|23|
"ජූන් ..මොකක්ද ප්රශ්නේ කියලා මට කියන්න දෙයියනේ.. ඔයා ඕම කල්පනා කරාට මම දැනගන්නේ කොහොමද කියන්නකෝ..."
ඔහේ කල්පනා කරන නම්ජූන් ගවට වෙලා ජින් කෙදිරි ගාන්න ගත්තේ , මේ ටිකේම නම්ජූන් මෙහෙම මූන් එල්ලන් ඉන්න හින්දා..
"ටේ බෙයා එක්ක රන්ඩු උනාද අයේ..."
" එයා ආයෙත් පරණ විදියටම පිස්සු නටනවා ජිනී..."
නම්ජුන් කලකිරුනු කටහඩකින් කියන්කොට ජින් ඇද උඩින් කකුල් දෙක උඩ වාඩි උනා..
" ඒ කීවේ..."
" නිශා ගැන විස්තරයක් නෑ කියලා.."
" දැන් අර පොටෝ ගැන මොකද.."
ජින් අහනකොට ආයෙත් නම්ජූන් ආයෙත් අනිත් පැත්ත බලාගත්තා..
" ජන්කුක් එක්ක තියන සම්බන්ධේ මොකක්ද ටේගේ...?"
එක පාරට එහෙම අහනකොට ජින් ටිකක් කල්පනා කරා..
"ඇයි .. එක පාරට එහෙම ඇහුවේ..."
"අහන දේට උත්තර දෙන්න ජිනී.. දෙයක් ඇහුවම ආයෙත් ප්රශ්නෙකින්ම උත්තර දෙන් නැතුව..."
ටිකක් තරහෙන් නම්ජූන් කීවා..
"ජන්කුක් ටේගෙ සෙකට්රිනේ.."
ජින් හොරෙන් බලන ගමන් කියනකොට නම්ජූන් ජින් දිහා රවලා බැලුවා..
"ඒක නම් මාත් දන්නවා..ඒක නෙවෙයි මම ඇහුවේ කියලා ඔයා දන්නවනේ.."
"ඉතින් .. වෙන මුකුත් සම්බන්දයක් නෑනේ.. මන් දන් නෑ.."
"ඔව් .. මමනේ දන්නේ ඒක.."
නම්ජූන් තරහෙන් කියනකොට ජින් බිම බලාගත්තා..
"ඒක මොකක් උනත් , මොන සම්බන්ධයක් උනත් ඒක නතර වෙන්න ඕනේ.."
නම්ජූන් තද විදියට කියනකොට ජින් බය උනා ජන්කුක්ට කරදරයක් වෙයි කියලා..
"ජන්කුක් අහින්සක ලමයෙක් ජූන්.. එයාට කරදරයක් නම් කරන්න එපා.. අනික එයාලා අතරේ එහෙම මුකුත් සම්බන්දයක් නෑ.. ටේ නිශා ගැන හිත හිත එහෙම දෙයක් තියාගනීද.."
නම්ජූන්ගේ ඇස් මග ඇර ඇර ජින් කතා කරේ එදා බීච් එකේ කිස් කරපු එක නම්ජූන් දැක්කද කියලවත් කල්පනා කර කර.. ඒත්.. නෑ නම්ජූන් ඇදේනේ හිටියේ ජින් බැල්කනියට වෙලා හොරගල් අහුලනකොට... ඒ උනාට නම්ජූන් කියන්නේ කවුද කියලා ජින් කොහොමද අමතක කරන්නේ..
"ඔයා මට මිනිස්සුන්ගේ අහින්සක කම ගැන උගන්නන්න ඕනෙ නෑ.. මම හොදට දන්නවා මිනිස්සු හැරෙනකොට.. මට වැඩක් තියෙන්නේ මගේ ටේ විතරයි.. එතනින් එහාට මොකා කොහොම උනත් මට වැඩක් නෑ.."
දත්මිටි කන ගමන් නම්ජූන් කියනකොට ,ජින් නම්ජූන්ගේ අත අල්ලගත්තා..
"ශ්..ශ්.. තරහ ගන්න එපා මාත් එක්ක.. අපි නිදාගමු දැන් ගොඩක් රෑ වෙලා.."
ඇලවෙලා ඉන්න නම්ජූන්ගේ පපුවට තුරුල් වෙන ගමන් ජින් කියනකොට නම්ජූනුත් හුස්මක් පාත දාලා ජින්ව තුරුල් කරගෙන අනිත් අත නවලා ඔලුව යටින් තියා ගත්තා..
.
.
.
.
.
.
" නම්බර් එක.."
"බොස්..."
"නම්බර් එක කියපන් ..."
"බො..බොස් ඒත්.."
පෝල් කතා කරනකොට ටේහ්යොන්ග් ඇස් දෙකත් රතු කරගෙන පුටුවෙන් නැගිට්ටා..
"ඉස්සල්ලම කියපන් .. උබ ඉන්නේ කා ගාවද කියලා..."
"බොස් ගාව..."
"එහෙනම් උබ වැඩ කරන්න ඕනේ කාටද.."
ටේහ්යොන්ග් ඉවසීමෙන් අහනකොට පෝල් බිම බලාගත්ත..
"උත්තර දීපන් .."
"බො..බොස්ට.."
"එහෙනම් දැන් තෝ මන් අහන ඒවට උත්තර දෙන් නැත්තේ මොකද... කියපන් නම්බර් එක වාහනේ.."
"ඒත්.. බො.. බොස්.."
ටේහ්යොන් අතේ තිබ්බ පෝන් එක පොලවේ ගැහුවා..
"උබ ඉස්සරහ මන් මෙහෙම බැගෑපත් වෙන්න ඕනෙද කියපන් .. උබ හොදටම දන්නවා මගේ ඉවසීම.. "
"ඒත්.. අපේ බො.."
"පලයන් උබේ බොස් ගාවටම.. ආයේ මට පේන්න එන්න එපා උබ මරනවා.."
පුටුවටත් පයින් එකක් ගහපූ ටේහ්යොන්ග් ඇවිදගෙන ග්ලාස් වෝල් එක ගාවට ගියා..
"තව මොනවද බලන් ඉන්නේ.. පලයන් මෙතනින්.."
පිටිපස්සවත් නොබලා ටේහ්යොන්ග් කෑ ගහනකොට පෝල් ටේහ්යොන්ග්ට ඔලුව නවලා ඉක්මනට එලියට ගියා.. එලියට එනකොටම හම්බුනේ ජන්කුක්ව... ජන්කුක්ටත් ඔලුව නවලා ඉක්මනට පෝල් එලිවේටර් එක ගාවට ඇවිදගෙන ගියා...
.
.
.
.
.
.
ටේහ්යොන්ග්ට නම්ජූන් ගැනත් තරහයි.. එදා කෑ ගහලා ගියත් , අද වෙනකන් ටේහ්යොන්ග් ගැන හොයන එකවත් , ඒ වැඩ වලට ඇගිලි ගහන් එකවත් නම්ජූන් නවත්තලා තිබ්බේ නෑ.. හැබැයි යම්තාක් දුරකට , එදයින් පස්සෙ නම්ජූන්වත් ජින්වත් ටේහ්යොන්ග්ට කතා කරේ නෑ... ටේහ්යොන්ග්ට දුක හිතුනේ ජින්වත් අඩුම ටේහ්යොන්ග්ට කතා කරපු නැති එක.. ටේහ්යොන්ග්ට කෑමවත් එවන් නෑ..
ජින් කොච්චර උත්සහ කරත් නම්ජූන් ඒකට ඉඩ දුන්නේ නෑ.. මොකද නම්ජූන්ට ඕනෙ උනා ටේහ්යොන්ග්ට තේරුම් කරන්න , ටේහ්යොන්ග් හිතාගෙන ඉන්න හැමදේම නෙවෙයී ජීවිතේ කියලා..
ටේහ්යොන්ග්ට පුදුම දුකක් තිබ්බේ.. නිශා ගැන හොයන හැම වතාවෙම එයා අසාර්තක වෙනවා.. කොහෙන් හරි මොක්කින් හරි නතර වෙනවා වැඩේ.. නම්ජූන් මේකට මෙච්චර නරක විදියට ප්රතිචාර දක්වයි කියලා ටේහ්යොන්ග් කවදාවත් හිතුවේ නෑ..
එලිය බලාගෙන කල්පනා කර කර හිටපු ටේහ්යොන්ග් හැරුනේ පිටිපස්සෙන් ඇහුන සද්දෙට..
ජන්කුක් කැබින් එක ඇතුලට ඇවිත් ටේහ්යොන්ග් පොලවේ ගහලා තිබ්බ පෝන් එක අහුලල මේසේ උඩින් තිබ්බා.. බිම විසිරිලා තිබ්බ කොල ටික බිම නැමිලා අහුලන සද්දෙටයි ටේහ්යොන්ග් හැරුනේ..
ටේහ්යොන්ග්ට වෙනදා වගේ තරහා ගියේ නෑ.. ඒ මූන දැක්කම අමුතු සැනසීමක් දැනුනේ.. ටේහ්යොන්ග් එහෙමම ඇවිත් සෝෆා එකේ ඉද ගත්තා.. ඉද ගෙන එලිය බලාගෙන කල්පනා කර කර හිටියේ මොකක්ද කරන්නේ කියලා...
ජන්කුක් හරහට වැටිලා තිබ්බ පුටුවත් උස්සලා අරන් ආව ෆයිල් ටික මේසේ උඩින් තිබ්බා.. ආයෙත් එලියට ගිහින් ෆ්රිජ් එකෙන් ස්ටෝබෙරි මිල්ක් එකක් අරන් ආව ජන්කුක් ටේහ්යොන්ගේ පිටිපස්සෙන් ගිහින් ටේහ්යොන්ගේ මූන ඉස්සරහට ඒක දික් කරා..
"මේක බොන්න කූල් වෙන්න.."
සෙල්ලක්කාර කටහඩකින් කියන ගමන් ජන්කුක් මිල්ක් එක ටේහ්යොන්ගේ අතට දික් කරා..
ටේහ්යොන්ගේ මූනේ නොදැනුවත්වම හිනාවක් ඇති උනා ජන්කුක්ගේ මේ හුරතල් වැඩ වලට... මිල්ක් එක තිබ්බ ජන්කුක්ගේ අතින්ම අල්ලලා වටෙන් අරන් ජන්කුක්ව ටේහ්යොන්ගේ එහා පැත්තෙන් වාඩි කර ගත්තා.. වාඩි කරගත්තත් අත අතාරින් නැතුවා ටේහ්යොන්ග් ජන්කුක්ගේ හුරතල් මූන දිහා බලන් හිටියා..
"ආහ්.. මේක බොන්න..."
ලැජ්ජාවෙන් කන් දෙකත් රතු කරන් ජන්කුක් තමන්ගේ අත ටේහ්යොන්ගේ අතින් මුදවගත්තා..
"ජියෝන් ඇයි .. මේ වෙලාවේ.."
"මන් ෆයිල් ටික තියන්න ආවේ.. තාම ජින් හ්යුන්ග් කෑම එක එව්වේ නෑ.."
ජන්කුක් කියනකොට ටේහ්යොන්ග් ආයෙත් ඉස්සරහ බලාගෙන මිල්ක් එකෙන් උගුරක් බීවා..
"කෑම එවන එකක් නෑ .. ඒ හින්දා ඒක බලන්න ඕන නෑ.."
"ඇයි ඒ.. ඊයෙත් නෑනේ..."
ජන්කුක් ආයෙත් කීවාම ටේහ්යොන්ග් සද්ද නැතුවම හිටියා.. ටේහ්යොන්ග් පිටින් වැඩිය කෑම ගන්නෙත් නෑ කියලා ජන්කුක් දැනගෙන හිටියා... ඒත් නොවරදවා අනිවාරෙන් ජින් කෑම එක එවනවා උනත් මේ ටිකේ හම්බුන් නෑ... ජන්කුක්ට පවුලේ දේවල් ගැන හොයන්න බැරි හින්ද සද්ද නැතුව හිටියා..
" දැන් යන්න.. මගෙ ඔලුවත් රිදෙනවා.. ටිකකින් මං අර ටික බලන්නම්..."
මිල්ක් එක ස්ටූල් එක උඩින් තියලා ටේහ්යොන්ග් කියනකොට , ජන්කුක් ටේහ්යොන්ගේ වෙහෙසකර මූන දිහා බැලුවා.. බර උන ඇස් දෙක එක්ක වෙහෙස පාටක් ටේහ්යොන්ගෙන් පේන්න තිබ්බා...ජන්කුක් නැගිටලා සෝෆා එකෙන් දණහිස නවලා ටේහ්යොන්ගේ කෙස් අතරින් ඇගිලි යැව්වා...
එක පාරට උන දේත් එක්ක ටේහ්යොන්ග් ගැස්සිලා ජන්කුක් දිහා බැලුවත් ජන්කුක් ඒකට අවධානය දෙන්නෙ නැතුව ටේහ්යොන්ගේ ඔලුව අතගෑවා... දැනෙන සනීපෙත් එක්ක ටේහ්යොන්ග් ඇස් දෙක පියාගත්තා..
ජන්කුක් ඇගිලි යවන පැත්තට ඔලුව වැනෙන ටේහ්යොන්ගේ ඔලුව එයාගේ බඩට හේත්තු කරගෙන දිගටම අතගෑවා..
ටේහ්යොන්ග් ඈත් වෙන් නැතුවම තව ටිකක් ජන්කුක්ගේ බඩට ඔලුව තද කර ගත්තා... ජන්කුක්ට ලාවට හොරෙන් හිනාවක් ගියේ මේ නපුරු ටේහ්යොන්ගේ හුරතල් වැඩ වලට...
ඒ අතරේ ජන්කුක්ගෙ හිත නම් පිනුම් ගහන ගමන් තිබ්බේ... තමන් ආදරේ කරන කෙනා මෙහෙම ඉන්නකොට කාටද සතුටු නැත්තේ... ජන්කුක් දන්නවා එයා වැරැද්දක් කරන්නේ කියලා.. ඒත් එයාගේ හිතට දැනෙන අහින්සක හැගීමට මුල් තැනක් දෙන්න ජන්කුක් තීරණේ කරලා ඉවරයි... අවසානය මොකක් උනත් ඒකට මූන දෙන්න ජන්කුක් හිත හදන් ඉවරයි... ඒකයි බය නැතුව ටේහ්යොන්ග් ළඟ මෙහෙම හැසිරෙන්නේ....
ටිකකින් ටේහ්යොන්ග්ට නින්ද ගියා වගේ දැනෙනකොට ජන්කුක් පරිස්සමට ටේහ්යොන්ගේ ඔලුව සෝෆා එකේ පිටිපස්සට හේත්තු කරා.. කරලා හෙමින් සැරේ කැබින් එකෙන් එලියට ඇවිත් තමන්ගේ කැබින් එකට ගිය ජන්කුක් බොක්ස් එකක් අරගෙන ආයෙත් ටේහ්යොන්ගේ කැබින් එක ඇතුලට ආවා..
ටේහ්යොන්ගේ මේසෙන් ස්ටික් නෝට් එකක් ලියලා ඒක බොක්ස් එකේ අලවලා , ටේහ්යොන්ග් ඉස්සරහින් ස්ටූල් එකෙන් තිබ්බ ජන්කුක් තාමත් ඇස් පියන් ඉන්න ටේහ්යොන්ග් දිහා බැලුවා...
හෙමීට ටේහ්යොන්ග් ලගට ලන් වෙලා පිය උන ඇස් දෙක ඉස්සරහින් අත එහෙට මෙහෙට කරපු ජන්කුක් වෙනසක් තියනවද කියලා බලන් හිටියා.. වෙනසක් නෑ කියලා දැක්ක ගමන් හෙමීට ටේහ්යොන්ග්ට එහා පැත්තෙන් වාඩි වෙලා ටේහ්යොන්ගේ මූන ලගට ලන් උනා...
ටේහ්යොන්ගේ තොල් වලට එහයින් කම්මුලකින් තමන්ගේ තොල් දෙක තියපු ජන්කුක් එයාට ඇතියි කියලා හිතෙන ටික වෙලාවක් ආදරණීය හාදුවක් ටේහ්යොන්ග්ට දුන්නා... ටිකකින් තොල් අහකට අරන් ටේහ්යොන්ගේ ලස්සන මූන පුරා ඇස් යැව්ව ජන්කුක් ටේහ්යොන්ගේ කන ලගට ලන් උනා...
" මොන දේ උනත්.. මම ගොඩාක් ආදරෙයි... මමවත් දන් නෑ මේ ඇයි කියලා.. ඒත් මම ආදරෙයි ..."
ඇහෙන නොඇහෙන ගානට ලස්සන හීනී කටහඩකින් කොදුරපු ජන්කුක් , ටේහ්යොන්ගේ නලලිනුත් ආයෙත් හාදුවක් තියලා එලියට ඇවිදගෙන ආවා...
.
.
.
.
.
.
.
ලාවට දොර වැහෙනවත් එක්කම ඇස් ඇරපු ටේහ්යොන්ග් තමන්ගේ කම්මුල එක අතකින් ලාවට අතගෑවා... ඇස් දෙක තද කරලා ඇරපු ටේහ්යොන්ග් ඉස්සරහ තිබ්බ බොක්ස් එකත් එක්ක චූටි ස්ටික් නෝට් එක අතට ගත්තා...
"අනිවාරෙන් ... ඔක්කොම කන්න ඕන..."
ඇස් දෙක ඉරක් කරන් ඉන්න මූනකුත් එක්ක ජන්කුක් ලියලා තිබ්බා..
" ඕනවට වඩා මට බැදෙන්නත් එපා ... ඔයා වගේම මමත් මොනා වෙයිද කියලා දන්නේ නෑ..."
හුස්මක් පිට කරන ගමන් ලන්ච් බොක්ස් එකට මුමුණපු ටේහ්යොන්ග් පියන ඇරියේ ඇති වෙච්ච පුන්චි සතුටත් එක්ක...
.
.
.
.
.
.
.
******************
_________________________Dark_Sunshiner 🤍🥀
.
🙂
.
Thanks for reading ...♥️
To be Continued ....
2022/10/20
Bạn đang đọc truyện trên: AzTruyen.Top