන ආවත් වැඩේ හිතුව තරම් ලේසි නැති උනේ නම්ජූන් එක්ක වැඩ කරන එක පොඩ්ඩක්වත් ලේසි උනේ නැති හින්දා.. ටේහ්‍යොන්ග් නිශාව අන්ශු මාත්‍රයක්වත් සැක නොකර ආදරේ කරද්දි නම්ජූන් හැමදේම දිහා සැකෙන් බලන එක නිශාට බාධාවක් උනා.. ඒක ගැන තවත් බයක් ඇති වෙලා තමන්ගේ ප්ලෑන් එක වෙනස් කරේ ටේහ්‍යොන්ගෙන් දරුවෙක් තමන්ට ලැබෙන්න ඉන්න තරම් හැමදේම දුරදිග ගිය හින්දා...

තමන්ව පොඩි කාලෙ ඉදන් බලාගත්ත ඔම්මට අප්පට , අලුතෙන් එකතු උන තමන්ගේ මල්ලිට බලය කියන එකට කෑදර වෙලා අන්ධ වෙලා හිටපු නිශා නොහිතන තරම් වයිර කරා,.. ඒ අතරිනුත් ජන්කුක්ට ගොඩක්ම වයිර කරා.. ප්‍රෙග්නන්ට් කියලා දැනගන්නකොට මාස තුනක් විතර වෙලා තිබ්බ හින්දා දරුවව නැති කරන්න බැරි තරම් දරුවා වැඩිලා තිබ්බේ,, ඒ මොනවා උනත් තමන්ගේ තරහකාරයෝ උන කිම් පවුලේ ලමයෙක් තමන්ගේ ලේ වලින් එතන ඉදන් බිහි කරන්න නිශා කොහෙත්ම කැමති උනේ නෑ... ඒ හින්දම පැහැරගෙන ගියා කියලා පෙන්නලා නිශා ඒතනින් අයින් උනේ , එදා රෑම මිස්ටර් ජ්‍යෝන් මිසිස් ජියෝන් කියන දෙන්නම මේ ලෝකේ අතෑරලා යනකොට...

___________________

තමන්ගේ ඔම්මා අප්පා ගොඩක් දවසකින් කතා නොකරපු හින්දා එයාලව පුදුම කරන්න හිතන් කොරියාවට ආපු ජන්කුක්ට දැනගන්න ලැබුනේ එයා කවදාවත් තමන් මැරෙනකන්ම අහන්න බලාපොරොත්තු උන දෙයක් නෙවෙයි... ජන්කුක්ට හිතාගන්න බැරි උනා තමන්ට පොඩ්ඩක්වත් කැමති නැති සහෝදරියක් එක්ක තමන් ජීවත් වෙන විදිය.. තමන්ගේ දෙමාපියෝ නැති වෙලා මාස ගානක් ගිහිනුත් තමන්ට ඒක නොකීවේ ඇයි කියලා ජන්කුක් ඇත්තටම කඩාගෙන වැටුනා.. මොනවා උනත් පාලුවට ගිහින් තිබ්බ ජියෝන් මැන්ශන් එකෙන් තමන්ට ඉන්න එකම කෙනා නිශාව හොයන් ගියත් අන්තිමට ජන්කුක් නැවතුනේ හොස්පිටල් එකෙන්...

මේ කාලෙ ඇතුලත දේවල් මේ තරම් වෙනස් වෙලා තියෙයි කියලා ජන්කුක් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ.. ජන්කුක් හොස්පිටල් එකට යනකොට නිශා දරුවෙක් ලැබෙන්න අමාරු වෙලා.. දරුවගේ අප්පා කෝ කියලාවත් මැරි කරන්නෙත් නැතුව දරුවෙක් ලැබෙන්න ඉන්නෙ ඇයි කියලාවත් ජන්කුක්ගේ ප්‍රශ්න වලට කාගෙන්වත් ජන්කුක්ට උත්තරයක් ලැබුනේ නෑ... හැබැයි ඒ මොනවත් නොදන්නවා උනත් ඒ වෙලාවෙ ඇතුලේ අමාරු වෙලා ඉන්න නිශාගෙ බාරකාරයා විදියට ජන්කුක් ඉදිරිපත් වෙලා කිසිම කරදරයක් වෙන්න එපා කියලා ප්‍ර්‍රාර්තනා කරන ගමන් ජන්කුක් එහාට මෙහාට ඇවිදින ගමන් හිටියේ එලියේ කොරිඩෝ එක පුරාවට ආරක්ෂකයෝ මහ ගොඩක් පේලියට ඉන්නකොට... ජන්කුක් ඇත්තටම මේ ජීවිතේට වයිර කරා...

නිශාට ලැබුනු පුන්චි දරුවා නිශාටත් කලින් කෑ ගහනකොට ඉස්සල්ලම හම්බුනේ ජන්කුක්ගේ අතට.. තැනින් තැන රතු පාට වෙලා තිබ්බත් සුදු පාට බෝල කැටේ වගේ ඉන්න පුන්චි දරුවා ඉස්සල්ලම ගුලි උනේ ජන්කුක්ගේ උණූසුමට... ලමයාගේ මූනවත් බලන්න කැමැත්තක් නොතිබ්බ නිශා , කිරි දෙන එක පවා ප්‍රතික්ශේප කරේ අලුත ඉපදුන කිරි කැටියාව තමන්ගේ අත් අතර තියන් ජන්කුක් ගොඩක් අසරන වෙනකොට...

මැන්ශන් එකට ඇවිතුත් ලමයව ප්‍රතික්ශේප කරපු නිශා ලමයව මැරෙන්න අරින්න හරි අනාත නිවාසෙකට දෙන්න හරි එතකොටමත් තීරණේ කරලා තිබ්බේ.. ඒක ඇහුන ගමන් ජන්කුක්ට යක්ශාවේශ උනේ තමන්ගේ නූනා තමන්ගෙම දරුවට මෙහෙම කරන්න තරම් පහත් වෙයි කියලා කවදාවත් බලාපොරොත්තු උනේ නැති හින්දා... අන්තිමට තමන්ගේ දරුවගෙනුත් ඩීල් එකක් කරගෙන ජන්කුක්ගේ නමට තිබ්බ 65% තමන්ගේ නමට ලියාගෙන තමන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගත්තේ තමන්ගේ දරුවත් එක්කම ජන්කුක්වත් පාරට දාන ගමන්...

දරුවෙක් තියා තමන්වවත් තනියම බලාගන්න දැනගෙන නොහිටපු ජන්කුක් අසරණ උන තරම දන්නේ ජන්කුක්ම විතරයි..එදා ඉදන් ජන්කුක් තමන්ගේ ඉගනීම , අනාගතේ වර්තමානය හැමදේම අතෑරලා දරුවව බලාගත්තේ ගොඩක් අමාරුවෙන්... අලුතෙන් ඉපදුන දරුවට කිරි ටිකක්වත් නැතුව ටිකෙන් ටික හොස්පිටල් එකේ උදව්වෙන් කරගත්තු ජන්කුක් ඒ ඔම්මා කෙනෙක්ට කියලා දරුවට කිරි පොවාගත්තා... ඒ හැමදේටම ජන්කුක්ට උදව් කරේ හෝසොක් ,, මුකුත් නොදන්න පුන්චි දරුවෙක් උන ජන්කුක්ටත් කරන්න ඕනෙ හැමදේම කියලා දෙන ගමන් එයාගේ ගෙදර පවා නවත්තගෙන හෝසොක් හැමදේටම ජන්කුක් ගාව හිටියා...

අන්තිමට ඒ ජීවිතේට පුරුදු උන ජන්කුක් හැමතැනම පාර්ට් ටයිම් කර කර පුලුවන් විදියට එයාගෙ ජීවිතේ ගැටගහගත්තේ තනිකරම ගුකී වෙනුවෙන් විතරයි...

°°°°°°°°°°°°°°°°

දරුවා වෙනුවෙන් , තම ජීවිතයම දරුවා කරගත් තරුණයෙක්...











*******************

_________________________Dark_Sunshiner 🤍🥀


මොනා හරි කියන් යන්න...🌹

ඊලග එකත් ඉක්මනට දෙන්නම්...🙂

Thanks for reading ....♥️

To be Continued ....

2022/11/04


Bạn đang đọc truyện trên: AzTruyen.Top