|28|

"වාඩිවෙන්න.."

නම්ජූන් තමන්ගේ ඔෆිස් රූම් එකේ එයාගේ ඉස්සරහ පුටුව පෙන්නලා කීවේ තමන්ගේ අප්පා ඉන්න කාලේ ඉදන් ලෝයර් උන මිස්ටර් ශින්ට..

"තැන්ක්‍යූ මිස්ටර් කිම්.."

"ඔහ්, එහෙම කතා කරන්න එපා පොඩි කාලෙ වගේම කතා කරන්න අන්කල්.. මොනවද බොන්නේ.."

නම්ජූන් යන්තම් හිනා වෙලා කීවෙ ,පුන්චි කාලේ ඉදන් ශින්ව හොදටම දන්න හින්දා..

"ටී එකක් බොමු.."

"හරි විනාඩියක් ඉන්න අන්කල්.."

කීව නම්ජූන් කෝල් එකක් අරන් තිබ්බා..

"අන්කල් අපි කෙලින්ම කතා කරමු එහෙම හොදයිනේ..."

" කිසිම ප්‍රශ්නයක් නෑ, කොහොමත් මම බැදිලා ඉන්නේ ඒකටනේ.."

ශින් ඔලුව නමන ගමන් කීවා.. නම්ජූන් ගාවත් මිස්ටර් කිම්ගේ තිබ්බ සෘජු ගතිගුණම වෙනසක් නැතුවම පිහිටලා තිබ්බා..

"අන්කල් මට මේ ප්‍රශ්නේ , උන දේවල් ඔක්කොම දැනගන්න ඕනේ.. හැමදේම, මට මේ ඔක්කොම ඇති වෙලා තියෙන්නේ.. "

නම්ජූන් කලකිරුණු විදියට කතා කරා..

"මොනවද පුතා අදහස් කරන්නේ ඒකෙන්.."

"අන්කල් නිකන්ම බිස්නස් වලට මෙච්චර ලොකු වයිරයක් තිබ්බා කියලද කියන්නේ.. අනික ජියෝනුත් නැති වෙලා.. එතකොට අන්කල් කියන්නේ කිම් ෆැමිලි එකත් එක්ක ජියෝන්ලට තිබ්බේ බිස්නස් ප්‍රශ්නයක් කියලද..."

නම්ජූන් කීවම ශින් නිකටටත් අත තියාගෙන කල්පනා කරා.. එතකොටම දොරට තට්ටු කරන් සද්දයක් ඇහුනා..

"එන්න ජිනී.."

නම්ජූන් කීවම ජින් ඇතුලට ඇවිත් ශින්ට ටී කප් එක දීල නම්ජූන්ගේ අතටත් මග් එකත් දීලා හිනා වෙලා එලියට ගියා..

"අන්කල් ටී එක බොන්න බීලා කතා කරමු.."

ටික්කින් ශින් කප් එක මේසේ උඩින් තියලා තමන් දාගෙන හිටපු කන්නඩි දෙක ගලවලා අතට ගත්ත..

"පුතා ඇත්තටම මිස්ටර් කිම්ට මාත් එක්ක තව ලෝයර් කෙනෙක් හිටියා.. පුතාට මතක නැතුව ඇති පොඩි හින්දා එයා ගොඩක් ඔෆිස් එකේ හිටියේ, ඒත් අදටත් මට හම්බුනේ නෑ එයාව... මිස්ටර් කිම්ලා නැති උනාට පස්සෙ මන් කවදාවත් එයාව දැක්කේ නෑ.."

"අන්කල් එයාව සැකද.."

"එහෙම සැක කරන්න වරදක් තිබ්බේ නෑ.. මගෙත් එක්කත් හොදට හිටියා , මිස්ටර් කිම්ටත් ගොඩක් හිතවත් , පුතා දන්නවානේ මිස්ටර් කිම් ආවාට ගියාට කාවවත් ගන්නේ නෑ කියලා.."

"එතකොට අන්කල්ට මුකුත් හිතාගන්න බැරිද..."

නම්ජූන් ඇහුවේ ඒ වැඩෙත් වැඩක් නෑ කියලා හිතන ගමන්..

" මන් ගිහින් පරන ඔක්කොම චෙක් කරන්නම් , කරලා ආයෙත් හම්බෙන්න එන්නම් . ඒත් කන්ව හොයාගන්න පුලුවන්නම් වැඩක් වෙයි කියලා මට හිතෙනවා..'

"කන්..?"

"අනිත් ලෝයර්.."

ශින් ඉදන් හිටපු තැනින් නැගිටින ගමන් කීවා..

"මන් ගිහින් එන්නම්.."

නම්ජූන්ට ඔලුව නවලා ආචාර කරන කරන ගමන් කීව ශින් දොරත් ඇරන් එලියට ආවා.. නම්ජූන් අතේ තිබ්බ පෑන මේසේ උඩිත් තියලා ජනේලේ ගාවට ආවා..

"ජියෝන්..ජියෝන්.. උබ මැරිලත් උබේ ඉතුරු එවුනුත් මට කරදරයක් වෙලා .."

අත් දෙක මිටිමොලවන ගමන් කීව නම්ජූන් මාස්ක් එකත් දාගෙන එලියට ආවෙ පෝන් එකත් කනේ තියාගෙන..

-"මාක්.. හිටපු ලෝයර් කන් ගැන ඔක්කොම ඩීටේල්ස් ඕනේ අද හවස් වෙනකොට... ඉන්නවද නැද්ද ඉන්නවානම් මොකද උනේ කොහෙද ඉන්නේ කියලත් ඔක්කොම හොයන්න.."

පෝන් එක කට් කරපු නම්ජූන් එහෙමම කිචන් එකට ගියා.. කෑම හදන ගමන් හිටිය ජින්ගෙත් නලල ඉබලා එලියට ආවේ රෑට එන්නත් පරක්කු වෙනවා කියලා කියාගෙනමයි..

.

.

.

.

ජන්කුක් ගුකීවත් එක්කන් අද රෑ හත විතර වෙනකොට ගෙදරට ආවා.. බයික් එකත් නවත්තල් හෙල්මට් දෙකත් අරගෙන අනිත් අතෙන් සාකුවෙන් යතුරත් අරගෙන දොරට දැම්මත් යතුර දාන ටිකට දොර නිකන්ම තල්ලු උනේ දොර ඇරලා තියෙන්නේ කියලා ජන්කුක්ට තේරුම් කරවන ගමන්... ජන්කුක්ගේ හිත බයෙන් ගැහුනා, හෙල්මට් දෙක දොර ගාවම බිමින් තියපු ජන්කුක් ගුකීව වඩාගෙන තුරුල් කරගත්ත..

"කවුද ඇතුලේ.."

ජන්කුක් හෙමින් ඇහුවා, කිසිම ලයිට් එක්ක්වත් දාලා නැතුව කලුවරේ තිබ්බ හින්දා ජන්කුක් තව ටිකක් බය උනා.. එතනින්ම ලයිට් ටිකත් දාගෙන ඇතුලට එනකොට සම්පූර්ණයෙන් කලු ඇදගත්තු තුන් දෙනෙක් ලිවින් රූම් එකේ හිටගෙන හිටියා.. ජන්කුක් ඇතුලට එනකොටම තුන් දෙනා ඔලුව නැමුවා..

"සර්ට පණිවිඩේ හම්බෙන්න ඇති, අපිට දරුවා ඕනේ.."

එක පාරටම එහෙම කීවම ජන්කුක්ගේ අත් දෙක මිටි මෙල උනා.. ඔව් ජන්කුක්ට සතියකට විතර කලින් ආයෙත් ලියුමක් හම්බුනා...ඒ හින්දා මේ ටිකේ පුලුවන් උපරිම විදියට ගුකී ළඟ පාතම ඉන්න ජන්කුක් උත්සහ කරා..

ගුකී තවත් බයෙන් ජන්කුක්ගේ බෙල්ල අස්සේ ඔලුව ගහගත්තා..ජන්කුක් එහෙමම අතින් සන් කරලා උඩ තට්ටුවට යන්න පඩිපෙල නැග්ගා..උඩට නැගලා කාමරේට ගිහින් බයවෙලා ඉන්න ගුකීව ඇද උඩින් තිබ්බ..

"මැණික පපා එනකන් ඇද උඩටම වෙලා ඉන්න හොදද.. කොහෙවත්ම යන් නැතුව ඉන්න, මන් අර අන්කල්ලට කතා කරලා එන්නම්.."

කියලා ජන්කුක් නැගිටින්න හැදුවත් ගුකී ජන්කුක්ගේ ශර්ට් එකේ කොනත් පුන්චු අත් වලින් ගුලි කරගෙන හිටියා..

"පපාවත් අලන් යයි නපුරු අන්කල්ලා...මාත් එනෝ.."

ගුකී චූටි කටහඩින් එහෙම කීවම ජන්කුක් ආයෙත් බිමට පාත් උනා.

"ගුකීගේ පපා ස්ට්‍රෝන්ග්නේ එහෙම අරන් යන්න බෑ.. ඒ හින්දා මගේ පැටියා පපා එනකන් හොද ලමයා වගේ මේක බොන්නා.. හොද්ද.."

බෑග් එකේ තිබ්බ මිල්ක් එක්කුත් ගුකීගෙ අතින් තියලා චූටි ඔලුව ඉබපු ජන්කුක් එලියට එන්න කලින් ආයෙත් ගුකීව තුරුල් කර ගත්තා... ගොඩාක් තදින් තුරුල් කරගෙන ආයෙත් ඔලුව ඉබලා දොරත් වහගෙන එලියට ආවා.. පහලට ඇවිත් අර තුන් දෙනා ඉස්සරහින් හිටගත්තු ජන්කුක් රවාගෙනම ඒ මාක්ස් අස්සෙන් පේන ඇස් දිහා බැලුවා..

"දරුවව කාටවත් දෙන් නෑ.. මගෙ දරුවව මන් මොකටද නිකන් තමුන්ලා අතට දෙන්නේ .."

"ඒ උනාට සර් අපිට අරන් යන්න වෙනවා... අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන් නැතුව පැත්තකට වෙන්න..'

කියලා තුන් දෙනා ලෑස්ති උනේ උඩට නගින්න..ජන්කුක් ඉක්මනට දුවගෙන ඇවිත් පඩිපෙල ඉස්සරහින් හිටගත්තා..

" මොකක්ද යකෝ අනවශ්‍ය ප්‍රශ්නේ... මගේ දරුවව මට කොහොමද අනවශ්‍ය දෙයක් වෙන්නේ.. එකෙන් උඩට යන්න යන් නෑ මෙතනින්.."

ජන්කුක් දත්මිටි කාගෙන කෑ ගහනකොට එකෙක් ජන්කුක්ගේ අතින් ඇදලා පැත්තකට දැම්මා..ජන්කුක් අමාරුවෙන් අත්වැට අල්ලගෙන වැටෙන් නැතුව රැදිලා කකුල දික් කරලා අර මනුස්සයට පයින් එකක් ගැහුවා..

"දරුවා සර්ගේ නෙවෙයිනේ, ඒ හින්දා මෙතන අපේ වැඩේ අපිට කරගන්න දෙන්න.."

"තොපි ඔක්කොම මරනවා දැනගනිල්ලා, මගේ යකා අවුස්සගන්න එපා පලයල්ලා මෙතනින්.."

කාමරේ යතුර තව ටිකක් සාක්කුව ඇතුලට දාගන්න ගමන් ජන්කුක් උඩට අඩිය තිබ්බ මනුස්සයව තල්ලු කරා, ඒ මනුස්සයාගෙ එක ඉගියකින් අනිත් දෙන්න පිටිපස්සෙන් ඇවිත් ජන්කුක්ගේ අත් දෙක ඇදලා පිටිපස්සට කරලා තද කරලා අල්ලගත්තා..

"අතෑරපන් මාව.. අතෑරපන් යකෝ .. අයින් වෙයන් උඩට යන්න එපා.. මගෙ දරුවව අරන් යන්න බෑ උබලට.. උබලා මෙච්චරකල් කොහෙද හිටියේ.. මගෙ දරුවව අල්ලන්නවත් එපා.."

අර මනුස්සයා උඩට නගිනකොට ජන්කුක් දගල දගල කෑ ගැහුවා.. ඇස් දෙකෙන් කදුලු වැක්කෙරෙනකොට කොහොම හරි උඩට දුවන්න හැදුවා..ජන්කුක්ගේ දරුවා නෙවෙයි තමයි .. ඒත් ඇයි..ඇයි මෙච්චරකල් කොහෙද හිටියේ.. එදා නැතුව අද අරන් යන්නේ ඇයි... ජන්කුක් කෑ ගහලා ඇඩුවා... පිටිපස්සෙන් ඉන්න දෙන්නට කකුලෙන් ගහ ගහ දැගලුවා..

සැර සුවදත් එක්ක ජන්කුක්ට දැනුනේ එයාගේ ඇස් පියවෙනව විතරයි.. ලාවට පියවෙන ඇස් අතරින් ගුකී හිටපු කාමරේ දොර ඇරෙනවා අන්තිමට ජන්කුක් දැක්කා..

.

.

.

.

.

ජන්කුක් අමාරුවෙන් ඇස් දෙක අරින්න හැදුවා.. තද ඔලුවේ කැක්කුමක් එක්ක ඇස් පිහාටු එකට ඇලිලා වගේ තිබ්බේ .. කොහොම හරි අමාරුවෙන් ඇස් දෙක අරිනකොට හැමතැනම කලුවර හින්දා ඉන්නෙ කොහෙද කියලා නොපෙනුනත් බිම ටයිල් පොලවේ ඉන්නේ කියලා තේරුනා..

අමාරුවෙන් අත දික් කරලා එහාට මෙහාට කරලා අහු උන අත් වැට අල්ලගත්ත ජන්කුක් උඩට ඉස්සුනා... එක පාරටම මතක් උන ජන්කුක් ඔලුවත් අල්ලගැන පඩිපෙල දිගේ දුවගෙන ගියා , බාගෙට ඇරිලා තිබ්බ දොරෙන් ඇතුලට ගියේ එයා බලාපොරොත්තු උන දේ නම් වෙලා තියෙන්න එපා කියලා ප්‍රාර්තනා කරන ගමන්..

නෑ.. ගුකී ඇතුලේ හිටියේ නෑ.. ජන්කුක් හැමතැනම බැලුවා, ඇද යට අනිත් කාමර වල , පහල සෝෆා එක යට ඉදන් හැම තැනකම ජන්කුක් කදුලු පෙර පෙර දිව්වා.. ඒත් ඒ කිසිම තැනක ගුකී හිටියේ නෑ .. ජන්කුක්ගේ ගුකී අරන් ගිහින්.. ඒ පුන්චි අහින්සක දරුවව ජන්කුක්ගෙන් උදුරන් ගිහින් , ජන්කුක්ගෙ එකම බලාපොරොත්තුව , ජන්කුක්ගේ පණ ටික.. ජන්කුක් ඉන්න තැනම බිම වැටිලා ඇඩුවා කකුල් දෙක අස්සේ ඔලුව ගහගෙන ඇඩුවා..

.

.

.

.

ටේහ්‍යොන්ග් උදේ කම්පැනි එකට ආවත් ජන්කුක් උදේවත් දවල් වෙනකන්වත් ආවෙ නෑ.. ආයෙත් චෙක් කරත් මේල්ස් මුකුත් ඇවිත් තිබ්බෙත් නෑ..

"බොස්..."

පෝල් දොරට තට්ටු කරලා ඇතුලට ආවා..

"මුකුත් නෑ කියන්න නම් ආවෙ පලයන් .."

"නෑ බොස් ජියෝන් සර්ගේ ගෙදරින් රෑ කලු පාට වාහනයක් එලියට ගියා.. ගෙදර දොරත් වහලා ආයෙත් මේ වෙනකන්වත් කවුරුත් ගෙදරින් එලියට ඇවිත් නෑ.."

පෝල් කියනකොට ටේහ්‍යොන්ග් විශ්වාස කරන්න බැරි බැල්මක් දැම්ම..

"මේ ෆොටෝස්.."

ආයෙත් ටැබ් එක අරන් පෙන්නපු පෝල් එලියට ගියා..

"උබව එකම එක පාරක් හරි විශ්වාස කරන්න හිතුව මටයි වැරදුනේ.. උබ මාව රවට්ටන්න.. බලමු.."

දත් මිටි කාගෙන තමන්ටම කියාගත්තු ටේහ්‍යොන්ග් ටැබ් එක පැත්තකින් තිබ්බ.. ජන්කුක් ඉන්න තත්වේ නොදැන , ලොකු වයිරයක් ආයෙත් ටේහ්‍යොන්ග් හිතේ ඇති කරගත්ත...

.

.


.


.


***************************

_____________________Dark_Sunshiner🤍🥀

Thank for reading....❤️

To be Continued....

2022/10/30


Bạn đang đọc truyện trên: AzTruyen.Top