|07|

ටේහ්‍යොන්ග් කිම් මන්දිරෙන් වෙනම මැන්ශන් එක්කට ඇවිත් තිබ්බා.. කිම් මන්දිරේ හුරුපුරුදු හැමදේම මතක අවුස්සනවා වගේම කට්ටියත් එක්ක ඉන්න එකෙන් පොඩි අපහසුතාවයක් දැනුනා.. ටේහ්‍යොන්ග් ඇමරිකවෙ ඉන්නකන් තනි ජිවිතේකට හුරු වෙලා තිබුනා.. නගරෙන් ටිකක් ඈතට වෙන්න වෙන්ව හදලා තිබ්බ මැන්ශන් එක ටේහ්‍යොන්ට ගැලපෙන විදියට විශාලව සුවපහසුව තිබ්බා...

වැඩ ඉවර වෙලා ගරාජ් එකෙන් වාහනේ නවත්තලා එලියට බහින්න දොර අරින්කොට වෙලාව රෑ 10.30 යි කියලා ඔරලෝසුවෙන් ටේහ්‍යොන්ග් දැක්කා.. එහෙම්මම දොර ඇරගෙන ලයිට් දාන්නවත් කරදර නොවී කලුවරේම පඩිපෙල නැගලා තමන්ගෙ කාමරේට ගියේ ඇගට දැනෙන මහන්සියත් එක්ක ඉක්මනට වොශ් කරන් ඇදට වැටෙන්න බලාගෙන... කම්පැනි එකෙන්ම කාලා ආව නිසා කෑම ගැන හිතන්න ඕන උනේ නෑ.. ඇරත් කෑම ගැන හිතන්න ගෙදර කිසිම කෑම බඩුවක් තිබ්බෙත් නෑ..

වොශ් එකක් දාගත්තට පස්සෙ ලොකු නිදිමතක් ආවෙ නැති හින්ද බාත්රොබ් එක පිටින්ම පහල තට්ටුවෙ මිනි බාර් එකෙන් වයින් බොතලේකුත් එක්ක ග්ලාස් එක්කුත් අරන් උඩ බැල්කනියට ආවෙ ටිකක් නිදහසේ ඉන්න.. බැල්කනියේ පොඩි ටේබල් එක උඩින් ග්ලාස් එක තියලා බොට්ල් එක කඩලා වයින් ටිකක් පුරවලා බෝතලේ ටේබල් එක උඩින් තියලා ග්ලාස් එක අතට අරගත්ත ටේහ්‍යොන්ග් බැල්කනියේ සුදුපාට වැටට වැලමිට දෙක තියලා බරවුනා..

අහසෙ ලස්සනට හද පායලා තිබ්බා .. හද වටේට තරු ගොඩකුත් පායලා තිබ්බා.. බලන කෙනෙක්ටනම් හදට තනි නෑනෙ තරු කොච්චර ඉන්නවද හදට කියලා හිතෙන්න පුලුවන් .. ඒත් ඇත්තටම හදට අල්ලන්න තියා කතා කරන්නවත් පුලුවන් ලගක නෙවෙයි තරු ඉන්නෙ ... ඒත් හැමෝම හිතනවා හදට තරු ලගයි කියලා... තනි උනාම මොන දේ තිබ්බත් මොන දේ ලැබුනත් වැඩක් නෑ හිත ඉල්ලන දේ නැත්නම්... පිටට පෙන්නන තරම් ඇතුලින් තමන් ශක්තිමත් නෑ කියලා දන්නෙ තමන්ම විතරයි ...

ටේහ්‍යොන්ග්ට නිශාව මතක් වෙනවා.. තාම ආදරේද නිශාට ටේහ්‍යොන්ග් ..? නෑ ඒකට හරි උත්තරයක් දෙන්න බෑ.. ඒක නිකන් හරියට කලකිරීමක් .., ලොකූ හුස්මක් අරන් පාත දාන්න පුලුවන් වගේ ... අතුරුදන් උනත් මෙච්චර කල්.. ඒක මොකක්ද කියලා තේරෙන්නෙ නෑ.. මොකද නිශාට කරදරයක් නම් දැනගන්න ලැබෙනවා... ඒත් එහෙම දෙයක් කොහෙන්වත් හොයාගන්න නෑ.. නැත්නම් කොහෙ හරි නිශා ඉන්නවානම් ඇයි ටේහ්‍යොන්ට කතා නොකරේ ... අදටත් පරන කන්ටෑක්ස් වෙනස් කරලා නෑ.. කොහෙ හරි ඉන්නවානම් ඉන්න තැනකින් කතා කරන්න ..

ටේහ්‍යොන්ග්ට කිසි දෙයක් හිතන්න ඕන නෑ.. හිතන්න බෑ.. එකම දෙයක් ගැන එක දිගට හිතලා හරි වෙහෙසක් තිබ්බෙ .... තව දේකින් ගැලවෙන්න තවත් දේකට ඇබ්බැහි වෙන එක, වෙන දේකට මහන්සි වෙන එක හොදයි ද ..? දන්නෙ නැහැ .. ඒත් ටේහ්‍යොන්ග් ඩ්‍රග්ස් එක්ක ජීවත් වෙන්න බැලුවා , ක්ලබ් ගානෙ ගර්ල්ස්ලා එක්ක ඉදලා බැලුවා .. කිසි දෙයක් හිතේ තියන හිස් බවට පිලියමක් උනේ නෑ..

හිතක හිස් බව නැති කරන්න මොනවද ඕන .. කාට කොහොම උනත් ටේහ්‍යොන්ග්ට ඒකට උත්තරයක් තිබ්බෙ නෑ.. ටේහ්‍යොන්ගෙ අදුරු මූන දිහා බලලා තමන්ගෙ සහෝදරයා දුක් වෙනවා බලන්න ටේහ්‍යොන්ග්ට ඕන උනේ නෑ.. ඒකයි වෙන්ව ඉන්නත් තීරනේ කරේ ..නිදහසේ ඉන්නයි ඕන කරේ..

ටේහ්‍යොන්ග් ගෙදරින් යන වෙලාවක් හොයන්න කවුරුත් හිටියේ නෑ.. ගෙදර එන්නෙ කීයටද කියලා හොයන්න කවුරුත් හිටියෙ නැ.. ඇමෙරිකාවෙත් කවුරුත් හිටියෙ නෑ.., ඒත් ඒකට වඩා මෙහෙ වෙනස් , පුරුදු පරිසරයක අමුතු ගති එක්ක ඒක ටිකක් වෙනස් .. ටේහ්‍යොන්ග් කෑවද හොයන්න කවුරුත් හිටියෙ නෑ.. ඒකටද ටේහ්‍යොන්ග් කියන නිදහස කියලා කියන්නේ...?

වැටට බර වෙලා ලොකු කල්පනාවක හිටපු ටේහ්‍යොන්ග් නිදාගන්න තීරනේ කරේ රෑ 12 කියලා ඔර්ලෝසු වේ බෙල් එක වදිනවා ඇහුන හින්දා..

එහෙම්මම කාමරේට ඇවිත් ටේබල් එක උඩින් ග්ලාස් එක තියලා බාත්රොබ් එක පිටින්ම ඇදට වැටුනේ ලෑම්ප් එකත් නිවලා දාන ගමන් .. දවසෙම වැඩ කරලා දැනුනු මහන්සියටත් එක්ක ඉක්මනට ටේහ්‍යොන්ග් නින්දට වැටුනේ ඉස්සරහට මොනවා වෙයිද කියලා කිසිම අදහසක් ඔලුවේ නැතුව...

____________

ජන්කුක් වැඩ ඉවර වෙලා බයික් එකෙන් හෝසොක්ගෙ ගෙදරින් ගුකීවත් අරගෙන ගෙදර එනකොට රෑ 10.15 විතර වෙලා තිබුනා.. බයික් එක ගේට්ටුවෙන් ඇතුලට දාලා ගුකීව බිමින් තියනකන්ම උදේ ඉදන් වෙච්දේවල් , හොබී සමොච්චන් එක්ක සෙල්ලම් කරපු ඒවා , එයාට හම්බුන අලුත් යාලුවා ගැන තොරතෝන්චියක් නැතුව කියව කියවයි ගුකී ආවෙ ..

බයික් එකෙන් බැහැලා ගුකීවත් වඩාගෙන ජන්කුක් දොර අරින්න ගියේ ගොඩක් මහන්සියෙන් .. දොර ඇරලා ලයිට් ටික ඔන් කරලා ගුකීව බිමින් තියලා ,

" පොඩී , පපා එනකන් කාමරේට දුවලා ඇදුම් ගලවන්නකො .."

කියලා ජන්කුක් කීවෙ දොර අරිනකොටම මොනවා හරි පෑගුනා කියලා දැනුන හින්දා..

ගුකී උඩට ගියාට පස්සෙ බිමට නැමිලා දොර යටින් දාලා තිබ්බ තනි කලු පාට ලියුම් කවරේ අහුලලා ගත්තා.. ලියුම දිහා බලාගෙන ටිකක කල්පනා කරත් ,ගොඩක් මහන්සියෙන් හිටිය හින්ද මොකක් උනත් පස්සෙ බලනවා කියලා ජන්කුකුත් උඩට ගියේ ගුකීවත් වොශ් දම්මලා එයත් වොශ් දාගන්න..

කාමරේට යනකොටත් ඇදුම් ගලවලා හිටියා ගුකීවත් වඩාගෙන ඇදුම් ටික සෝදන බින් එකටත් දාලා වොශ්රූම් එකට ගිය ජන්කුක් දෙන්නත් එක්කම වොශ් එකක් දාන් ඇවිත් ගුකීට චූටි පිජාමා එකක් අන්දලා එයත් සැහැල්ලු කලිසමකුයි ටී ෂර්ට් එක්කුයි ඇදගත්තා.

" පොඩී කෑවද හොබී සමොච්චන්ලා ගෙදරින්.."

" ඕ .. හොබී සමොච්චන් මට රස නූඩ්ලස් හදලා දුන්නා පපා.."

" ඒනම් දැන් කිරි එකක් බොමු අපි හොදද..."

කියලා ජන්කුක් ගුකී එක්ක කිචන් එකට අවෙ පොඩී කලා තිබ්බ හින්ද එයාට කිරි එකක් හදලා දෙන්න.. ජන්කුක් කෑවෙ නැතත් එයාට තනියම දැන් කෑම කන්න බෑ හිතුන හින්දා එයත් කිරි එකක් බොනවා කියලා හිතුවා..

දෙන්නත් එක්ක කිරි දෙකත් බීල ඇදට ආවෙ නිදියන්න. ඇදේ හාන්සි උනාම ගුකී ඉක්මනට ජන්කුක්ගෙ බඩ උඩින් කකුල් දෙක දාලා පපුව අස්සෙ මූන ඔබගත්තේ ගුකී නිදියන්න කැමතිම විදිය ඒක හින්ද.. ජන්කුකුත් ලාවට හිනා වෙලා ගුකීගෙ ඔලුවට ඉබලා චූටි සිනිදු ඔලුව අතගාන්න ගත්තෙ ගුකීට නින්ද යනකම්...

ඉපදෙච්ච දවසෙ ඉදන්ම ඔම්මා අප්ප දෙන්නටම ගුකීට හිටියෙ ජන්කුක් විතරයි .. නර්සරි යන්න ගන්නකොට අනිත් ලමයින්ගෙ ඔම්මලා දැකලා මගෙ ඔම්මා කෝ කියලා ඇහුවත් කවදාවත් ලැබෙන්න ඕන ආදරෙන් අඩුවක් ගුකීට තිබ්බෙ නෑ..

ගුකීට නින්ද ගියා කියලා තේරුනාම පරිස්සමට කොට්ටෙ උඩින් තියලා ඩවුට් එක පොරවලා ජන්කුක් නැගිටලා ආවෙ එයාගෙ මේසෙ ගාවට .. මේසෙ ලාච්චුව ඇරලා කලින් දොර ගාව බිම තිබ්බ කලු පාට ලියුම් කවරේ අතට ගත්ත ..

ටිකක් ගනකම් කොලේකින් හදලා තිබ්බ ලියුම් කවරේ තනි කලු පාටින් තිබ්බා.. ඉස්සරහ මුකුත් නැතුව හිස්ව තිබ්බ ලියුම් කවරේ අනිත් පැත්ත හැරෙව්ව ජන්කුක් දැක්කේ ලියුම අරින්න තියන කෑල්ල රතු පාටින් සීල් කරලා තියනවා.. හරියට පේන් නැති හින්ද ලෑම්ප් එක ඔන් කරලා බැලුවම " J " කියලා සීල් එක වැදිලා තියනවා පේන්න තිබ්බා...

ඒක දිහා බලලා හුස්මක් පාත දාපු ජන්කුක් ලියුම කඩලා ඇතුලේ තිබ්බ කාඩ් එක අතට ගත්තා... කලු පාට කාඩ් එකේ සුදු පාටින් ලියලා තිබ්බා..

" මුණගස්සන්න හිතන්නවත් එපා.. "

එහෙම්මම කාඩ් එක ඇතුලට දාලා ලාච්චුවටම ලියුම දාලා ලොක් කරලා ජන්කුක් ආවෙ ඇදට .. ගුකීට එහා පැත්තෙගෙන් ඇලවෙලා
ජන්කුක් කල්පනා කරේ ඒ තිබ්බ දේ තේරුම මොකක්ද කියලා...
ලියුම ආවෙ කොහෙන්ද කියලා ජන්කුක් හොදටම දැනගෙන හිටියත් ඒ තිබ්බ වචන වල තේරුමක් ජන්කුක්ට තේරුනේ නෑ...

ඒ දේවල් හිතල තවත් මොලේ අවුල් කරගන් නැතුව , ඇදේ ඇලවුන ගමන් පෙරලිලා ඇවිත් ආයෙත් තමන්ගෙ පපුවෙ මූන ගහගත්තු ගුකී පැටියවත් බදාගෙන ජන්කුක් නින්දට වැටුනා...

_____________________________

උදේ ගුකීවත් නර්සරි එකට දාපු ජන්කුක් ඉක්මනට කම්පැනි එකට ගියේ දැන් වෙනද වගේ පරක්කු වෙවී ඉන්න බැරි හින්දා..

ID එකත් බෙල්ලට දාගෙන ටේහ්‍යොන්ගෙ කැබින් එක ඇතුලට ගියේ තාම ටේහ්‍යොන්ග් ඇවිත් නෑ කියලා දන්න හින්ද .. කලින් දවසෙ බලපු ෆයිල් ඔක්කොම එකතු කරලා අදාල තැන් වලට දාලා , ටී කප් ටික අයින් කරලා , ජන්කුක් හැරුනේ ඔෆිස් රූම් එකත් සුද්ධ කරන්න.. මොකද සේවකයෙක්ටවත් ඒක සුද්ධ කරන ටේහ්‍යොන්ග් ඒක ඇතුලට කාටවත්ම එන්න දුන්නෙ නෑ..

ක්ලීනින් සර්විස් එකටත් අන්ත වැඩ කරන ජන්කුක් හිමීට රූම් එකත් අස් කරලා ඉවර වෙනකොටම ටේහ්‍යොන්ග් කැබින් එක ඇතුලට ආවා..

" ගුඩ් මෝනිම් .. සර්.."

ටේහ්‍යොන්ග්ට ඔලුව නමලා ජන්කුක් කීවත් , කලබලෙන් ඇතුලට ආව ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බලන් නැතුවම තමන්ගෙ පුටුවෙන් වාඩි උනා..

" ආයිශ් ... මේ මනුස්සයගෙ ලොකුකම යකෝ.."

හිතින් ගුඩ් මෝනින් කීව එකට තම්න්ටම බැන ගන්න ගමන් , වැඩක් කීවෙ නැති නිසා සර්ගෙ ජූස් එක ගේන්න එලියට යන්න ගිය ජන්කුක්ට ටේහ්‍යොන්ග් කතා කරා..

" මිස්ට ජියෝන් අද වැදගත් මීටින් එකක් තියනවා දන්නවනෙ.. මේ ප්‍රොජෙක්ට් එක අපිට නැති වෙන්න බෑ කිසිම හේතුවක් හින්ද , ඒ හින්ද අපි ඊයෙ හදපු ෆයිල් ටික ආයෙ චෙක් වෙන්න ඕනෙ මුල ඉදන් , 9.30 වෙනකන් ඉන් නැතුව මීටින් රූම් එකත් රෙඩි කරන්න ඕනෙ .. දැන් යන්න පුලුවන් .."

කියපු හැම එකටම ඔලුව වනන ගමන් එලියට ආපු ජන්කුක් කැටෆේරියා එකට ඇවිත් ඉක්මනට සර්ගෙ ජූස් එක ගෙනත් තියන්න ජූස් එකත් අරන් ආ‍යෙමත් කැබින් එක ඇතුලට ගියා,

" තමුන් තවත් මොනවද මෙතන එහාට මෙහාට හැරි හැරි කරන්නෙ ... දැන් කියපු වැඩේ කරලද ආවෙ .."

ඇතුලට ගියපු ගමන් ඇගට ගොඩවෙන්න ආපු ටේහ්‍යොන්ග් දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලපු ජන්කුක් ජූස් එක හයියෙන් මේසෙ උඩින් තියලා දත් ටිකම පෙන්නල හිනාවෙනගමන් ඔලුව නවල දොරත් හයියෙන් වහන ගමන් ගස්සගෙන එලියට ආවා..

" ඇයි යකෝ ..කරත් වැරදී , නොකරත් වැරදී .. හිතන් ඇති මන් බයවෙයි කියලා.."

දොර දිහා බලාගෙන ඇස් දෙකත් ලොකු කරගෙන කුටු කුටු ගාලා බනින ගමන් ගස්සගෙන ජන්කුක් තමන්ගෙ කැබින් එකට ආවා...

.

.

.

ඔය අතරෙ තමන්ගෙ කැබින් එක ඇතුලෙ ටේහ්‍යොන් නම් හිටියෙ ඇස් ලොකු කරන් තාමත් වැහුන දොර දිහයි ජූස් එක දිහයි බලාගෙන.. මෙච්චරකල් මෙහෙම ගස්සන් ගියේ ජන්කුක් විතරයි ..

" ඒ .. මොකක්ද ඒ උනේ.. මෙයා ඕනවට වැඩී .. මට එහෙම කරන්නෙ කොහොමද තමුන් .. ජියෝන් මන් බලාගන්නම් තමුන් ගැන..."

බනිනකන්වත් ඉන්නෙ නැතුව එලියට ගිය ජන්කුක්ට හිතෙන් බනින ගමන් ඔලුව වනපු ටේහ්‍යොන්ග් ආයෙත් තමන්ගෙ ලැප් එකට අවදානය යොමු කරා...

.

.

.

.

.


________________________________Dark_Sunshiner 🤍🥀


Thanks for reading......❤️

To be Continued....


2022/09/21

Bạn đang đọc truyện trên: AzTruyen.Top