|15|

" සර්.. එතකොට මම මේ පාටි එකට එන්නම ඕනද...?"

ටේහ්‍යොන්ගේ කැබින් එක ඇතුලේ , සෝෆා එකේ වාඩි වෙලා ඉන්න ටේහ්‍යොන්ග් ඉස්සරහ ජන්කුක් හිටගෙන හිටියා..

කිම් කම්පනි එකත් එක්ක පාර්ට්නර්ශිප් එක තියන ඔක්කොම කම්පැනීස් එක්ක ඇනුවල් තියන බිස්නස් පාටි එකට ජන්කුක්ට ටේහ්‍යොන්ග් එන්න කීව ... මීට කලිනුත් කම්පැනි එකේ සමහර එම්ප්ලෝයිලා ගියත් ජන්කුක් කවදාවත් යන් නෑ... ජන්කුක් එච්චර ඉහල නිලයක් තිබ්බ කෙනෙක් නෙවේනෙ..

" ඇයි .. දැන් එන්න බෑ කියලද කියන්නෙ .. මෙතන දැන් තීරණ ගන්නෙ මමද .. තමුන්ද.."

ඇහි බැමක් උස්සලා ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් යටි තොල හපාගත්තා..

" ඒත් .. සර් මම කලින් ඒ පාටි එකට ගිහින් නෑ සර්..."

" දැන් මම කලින් ගිහින් තියනවද කියලා ඇහුවද...?"

" න්.. නෑ.. සර් ඒත් මම යන එක.."

" ඇයි ජියෝන් මගෙ සෙකට්‍රි ..ඉතින් තමුන් එන්න ඕනෙ .. ආයෙ මන් කතා කරන් නෑ හෙට හවසට ලෑස්ති වෙලා ඉන්න..."

කියලා ටේහ්‍යොන්ග් ඇවිත් තමන්ගෙ පුටුවෙන් වාඩි උනේ තමන්ටම බැන ගන්න ගමන් .. ඇයි මනුස්සයෙක් ඉස්සරහ මෙච්චර කියවන්න උනාමයි .. ඒකත් පාටියකට අරන් යන්න..

ඒ අතරේ ජන්කුක් ටේහ්‍යොන්ග්ට ආචාර කරලා එලියට ආවෙ මේ මල සමයන් වලට එයාටත් යන්න උනානෙ කියලා හිතන ගමන් ..

.

.

.

හවසම ගුකීව කිම් මැන්ශන් එකට ගෙනිහින් දුන්න ජන්කුක් දැන් හිටියේ ගෙදර ලෑස්ති වෙන ගමන් .. හෝසොක් ගාව නවත්තන්න හැදුවත් අද රෑ නයිට් ඩියුටි එකක් වැටිලා හින්දා ජන්කුක්ට ගුකීව ජින් හ්‍යුන්ග් ලග නවත්තන්න උනා.. ජින් දැන් ජන්කුක්ගෙ සහෝදරයා වගේ .. දවස් දෙකකට සැරයක්වත් කතා කරලා ජන්කුක්ලා ගැන හොයලා බලන්න ජින් අමතක කරේ නෑ.. ජින් එහෙම කරන්න හේතුවක් නොදන්නවා උනත් , ජන්කුක් ඒකට කැමති උනා.. ආදරේ විදින්න ජන්කුක් ගොඩක් කැමති උනා... ජින්ට ජන්කුක්වයි ගුකීවයි දෙන්නවම පෙනුනේ තාමත් පොඩි උන් දෙන්නෙක් විදියට තමයි ... ටිකක් පරිණත විදියට ඉන්න උත්සහ කරාට කොහෙන් හරි හුරතල් ගතියත් තාමත් එලියට පැන්න...

ජන්කුක් තනි සුදු පාට කිට් එකක්ම ඇදලා හිටියා.. එහෙම අදින එක හරිද කියලා හිතුවත් වැදගත් විදියට යන්න ඕනෙ කියලා ජන්කුක්ට හිතුනා... ලිප් බාම් ටිකක් තොල් වල ගාගත්ත ජන්කුක් ටිකක් දිගට තිබ්බ කොන්ඩෙ ජෙල් ටිකක් ගාලා උඩට හදාගත්තා... කන්නාඩියෙන් තමන් දිහා බලන් හිටිය ජන්කුක්ට මේක ටිකක් වැඩීද කියලා හිතුනත් ආයෙත් වෙනස් වෙන්න කලින් එලියේ හෝන් එකක් ගහන සද්දයක් ඇහුනා..

ඉක්මනට කෝට් එක අතකට දාගෙන පෝන් එකත් අතට අරන් එලිඅයට ආපු ජන්කුක් දොර වැහුවම දැක්කෙ ගේට් එක ගාව වාහනයක් නවත්තලා තියෙනවා.. ඒක ටේහ්‍යොන්ගේ වාහනේ නෙවෙයි .. ජන්කුක් ලන් උනාම ජන්කුක්ට පිටිපස්සෙ දොර ඇරලා දුන්න ඩ්‍රයිවර් ,ජන්කුක් නැග්ගම ඉස්සරහින් නැගලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා..

වාහනේ කම්පැනි එක ගාව නැවැත්තුවම , ඩ්‍රයිවර් කීවෙ සර් එනකන් එලියට වෙලා ඉන්න කියලා... වාහනෙන් එලියට බැස්ස ජන්කුක් පෝන් එක දිහා බලන් හිටියේ ටේහ්‍යොන්ග් එනකන් ..

.

.
කම්පැනි එකේ තිබ්බ වැඩත් ඉවර කරලා ටේහ්‍යොන්ග් එලියට ආවෙ පාටි එකට යන්න.. එලිවේටර් එකෙන් බැහැලා පාකින් ලොට් එක ඇතුලට යනකොට ටේහ්‍යොන්ග් දැක්කෙ තනි සුදු පාට ඇපු කෙනෙක් එයාට පිටිපස්ස හරවලා ඉන්නවා..

ටේහ්‍යොන්ගේ අඩි සද්දෙට පිටිපස්ස හැරුණ ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ කටත් ඇරගෙන.. මේ හැමදාම වැඩට එන ජන්කුක්මද... වෙනසක් නෑ කොහොමත් ජන්කුක් ලස්සනයි .. අද කිරි පාට හමට සුදු පාටත් එක්ක තනිකරම ඒන්ජල් කෙනෙක් වගේ... ඒ තොල් .. ලා රෝස පාටයි.. ලිප් බාම් හින්දා පිම්බිච්ච තොල් ටිකක් දිලිසෙනවා..

ටේහ්‍යොන්ග් හරි සිහියට ආවෙ අහින්සකව බෝල ඇස් දෙකෙන් එයා දිහා බලාගෙන .."සර්.." කියලා ජන්කුක් කතා කරපු හින්දා..

" අහ්.. ජියෝන් නගින්න වාහනේට... "

ඇස් පිය ගහලා කියපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව පහු කරගෙන වාහනේ පිටිපස්සට නැග්ගා.. පැසෙන්ජර් ශීට් එකේ පෝල් වාඩි වෙලා හිටියා.. ඒ හින්දා ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවින්ම පිටිපස්සෙන් නැගලා ඉදගත්තා..

_______________

හොටෙල් එකේ අන්ඩර්ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ පාටි එක ඇරේන්ජ් කරලා තිබ්බේ... එලිවේටර් එකෙන් එලියට බැස්ස ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක ඇතුලට ගියා..

ස්ලෝ මෝශන් එකෙන් ඇහෙන මියුසික් එක්කුත් එක්ක හැමතැනම පොඩි උස ටේබල් වටේට කට්ටිය වීදුරු තොල ගාන ගමන් කතා කර කර හිටියා.. ජන්කුක් අපහසුවෙන් හිටියේ , කවදාවත් නැතුව ගහෙන් ගෙඩි එන්නා වගේ මේ වගේ තැනකට උස්සන් ආවම ජන්කුක් මොනවා කරන්නද...

එතකොට ටේහ්‍යොන්ග් .. එයත් මේකට ආව පලවෙනි වතාව... කලින් එක පාරකවත් නම්ජූන් ටේහ්‍යොන්ග්ව බලෙන් එක්කන් එන්න හැදුවත් ටේහ්‍යොන්ග් නෙවේ ආවෙ... ඒත් මේ සැරේ එයාට කාට බෑ කියන්නද... නම්ජූන් නිකමට ආවෙ නෑ බලන්න... වගකීමක් නැති ටේහ්‍යොන්ග්ට නොදැනෙන්නේ නම්ජූන් වගකීම කියන එක පුරුදු කරන එකයි මේ කරන්නෙ...

ටේහ්‍යොන්ග් අද ඕනවටත් වැඩිය හැන්ඩ්සම්... බ්ලැක් ෆුල් කිට් එකක් ඇදලා හිටිය ටේහ්‍යොන්ග් , එයාගෙ තද කලු පාට කොන්ඩේ පැත්තකින් කෙස් ටිකක් නලලට වැටෙන්න උඩට කරලා තිබ්බා... එයාගෙ ලා දුබුරු පාට ඇස් දෙකෙන් බලන ගමන් ඉස්සරහට යනකොට , පාටි එකේ හැමෝගෙම ඇස් ඒ පැත්තට නිකන්ම හැරුනා...

ජන්කුක් කම්පැනිඑකේ අයට හිනා වෙලාකතා කරාට කාත් එක්කවත් වැඩි සම්බන්ධයක් තිබ්බ කෙනෙක් නෙවේ... එතකොට නොදන්න කම්පැනි වල අය අතරේ නිකමට හරි ටේහ්‍යොන්ග් ව විතරයි ජන්කුක් දැනන් හිටියේ... ඉතින් ටේහ්‍යොන්ග් යන්නෙ කොහෙද එයාගෙ පස්සෙන් ජන්කුක් ගියා...

" හලෝ.. මිස්ටර් කිම්.. කොහොමද ... අපි හම්බුන දෙවෙනි වතාව මේ මම හරිනේ..."

වයින් ග්ලාස් එකක් අතේ තියාගෙන එතනට ආව කෙනෙක් ටේහ්‍යොන්ග්ට කතා කරන ගමන් හිනා වෙලා අතට අත දුන්නෙ ජන්කුක් දිහා ඇස් කොනෙන් බලන ගමන්...

" කොහොමද මිස්ටර් කන්ග්.. මම හිතන්නෙ ඒක තුන් වෙනි පාර වෙන්න ඕනෙ.."

කන්ග්ට අත දික් කරන ගමන් ටේහ්‍යොන්ග් කීවා..

" එතකොට .. මේ මිස්ටර් කිම්ගේ ෆියොන්සෙද.."

ජන්කුක්ගෙ උඩ ඉදන් පහලට බලන ගමන් කන්ග් අහනකොට ජන්කුක්ගේ කම්මුල් රතු උනා... ජන්කුක් උත්තර දෙන්න හදනකොට ටේහ්‍යොන්ග් උත්තර දුන්නා..

" නෝ... මේ මගේ සෙකට්‍රි .. "

ටේහ්‍යොන්ග් යටි තොල හපන් ජන්කුක් දිහා බලල කියනකොට , කන්ග් හිනා වෙලා ජන්කුක්ට අතට අත දෙන්න හැදුවේ...

" අපි .. අරහෙට යමු මිස්ටර් කන්ග්... ජියෝන් ඔයා අතනට ගිහින් මොනවා හරි බොන්න..."

අතට අත දෙන්න නොදුන්න ටේහ්‍යොන්ග් කන්ග්ව එක්කන් අනිත් කට්ටිය හිටපු තැනට ගියා..
ජන්කුක්ට ලොකු අපහසුවක් දැනුනා.. ගොඩක් පිරිමි අය ජන්කුක් දිහා බලන් හිටියේ කන්න වගේ... ජන්කුක් හෙමින් ටේහ්‍යොන්ග් කියපු ටේබල් එකට ගිහින් ඔරේන්ජ් ජූස් එකක් අතට ගත්තා...

" ජන්කුක් ... ඔයා මෙහේ..."

පිටිපස්සෙන් ඇහුනු හුරු කටහඩට ජන්කුක් ඉක්මනට හැරුනා.. ඇවිත් හිටියේ ජිමින්.. යුන්ගිගේ හස්බන්ඩ් විදියට එයා සාමාන්‍යයෙන් එනවා.. ජන්කුක්ට සතුටු හිතුනා.. දැන් එයාට ඉන්න කෙනෙක් ඉන්නවනේ..

" ජිමින් හ්‍යුන්ග්... දැන්ද ආවෙ .. හ්‍යුන්ග් ඉන්න එක ලොකු දෙයක්..."

" ටිකක් වෙලා අපි ඇවිත්... මං මේ කවුද හැමෝම බලන්නෙ කියලා බලන්න ආවෙ..."

ඇහැක් ගහලා ජිමින් කියනකොට , ජන්කුක් ලැජ්ජාවට කම්මුල් රතු කරගත්තා..

" ආව්... සෝ කියුට් .. සච් අ බේබි..."

ජන්කුක්ගෙ කම්මුල මිරිකුව ජිමින් කීවේ හයියෙන් හිනාවෙන ගමන්..

" කෝ .. අපේ එකා ඔයාව දාලා කොහෙටද ගියේ..."

" ටේහ්‍යොන්ග් සර් අතනට ගියා..."

ටේහ්‍යොන්ග් ගිය පැත්ත පෙන්නන ගමන් ජන්කුක් කීවා.. ජන්කුක් එක්ක කතා කර කර හිටපු ජිමින් ටික්කින් යුන්ගි කතාකරපු හින්දා ඒ පැත්තට ගියා...

ටිකකින් එතනින් වයින් ග්ලාස් එකක් අතේ තියන් ගිය කෙනෙක් හිතලට ජන්කුක්ගේ ඇඳුමට ග්ලාස් එක ඇල කරා...එක පාරටම සීතලට දැනුනම ගැස්සුන ජන්කුක් බැලුවම ජන්කුක්ගේ උඩ ශර්ට් එකේ වයින් හැලිලා... සිල්ක් තුනි ශර්ට් එකේ පපුව හරියට වැටුන වයින් හින්දා ජන්කුක්ගේ නිපල් එක්කුත් පේන්න ශර්ට් එක ඇගට ඇලිලා...ඒ දිහා මත් උන ඇස් වලින් බලන් හිටිය ඒ ආව කෙනා ජන්කුක් දිහා බැලුවේ දිවෙන් යටි තොල තෙත් කරන ගමන් ....

" ඔහ්.. සමාවෙන්න මගෙ අතින් වැරදිලා වැටුනේ ... ඉන්න මම පිහදාන්නම්... නැත්නම් අපි වොශ් රූම් එකට යමුද..."

ඒ කෙනා ඇහුවම ,ඒ බැල්මට ටිකක් බයවෙලා හිටපු ජන්කුක් ,

" නෑ .. කමක් නෑ මම පිහදාගන්නම්.."

" නෑ.. නෑ.. එහෙම හරි නෑනෙ මගෙ අතින්නෙ උනේ.. ඉන්න මම පිහදාන්නම්..."

ඒ කෙනා ජන්කුක්ගේ පපුවට අත දික් කරනකොට , දරදඩු අතක් ඒ මනුස්සයගෙ අනිත් අතින් අල්ලලා පිටිපස්සට කරා..

" මං හිතන්නෙ .. මිස්ටර්ට හොදට කන් ඇහෙනවා නේද...? ඇහෙන්න ඇතිනේ එයා එපා කීවා... අනවශ්‍ය වැඩ නොකර යනවා මෙතනින්..."

ටේහ්‍යොන්ග් එහෙම කියන ගමන් ඒ අල්ලගත්ත අත ඒ මනුස්සයාගේ ඇග දිහාවට නැව්වා..

" ඔහ්.. සොරි.. අත පොඩ්ඩක් තද උනා..."

අතේ තිබ්බ ග්ලාස් එකේ තිබ්බ ඉතුරු වයින් ටික ඒ මනුස්සයගෙ උරහිසේ ඉදන් බේරෙනකොට ,අත අතෑරපු ටේහ්‍යොන්ග් එහෙම කියලා ජන්කුක්වත් ඇදගෙන් යන්න ගත්තා.. ජන්කුක්ව ඇදගෙන වොශ් රූම් එක ඇතුලට ආපු ටේහ්‍යොන්ග් ජන්කුක්ව වොශ් රූම් එකේ දොරට තද කරා...

" ලමයෙක් ඉන්න අප්පා කෙනෙක් නේද... ඔය වගේ දේකට එන්නෙ මොකටද කියලා නොතේරෙන්න බබෙක්ද තමුන් ..ආ..හැම එකාටම අල්ලන්න දීලා බලන් ඉන්නෙ..."

ටේහ්‍යොන්ග් කේන්තියෙන් ජන්කුක්ගෙ මූනට එබිලා කෑ ගහනකොට , ජන්කුක් පුදුම වෙලා බලන් කල්පනා කරේ ඇයි ටේහ්‍යොන්ග් කේන්ති අරන් තියෙන්නෙ කියලා..

ටිකකින් ටේහ්‍යොන්ග්ම කල්පනා කරා ඇයි තමන් මේ කේන්ති අරන් ඉන්නේ කියලා...

" ඔය ටික සුද්ද කරගන්න මන් එලියෙන් ඉන්නම්..."

ජන්කුක්ට උගුර පාදලා කියපු ටේහ්‍යොන්ග් වොශ් රූම් එකෙන් එලියට ආවා.. ටේහ්‍යොන්ග්ට තමන් ගැනම ලැජ්ජා හිතුනා.. ජන්කුක් දිහා ඈත ඉදන් බලන් හිටපු ටේහ්‍යොන්ග්ට අර මනුස්සයා කරන්න ගිය වැඩේ දැක්කම කේන්ති ගියා..ඊටත් වඩා ජන්කුක් ඇස් බෝල කරන් බලන් ඉන්නකොට තවත් කේන්ති ගියා... අදත් ටේහ්‍යොන්ග්ට එදා ජන්කුක් තුරුලේ ඉදපු හැගීමම ඇති උනා.. අද එක්කන් ආවට , වෙනදටත් වඩා ජන්කුක් ලස්සනයි අද.. ඕනම කෙනෙක්ගෙ ඇහැ යනවා...

.

.

ජන්කුක් ශාර්ට් එක පිහදාගෙන ඉස්සරහ තිබ්බ මිරර් එකෙන් එයා දිහාම බලන් හිටියා.. ජන්කුක්ගේ කම්මුල් රත් වෙලා.. ජන්කුක් අතට වතුර ටිකක් අරගෙන කම්මුල් වල ගා ගත්තා.. ටේහ්‍යොන්ග් දැන් ජන්කුක්ගේ මූනට කොච්චර ලගින්ද හිටියේ... එදා වගේම අදත් ජන්කුක්ගෙ හදවත වේගෙන් ගැහෙනවා.. ජන්කුක් තෙත පපුවට අත තියාගත්තා.." තමුන් මොනවද මේ හිතන්නෙ... ජන්කුක් හරි සිහියට .. තමුන්ට පිස්සුද... ගුකී ඉන්නවා.. තමුන්ගේ පලවෙනි දේ ගුකී වෙන්නයී ඕනේ..." තමන්ටම තරවටු කරගත්ත ජන්කුක් හිමින් සැරේ එලියට ආවෙ ටේහ්‍යොන්ග් එලියේ බලන් ඉන්න හින්දා...

" හරි.. සර්..."

ජන්කුක් හීනි කටහඩකින් කියනකොට ටේහ්‍යොන්ග් හැරිලා බැලුවා... ජන්කුක්ගේ ශර්ට් එක තවම තෙතයි... ටේහ්‍යොන්ග් කෙල ගිලලා අහක බලාගත්තා...

" මන් .. රූම් එක පෙන්නන්නම් .. ඕක ඩ්‍රයර් කරන් එන්න..."

ටේහ්‍යොන්ග් කියනකොටයි ජන්කුක්ටත් ඒක මතක් උනේ... ජන්කුක්ගේ කම්මුල් රතු උනා.. ඒ කියන්නෙ ටේහ්‍යොන්ග් දැකලා... ජන්කුක් ශර්ට් එක වේලගත්තට පස්සෙ ටේහ්‍යොන්ග් ආයෙත් එයත් එක්ක පාටි එකට ආවා...

" මට පේන මානෙ ඉන්නවා.."

ජන්කුක්ට ගැඹුරු කටහඩින් කීව ටේහ්‍යොන්ග් , ආයෙත් කලින් හිටපු පැත්තට ගියා...

.

.

ටිකකින් ඔෆීශියල් පාටිය ඉවර වෙලා කට්ටිය එන්ජෝයි කරන්න පටන් ගත්තා.. ටේහ්‍යොන්ග් පෝල්ට කෝල් එකක් ගත්ත..

- " කල්පනාවෙන් .. ඉදපන් එදා වගේ වෙන්න බෑ.."

කියලා කෝල් එක කට් කරපු ටේහ්‍යොන්ග් ඩ්‍රින්ක් එකක් ගන්න පටන් ගත්තා..

ජිමිනුත් කතා කරලා ගියාට පස්සෙ ජන්කුක්ටනම් මේක එපා වීගෙන ආවෙ.. මොන එහෙකට මේකට් ආවද කියලා හිතුනා.. අනික කොහෙ හිටියත් ටේහ්‍යොන්ගෙ ඇස් දෙක තමන්ට වැටිලා තියන එක තවත් අපහසුවක් උනා...

________________________

පාන්දර වෙනකොට ටේහ්‍යොන්ග් පාටියෙන් එන්න තීරනේ කරා..එලියට ඇවිත් එලිවේටර් එකට ජන්කුක් එක්ක නැග්ග ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලාගෙනම හිටියා.. ටිකෙක් ටික ජන්කුක් ලගට් ආපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූනට ලන් උනා...

ටේහ්‍යොන්ග් මත් වෙලා හිටියේ .. ඇස් දෙක රතු පාටයි .. ජන්කුක්ට සැර තමන්ගේ නහයට දැනෙන තරමට ටේහ්‍යොන්ග් ජන්කුක්ට ලන් වෙලා හිටියේ.. ජන්කුක්ගේ පපුව ආයෙත් නුහුරු තාලෙකට ගැහෙන්න ගත්තා..මුලු වෙලාවම ජන්කුක්ගේ ඇස් දිහාම ටේහ්‍යොන්ග් බලන් හිටියා..

" ලස්සනයි.."

ගැඹුරු කටහඩකින් ජන්කුක්ගේ ඇස් දෙකට මිමිණුව ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලට නහය තියලා ලොකු හුස්මක් ගත්තා ...ජන්කුක්ගේ ඉනවටේට අත දාලා තමන්ගේ ඇගට තද කරගන්නකොට ජන්කුක් තමන්ගේ ඇස් දෙක පියාගත්තා... ජන්කුක්ගේ ඉන තමන්ගෙ ලොකු අතකින් ටේහ්‍යොන්ග් තදින් මිරිකුවා...

"ම්ම්හ්..."

.

.

.

.
"බො..බොස්.."

************************

___________________________Dark_Sunshiner 🤍🥀

කම්මැලියිද....?

Thanks for reading..... ❤️

To be Continued....

2022/10/02

Bạn đang đọc truyện trên: AzTruyen.Top