|14|
ටේහ්‍යොන්ග් ඉදගෙන හිටියේ ජෝන් මන්දිරේ හරි උණුසුමට තිබ්බ විසිත්ත කාමරේ.. මොකද හිම පතනය ටිකෙන් ටික වැඩි වෙනකොට සීතල ගොඩාක් එලියේ වැඩි වෙලා තිබ්බා...
අනික ජන්කුක්ගේ බලවත් පෙරැත්තත් එක්ක ටේහ්‍යොන්ග් තීරනේ කරා ජන්කුක් එක්ක ජෝන් මන්දිරේට එන්න.. ඒත් ටේහ්‍යොන්ග්ට ඒක ගැන තිබ්බෙ දෙගිඩියාවක්.. ඒත් ජෝන් මන්දිරේට අඩිය තියනකොටම ජෝන් මහත්මියගෙන් ලැබුනු උන්සුම් පිලිගැනීමත් එක්ක ටේහ්‍යොන්ග්ට ඒක නැතිව ගියා..
මේ වෙලාවේ ටේහ්‍යොන්ග් විසිත්ත කාමරේ දල්වලා තිබ්බ ගිනි උදුන ඉස්සරහා තිබුනු ලොකු පුටුවට වෙලා සුවපහසු විදියට හිටියේ ජෝන් මහත්මිය සංග්‍රහ කරන්න ඇතුලට ගිය හින්දා...
"මේක බොන්න මිස්ටර් කිම් එතකොට සීතල ගතිය ඇරිලා යයි, කුක් කිව්ව ගොවිපලෙන් කිරි බිව්ව කියලා..."
රවුම් ලොකු කෝප්පෙක දාපු උනුසුම් තේ පානයක් ටේහ්‍යොන්ග්ට දෙන ගමන් මිසිස් ජෝන් එහෙම කිව්වම ටේහ්‍යොන්ග් යන්තම් හිනා වෙලා ඒක භාරගත්තා...
"අපහසුවෙන් ඉන්න අවශ්‍ය නැහැ මිස්ටර් කිම්, මිස්ටර් කිම් නොදන්න තැනක් නෙවෙයිනේ මේක, මට සතුටුයි මේ වතාවේ අමුත්තෙකුත් අපිත් එක්ක නත්තල සමරන්න එකතු වෙන එකට... "
ජෝන් මහත්මිය එහෙම කියන ගමන් ටේහ්‍යොන්ග් අතින් අලුතින්ම පුලුස්සපු කුකී පීරිසියක් තියනකොට ටේහ්‍යොන්ග් ඒකෙන් එකක් අතට ගත්තා.. ඒත් එක්කම් කොහෙදෝ ඉදන් අත් දෙකෙන්ම කිරි වීදුරුවක් උස්සන් ජන්කුක් ආවේ ටේහ්‍යොන්ග් ඇස් කොනින් ඒ දිහා බලනකොට...
"කොච්චර කිරි බිව්වත් මෙයාගේ මේ ගතිය නම් ඇරෙන් නැහැ මිස්ටර් කිම්.. මේ කිරි බීලා පැයක් යන්න කලින් තවත් කිරි වීදුරුවක් බොන්න අපේ කුක්ට පුලුවන්..."
පොඩි ලමයෙක් වගේ කට වටේ කිරි ගාන් බොන ජන්කුක්ගේ ඔලුව අතගාලා එහෙම කියන ගමන් ජෝන් මහත්මිය ඇතුලට ගියා.. ඒ ගමන්ම ටේහ්‍යොන්ග්ට එහා පැත්තෙනම වාඩි උන ජන්කුක් කකුල් දෙක ගිනි උදුනට දික් කරන ගමන් කිරි එක බොන්න ගත්තා...
"ජෝන් දැන් පොඩි ලමයෙක් නෙවෙයි..."
ටේහ්‍යොන්ග් එහෙම කිව්වෙ ජන්කුක් කම්මුල් පුම්බගද්දියි..
"ඉතින් ඒකේ වෙනසක් නැහැනේ... "
"ඒකේ වෙනසක් තියනවා, මිනිස්සු වයසින් වැඩෙනකොට සමහර ගති වෙනස් වෙන්න ඕන..."
"ඒ මිස්ටර් කිම් හිතන විදිය, හැමතැනම නොවුනත් ලමා ගති ඉස්මතු වෙන්න ඕන තැන් තියනවා.. මිස්ටර් කිම් වයසට වඩා පරිනතයි ඒකයි එහෙම පේන්නෙ..."
ටේහ්‍යොන්ග් ඔලුව දෙපැත්තට වනන් ගමන් කෝප්පේ තොල ගාන්න ගත්තා..
"ඒත් මිස්ටර් කිම් කියන්න එපා මට වගේ ලමා කාලයක් තිබ්බේ නහැ කියලා... "
"මම එහෙම දෙයක් අදහස් කරේ නෑ ජෝන්.. ඒත් මම ජෝන්ගේ වයසෙදි ඩෑඩ්ගේ බිස්නස් බලාගන්න ගමන් වෛද්‍ය උපාධියත් හැදෑරුවා..."
"මිස්ටර් කිම් ලස්සනම කාලේ මගෑරගෙන,, ඒකයි මිස්ටර් කිම්ට මාව පොඩි ලමයෙක් වගේ පේන්නෙ..."
ජන්කුක් කියන දේවල් වලට ටේහ්‍යොන්ග්ට දෙන්න උත්තර තිබුනේ නෑ... සමහර විට ඒවා ඇත්ත වෙන්න ඇති.. ටේහ්‍යොන්ග් එහෙම හිතන්න පෙලඹුනා.. මොකද ඇත්තටම ජන්කුක් තරම් නිදහසේ ජීවත් වෙන චරිතයක් ටේහ්‍යොන්ගේ ජීවිතේට සමීප උනු පලවෙනි අවස්තාව මේක... ඉතින් ටේහ්‍යොන්ග් වෙනස් දේවල් හිතන්න ඒක පෙලබවීමක් උනා... නමුත් ටේහ්‍යොන්ග් ගොඩාක් ප්‍රමාදයි...
"මිස්ටර් කිම් කලින් පාවිච්චි කරපු කාමරේම පාවිච්චි කරන්න බැරි වෙයි, මොකද නැගෙනහිර කොටසට සීතල වැඩියි උඩ කාමරයක් මන් සූදානම් කරවන්නම්, ඒකට ගැටලුවක් නැහැ නේද මිස්ටර් කිම්..."
ජෝන් මහත්මිය එතනට එන ගමන් ටේහ්‍යොන්ගෙන් ඇහුවම ටේහ්‍යොන්ග් ඔලුව වනන ගමන් එකගතාව පල කරා...
ටික වෙලාවකින් ටේහ්‍යොන්ග් වගේම ජන්කුක් දෙන්නම තරප්පු පෙල නැගලා උඩට ආවේ කාමරේ උඩ සූදානම් වෙලා හින්දා.. ටේහ්‍යොන්ග් නාන කාමරය පාවිච්චි කරලා උණුසුම් වතුරෙන් සෝදගෙන ඇදුම් ඇදගත්තේ ටේහ්‍යොන්ගේ අගුලු දාපු කාමරේ පිටින් එක දිගට තට්ටු කිරීම් ගනනාවක්ම ඇහෙනකොට..
මිසිස් ජෝන් ටේහ්‍යොන්ග්ට ගැලපෙන අලුත් ඇදුම් සූදානම් කරලා තිබ්බෙ ටේහ්‍යොන්ග් ඇදුම් ගැන මතක් කරන්නත් කලින්.. ටේහ්‍යොන්ග් සිතලට අදින කබායත් උඩින් දාන් නොයිවසිල්ලෙන් දොරට තට්ටු කෙනා බලන්න දොර විවෘත කරා....
ඒත් දොර විවෘත කරාම ටේහ්‍යොන්ග්ට පෙනුනේ රෙදි පොට්ටනියක් කාමරේ ඉස්සරහින් ගොඩ ගහලා වගෙයි.. ඒ රෙදි ගොඩට උඩින් පුන්චි බෝල ඇස් දෙකක් පේනකොට ටේහ්‍යොන්ග් ඉනටත් අත තියන් ඔලුව දෙපැත්තට වැනුවේ ජන්කුක්වනම් කවදාවත් හදන්න බැහැයි කියන්න වගේ...
"මිස්ටර් කිම් ඔතනින් අයින් වෙන්න... මට ඇතුලට එන්න ඕන...."
ජන්කුක් අර ඇතිරිලි ගොඩ අස්සේ ඉදන් කෙදිරි ගානකොට ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අතින් උඩින්ම තිබ්බ ඇතිරිල්ල ගත්තම ජන්කුක් ඇතුලට ඇවිදගෙන ආවා...
"ඔම්මා ඇතිරිලි උනුසුම් කරලා..."
ජන්කුක් කතා කරන ගමන් අරන් ආපු ඔක්කොම ලී මේසය මතින් තියලා ටේහ්‍යොන්ගේ පැත්තට හැරුනා...
"නැගෙනහිර කොටසට වැඩිය සුවපහසුයි..."
ටේහ්‍යොන්ග් එහෙම කිව්වේ සීතල ඇතුලට නොඑන විදියට හදලා තිබුනු ලී ජනෙල් රාමුව දිහත් බලන ගමන්...
"ඒක එහෙම තමයි මිස්ටර් කිම් මේ කොටසට කවදාවත් අමුත්තො එන්නේ නැහැ....අනික සිඋත කාලෙට අමුත්තෝ එන්නේම නැහැ.. "
ජන්කුක් අර ලොකු ඇතිරිල්ල ඇද උඩින් එලලා අනිත් ඇතිරිලි දෙකත් උඩින් එලන ගමන් අරන් ආපු උනුසුම් වතුර පුරවපු බෝතල් අර ඇතිරිලි අතරින් කොට්ට ගාවිනුත් එක්ක තිබ්බා... ඒ ආයෙත් ඇතිරිලි ඇතුලත උනුසුම් වෙන්න ඒ වගේම නිදාගන්නකොට සුවපහපු ගතියක් දැනෙන්න.. අද නත්තල පටන් ගන්න නිසා සීතල වැඩියි එලියේ හිම පතනය ටිකක් වැඩියෙන් වෙනවා... ගිනි උදුන දැල්විලාම තිබුනු හින්දා කාමරය තවත් උනුසුම්...
එහෙට මෙහෙට නැමෙන ගමන් කාමරේ ඇතිරිලි සකස් කරන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ ලා හිනාවක් මූනේ තියන්... ටේහ්‍යොන්ග්ට හිතුනේ ජන්කුක් හරිම කඩිසර ලමයෙක් කියලා, ඒ උනාට ටේහ්‍යොන්ග් දැනන් හිටියේ නෑ මේ තරම් ඇදක් වෙනුවෙන් ජන්කුක් මහන්සි උනාමයි කියලා...
"තව ටිකකින් අප්පා ඒවි..මිස්ටර් කිම් එනවද මාත් එක්ක සැරසිලි කපන්න... ශෙරම් අන්කල් ලොකු බෝල්සම් ගහක් කපලා දුන්නා මට...."
ජන්කුක් ටේහ්‍යොන්ගේ අතින් අල්ලන් ඇහුවේ ටේහ්‍යොන්ග් ටික වෙලාවකින් ඔලුව වනනකොට... ජන්කුක් ටේහ්‍යොන්ග්වත් ඇදගෙන පඩිපෙල බැස්සේ ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ වේගයටම යන්න උත්සහා කරනකොට.... විසිත්ත කාමරේ ගිනි උදුන ලග විශාල බුමුතුරුනක් එලලා තිබ්බේ රතුපාට සුදු පාට රටාවක් ගිය, ඝනකම නිසාම පොලවේ සීතල උඩට දැනුනේ නැහැ...
"මිස්ටර් කිම් මෙතනින් වාඩිවෙන්න, මම ඉක්මනින් බඩු ටික අරන් එන්නම්.. "
ජන්කුක් එහෙම කියලා ආයෙත් වතාවක් දඩි බිඩි ගාලා දුවන් ගියාම ටේහ්‍යොන්ග් හිනා වෙලා විසිත්ත කාමරේ ලොකු ඉඩක් අරන් තිබ්බ නත්තල් ගහ දිහා බැලුවා... නත්තල් ගහ සාම්ප්‍රදායිකයි, පොඩි ලමයි සතුටු වෙනවා, තාමත් ජන්කුක් නිසා මෙහෙ නත්තල් ගහක් නිර්මානය වෙනවා කියලා ටේහ්‍යොන්ග්ට හිතුනා...
ටික්කින් ජන්කුක් ආවේ ලොකු ඝනකම් කඩදාසි වලින් කරපු පෙට්ටියක් උස්සගෙන , යටින් කූඩෙකුත් එල්ලෙනවා... බුමුතුරුනේ ඉතුරු උන ලොකු ඉඩ උඩින් පෙට්ටිය තිබ්බ ජන්කුක් අර කූඩෙත් එතනින්ම තිබ්බා..කූඩේ පිරිලා තිබුනේ තද රතු පාට ඇපල් වලින්... ඇපල් වලින් අමුතුම සුවදක් ආවේ හැම ඇපල් ගෙඩියකම කරාඹු නැට්ට ගානේ ගහලා තිබුනා කල් තියා ගන්න...
"අපිට කම්මැලි හිතුනාම කන්න මන් ඇපල් ටිකක් ඉල්ලගත්තා , මිස්ටර් කිම් වාඩි වෙන්න හ්‍යුන්ග් මට සැරසිලි ගොඩාක් ගෙනත් දුන්න මට ටිකයි හදන්න තියෙන්නේ..."
ජන්කුක් බිමින් ඉදගෙන අර පෙට්ටිය විවෘත කරලා ටෙහ්යොන්ගේ අතින් අල්ලන් බිමින් ඉන්දවගත්තේ ටේහ්‍යොන්ග්නුත් එරමිනියා ගොතන් වාඩි වෙද්දි... මේ වෙනකොට තමයි ටේහ්‍යොන්ගේ අවධානය යොමු උනේ තමුනුත් ඇදන් ඉන්නේ ජන්කුක්ගේ වගේම ඊට වඩා ලොකු ඇදුම් කට්ටලයක් කියලා.... සාමාන්‍ය ජෝන් මන්දිරේ ඇදුම් නිර්මාන්‍ය වෙන විදියට අනුව...
"මිස්ටර් කිම්..මේ..ම් මේක කපන්න පුලුවන්ද , මම හිතන් ඉන්නේ ලොකු තරු හැඩ ටිකක් කපන්න..."
ඇපල් කෑල්ලක් කඩන් හක්කේ පුරවන් ජන්කුක් ටේහ්‍යොන්ගේ ලගට කහ පාටින් දිලිසෙන සැරසිලි කොල ලන් කරාම ටේහ්‍යොන්ග් හොද හුස්මක් අරන් කලු පාට ලොකු කතුර අතට ගත්තා..
"කුක්.. දෙවියනේ මේ මොකද... මම කලිනුත් ඔයාට පැහැදිලිවම කිව්වා මිස්ටර් කිම් කියන්නේ ඔයාගේ සෙල්ලම් වලට ගාවගන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා..."
ටික වෙලාවකින් මිසිස් ජෝන් විසිත්ත කාමරයට එනකොට බුමුතුරුන පුරාම දිලිසෙන විසිතුරු කොල.... නත්තල් ගහේ එල්ලන්න ගෙනාපු පාට වලින් දිලිසෙන බෝල ඒ වගේම ටේහ්‍යොන්ග් ජන්කුක් ඇදලා තිබුනු හැඩ වලට තරු කපනකොට ජන්කුක් දිග දිලිසෙන කොල වලින් පටි කපනවා, ඒ වගේම භාගෙට කාලා ඉතුරු ඇපල් කූඩේ.... මිසිස් කිම් පපුවට අත තියාගත්තේ මිස්ටර් කිමුත් ජන්කුක් වගේම බිමින් ඉදන් ඉන්නකොට...
"ඒකට කමක් නැහැ මිසිස් ජෝන්... මේක හොදයි වෙනසකටත් එක්ක... "
ටේහ්‍යොන්ග් ලා හිනාවක් දීලා එහෙම කිව්වම ජන්කුක් මිසිස් ජෝන්ට දිව ඇදලා ටේහ්‍යොන්ග් එක්ක හුරතල් විදියට හිනා උනා.. ඒත් එක්කම ඉස්සරහා වාහනයක් නවත්තන හඩ ඇහෙනකොට මිසිස් ජෝන් එහෙමම ඉස්සරහට ඇවිදන් ගියා...
"දැන් හරි මිස්ටර් කිම් අපි එල්ලමුද... උඩින්ම තරුව රදවන්නේ කොහොමද අපි ..."
"ම්ම්..පුන්චි ජෝන්ට ඒක මම තියලා දෙන්නම්.. එතකන් මෙතන පිරිසිදු කරලා අනිත් ටික එල්ලමු...
ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් ඒකට එකග වෙලා ඔලුව හොලවන ගමන් කෑලි කැපිලා එහා මෙහා ගිය කොල එකතු කරන්න ගත්තා... ටිකකින් මිස්ටර් ජෝන්, මිසිස් ජෝන් එක්ක නම්ජූන් විසිත්ත කාමරයට එනකොට නත්තල් ගහ ගාව තිබුනු පොඩි බංකුවේ නැගගෙන ජන්කුක් අර සැරසිලි වලින් නත්තල් ගහ සරසන ගමන් හිටියා වගේම ටේහ්‍යොන්ග් අතේ ලොකූ සැරසිලි ගොඩාක් පුරවන් ජන්කුක් ගාවින් හිටගෙන හිටියා..
"මිස්ටර් කිම් සුභ සන්ධ්‍යාවක්... මට ආරංචි උනා අද නත්තලට මිස්ටර් කිම් අපිත් එක්ක එකතු වෙනවා කියලා.. ඒක අපිට ලොකු සතුටක්..."
"අප්පා... මගේ නත්තල් ගහ ලස්සනයි නේද...."
ආව ගමන් තමන්ට අප්පා අවදානය නොදුන්න හින්දා ජන්කුක් මැදින් කතා කරනකොට නම්ජූන් පිටිපස්සට වෙලා ජන්කුක්ට කට ඇද කරලා හිනා උනා...
"ම්ම්.. ඒක ලස්සනයි ජන්කුක්.. ඒත් මිස්ටර් කිම්ට ඕනවට වැඩිය කරදර කරන එක නම් හොද වැඩක් නෙවෙයි..."
"මිස්ටර් කිම් ඒකට කැමතියි.. එහෙම නේද මිස්ටර් කිම්...."
ජන්කුක් හැරිලා තමන්ගේ ලගම ඉන්න ටේහ්‍යොන්ගෙන් හිනා වෙලා ඇහුවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කොන්ඩේ චුට්ටක් ඇවිස්සුවා...
"ඒකට ගැටලුවක් නෑ මිස්ටර් ජෝන්... මම කරදර වෙන්නේ මම මෙහෙම ආපු එක ගැන...."
"අපිට තවත් අය එකතු වෙන එක කිසිම ගැටලුවක් නෑ මිස්ටර් කිම්.. ඔබතුමාව අපිට ගෞරවයක්..."
මිස්ටර් ජෝන් එහෙම කියන ගමන් ඇතුලට යනකොට මිසිස් ජෝනුත් ඒත් එක්කම ගියේ නම්ජූන් ජන්කුක්ගේ කොන්ඩේ අවුස්සලා කන මිරිකනකොටයි...
"අහකට යන්න හ්‍යුන්ග්.. මගේ කොන්ඩේ තියෙන්නේ අවුස්සන්න නෙවෙයි..."
නම්ජූන්ගේ අත අහකට තල්ලු කරලා ජන්කුක් කෑ ගහලා කර වටේ පටලන් හිටිය අනිත් පීත්ත පටියත් අරන් ගහේ තැනින් තැනින් රැදෙව්වා...
"කොහොමද ටේහ්‍යොන්ග්...වැඩ..."
"ප්‍රශ්නයක් නෑ නම්ජූන් කෙරීගෙන යනවා.. ජන්කුක් මට ගොඩාක් උදව් කරනවා..."
ටේහ්‍යොන්ග් එයා ගැන හොද කියනකොට ජන්කුක් නම්ජූන්ට දිව ඇදලා ටේහ්‍යොන්ගේ අතේ තිබ්බ කම්බි කොකු සම්බන්ධ කරපු බෝල අරගත්තා...
"එහෙනම් රෑ කෑමට මුන ගැහෙමු ..."
ඊලගට ගෙවුන මුලු වෙලාවට ටේහ්‍යොන්ග්ට සිද්ධ උනා ජන්කුක් එක්ක එකතු වෙලා නත්තල් ගහ වෙනුවෙන් වැය කරන්න.. අන්තිමටම ලොකු තරුව ගහ මුදුනින් රදවලා දෙන්නත්... ඒ වෙලාවේ ජන්කුක් අත්පුඩි ගහලා හයියෙන් හිනා උනේ ටේහ්‍යොන්ගෙත් මූනේ හිනාවක් රදවලා... ටේහ්‍යොන්ග්ට අවසාන වෙනකොට හරි තෘප්තිමත් හැගීමක් දැනුනා...කවදාවත් නැති තරම් , ටේහ්‍යොන්ග්ටේ ලමා කාලේ මේ වගේ ගෙවුන මතකයක් ටේහ්‍යොන්ග්ට තිබුනේ නෑ.. ජන්කුක් එක්ක කරන හැම දෙයක්ම ටේහ්‍යොන්ග්ට එක්තරාම අත්දැකීමක්....
රෑ කෑම වෙලාවේ විශාල විදියට රාත්‍රී කෑම මේසේ පිරිලා තිබුනා.... අද මධ්‍යම රාත්‍රියේ දේව මෙහෙයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ගමන් පවුලක් එකතු උන රාත්‍රී කෑම මේසයක් ටේහ්‍යොන්ග් භුක්ති වින්දා... ටේහ්‍යොන්ග් නිශ්ශබ්දව කෑම ගත්තත් අද ජෝන් මන්දිරේ කෑම මේසේ නිහඩ උනේ නෑ.. ජන්කුක්ගේ විහිලුවක්, එහෙමත් නැත්නම් හැමෝම එකතු වෙලා ජන්කුක්ට කරන විහිලුවක්, ඒකට තරහෙන් මූන පුම්බගත්තු ජන්කුක් කෙනෙක් හරිම විනෝදයි...
අවසානයේ මධ්‍යම රාත්‍රිය වෙනකොට ජෝන් මහත්මයාගේ වාහනේ ජෝන් මහත්මියත්, නම්ජූන්ගේ වාහනේ ටේහ්‍යොන්ග් ජන්කුක් දෙන්නත් දේවස්තානයට යන්න ගත්තා.... දේවස්තානයට ඇතුල් වෙනකොටම ලොකු කබා උනා දාලා ඇතුලට යනකොට තද කලු පාටින් කරපු දිලිසෙන කඩාහැලෙන රෙද්දෙන් කරපු අත් දිග ලස්සන කමිසයකින් සැරසුනු ජන්කුක් ටේහ්‍යොන්ගේ අතේ එල්ලුනා... ටේහ්‍යොන්ග් යන්තමින් හිනා වෙලා ඇතුලට ගියේ සීතලටම රත් පැහැ උන ජන්කුක්ගේ කම්මුල් දිහාත් බලන ගමන්...
දේව මෙහෙය අවසන් වෙනකොට ජෝන් මහත්මයා පියතුමන්ව මුනගැහෙන්න ගිය හින්දා ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක එලියට ආවා... කලු පාටින්ම කරපු උනුසුම් අත් වැසුම් දාපු අත් දෙක එකට අතුල්ලන ගමන් ජන්කුක් බලන් හිටියේ ඈත අහසේ අදුරු පාටින් පායපු අතරින් පතර පේන තරු දිහා...
"මේ වගේ අහස බර උන වෙලාවකත් තරු පේනකොට ඒක ලස්සනයි නේද මිස්ටර් කිම්..."
"ම්ම්.. ඒක ලස්සන විතරක්ම නෙවෙයි පුන්චි ජෝන්... එහෙම අදුරෙන් බර උන අහසට එක පුන්චි තරුවක් කියන්නෙත් මහා සැනසීමක්..."
.
.
.
.
.
.
************************
___________________________Dark_Sunshiner 🤍🥀
කෝමද...
කාලෙකින් ,
දිගටම දෙනවා...🎄✨♥️
Writing style එක පොඩ්ඩක් වෙනස් වෙලාද දන් නෑ.. ගොඩක් කාලෙකින්නේ....
මොනා හරි කියන් යන්නෝ...🫶🍂<3
Thanks for reading...♥️
To be Continued...
2024/02/06
Bạn đang đọc truyện trên: AzTruyen.Top