|12|
ජන්කුක් ඇදිලා ගිහින් හිටියේ ගානට කපපු ලොකු උස පදුරු දෙකක් මැද කළුවරේ ලොකු අත් දෙකක් අතරේ උණුසුම් පපුවකට හිර වෙලා...ජන්කුක් එයාගෙ ඇස් ඇරලා බැලුවේ කා ගාවද තමන් ඉන්නෙ කියලා.. දෙයියනේ ... ටේහ්‍යොන්ග්... ජන්කුක් ඉක්මනට අයින් වෙන්න හැදුවේ..
"ෂ්..ෂ්.. සද්ද කරන්න එපා..."
ගැඹුරු කටහඩකින් ජන්කුක්ගෙ කන ලග මිමිණුව ටේහ්‍යොන්ග් තව ටිකක් ජන්කුක්ව තද කරගෙන එතනින් එබිලා බැලුවා...
ජන්කුක් හිටියේ මේ ලෝකෙ නෙවේ .. ආයෙ තද කරගත්තු පාර ජන්කුක් නැවතුනේ එයාට වඩා උස ටේහ්යොන්ගෙ බෙල්ල අස්සෙ මූන හිරවෙලා... එදා ගුකී ටේහ්‍යොන්ග් ලග ඉදන් ගන්නකොට ගුකී ලගින් ආපු සුවදම අද හොදටම ටේහ්‍යොන්ගෙ බෙල්ලෙන් දැනෙනවා... ජන්කුක්ගෙ පපුව වේගෙන් ගැහුනා..
වෙන්නෙ මොකක්ද කියලා ජන්කුක්ට තේරුන් නෑ ... ඒත් ටේහ්‍යොන්ග් මොකකින් හරි හැන්ගිලා ඉන්නෙ කියල්ල එයාට තේරුනා...
එක අතකින් ජන්කුක්ව තද කරගෙනම සාක්කුවෙන් පෝන් එක එලියට ගත්තු ටේහ්‍යොන්ග් කෝල් එකක් ගත්තා...
-" පෝල් බලහන් ..ගාඩ්න් එක පොඩ්ඩක්.. මොකෙක් හරි ආවා.. ඉක්මනට බලපන් ..."
කීව ටේහ්‍යොන්ග් ආයෙත් පෝන් එක සාක්කුවට දාගෙන එතනින් එබිලා බැලුවා.. එක පාරටම වෙඩි සද්දයක් ඇහුනා.. ජන්කුක් බය උන පාර තවත් ටේහ්‍යොන්ග්ට තුරුල් උනා... ආයෙත් පෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා.. තවත් ටිකක් තුරුල් උන ජන්කුක්ව අල්ලගන්න ගමන් ටේහ්‍යොන් අන්ස්වර් කර..
= " බොස්... මොකෙක් හරි පැන්න මෙතනින් .. අපි පස්සෙන් යන්නද ...?"
-" එපා...මන් ඇතුලට යනව ටික්කින් වරෙන් ..."
කෝල් එක කට් කරපු ටේහ්‍යොන්ග් පෝන් එක සාක්කුවට දානගමන් බැලුවෙ තමන් තද කරගත්තු විදියටම තමන්ට තුරුල් වෙලා ඉන්න ජන්කුක් දිහා..
" දැන් .. හරි .. කෝ බලන්න.."
අතකින් ජන්කුක්ට තට්ටුවක් දාන ගමන් කතා කරපු ටේහ්‍යොන්ග් බලන් හිටියේ බය වෙලා ඇස් දෙක බෝල කරන් එයා දිහා ඇස් උස්සලා බලපු හුරතල් ජන්කුක් දිහා...
" දැන් හරී .. අපි ඇතුලට යමු ..."
බයවෙලා තවත් ටේහ්‍යොන්ට වාරුවෙලා ඉන්න ජන්කුක්ව අල්ලගෙන ටේහ්‍යොන් එතනින් එලියට ආවා... ගාඩ්න් එකෙන් එලියට එනකොටම පෝල් ටේහ්‍යොන්ග් ලගට දුවගෙන ආවා..
"බොස්..."
" තව ටික්කින් කාමරේට එනවා.."
බය වෙලා ඉන්න ජන්කුක්ව ඇස් වලින් පෙන්නන ගමන් ටේහ්‍යොන් ජන්කුක් එක්ක රූම් ගාවට ආවා.. ජන්කුක්ගෙ අතින් කී කාඩ් එක අරගෙන දොර ඇරලා ජන්කුක්ව ඇදෙන් ඉන්දුව ටේහ්‍යොන්ග් කල්පනා කරේ ජන්කුක්ට මොකද කරන්නෙ කියලා... මේ දේවල් පිටට යන්න දෙන්න බෑ..
මුකුත් නොකියා තවත් බලන් ඉන්න ජන්කුක්ගෙ කට දෙපැත්තෙන් මිරිකලා අල්ලපු ටේහ්‍යොන්ග් ,
" අද දක්ක දේවල්... ඇහුන දේවල් .. මෙතනින්ම තමුන්ගෙ මොලෙන් අයින් වෙන්න ඕන .. තේරුනානෙ .. මොනම හරි දෙයක් පිටට ගියොත් .. මන් ඒක විසදන විදිය මීට වෙනස් වෙයි ..හෙට උදේ ලෑස්ති වෙලා ඉන්නවා.. අපි වෙන තැනකට යනවා.. ඔක්කොම ලෑස්ති කරන් උදේ 6ට එලියට එනවා..."
කියලා ටේහ්‍යොන්ග් හයියෙන් දොර වහන් එලියට ගියා...ටේහ්‍යොන්ග් ට හිතා ගන්න බෑ ඇයි තමන් ජන්කුක්ට එහෙම කියලා අතෑරියේ කියලා.. ටේහ්‍යොන්ග් කියන්නෙ එහෙම කවුරුත් ගැන කෙයාර් කරන කෙනෙක් නෙවෙයි .. ඒත් අද ජන්කුක්ව බය උනාම තුරුල් කරන් හිටියා.. දැන් ටේහ්‍යොන්ග් ඒක ගැන පසු තැවෙනවා.. ටේහ්‍යොන්ග්ට එහෙම වැඩකට නැති හැගීම් ගැන තරහක් තිබ්බෙ...
.
.
.
.
පහුවදා උදේ හරියටම හය වෙනකොට ජන්කුක් ලෑස්ති වෙලා එයාගෙ සූට්කේස් එකත් අරන් රූම් එකෙන් එලිය්ට ආවා.. එතකොටම තමයි ටේහ්‍යොනුත් එලියට ආවෙ ...
එයාව දැක්ක ගමන් වෙනද වගේම හිනාවෙලා " ගුඩ් මෝනින්... සර්..." කියලා ජන්කුක් කීවා..
ඒකට ප්‍රතිචාර යක් නොදුන්න ටේහ්‍යොන්ග් ලිෆ්ට් එකට නැග්ගා.. ජන්කුකුත් ඉක්මනටම දුවගෙන ගිහින් ඒකටම නැග්ගෙ පිටිපස්සෙන් ගාඩ්ලා සූට්කේස් දෙක අරන් එනකොට...
ටිකකින් වාහනේ ආවෙ වැඩිය ගෙවල් මිනිස්සු නැති නිස්කලංක පැත්තකට ... පාරෙන් ටිකක් ඇතුල් පාරක ගිහින් නැවතුනේ නිස්කලංක විදියට හදලා තිබ්බ මැන්ශන් එකක... ඒ කියන්නෙ දැන් දිගටම ඉන්නෙ මේකෙ...
ජන්කුක් වාහනෙන් බැහැලා මැන්ශන් එක ඇතුලට ආවා... වාව්... ඔක්කොම කලු පාටයි දුඹුරු පාටයි...
" ජියෝන්... උඩ රූම් දෙකක් රෙඩි කරන්න..."
පිටිපස්සෙන් ටේහ්‍යොන් කීවා.. ජන්කුක් ඔලුව නවලා හා කියලා එක සූට් කේස් එකක් අරන් උඩට යන්න නැග්ගෙ තමන්ගෙ එක ටික්කින් අරන් යනවා කියලා හිතාගෙන...
ටේහ්‍යොන්ග්ට පුදුම හිතුනා... වෙන මනුස්සෙයෙක් එහෙම නම් ඕම ඉන් නෑනෙ ... ඊයෙ කන ගාව වෙඩි තිබ්බා ඇහුනා , ටේහ්‍යොන්ග් තර්ජනය කරා , ඒත් ඒක එක්ක ජන්කුක් මුකුත් කීවෙ නැති එකත් ,අද උදේ ඉදන් සාමාන්‍ය විදියටම ඉන්න එකත් ටේහ්‍යොන්ග් ට පුදුම හිතුනා.. බය වෙලා වෙන්න ඇති කියලයි ටේහ්‍යොන්ග් ට නම් හිතුනේ...
ජන්කුක් ටික්කින් රූම් දෙකක් ලෑස්ති කරලා පහලට ආවෙ තව ටික්කින් හොටෙල් එක ලෑස්ති කරන තැනට යන්න ඕන හින්දා පරක්කු උනොත් ආයෙත් බැනුම් අහන්න වෙයි කියලා...
" ජියෝන් ... අද එන්න ඕනෙ නෑ.. මෙහෙට වෙලා ඉන්න..."
" ඒත්.. සර්..මම එන්නම් ..."
යන්න ගිය ටේහ්‍යොන්ග් ආයෙත් හැරුනා.. කේන්ති ගිය මූන දිහා බලල ජන්කුක් ඉක්මනට බිම බලාගත්තා...
" දැන් .. මෙතන තමුන්ට ඕනෙ විදියටද වැඩ වෙන්න ඕනෙ .... එකම දේ දෙපාරක් කියන්න ඉඩ තියන්න එපා මට .. කෑම ඕනනම් කාටහරි කියනවා ගෙනත් දෙයි ... තව ටික්කින් ෆයිල් ටිකක් ගෙනත් දෙයි ඒ ටික බලනවා..අනිත් එක .. ගාඩ්ලා නැතුව කොහෙ හරි ගිහින් අහුවෙන්න එපා මට.."
ආයෙත් ඉස්සරහ බලාගෙනම ඒ ටික කියලා ටේහ්‍යොන්ග් මැන්ශන් එකෙන් ආවා... ආයෙත් කොහෙවත් යන කරදරයක් ඇගේ දාගන්න ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ... ඊයෙ මොකාද ආවෙ කියලත් බලන්න ඕනෙ .. බුසාන් වලට ආව වෙලේ ඉදන් කවුරු හරි එනවා කියන එක තේරුනත් ඊයෙ ගාඩ්න් එකේදි හරියටම කවුරු හරි දැක්කා... ජන්කුක්ට එන්න එපා කියලා ආරක්ෂා කරන්න හේතුවක් ටේහ්‍යොන්ග්ට හිතුනේ නෑ , ඒක එයාට අනවශ්‍ය කරදරයක් විදියටයි එයා දැක්කෙ ... ඒකයි හොටෙල් එකෙන් ඉන්න ටික දවසට මැන්ශන් එක්කට එන්න හිතුවේ...
ජන්කුක් බැල්කනියට වෙලා එලිය බලාගෙන හිටියා.. වටේටම ගස් වලින් වට වෙලා ... ලොකු ගාඩ්න් එකකුත් තිබ්බා... ගාඩ් කෙනෙක් ගෙනත් දුන්න කෑම එක කාපු ජන්කුක් එලියෙ ටිකක් ඇවිදලා බලන්න හිතුනේ මේක ඇතුලේ තනියම මොනවා කරන්නද කියලා හිතන ගමන් ... තනියම ටිකක් බුසාන් වල ඇවිදලා බලන්න ආස උනත් ටේහ්‍යොන්ගෙන් මැරුම් කන්න ඕනෙ නැති හින්ද සද්ද නැතුව ඉන්න තීරනේ කරා...
ජන්කුක් ගාඩ්න් එකේ ඇවිදින්න ගත්තේ ගඩ් කෙනෙකුත් පස්සෙන් එද්දිමයි ... මේ .. මොන කරදරයක්ද..
" මේ... එක්ස්කියුස්මී... මං මේකෙන් එලියට යන් නෑ.. ගාඩ්න් එක ඇතුලේ විතරයි ඉන්නෙ .. පොඩ්ඩක් පස්සෙන් එන් නැතුව ඉන්නවද..."
" බොස් කියන විදියටයි අපි කරන්නෙ ... සොරි සර්.."
ගාඩ් කීවම ජන්කුක් ඇස් දෙක රෝල් කරේ මල විකාර කියන්න වගේ ...
" බොස් .. කීවෙ මං මේකෙන් එලියට ගියොත් ඔයාල එක්ක යන්න කියලනේ.. නැතුව මේක ඇතුලේ මගෙ පස්සෙන් එන්න කීවෙ නෑනෙ .. සෝ..ප්ලීස් අරෙහෙට වෙලා ඉන්න.."
අහක බලනගමන් ජන්කුක් කීවෙ කරදරකාරී බැල්මක් දානගමන් ... ගාඩ් ටිකක් පිටිපස්සෙන් ඉන්න එක්කෙනා දිහා බලලා එයා ඔලුව වැනුවම හිටපු තැනටම ඇවිදගෙන ගියා..
ජන්කුක් ඇවිදගෙන ගියෙ මල් වවලා තිබ්බ අයින දිගේ ... කෑලේ මායිමට වෙන්න තිබ්බ පදුරු ගාව මොනවා හරි බිම වැටිලා තියනවා දැක්ක හින්දා ඒ හරියට ඇවිදගෙන ගියා... " ඔහ්.. ආයෙත් මේ මගුල... මෙච්චර ආරක්ෂාවක් තියෙද්දී කොහොමද මෙතනට මේක ගෙනාවෙ ..."
එතන කලු පාට ලියුමක් වැටිලා තිබ්බා.. වටපිට බලලා එය දිහා කවුරු හරී බලන් ඉන්නවද බැලුව ජන්කුක් මලක් බලන්න නැමෙනවා වගෙර් බිමට නැමුනා.. ලියුම අරන් ශර්ට් එක අස්සට දාගත්ත ජන්කුක් තව පොඩ්ඩක් කැරකි කැරකි ඉදලා ඇතුලට ආවෙ කාමරේට යන්න..
කාමරේට ආව ගමන් දොර වහලා ශර්ට් එක ඇතුලෙන් කලු පාට ලියුම අරන් ඒක ඇරියා...
" අනවශ්‍ය දේවල් වලින් ඈත් වෙන්න..."
අදත් තිබ්බේ ඒ විදියට... ජන්කුක්ට මේක ඇති වෙලා.. මෙච්චර කට්ටිය ඉද්දි ජන්කුක් එතෙන්ට යන වෙලාවටම මෙක එතනින් තියන්න.. පුදුම වෙන්න දේකුත් නෑ එක අතකට... ගුකී ආරක්ෂා වෙලා තමන්ට මොනවා උනත් කමක් නෑ කියලයි ජන්කුක් හිතුවේ...
.
.
.
.
ටිකක හවස් වෙලා ටේහ්‍යොන්ග් තව ආවෙත් නැති හින්දා ජන්කුක් ලෑස්ති උනේ ජින්ට කෝල් එකක් ගන්න .. දැන් නර්සරි ඉවර වෙලා හින්දා ජන්කුක් ජින්ට ගත්තා...
- " හෙලෝ... ජන්කුක්.. කොහොමද ලමයෝ .. හොදින් ඉන්නවා නේද..."
ගත්ත ගමන් කෝච්චිය වගේ කියන් ගිය ජින්ගෙ සද්දෙට ජන්කුක්ගෙ මූනෙ අහින්සක හිනාවක් ඇදුනා... කවුරුත් එයා ගැන එහෙම හොයලා බැලුවේ නෑ... නිකමට හරි හිටියේ හොබී හ්‍යුන්ග් විතරයි...
=" මන් හොදින් ඉන්නවා ජින් හ්‍යුන්ග් ...ඔයාලා කොහොමද හොදින් ඉන්නවනේ .. අපේ ගුකී කරදර එහෙම කරාද .."
- " අපි හැමෝම හොදින්.. මොනවද කියන්නෙ ජන්කුක් ... මට චුට්ටක් වත් වද දුන් නෑ .. දවස තිස්සෙ දෙන්නත් එක්ක එක එක වැඩ ... "
=" ඔහොම හිටියට දග බෝලෙ එයා... කෝ දැන් .. නිකමට මාව මතක් වෙන් නැද්ද .."
- " ගුකී .. පැටියෝ .. මෙහේ එන්නකෝ මේන් පපා කතා කරනවා... රෑට තමා පොඩ්ඩක් කේස් දාන්නෙ නිදාගන්න ගියාම .. දවල් තිස්සෙ නටල මහන්සියට ඉක්මනට නින්ද යන හින්ද හොදයි..."
=" හෙලෝ .., පපා.. උයා එන් නැද්ද අනේ... මට පාලුයි .. පපා නැතුව.. පපා දන්නොද ... මායි සෙනූ නූනයි පෑල් කේක් හැදුවා... පපා ආවම මන් හදලා දෙල්ලම්කෝ... මට දැන් හොදට උයල්ල පුලුවන් ..."
හුස්ම ගන් නැතුව එක දිගට කියවන් යන එයාගෙ බෝලෙගෙ කතාව ජන්කුක් හිනාවෙවී අහන් හිටියේ එයාට ගුකීව මේ දවස් ටිකට කොච්චර මිස් උනාද කියලා හිතන ගමන් ...
- " පොඩී .. මේ අහන්නකෝ .. ජින් සමොච්චට කරදර එහෙම කරන්න එපා හරිද... පපා ඉක්මනට එන්නම් .. සෙනූ නූනත් එක්ක දග නොකර ඉන්න හරිද.. ගුකී පපාගෙ ගුඩ් බෝයිනේ නේද ..."
=" හරි .. පපා ගුකී ගුඩ් බෝයි කෙනෙක් වගේ ඉල්ලම් .. පපා බය වෙන්න එපා..."
හරි ලොකු කටහඩකින් ඒම කීව ගුකී පෝන් එක ජින්ගෙ අතට දීලා දුවලා ගියා...
=" අපේ .. එක්කෙනා හොදට ඉන්නවා නේද ජන්කුක්... එයාට තරහා ගිහින් කෑ ගැහුවට එච්චර ගනන් ගන්න එපා.. අපේ ටේ හරි හොදයි , ඔය දාගෙන ඉන්න වෙස් මූනට වැඩිය ..."
ජින් ජන්කුක්ට කීවෙ එයාගෙ ටේ බෙයා ගැන හිතන ගමන් ... ඕනවට වඩා කේන්ති ගන්නවා කියලා ජින් දන්නවා..
- " ටේහ්‍යොන්ග් සර් හොදින් ඉන්නවා ජින් හ්‍යුන්ග් ... දැනුත් හොටෙල් එකේ වැඩ වලට එලියට ගිහින් .. මමත් තව ටික්කින් වැඩ ටිකක් තියනවා කරන්න ඕනෙ... මන් තියන්නම් එහෙනම් .. අනේ ජින් හ්‍යුන්ග් ගුකීව බලාගන්නවට ගොඩාක් ස්තූතියි ... නැත්නම් මට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ ..ගොඩ ස්තූතියි ජින් හ්‍යුන්ග්.."
=" ආයෙ එහෙම ඔච්චර තැන්ක්‍යූ කියනවානම් මට කතා කරන්න එපා ජන්කුක්... මම කැමැත්තෙන්නෙ ඒම කරේ .. මන් කතා කරන් නෑ හරිද ආයේ..."
ගනන් උස්සන ගමන් ජින් කීවෙ ඕනවට වඩා තැන්ක්‍යූ කියන එක එයාට අපහසුවක් උන නිසා ..
=" ඒනම් පරිස්සමට ඉන්න .. මම තියන්නම් .. ඔයාලා එන දවසට මට කෝල් එකක් දෙන්නකෝ .. බායි පැටියෝ .."
ජන්කුක්වත් කෝල් එකෙන්ම හුරතල් කරපු ජින් කෝල් එක කට් කරා ...ජන්කුක්ගෙ හිතට ජින්ව සමීපව දැනුනා... හරියට මගෑරුනු පවුලේ සෙනෙහස ආයෙත් ලැබුනා වගේ ..
.
.
.
__________________________
සතියක විතර කාලයක් බුසාන් වල වැඩ මැනේජ් කරලා ටේහ්‍යොන්ග්නුයි ජන්කුකුයි හවස ආයෙත් සෝල් එන්න ලෑස්ති උනා... උදේ යන්න තිබ්බත් හවසම යන්න ටේහ්‍යොන්ග්ට ඕන උනේ සතියක්ම කම්පැනි එක හ්‍යුන්ග් බලාගන්න හින්ද හ්‍යුන්ග්ට තවත් මහන්සි වෙන්න දෙන්න ඕන නැති හින්දා...
කිම් මැන්ශන් එකට වාහනේ එනකොට රෑ දොලහත් පහු වෙලා... එහෙම්මම ජන්කුක්ට ගෙදර යන්න පුලුවන් උනත් ගුකී නැතුව විනාඩියක්වත් ඒ ගෙදර ඉන්න ජන්කුක්ට ඕන උනේ නෑ .. ඒකයි ගුකී අරන් යනවම කියලා ආවෙ.. ඒත් හොදටම පරක්කුයි ...
වාහන වල සද්දෙට එලියට ආවෙ ජින් ..
" අද එනවා කීවට මන් හිතුවේ පරක්කු හින්දා හෙට එයි කියලා.. කෝ එන්න ඇතුලට ..."
" කෝ.. කවුද කීවෙ අද එනවා කියලා...?"
ටේහ්‍යොන්ග් පුදුම වෙලා ඇහුවේ කවුද ජින් හ්‍යුන්ග්ට කීවෙ බලන්න .. තමන් එහෙම කීවෙ නෑනෙ..
" මට ජන්කුකී කීවෙ...ඔයාට ඉතින් ඕක මට කියන්න බෑනෙ ටේ ..."
ජන්කුක්ගෙ අතින් අල්ලගන්න ගමන් ජින් කියනකොට ජන්කුක් දිහා බලලා ඇස් හීනි කරල්ල රවලා , ජින්ට ඇස් රෝල් කරලා අහක බලාගත්තේ මල විකාර කියන්න වගේ ...
" එයා පිම්බුවට ..ඔයා බයවෙන්න එපා... අපි යන් .."
ජන්කුක්ගෙ කනට කරල කියන ගමන් ජින් ඇතුලට යන්න ලෑස්ති උනේ...
" මන් යනවා.. ජින් හ්‍යුන්ග් .."
ටේහ්‍යොන්ග් ලෑස්ති උනේ එයාගෙ මැන්ශන් එකට යන්න...
" අනේ.. මේ.. මේ මහ රෑ ආයෙත් කොහෙ යන්නද .. මෙන්න මෙහෙ එන්න ටේ ඇතුලට .. ඔයාගෙ හ්‍යුන්ග්ගෙන් මටයි බැනුම් අහන්න වෙන්නෙ , මෙහාට ඇවිතුත් ඔයා රෑ ගියා කියලා දැනගත්තොත් ..."
බැන බැන ටේගෙ අතිනුත් අල්ලගෙන දෙන්නවම ඇදන් ඇතුලට ආව ජින් ලිවින් රූම් එකෙන් උඩට යන්න පඩිපෙල නැග්ගෙ ,
" ජන්කුකී .. මන් ඔයාට රූම් එකක් ලෑස්ති කරන්නම් ... ටේ බෙයා ජන්කුක්ට ඇදුමක් දීලා වොශ් කරන්න පෙන්නන්න ..."
කියලා අර ව්‍යාකුලව ඉන්න දෙන්නව ලිවින් රූම් එකේ තනි කරලා... ජන්කුක් අපහසුවෙන් හතරවටේ ඔලුව හරවනකොට , චුක් ගාලා සද්දයක් දාලා ටේහ්‍යොන්ග් ගස්සගෙන ඇතුලට ගියා...
" මන් .. මේ ගෙදර සර්වන්ට් කෙනෙක්ද එතකොට..."
.
.
.
******************************************
_______________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading.... ❤️
To be Continued......
2022/09/28
Bạn đang đọc truyện trên: AzTruyen.Top