|19|

ජන්කුක් කම්මුල් දෙකට අත් දෙක තියලා දෙපාරක් විතර තට්ටු කරලා හරි සිහියට ආවා....

"මේ දේවල් පිලිවෙල මදිද..ඔහ්.. මිස්ටර් කිම් හිතාවිද මම අපිලිවෙලයි කියලා...දෙවියනේ..."

ජන්කුක් තමන් එක්කම ඕනවට වඩා නාට්‍යානුසාර උනා..පිටින බැලුවොත් කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවන්..ඒ උනාට ජන්කුක් ඇත්තටම කලබල වෙලා හිටියා... මීට ටික වෙලාවකට කලින් ජන්කුක් දුන්න උත්තරේට ජන්කුක් එක මුහුනු චලනයක තරම් ප්‍රතිචාරයක් ටේහ්‍යොන්ගෙන් ලැබුනේ නැහැ... ජන්කුක් වරදක් කරාද.. ජන්කුක් ඒක ගැන නොහිතා ඉන්න උපරිම උත්සාහ කරා.. මොකද ජන්කුක්ට එයාගේ අවනත නැති මුරන්ඩු හිතයි කටයි එක්ක තව දුරටත් රන්ඩු වෙන්න උවමනා උනේ නෑ...

ඒ වෙනුවට ජන්කුක් ගොඩාක් කලබල වෙලා ජන්කුක්ගේ පිලිවෙලට පොත් අහුරපු පොත් මේසේ ආයෙත් අස් කරන්න පටන් ගත්තා...

"ඔහ් දෙවියනේ..."

ජන්කුක්ගේ අතින් තින්ත පුරවපු වීදිරු බදුන පෙරලිලා ගියා.. ජන්කුක්ගේ වාසනාවට ඒ වෙලාව වෙනකොට තීන්ත ඉතුරු වෙලා තිබුනේ අඩියට ලන් වෙන්න නිසා ජන්කුක්ට එයාගේ පොත් මේසය විනාශ වෙන්න නොදී බේරගන්න පුලුවන් උනා.... තද කලු පාට තීන්ත වලින් සැලකිය යුතු ප්‍රමානයක් ජන්කුක්ගේ අල්ලේ ගෑවිලා තියනකොට ජන්කුක් තමන්ගේ සුදුම සුදු පාට ලේන්සුව සාක්කුවෙන් ඇදලා ගන්නකොට ජන්කුක්ගේ වටිනා මිල අධික ඇදුමේ කලු පාට තීන්ත පැල්ල්මක් තැවරුනේ ජන්කුක්ගේ ඇස් දෙක ලොකු වෙනකොට ..ඊට අමතරව ජන්කුක්ගේ ලේන්සුවේ තැනින් තැන කලු පාට තීන්ත විසිරිලා.. ජන්කුක් ඒ ලේන්සුවෙන්ම මේස්‍ය මත විසිරිලා තිබ්බ තින්ත බින්දු කිහිපයක් පිහලා දැම්මා....

අවසානයේ ජන්කුක්ගේ පිරිසිදු කිරීම අවසන් වෙනකොට ජන්කුක්ගේ මූන මතත් කලු පාට තීන්ත පැල්ලමක් හිටලා තිබුනා.... ඒත් එක්කම භාගෙට වැහිලා තිබුනු දොර ආයෙත් විවෘත වෙනකොට ජන්කුක් සුදු ලේන්සුව අතේ ගුලු කරගන්න ගමන් දොර පැත්තට හැරුනා...

හොදයි ජන්කුක් බලාපොරොත්තු උනා ඇත්තෙන්ම ටේහ්‍යොන්ග් නැවතත් ඒවි කියලා... හරියටම... ඇත්තටම ටේහ්‍යොන්ග් ආයෙත් ඇවිත් හිටියා... මේ වෙනකොට පොඩි දුඹුරු පැහැති ප්‍රමානයෙන් කුඩා සූට්කේස් එකක් ටේහ්‍යොන්ගේ අතේ රැදිලා තිබුනා..

"මි..මිස්ටර් කිම් ම..මම හිතුවා ඔබ ආයෙත් නොඒවි කියලා..."

ටේහ්‍යොන්ග් කාමරේ ඇතුලට ඇවිත් දොර වහලා බිමින් සූට්කේස් එක තියලා පිට කබාය ගලවලා දැම්මා...

"එහෙනම් ජෝන් පිලිවෙලට තිබුනු මේසය අස් කරන්න ඔය තරම් මහන්සි උනේ ඇයි...?"

ඇයි ජන්කුක්ට කොයිම වෙලාවකවත් ටේහ්‍යොන්ගෙන් දේවල් හන්ගන්න බැරි.. ටේහ්‍යොන්ග් කොහොමද මේ තරම් හැමදේම ගැන අවධානයෙන් ඉන්නේ... මත් උන වෙලාවකත්... ජන්කුක් දන් නෑ ජන්කුක්ගේ මූනෙන් පේන ස්ව්භාවන් කොයි තරම් ලේසියෙන් ටේහ්‍යොන්ග්ට එයාගේ ඇතුලාන්තය කියවන්න ඉඩ හදලා දෙනවද කියලා.. හරියටම ජන්කුක් කියන්නේ ටේහ්‍යොන්ග්ට බොහොම විවෘත කියවන්න පුලුවන් පොතක්... සමහර වෙලාවට ටේහ්‍යොන්ග් ජන්කුක්ව නොකියවා ඉන්න උත්සාහ කරා...

ජන්කුක් තමන්ගේ අතේ තිබ්බ ලේන්සුව අතට ගුලි කරන් ඔලුව උස්සලා බැලුවට ටේහ්‍යොන්ග් අඩි දෙකක් පාවිච්චි කරලා ජන්කුක් ගාවට ආවා... ඇවිත් ජන්කුක්ගේ කම්මුල මත තිබ්බ කලු පැහැති තීන්නත පැල්ලම මහපට ඇගිල්ලෙන් පිහලා දැම්මා.. ජන්කුක්ට දැනුනා තමන් හේතුවත් නැතුවම රතු වෙනවා වගේ.... කොයි තරම් උත්සාහා කරත් ජන්කුක්ට තාමත් බැරි උනා ටේහ්‍යොන්ග් ඉස්සරහා ලැජ්ජාශීලී වෙන එක නතර කරගන්න..

"අපි සහෝදරයන්ටත් වඩා ලගයි...එහෙම නේද ජෝන්... ඇයි ඔයා ඔය තරම් ලැජ්ජා වෙන්නේ..ම්ම්.."

"මි..මිස්ටර් කිම්..."

"ඔව් කියන්න පුන්චි ජෝන් මන් අහන් ඉන්නේ..."

"මම අදහස් කරේ... මෙහෙමයි.. ඒක මට....

"දෙයක් පැහැදිලි කරන්න ඔය තරම්ම මහන්සි වෙන්න එපා ජෝන්.. ජෝන් දන්නවද සමහර පොත් තියන්වා කොච්චර කියෙව්වත් එපා වෙන් නැති, ඒත් තවත් කෙනෙක්ට හිතෙනවා ඇයි ඒ පොත ඒ තරම්ම කියවන්නේ.. ඒක ඒ තරම් විශේෂද කියලා.... ඒ වගේ තමයි අපි කැමති දේවල්, අපි අදහස් කරන දේවල් එකිනෙකාට සාපේක්ෂයි,ඔයා තහවුරු කරන්න ඕන ඔයාගේ කටින් පිටවෙන වචන ඔයාගේ හිතට මොන තරම් අවංකද කියන එක විතරයි.. ඊට එහා ඒ දේවල් ගැන වද වෙන්න එපා.. ඕනවට වඩා හිතන එක තරම් ව්‍යාකූල දෙයක් තවත් නැති තරම්.. ඒ හින්දා කලබල වෙන එක නතර කරන්න ජෝන්..."

ජන්කුක් එක හුස්මට ටේහ්‍යොන්ගේ තොල් අතරින් පිට වෙන්නේ මොන තරම් ගැබුරු දේවල්ද කියලා හිතන්න උත්සාහා කරා... ඇයි ජන්කුක් ටේහ්‍යොන්ගේ බර වචන මේ තරම්ම හොද විදියට හිත ඇතුලට වද්දගන්නේ... ටේහ්‍යොන්ග් කියන්නේ මොන තරම් සම්පූර්න කෙනෙක්ද... කොහොමද ටේහ්‍යොන්ග් එයාගේ දුර්වලතා එක වචනෙකින් වහලා දන්නේ...

"ජන්කුක් ඔයා තවත් ඔතන හිටගෙන කල්පනා කරොත් උදේ වෙනකන්ම අපිට මෙහෙම ඉන්න සිද්ධ වෙයි.. අද මට ගොඩාක් මහන්සි දවසක්..."

"ඔහ්.. සමාවෙන්න මිස්ටර් කිම්.. මම ඔයාව නාන කාමරේට එක්ක යන්නම්... "

"එතකොට ජෝන්..."

"මේ තට්ටුවේ තියෙන්නේ එක නාන කාමරයයි මිස්ටර් කිම්... අපි කීප පාරකට ඒක පාවිච්චි කරන්නේ, මිස්ටර් කිම් පාවිච්චි කරාට පස්සේ මම යන්නම්..."

"හොදයි..."

ජන්කුක්ගේ උත්තරෙත් එක්ක ටේහ්‍යොන්ග් තමන්ගේ සපත්තු මේස් ගලවලා කාමරේ මුල්ලේ තිබ්බ සපත්තු රදවනේ තියලා සූට්කේස් එකෙන් ගත්තු ඇදුම් කිහිපෙකුත් තුවායත් අතකට අරන් එලියට ආවා... ජන්කුක් ඒ තට්ටුවේ කෙලවරේම තිබ්බ කාමර හා සමානම නමුත් ලී බෝඩ් එකේ සලකුනු කරපු දොරක් ගාවින් නතර උනා...

"මේක.. මෙන්න මම පාවිච්චි කරන සබන් මිස්ටර් කිම් ගැටලුවක් නෑ නේද ඒක..."

"අපි වෛද්‍ය විද්‍යාලේ හිටපු විදියත් එක්ක මම මේ ජෝන්ලා ඉන්න විදිය ගැන පුදුම වෙමිනුයි ඉන්නේ.. ඒ හින්දා ඒක මට කොහෙත්ම ගැටලුවක් නෙවෙයි.... "

ජන්කුක් කම්මුල් දෙක පුම්බලා ටේහ්‍යොන්ගේ අතින් කුඩා පිත්තල සබන් රදවනය තියලා ආපහු හැරුනා... ජන්කුක්ට සිද්ධ වෙනවා තවත් මෙට්ටයක් ගන්න... ඒ හින්දා ජන්කුක් තට්ටුවේ අනිත් කොනේ තිබුනු කාමරේ යතුරක් දාලා ඇරලා විදුලි ලාම්පුව පත්තු කරා... ඒ කාමරේ රෝල් කරපු මෙට්ට, පොත් මේස බුමුතුරුනු, කොසු වගේ දේවල් ගොඩාක් තිබුනා.. ජන්කුක් ටිකක් ඉහලට වෙන්න රදවලා තිබුන් රෝල් කරපු මෙට්ටයක් අරන් ඒක එලියෙන් තියලා කාමරේ වහලා දැම්මා. ඊට පස්සේ ඒකත් අරන් කාමරේ ලගට එනකන් අමාරුවෙන් ඇවිත් හොදට මෙට්ටය පිරිසිදු කරලා කාමරේ ඇතුලට ගත්තා.. ජන්කුක්ගේ පුන්චි ඇද ගාවින්ම මෙට්ටේ අතුරපු ජන්කුක් පොඩි ලී අල්මාරිය ඇතුලේ තිබ්බ ඇතිරිලි ගොඩාක් අරන් සැපපහසු විදියට හදලා පුලුන් කොට්ටයක උර මාරු කරලා දැම්මා...

ඔක්කොම ඉවර උනාට පස්සේ ජන්කුක් මුලු කාමරේ පුරාම තෘප්තිමත් බැල්මක් හෙලල අත් දෙක එකට ගැසුවා..

මාර්තාගේ අවන්හලෙන් කෑම ගත්තු හින්දා ජන්කුක්ට බඩගින්නක් තිබුනේ නෑ.. ටේහ්‍යොන්ග්ට කොහෙත්ම බඩගින්නක් නැතුවැති කියලා ජන්කුක් අනුමාන කරා.... ජන්කුක් එයා කබාය ඇතුලේ හන්ගන් ආපු පොත ප්‍රවේසමෙන් පොත් ගොඩ අතරේ තියලා එයාගේ ටේහ්‍යොන්ග් දුන්නු පුන්චි මල් පොකුර මේසේ කෙලවරකින් රැදෙව්වා...

ඒ මල් ටිකකින් පර උනත්.. ජන්කුක් ගොඩාක් ආස කරා... තෑග්ගක් සුබ පැතීමක් විදියට ටේහ්‍යොන්ග් වගේ කෙනෙක්ගෙන් මල් පොකුරක් ලබාගන්න එක, ඒක ඇත්තටම ජන්කුක්ට ගොඩාක් ලොකුවට දැනුනා...

ටික්කින් ටේහ්‍යොන්ග් ආවම ජන්කුක් ඇදුම් ටිකත් ගුලි කරන් නාන කාමර පැත්තට ගියේ ටේහ්‍යොන්ග්ට ඇදෙන් නිදාගන්න කියලා කියන ගමන්...ජන්කුක් ඉක්මන් සේදීමක් කරලා සුදු පාට රැ ඇදුමකට මාරු වෙලා ආයෙත් එනකොට ටේහ්‍යොන්ග් හාන්සි වෙලා හිටියා.. ඒත් ජන්කුක් බලාපොරොත්තු උන තැන නෙවෙයි, බිම...

"දෙවියනේ මිස්ටර් කිම්, ඔතනින් නැගිටින්න... "

"මොකද ජෝන් කෑ ගහන්නේ..ඔයාට ඕන ඔයාගේ යාලුවන්ව මේ වෙලාවේ කාමරේට ගෙන්නගන්නද?"

ජන්කුක් තොල් දෙක නපුරු විදියට හදලා ටේහ්‍යොන්ග්ට රැව්වා...

"ඒත් මම කිව්වේ මිස්ටර් කිම්ට ඇදෙන් නිදාගන්න.. ඒත් ඔය මොකක්ද ඔය...."

"ඇදත් , බිමත් එකයි ජෝන්.. වෙනසක් නෑ බිම මට සැපපහසුයි , මේක මෙට්ටයක් ඉතින් ඇයි කලබල වෙන්නේ..."

"ඒත්..ඒත්..මම කිව්වා මිස්ටර් කිම්ට මෙහෙ නවතින්නයි කියලා.. සමහර විට තානායම් කාමරයක ගියා නම් මීට වඩා සැපපහසු විදියට මිස්ටර් කිමට ඉන්න පුලුවන් වේවි..."

ජන්කුක්ගේ මූන කලු වෙලා...

"මෙතන කොච්චර සනීපද කියලා ඔයාට පොඩිවත් අදහසක් නෑ ජෝන්.. ඕනද උත්සාහා කරලා බලන්න..."

"අහ්..."

ජන්කුක් එයාගේ තුවාය, ඒ වගේම ඇදුම්, ඇදුම් රාක්කයේ පැත්තකින් එල්ලුවා... එල්ලලා ටේහ්‍යොන්ග්ට මුනු මුනු ගාලා බනින ගමන් කන්නාඩි මේසෙන් එබිලා කොන්ඩේ පැත්තට පීරගත්තා..ඊලගට සුදුපාට පුයර වගයක් මූනේ බෙල්ලේ ගා ගත්තා...

ටේහ්‍යොන්ග් මේ හැමදේම දිහා ඔලුවට යටින් අතක් තියන් බලන් හිටියා.. හරියට තමන්ගේ තරහ උන බිරිද ඇදට නිදාගන්න එනකන් බලන් ඉන්න ස්වාමියෙක් වගේ...

ජන්කුක්ගේ මූන බබෙක් වගේ පෙනුනේ... මොනා උනත් ජන්කුක් ගාපු දේ සුවදින් කාමරේ පිරිලා ගියා... සුදු පාට ලොකු රාත්‍රී ඇදුමට ජන්කුක්ව ලස්සනට ටේහ්‍යොන්ග්ට පෙනුනා.. ටේහ්‍යොන්ගේ මත් උන ඇස් දෙක පියවෙන්න ආවත් ටේහ්‍යොන්ග් ඇරන් ඉන්න උත්සාහා කරා...

"මිස්ටර් කිම් කරුනාකරලා ඇදට යන්න..."

"ඔහ්..ජෝන් නපුරු වෙන්නත් දන්නවද... කරුනාකරලා ජෝන් නිදාගන්න මට මහන්සියි..."

"ඒත්.."

"..."

"ආආහ්... මිස්ටර් කිම්...!!"

ජන්කුක්ට දැනුනේ තමන් සම්පූර්නයෙන්ම ඇදන් වැටිලා වගේ... ටේහ්‍යොන්ගේ දිග අත ඇදෙන් ඇදලා ගත්තු කොට්ටේ ජන්කුක්ගේ ඔලුව යටින් තද උනාම ජන්කුක් ඔලුව කරවලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා... ජන්කුක්ගේ ඇස් ලොකු උනා... මිස්ටර් කිම් අද ඕනවට වඩා මත් වෙලා...

"මෙහෙම ඉන්න බෑ මිස්ටර් කිම්... මම..."

"බලන්න මම බොරුද කිව්වේ , මෙතන ගොඩාක් සනීපයි... ඒ වගේම දැන් සුවදයි..."

ටේහ්‍යොන්ගේ නහය ජන්කුක්ගේ බෙල්ල හරියෙන් දැනුනම ජන්කුක් තමන්ව වෙව්ලන එක නතර කරගන්න උත්සාහ කරා.. ටේහ්‍යොන්ග් ගාවින් සීතල උනුසුම් බවක් ගලන් ආවා.. ටේහ්‍යොන්ග් මත් උනාම මේ තරම් සෙල්ලක්කාරද....

"මිස්ටර් කිම් මම හිතන්නේ අද ඕනවට වඩා මත් වෙලා..."

"ඒක මමත් පිලිගන්නවා පුන්චි ජෝන් දන්නවද..."

"ම්ම්.."

"තානායම් කාමරයක මේ තරම් සැපපහසු ආගන්තුක සත්කාර නැහැ.. ම්ම්හ්.. මේ තරම් සුවදත් නැහැ..නිදාගන්න... මට මහන්සියි..."

ජන්කුක්ගේ කන ලග ස්පර්ශ වෙන ටේහ්‍යොන්ගේ නහය වගේම ඉන වටේ පැටලුනු ටේහ්‍යොන්ගේ දරදඩු අත ජන්කුක්ගේ නින්ද ඈතට ඇදලා දැම්මා.. ජන්කුක් ප්‍රාර්තනා කරා හෙට උදෑසන වෙනකොට ටේහ්‍යොන්ග්ට මේ කිසි දෙයක් මතක නොතිබෙන්න කියලා....

.





.




.




.



.




.

*********************

___________________________Dark_Sunshiner 🤍🥀


Hey....🍃💫

මත් උනාම සෙල්ලක්කාරයි.....

Happy New Year...💐🍃💫

Thanks for reading ❤

To be Continued...

2024/04/17

Bạn đang đọc truyện trên: AzTruyen.Top