|10|
"කුක්..ඔයා නැගිටින්නේ නැද්ද තාම..."
මිසිස් ජෝන් දෙවෙනි පාරටත් ජන්කුක්ගේ කාමරේ දොරට තට්ටු කරලා කතා කරා... වෙනදා නම් උදේම නැගිටලා ගෙදරින් එලියට යනකොට නිවාඩුවට ආවත් ජන්කුක් ගෙදරට වෙලා ඉන්නකොට ඒක අමුතු උනා... තාමත් ජිමින් ඇවිත් නැති හින්දා එහෙම වෙන්න ඇති කියල හිතුවා...
"තව ටිකක් ඔම්මා..."
"ඉක්මනට එන්න... අද ජිමින් එනවා කියලා තිබුනා නේද... ඒ හින්දා අදවත් එලියට යන්න.."
වෙනදට ගෙදරින් යනවට කෑ ගැහුවත් ජන්කුක් මුලු ගැන්විලා හින්දා මිසිස් ජෝන් එහෙම කියන ගමන් තරප්පු පෙල බහින්න ගත්තා...
ටික වෙලාවකින් පහල තට්ටුව පුරාවටම පියානෝවකින් ගලාගෙන ගිය ලස්සන සංගීතයකින් පිරිලා යනකොට දවල් උනත් කෑ ගහන සීත කුරුල්ලන්ගේ හඩත් එක්ක ඒක හරිම ලස්සනට ඇහුනා....
ජන්කුක් මන්දිරෙන් පිට නොවුනට එයාගේ අලුත් පියානෝවත් එක්ක කාලේ ගත කරන්න පුරුදු උනා වගේම ඒක මුලු මන්දිරේ ඉන්න හැමෝගෙම කන් පිනෙව්වා...
"ඔහ්.. ඔම්මා.."
දැහැනකට සම වැදිලා වගේ තමන්ගේ වාදනය අවසන් කරපු ජන්කුක් හැරිලා බැලුවාම දැක්කේ කිරි වීදුරුවකුත් අතේ තියන් පිටිපස්සෙන් හිටන් ඉන්න මිසිස් ජෝන්ව...
"ඉවරද..ඒක ගොඩාක් ලස්සනයි කුක්..."
ජන්කුක්ගේ අතෙන් කිරි වීදුරුව තියන ගමන් ඇවිස්සිලා මූනට වැටුනු කොන්ඩේ පිටිපස්සට කරලා මිසිස් ජෝන් එහෙම කිව්වම පියානෝවටම තිබ්බ පොඩි ස්ටූල් එකේ ඉදන් අනිත් පැත්ත හැරෙන ගමන් ජන්කුක් කිරි උගුරක් බිව්වා....
තාමත් රෑට අදින සුදු කඩා හැලෙන රෙද්දෙන් කරපු සැහැල්ලු කලිසමයි කමිසෙනුයි හිටපු ජන්කුක් හරි හුරතලේට පෙනුනා....
"ඔහ්... සුභ මධ්‍යහනක්... මිසිස් ජෝන් ඉන්නවද..."
එත් ඉස්සරහා දොර දිහාවෙන් ඇහුන ගැඹුරු හඩත් එක්ක ජන්කුක් ගැස්සිලා ගියා..
"ඔ..ඔම්මා...."
"අහ්... මිස්ටර් කිම්ට මන් අද දවල් කෑමට ආරාධනා කරා... එයා ගොඩාක් මහන්සි වෙනවා.. මෙහෙන් ගියාට පස්සේ ආපුහු ආවෙත් නැහැ... "
"ආආහ්.. ඇයි ඔම්මා මට නොකීවේ..."
ඉක්මනට ඉන්න තැනින් නැගිටින ගමන් ජන්කුක් කියනකොට මිසිස් ජෝනුත් ඇස් ලොකු කරන ගමන් නැගිට්ටා..
"කියන්න ඔයා එලියටවත් ආවද කු..කෝ දැන් ගිහින් ලෑස්ති වෙලා කෑමට පහලට එන්න... කොලේජ් යන ලමයෙක් කියලාවත් කියන්න බෑ ඔයා දිහා බැලුවාම...."
මිසිස් ජෝන් එහෙම කියන ගමන් කිචන් එක පැත්තට යන්න හැරෙනකොට ජන්කුක් කිරි වීදුරුවේ ඉතුරු ටිකත් ඉක්මනට ඉක්මනට බොන්න ගත්තා....
ඒ බීපු පමාවටම ජන්කුක්ට කිරි ටික නහයෙන් එන්න වගේ කැස්සක් ආවේ තමන් ඉස්සරහ ඉන්න රූපේ දැකපු හින්දා...
"ඔහ්..ප්‍රවේසමෙන්..."
පපුවට අත තියාගෙන මරණාසන්න ලෙඩෙක් වගේ කහින ජන්කුක්ව එක අතකින් අල්ලගෙන ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් යන්තම් කදුලු පිරුනු ඇස් ලොකු කරන් ඔලුව උස්සලා බැලුවා...
"තාමත් පුන්චි ලමයෙක් වගේ.. වයස කීයද කිව්වේ..."
ජන්කුක්ගේ කට වටේ ගෑවුන කිරි රැවුල මහපට ඇගිල්ලෙන් පිහලා ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක්ගේ හදවත එලියට වැටෙන තරම් හයියෙන් ගැහෙන්න ගත්තා...
තමන්ගේ අත ටේහ්‍යොන්ගෙන් ගත්තු ජන්කුක් වීදුරුව එතනම තියන ගමන් වේගෙන් තරපු පෙල නැගලා උඩට ගියේ මූනත් සම්පූර්නයෙන්ම රතු කරගෙන... දුවගෙන් ඇවිත් කාමරේ දොර වහන් දොරට හේත්තු උන ජන්කුක් හොද හුස්මක් ගත්තා... ටේහ්‍යොන්ග් දකින ගානේ එදා දැකපු ටේහ්‍යොන්ගේ නිරුවත් උඩුකය මත් වෙනකොට ජන්කුක්ගේ කම්මුල් රතු උනා... ජන්කුක්ට පුදුම ලැජ්ජාවක් දැනුනේ.. අනික තාමත් නිදන ඇදුම පිටින් ඉන්න ජන්කුක්ට ටේහ්‍යොන්ග්ව හම්බුනාම ලොකු ලැජ්ජාවක් දැනුනා...
"ඔහ්..මිස්ටර් කිම් මොනවා හිතුවාද දන්නේ නෑ.."
තමන්ගේ කම්මුල් දෙක අතින්ම මිරිකන් මුමුනපු ජන්කුක් නාන කාමරය තුලට වැදිලා පිරිසිදු උනා... උදේම සීතල වතුරෙන් නාලා එලියට ආවම ජන්කුක් සීතලටම රතු වෙලා හිටියා... සාමාන්‍ය වතුරත් සීතල එකේ සීත කාලේ නිසා වතුර ගොඩාක් සීතල වෙලා තිබුනා.. වෙනදට උනු වතුරෙන් විතරක්ම සෝදන ජන්කුක් සීතල වතුරෙන්ම සෝදන් එලියට ආවා...
අලු පාට කලිසමකට කලු පාට සිල්ක් රෙද්දෙන් කරපු සුදු පාට රටාවක් ගිය අත් දිග කමිසයක් ඇද්ද ජන්කුක් ඉක්මනට කොන්ඩෙත් පීරන් පහලට ගියත් තාමත් යන්තමින් තෙත තිබුනු කොන්ඩේ පීරපු පාරවල් පේන්න තිබ්බා...
"දරුවෝ.. ඇයි මේ වෙලාවේ නෑවේ... හොදට පිහදගෙනත් නෑ සීතල අල්ලයි..."
ජන්කුක් කෑම මේසෙ පැත්තට ඇවිදගෙන එනකොට අතේ තිබ්බ භාජනේ මේසේ උඩින් තියන ගමන් මිසිස් ජෝන් එහෙම කියනකොට ජන්කුක් හිනාවෙන ගමන් කෑම කාමරේ මුල්ලක තිබුනු ගිනි උදුනට තමන්ගේ සීතල උනු අත් දෙක ඇල්ලුවා..
"මිස්ටර් කිම්.. එන්න වාඩි වෙන්න... අද ජෝන් එන්න ටිකක් පරක්කු වෙයි.. මට උදේ කිවා පුලුවන් උනොත් දවල් කෑමට එනවා කියලා.. ඒකට කමක් නෑ අපි කෑම ගමු..."
ටේහ්‍යොන්ග්ට වාඩි වෙන්න කියනකොට ටේහ්‍යොන්ග් ලොකු කබාය ගලවලා රදවනයේ එල්ලන ගමන් පුටුවක් පිටිපස්සට කරලා ඉදගත්තා...
"කු..ඔයත් කන්න ඕන... කෑම මගාරින්න බෑ..."
ජන්කුක් ඕනවට වඩා කලබල වෙලා හිටියට එහෙම දෙයක් ඕන උනේ නෑ... ඒ උනාට ටේහ්‍යොන්ගේ එක බැල්මක්, වචනයක් ජන්කුක්ව කලබල කරලා රතු කරන්න සමත් වෙලා තිබුනා....
අන්තිමට හැමෝම නිහඩව කෑම ගත්තා...
"මිස්ටර් කිම් කලින් සේවිකාවක් හෙව්වත් ආයෙත් එපා කිව්වනේ.."
"ම්ම්..."
ටේහ්‍යොන්ග් මිමිනිල්ලක් විතරක් කරනකොට ජන්කුක් අන්තිම කටත් කාලා හැන්ද පහලට කරා....
"මන් නත්තල ඉවර වෙලා ආයෙත් ගිහින් එන්න යන්න හිතන් ඉන්නේ..."
"ඔහ්... මිස්ටර් කිම් නත්තලට යන්නෙ නැද්ද..."
පුදුමයෙන් වගේ මිසිස් ජෝන් එහෙම අහනකොට ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.. නත්තල වගේ දෙයක් තමන්ගේ අයත් එක්ක සමරන එක සාමන්යෙන් කරත් ඊටත් වඩා ප්‍රශ්න කරන්න බැරි හින්දා මිසිස් ජෝන් කතාව නැවැත්තුවා... අනික ටේහ්‍යොන්ග් කියන්නේ එහෙම කතා කරන කෙනෙක් නොවුන නිසා මිසිස් ජෝන් ඒක ගැන තැකීමක් කරේ නෑ...
වාහනේ නැතුව ටේහ්‍යොන්ග් පයින්ම ඇවිත් තිබ්බ හින්දා ජෝන් මන්දිරෙන් සමු අරන් ගියේ ජන්කුක් දිහා නිකමටවත් බලන්නෙ නැතුවයි.. ජන්කුක් දුක් උනා ටේහ්‍යොන්ග් එක පාරක්වත් බලපු නැති එකටයි කතා නොකරම ගිය එකටයි...
ඒත් ආයෙත් මන්දිරේ ඇතුලට ගිය ජන්කුක් දැක්කේ පිටත කබා රදවන්න තිබ්බ රදවනයේ තාමත් තිබ්බ ටේහ්‍යොන්ග් රවුම් හැඩැති හිස් වැස්ම...
'ඔම්මා... මම මිස්ටර් කිම්ට හිස් වැස්ම දීලා එන්නම්...."
කෑ ගහලා එහෙම කියන ගමන් ජන්කුක් හිස්වැස්ම අතින් අල්ලගන්න ගමන් එලියට දුවලා ගියා..
"කුක්..ඔහොම ඉන්න... ඔයා කබායක්වත් අරන් යන්න..සීතලයි එලිය..."
ඒත් ජන්කුක් ඒක ඇහෙන මානෙන් ගිහින් ගේට්ටුවෙනුත් එලියට ගිහින් තිබ්බා...
දුබුරු පාට පාර දිගේ ඇවිදගෙන යන ගමන් හිටපු ටේහ්‍යොන්ග් පිටිපස්සෙන් ඇහෙන ඉක්මන් අඩි සද්දෙට කබා සාක්කු දෙකේ අත් දෙක දා ගන්න ගමන් හැරිලා බලන් හිටියා.. හරියට බලාපොරොත්තු උන අඩි සද්දයක් ඇහෙනවා වගේ..
"මි..මිස්ටර් කිම්..ඔ..ඔහොම ඉන්න... මේ හිස් වැස්ම ඔයාට අමතක වෙලා..."
ජන්කුක් කෑ ගහන ගමන් දුවන් ඇවිත් ටේහ්‍යොන්ග් ගාවින් නැවතිලා හති අරිනකොට ටේහ්‍යොන්ග් සාක්කු දෙකට අත් දෙක දාගෙන ජන්කුක් දිහා බලන් හිටියා..
අන්තිමට හති ඇරලා ජන්කුක් හිස් වැස්ම ටේහ්‍යොන්ග්ට දික් කරාම ටේහ්‍යොන්ග් ඒක අතට ගත්තා...
"ස්තූතියි..."
ස්තූති කරලා ටේහ්‍යොන්ග් යන්න හැරුනාම ජන්කුක් පුදුමෙන් බලන් ඉදලා ටේහ්‍යොන්ග් පස්සෙන්ම ඇවිදන් ගියා...
"අද මධ්‍යස්තානේ වහලාද මිස්ටර් කිම්..."
"ම්ම්..."
"එතකොට, අද හවස් වරුවෙත් විවෘත කරන්නෙ නැද්ද.."
"ම්ම්.."
"මිස්ටර් කිම් මාත් එක්ක තරහද.."
"ම්ම්..."
"අහ්..ඇයි ඒ.. මම මුකුත් වරදක් කරාද..."
"කට රිදෙන් නැද්ද..."
අන්තිමට ම්ම් ම්ම් ගගා ඉදලා කට රිදෙන් නැද්ද කියලා ටේහ්‍යොන්ග් ඇහුවාම ජන්කුක් මූන උල් කරගත්තා...
"නැහැ.. මට කට රිදෙන්නේ නැහැ... දන්නේ නැද්ද මිස්ටර් කිම්, කතා නොකර ඉන්නවට වඩා කතා කරන එක තමයි හොද.. එතකොට හිතත් නිදහස්..."
"ම්ම්..."
"ඒත්, ඕනවට වඩා නෙවෙයි... ඒ උනාට මම නම් හිතන විදියට ඒක හොදයි.. මිස්ටර් කිම් දන්නවද අපේ කොලේජ් එකේ ප්‍රොෆෙසලා අමුතුයි..."
"......"
"එයාලාගෙන් සමහර අය ගොඩාක් කතා කරනවා.. ඒත් සමහර අය ඕනම දේවල් විතරයි කියන්නේ... ඒත් අන්තිමට ගොඩාක් කතා කරන අයට වඩා කතා නොකරන අය හොදයි කියලා තේරුනා..."
"......."
"මිස්ටර් කිම්ට මන් කතා කරන එක වදයක්ද..."
"නෑ..."
අන්තිමට නිශ්ශබ්දව ඉදලා ටේහ්‍යොන්ග් උත්තරයක් දුන්නම ජන්කුක් ඒකෙන් සෑහීමකට පත් උනා...
එක පාරටම පාර දිගේ ආපු සීතල හුලග හින්දා ජන්කුක් තමන්ගේ අතෙන් මූන ආවරනය කරගත්තා... මොකද අද කවදාවත් නැතුව ජන්කුක්ට එයාගේ අවාන අමතක වෙලා...
අනික ජන්කුක් ඇදන් හිටිය තුනී කමිසය හින්දා ජන්කුක්ට ලොකු සීතලකුත් දැනුනා...
"ම්ම්..පුන්චි ජෝන්ට මොනවා හරි අමතක උනාද..."
ආයෙත් වතාවක් ටේහ්‍යොන්ගේ ආකර්ෂනීය කටහඩ ඇහෙනකොට ජන්කුක්ගේ කම්මුල් රතු උනා.. මෙහෙම අමුතු නම් වලින් තමන්ට කතා කරන් පලවෙනි කෙනා ටේහ්‍යොන්ග් තමයි..ඊටත් ඒ ගැඹුරු හඩින් එහෙමනම් ඇහෙනකොට ජන්කුක්ව ඒකට ආකර්ශනය උනා..
"ම්..මොනවද..."
ජන්කුක්ට මුකුත් හිතාගන්න බැරි උන හින්දා ඇස් දෙක උස්සලා බලන ගමන් ජන්කුක් ඇහුවා.. ටේහ්‍යොන්ග් ඒ වෙනකොටත් හිස් වැස්ම දාගෙන හිටියා වගේම ඒ රවුම් හිස්වැස්ම හින්දා ටේහ්‍යොන්ග්ව තව ටිකක් ලොකුවට උසට ජන්කුක්ට පෙනුනා...
'මේක..."
තමන්ගේ කබායේ ඇතුල් පැත්තේ තිබුනු සාකුවකින් එදා දාල ගිය අවාන අරගෙන ජන්කුක් අතින් තියන ගමන් ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක්ගේ ඇස් දිලිසුනා.. ජන්කුක්ට ඇත්තටම මතක තිබුනේ නෑ මේක කොහෙද තමන් නැති කරගත්තේ කියලා... එදා ඉදන් ජන්කුක් ඒ පැත්තටවත් ගියේ නැත්තෙත් දැනුනු ලැජ්ජාවටමයි... ඒත් කීයටවත් ඒක ටේහ්‍යොන්ග් ගාව ඇතියි කියලා ජන්කුක් හිතුවේ නෑ.. සමහර විට ටේහ්‍යොන්ග් අද එන්නත් ඇත්තේ මේක දෙන්න වෙන්න ඇති...
"ස්තූතියි මිස්ටර් කිම්..."
"ම්ම්..ජෝන් කොහෙද යන්නේ... මම හිතන්නේ තව ටිකකින් වහීවි... "
ටේහ්‍යොන්ග් අහස දිහා බලන ගමන් කිව්වම ජන්කුකුත් අහස දිහා බැලුවා..
"ඇත්තටම වහීවිද මිස්ටර් කිම්.. මම මේ තරම් දුර එන්න හිතුවේ නැහැ..මම කබායක්වත් අරන් ආවෙ නෑ..."
ලොකු ගස් පේලිය මැදින් තිබුනු පාලමෙනුත් එහාට යන ගමන් ජන්කුක් එහෙම කීවෙ ටේහ්‍යොන්ග් හොද හුස්මක් ගන්නකොට...
කියලා කට ගන්න හම්බුනේ නෑ ටිකක් ලොකු වතුර බින්දුවක් සද්දෙන් බිමට වැටෙනකොට ජන්කුක් අහස දිහා බැලුවා...
"අයිස් කැටද ඒ...."
ජන්කුක් ඇහුවම තවත් ලොකු වතුර බින්දුවක් බිමට වැටුනා.... අදුරුවට තිබුනු පරිසටම තවත් අදුරු වෙනකොට ටේහ්‍යොන්ගේ මන්දිරේට තවත් දුර තිබුනා... ඒ වගේම තාමත් දෙන්නම නගරයට යන පාරට ඇවිත් තිබුනේ නෑ... ටේහ්‍යොන්ග් ඉක්මනින් එන්න ආවත් ජන්කුක් එනකම් පරක්කු උන නිසා සමහර විට පරක්කු වෙන්න ඇති...
"දැන් අපි මොකද කරන්නේ..."
එන්න එන්න ඇඩි වෙන වැහි බින්දු ප්‍රමානය හින්දා තමන්ගේ ඔලුවට උඩින් අවාන දිගෑරලා අල්ලන ගමන් ජන්කුක් ඇහුවා...
"මොකද කරන්නේ... එක්කන් යනවද.. මිනී මාත් එක්ක තරහා වේවිද.. නැහැ.. මේක හදිසි අවස්තාවක්නේ.. මිනීට මන් පස්සෙ පැහැදිලි කරනවා..."
ජන්කුක් වැස්ස මැදම එහෙට මෙහෙට ඇබරෙන ගමන් මොනවා හරි තමන්ටම කුටු කුටු ගා ගන්නකොට ජන්කුක්ව තනියම දාල යන්න බැරි හින්දා ටේහ්‍යොන්ග් බලන් හිටියා....
"ජන්කුක්..මොකද කරන්නේ..ඉක්මනට එන්න.. අපි යන්න ඕන.. තෙමුනොත් අසනීප වේවි.."
"ඒ..ඒත් මිස්ටර් කිම් මෙතන ඉදන් දුරයිනේ මන්දිරේට.."
ජන්කුක් තටමනකොට ටේහ්‍යොන්ග් ඇහි බැමක් උස්සලා තියුනු බැල්මක් දැම්මා...
"ඉතින්.. කියන්න තියන මොනවා උනත් ඉක්මනට කියන්න.. මේක හිත හිත කතා කරන්න වෙලාවක් නෙවෙයි.. මේ ලග ඉන්න තැනක් තියනවද..."
ඒක ඇහෙනකොට ජන්කුක්ගේ ඇස් දිලිසුනා වගේම ජන්කුක් ටේහ්‍යොන්ග් ගාවට ලන් වුනා..
"ම..මන් දන්න තැනක් තියනවා.. අපිට එතන ඉන්න පුලුවන් වැස්ස අඩු වෙනකන්..."
ලොකු රහසක් කියනවා වගේ ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් අවිශ්වාසයෙන් බැලුවා... මොකද මේකත් ජන්කුක්ගේ තවත් එක සෙල්ලමක්ද දන්නෙ නැති නිසා..
"හොදටම විශ්වාසද... නැත්නම් අපිට ඉක්මනට යන්න පුලුවන්..."
"විශ්වාසයි.. ඉක්මනින් එන්න..."
ටේහ්‍යොන්ගේ අතින් අල්ලන ජන්කුක් ආපහු අර ලොකු ගස් පේලි ඉවර වෙන තැනට දුවන් ඇවිත් දුබුරු පාට පාර දෙපැත්තේ තිබුනු උස තණ පදුරු ගාවින් නතර වෙලා බිමට නැමුනා... බලලා ලොකු ගලන් තිබුනු තැනකින් තණ පදුරු ටික ඈත් කරාම ටේහ්‍යොන්ගේ ඇස් දෙක පුදුම කරමින් අඩි පාරක් පෙනුනා...
ටේහ්‍යොන්ග්ට නම් හිතාගන්න බෑ මේ වගේ ගමනක් ජන්කුක් එක්ක එනවා කිව්වම... මොකද ටේහ්‍යොන්ග් මේ පොඩි අඩි පාර දිගේ ජන්කුක් පස්සෙන් දුවන ගමන් ඉන්නවා වගේම ඒ අත ජන්කුක්ගේ අතේ පැටලිලා තිබුනා... වැහි බින්දු වලට තෙත් උනු ජන්කුක්ගේ කමිසේ ඇගටම ඇලිලා තියනකොට ටේහ්‍යොන්ග් මග නවතින ගමන් ජන්කුක්ව ඇදලා නතර කෙරුවා..
"ඇ..ඇයි... තව ටිකයි..."
"තෙමිලා ඉන්න එකේ තව ටිකක් පරක්කු උනාට වෙනසක් නෑ ඒ හින්දා මෙහෙට එන්න..."
ජන්කුක්ව ඇදලා අරන් තමන්ගේ දිග ලොකු කබායේ එක පැත්තකින් ආවාරනය කරගන්න ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් අත් දෙකම අකුලගත්තා...
ටේහ්‍යොන්ග්ට වඩා මිටි ජන්කුක්ගේ ඔලුව ටේහ්‍යොන්ගේ ගෙලට පහලින් පපුව ගානට තියනකොට ටේහ්‍යොන්ග් ඒ කබායේ ඉහලින් ජන්කුක්ගේ ඔලුව ආවරනය කරා..
"දැන් යන්..."
ටේහ්‍යොන්ග් කියන්නෙ මොනවද ගල් වෙලා වගේ ජන්කුක් ඔලුව වනලා ඉස්සරහට යන්න ගත්තා.. පලවෙනි අවස්තාව මේ තරම් ටේහ්‍යොන්ග්ට ලන් උනා... ඒ කබාය අස්සෙන් ටේහ්‍යොන්ගේ කමිසයෙන් නික්මුනු උණුසුමට ඒ අමුතු සුවද මිශ්‍ර වෙලා අමුතුම සුවදක් එනකොට ජන්කුක්ට තමන් මුලු ලෝකෙකින්ම හැංගිලා වගේ දැනුනා.... ජන්කුක්ව සම්පූර්නයෙන්ම වගේ වැහිලා තියනකොට ජන්කුක්ගේ හදවත ඕනවාටත් වැඩිය උඩ පයින් ගමන් හිටියේ...
ටිකින් තණ පදුරු වලින් වගේම , ටිකක් උස ගස් පාත්ති වගේ ඒවැන් වට උන අබලන් වෙලා පෙනුනු පොඩි ගෙයක් ගාවින් දෙන්නම නැවතුනා....
ඒක දැක්කමනම් මෙතනට ආවට වඩා වැස්සෙ තෙමිලා ගියානම් හොදයි කියලා ටේහ්‍යොන්ග්ට හිතුනත් ජන්කුක් සතුටින් කෑ ගහන ගමන් ලී දොර ගාවට දුවන් ගියා...
ලී වලින්ම හදපු වහලෙට පිදුරු කියලා හිතන්න පුලුවන් මොනවා හරි සෙවිලි කරලා තිබ්බත් ඒක වැස්සට ඔරොත්තු දෙන බව පේන්න තිබුනා.. කාලයක් ගොඩාක් හොදට නඩත්තු කරපු බව පේන ඒ පුන්චි ගෙදර ලී දොර ජන්කුක් වැර දාල අරිනකොට ටේහ්‍යොන්ග් ඇවිදන් ගිහින් දොර ගාව නතර උනා..
"ජන්කුක්.. කාගෙද මේ තැන...මෙතනට ආපු එක ගැටලුවක් නෑ කියලා විශ්වාසද..."
ටේහ්‍යොන්ග් අවිශ්වාසයෙන් ඇහුවත් දොරෙන් ඇතුල දැක්කාම පුදුම උනා... මොකද පිටින් ගරා වැටුනට ඇතුල සුවපහසු පෙනුමක් තිබුනා..
"ම්..මෙක අපේ..."
"අපේ..."
ටේහ්‍යොන්ග් ඇහි බැමක් ඉස්සුවා..
"මතකද, අර දවසක් කිව්වෙ මිනියි මායි විතරක් දන්න තැන් තියනවා කියලා.. මේක අපේ.. අපි දෙන්නා මේක හොයාගෙන අලුත් කරලා ගත්තා....'
ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යොන්ගේ අතින් ඇදලා ඇතුලට ගත්තා....
උස සොල්දරයක් කියලා හිතන්න පුලුවන් ලී තට්ටුවක් තිබුනා වගේම තවත් දොරවල් වගේම බිම පරන ලී වලින් ආවරනය වෙලා තිබුනා... පරන උනු සෝෆා වල ලොකු ඇතිරිලි දාලා සුවපහසු කරල තිබ්බ වගේම ගල් වලින් බැදපු ගොඩාක් පරනයි කියලා හිතන්න පුලුවන් ගිනි උදුන වගේම වැහි බින්දු වැටිලා වතුර ගලන් ගමන් තිබ්බ වීදුරුව ටේහ්‍යොන්ග්ට අමුතුම හැගීමක් ගෙනත් දුන්නා...
ඒත් ටේහ්‍යොන්ග්ට ජන්කුක්ව තාමත් විශ්වාස උනේ නෑ..මොකද එහෙම ගරා වැටුනු තැනක් උනත් අයිතියක් නැතුව පාවිච්චි කරන එක....
"හරි අනේ... මේ ඉඩම් අපේ අප්පගේ.. අපි දන්නේ නෑ මීට කලින් මෙතන හිටියේ කවුද කියලා ඒ උනාට මේක අතෑරලා දාලා ගොඩාක් කල් කියලා ජෙරම් අන්කල් කිව්වා..."
"ජෙරම්..."
ආයෙත් ටේහ්‍යොන්ග් ප්‍රශ්න කරනකොට ජන්කුක්ගේ කට ඇද උනා..
"ගොවිපලේ අන්කල්... එයා තමයි අපිට මෙතන මෙහෙම හදනන් උදව් කරේ.... දැන් මේක අපේ... මිනීයි මායි සමහර දවස් වලට ඇවිත් මෙතන උදේ උදන් හවස් වෙනකන් ඉදලා යනවා... එතකොට මේක අපි තුන්දෙනාගේ රහසක්, දැන් හතර දෙනයි..."
ජනේලේ ගාවම තිබුනු පොත්, කොල පිරුනු ලී මේස තට්ටුව පෙන්නලා අත් දෙකෙන්ම කට වහගෙන ජන්කුක් කියනකොට ටේහ්‍යොන්ග් ඔලුව දෙපැත්තට වැනුවා...
ටිකකින් ටේහ්‍යොන්ග් ලී තට්ටුව ඉස්සරහම තිබුනු ඇතිරිලි දාල හදපු සැපපහසු සෝෆා එකේ ඉදගෙන වැස්ස දිහා වීදුරු ජනේලෙන් බලන් හිටියා...ඇතුලට ආවාම තවත් වැස්ස තද කරලා තිබුනා... උඩ ලී පිදුරු වහලෙට වැටෙන වැහි බින්දු වල සද්දෙ ලස්සනට ඇහෙනකොට එතන උනුසුම් සුවපහසු බවෙන් පිරිලා ගියා... ලාවට තෙත උනු කබාය ගිනි උදුන පැත්තකින් එල්ලලා තියනකොට ජන්කුක් ගිනි උදුන ගාව නැවීගෙන අගුරු අඩුවකින් ඇතුලේ තිබුනු දර කොට එහා මෙහා කරා....
ටිකකින් ජන්කුක් උනුම උනු කෝපි කෝප්ප දෙකක් හදාගෙන ඇවිත් ටේහ්‍යොන්ග් එහා පැත්තෙන්ම වාඩි වෙලා එකක් ටේහ්‍යොන්ගේ අතට දෙන ගමන් අනික ලී තට්ටුව උඩින් තිබ්බා...
ටේහ්‍යොන්ග්ට පුදුමයි වෙලාවකට කටට නිවනක් නැතුව කියවන, තවත් වෙලාවක වයසටත් වඩා පොඩි දරුවෙක් වගේ සෙල්ලම් කරන, තවත් වෙලාවක දැනුම් තේරුම් තියන වැඩිහිටියෙක් වගේ හැසිරෙන ජන්කුක් ගැන ටේහ්‍යොන්ග්ට පුදුමයි... ඒක කුතුහලයක්, ආශ්‍රය කරලා බලන්න හිතෙන ගතිගුනයක්....
ඉතින් ඒකයි කාටවත් ලග නොවුනු ටේහ්‍යොන්ග් ජන්කුක් එක්ක මේ තරම් ලග.. හැමවෙලේම කේන්ති ගියත් ජන්කුක් එක්ක සුහද... අනික ටේහ්‍යොන්ග් කියන දෙයක් දෙපාරක් නොහිතා ජන්කුක් පිලිගන්නකොට ටේහ්‍යොන්ග් අනිත් හැමදේටම වඩා ජන්කුක්ගේ ඒකට කැමති උනා...
මේ වෙලාවේ ගිනි උදුනේ කහ පාට එලියෙන් පොතකට එබීගෙන කියවන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් එබිලා බැලුවා..
සමහර විට හොද වැස්ස වෙලාවක සීතලේ ගිනියම් ගිනි උදුනක් ඉස්සරහා අතේ තියන උනු කෝපි කෝප්පයකට එහා පසින් ගැලපෙන්නෙම මේ තරම්ම සියුම් පොත් ගුල්ලෙක් වෙන්න පුලුවන්.......
.
.
.
.
.
.
**********************
___________________________Dark_Sunshiner 🤍🥀
වැස්ස + උනුසුම් උදුන + උණු කෝපි කෝප්පය + පොත....🌧️🤎🥀📖☕🍂
Thanks for reading and comment...♥️
To be Continued...
𝐓𝐨𝐝𝐚𝐲 𝐢𝐬 𝐫𝐚𝐢𝐧𝐲 𝐝𝐚𝐲...💫
2023/09/03
Bạn đang đọc truyện trên: AzTruyen.Top