|08|
ජන්කුක්ගේ කොලේජ් ගමනේ මාස එකින් එක ගෙවිලා යනකොට මේ වෙනකොට ආරම්භ වෙලා තිබුනු වෛද්‍ය මධ්‍යස්තානය ඒ ප්‍රදේශය පුරාම ප්‍රසිද්ධ වෙලා තිබුනා... නිතරම නැති ඒ ප්‍රදේශයට ප්‍රධාන නගරයෙන් පැමිණිලා තියන දක්ෂ වෛද්‍යවරයෙක් නිසා හැමෝගෙම විශ්වාසය ඒත් එක්ක දිනාගෙන තිබුනා...
ඒ ප්‍රදේශයේ වංශවත් පවුල් අතරට වගේම මන්දිර අතරට ටේහ්‍යොන්ගේ මන්දිරයත් එකතු වෙනකොට ටේහ්‍යොන්ග් ජෝන් මන්දිරයෙන් සමු අරන් තමන්ගේ මන්දිරයට ඇවිත් තිබුනා..
ජිමින් , ජන්කුක් දෙන්නම තමන්ට ලැබුනු කොලේජ් වල නතර වෙලා ඉගනගන්නකොට ඒ පරිසරයට අමාරුවෙන් හුරුවෙමින් තිබුනා... මිතුරන් කිහිප දෙනෙක් එක්ක සම්බන්ධ උනත් ඒ සියල්ලත් එක්ක ජන්කුක්ගේ මනස තමන්ගේ නිදහස සොයමින් ජෝන් මන්දිරයෙ තිබුනා....
"කොහොමද කොලේජ් එකේ වැඩ කුක්... "
නම්ජූන් වාහනය පදවගෙන එන ගමන් එහා පස තිබුනු අසුන මත ඉදගෙන ඉන්න ජන්කුක්ගෙන් ඇහුවා...
"ගොඩාක් හොදයි හ්‍යුන්ග්.. ඒත් ආචාර්යවරු ගොඩාක් නපුරුයි... සංගීතයට මම කැමති හින්දා ගැටලුවක් නෑ..."
තමන්ගේ අත් දිග කමිසේ අතක තිබුනු බොත්තමක් කරකවන ගමන් ජන්කුක් උත්තර දුන්නම නම්ජූන් හිනා වෙලා ඔලුව වැනුවා...
ජන්කුක්ට නිවාඩුවක් ලැබිලා තිබුනා... පලවෙනි කාල සීමව නව පැමිනීම් සහ ඉගනගැනීම්, උත්සව එක්ක කාර්යබහුල වෙනකොට මාස හතරක පහක පමන කාලයක් ජන්කුක් නිවසෙන් පිට ගත කරා....
සෑහෙන දුරකට ජන්කුක්ගේ හැසිරීමේ වෙනසක් නම්ජූන්ට ජන්කුක්ව නැවතත් ගෙදරට එක්ක එන්න ගිය වෙලාවේ ඉදන් දැනුනත් නම්ජූන් ඒක සැලකිල්ලකට ගත්තේ නැහැ.... වෙන්දා වගේ නැතුව පිලිවලට ඉන්නත්, මූනේ බැරෑරුම් පෙනුමත් එක්ක ජන්කුක්ගේ හුරු නැති ගතිය නම්ජූන්ට හොදටම දැනුනත් මන්දිරයට ගියාම වෙනස් වේවි කියලා නම්ජූන් හිතුවා...
"මට මෙහෙ ගොඩාක් වෙනස් වෙලා වගේ දැනෙනවා හ්‍යුන්ග්..මිස්ටර් කිම් වෛද්‍ය මධ්‍යස්තානේ විවෘත කරාද...."
"ඔව්, ඒක ඔයා ගියත් එක්කම වගේ විවෘත කරා.. ඒ වෙලාවේ ටේහ්‍යොන්ග් ඔයාව මතක් කරා.. ඔයා එතන පිලිවෙල කරන්න ගොඩාක් උදව් කරපු නිසා..."
නම්ජූන්ගේ කතාවට ජන්කුක්ගේ මූනේ ආඩ්ම්බර සිනහවක් ඇති උනා.. මොකද මිස්ටර් කිම් කෙනෙක්ව මතක් කරනවා නම් එය විශේෂ විය යුතුමයි....
"මිනී ඒවිද හ්‍යුන්ග්... මම ගාව ලිපිනයවත් නෑ ලියුමක්වත් යවන්න..."
"හොදයි, මේ සීත නිවාඩුව නිසා අනිවාරෙන්ම ජිමින් එයි..."
නම්ජූන් උත්තර බදිනකොට වට පිටාවේ කොල හැලෙමින් පවතින සෘතු මාරු ශාක දිහා බලාගෙන ජන්කුක් තමන්ගේ එකගත්වය පල කරා...
"ඔයා තාමත් අප්පා එක්ක කේන්තියෙන්ද කුක්..."
නම්ජූන් අහනකොට ජන්කුක් හෙමින් හිනා උනා...
"නෑ, මම කේන්ති ගන්නෙ නෑ.. මම ඒක ගැන හිතන්නෙ නැහැ..."
මන්දිරයෙන් පිට වෙනකොට ජෝන් එක්ක පසුවුනු කේන්තිය මතක් කරන ගමන් ජන්කුක් කියනකොට නම්ජූන් දුඹුරු පාට පාර ඇතුලට වාහනය හැරෙව්වා....
"ඔහ්, දැන්ම ඉදලා පැල කරලා...."
වාහනේ දොර විවෘත කරලා බිමට බහින ගමන් ජන්කුක් සතුටින් කෑ ගැහුවේ සීත සෘතුවේ මල් පිපෙන ශාක ගොඩාක් මේ වෙනකොටත් උද්‍යානේ පැල කරලා තිබ්බ හින්දා....
"ඔයාලා ආවද.. දෙවියනේ කුක් ඔයා තවත් උස ගිහින්ද මන්දා..."
මන්දිරෙන් එලියට ආපු මිසිස් ජෝන් ජන්කුක්ව තුරුල් කරගන්න ගමන් ආදරෙන් කියනකොට ජන්කුක් ආපිට මිසිස් ජෝන්ව බදාගත්තා....
"ඔයා නැතුව මේ මන්දිරේම පාලුවට ගිහින් , මට ගොඩාක් පාලු හිතුනා..."
"මටත් ඔම්මව ගොඩාක් මතක් උනා..."
ජන්කුක්ගේ හිස් මුදුනට තොල් තියන ගමන් මිසිස් ජෝන් කියනකොට ජන්කුක් හෙමින් හිනා උනා....
"ඔම්මා, මහන්සී අපි ඇතුලට යන්.. කුක් ගිහින් ඇදුම් මාරු කරගන්න.... ශෙරම් මේ බෑග් අරන් යන්න..."
නම්ජූන් එහෙම කියන ගමන් කෝට් එක ගලවලා අතට ගන්නකොට ජන්කුක් මිසිස් ජෝන් එක්ක මදිරේ ඇතුලට ඇවිදගෙන ආවා..
"ඇදුම් මාරු කරන් පහලට එන්න.. මන් කෑම ලෑස්ති කරන්නම්..."
එහෙම කියන ගමන් විසිත්ත කාමරයෙන් කෑම කාමරයට හැරෙන ගමන් මිසිස් ජෝන් යනකොට නැගෙනහිර පැත්තට විහිදුනු කොරිඩෝව දිහා බැලුව ජන්කුක් හිනා උනා...
"මිස්ටර් කිම් හම්බෙන්න යන්න ඕන...."
අමුතු සතුටක් දැනෙනකොට ජන්කුක් එහෙම මුමුනන ගමන් තරප්පු පෙල දිගේ උඩට දුවගෙන ගියා....
තමන්ගේ සුපුරුදු කාමරයට ගොඩාක් කාලෙකින් ආපු ජන්කුක් හොද හුස්මක් ඉහලට ගත්තා.... තියලා ගියා වගේම පිරිසිදුවට පිලිවලට කාමරේ තියනකොට මාරු කරලා තිබුනු ලා නිල් පාට ජනෙල් තිර දෙක දෙපැත්තට අදින ගමන් ඇතුලට ගලාගෙන ආපු ඉර එලියට මූන ඇල්ලුවා... ජනෙල් පියන් දෙක විවෘත කරලා හොද හුස්මක් ගත්තු ජන්කුක් එලියේ ඉදන් ආපු සීතල මුසු උනු ලා සුලගට මූන අල්ලමින් ඇස් පියාගත්තා...
ආයෙත් පරන නිදහස දැනෙනවා වගේ දැනෙනකොට ජන්කුක්ගේ ඇතුලේ හැන්ගිලා හිටපු දග කොල්ලා ආයෙත් ආයෙත් උඩට මතු උනා....
හිතට හදිසියේ ඇති උනු සතුටත් එක්ක නාන කාමරයට වැදිලා හිතේ හැටියට කලින් සූදානම් කරපු උනුසුම් වතුර වලින් පිරිසිදු උනු ජන්කුක් සුදු පාට තුවාය පටලගෙන කාමරයට ඇවිත් ලොකු ලී අල්මාරිය ඇරිලා...
පිලිවලට අහුරලා තිබුනු ඇදුම් වලින් සෑහෙන වෙලාවක් වැය කරන ගමන් කලු පාට උඩින් හිරට උනු පහලට යනකොට ලිහිල් උනු දිග කලිසමකට ලා නිල් පාට පසුබිමේ තද නිල් පාටිනුත් සුදු පාටිනුත් වලාකුලු රටාවක් ගිය අත් දිග කමිසයක් තෝරගෙන අල්මාරිය වහලා දැම්මා...
පිලිවෙලට ඇදුම් ඇදලා ඇදුමේ නැමුම් පාරවල් යන්න අතින් පරිස්සමට පිරිමැද්ද ජන්කුක් කන්නාඩි මේසයේ තිබුනු පොඩි පුටුව පිටිපස්සට අදින ගමන් වාඩි උනා...
යන්තම් බෙල්ල ගාවට වැවුනු ලා තඹ පැහැයට හුරු කලු පාට කොන්ඩය පැත්තෙන් දෙපැත්තට වැටෙන්න සුවද තෙල් එකක් ගාලා පීරපු ජන්කුක් කන්නාඩි මේසයේ ලාච්චුව ඇරලා ලා ක්‍රීම් පාටට හුරු පුයර ආලේපන, හා රෝස පාට කට්ටලයක් එලියට අරගෙන තමන්ගේ මූන ලාවට හැඩ කරගත්තා...
රෝස සුවද සුවද විලවුන් කුප්පියෙන් ඇදුමේ උඩ ඉදන් පහලට ඉහා ගත්තු ජන්කුක් අවසාන ප්‍රතිපලය දිහා කන්නාඩියෙන් බලලා සෑහීමකට පත් උනු හඩක් පිට කරලා අල්මාරියේ අනික් පස විවෘත කරලා ලා නිල් පාට අහස් රටාවක් ගිය අවානක් අතට ගත්තා...
කාමරෙන් එලියට එන්න හදනකොටම පහලින් වාහනයක ශබ්දය ඇහෙනකොට ජන්කුක් ඉක්මනින් පහලට දුවන් ගියා...
"අප්පා..."
ඇතුලට එන මිස්ටර් ජෝන් ගාවට දුවලා ගිහින් ජන්කුක් ඇගේ එල්ලුනාම ජෝන් ජන්කුක්ව බදාගෙන උරහිසට තට්ටු කීපයක් දැම්මා...
"බලන්න, මම ගෙනාපු තෑග්ගට ඔයා කැමතිද කියලා..."
ජන්කුක්ගෙන් අහන ගමන් ජන්කුක් එක්කම ජෝන් දොර ගාවින් අයින් උනාම පිටිපස්සෙන් විශාල පියානෝවක් අරන් ආපු මිනිස්සු කීප දෙනෙක් ඒක විසිත්ත කාමරයේ කොනකින් තිබ්බා...
ජන්කුක්ගේ මුව පුදුමයෙන් ඇරෙනකොට ඒ ඇස් සතුටින් දිලිසුනා...
"ම්..මේක මටද අප්පා..."
"ඔව්... මෙහෙ වෙන කවුරුත් ස්වර එක්ක ඔට්ටු වෙන්නේ නෑනේ...."
'"ස්තූතියි අප්පා... මන් ගොඩාක් කැමතියි මේකට..."
පරිස්සමට පියානෝවේ පියන විවෘත කරන ගමන් ජන්කුක් ඒ කිරි සුදු පාට කලු පාට යතුරු මත ඇගිලි තුඩු යවනකොට ජෝන් ඒ දිහා බලලා හිනා වෙන ගමන් කෑම කාමරේ බිත්තිය ගාව ඉන්න මිසිස් ජෝන් දිහා බලලා ඔලුව වැනුවා....
අමනාපෙන් මන්දිරෙන් පිට උනු ජන්කුක්ගේ ආසාවල් එහෙම ඉටු වෙනකොට හැමෝම සතුටින් කෑම මේසෙට වාඩි උනා...
"කුක් කොහෙ හරි යන්නද..."
දවල් කෑම ඉවර වෙලා පුටුවෙන් නැගිටිනකොට ජන්කුක්ගේ උඩ ඉදන් පහලට බලන ගමන් නම්ජූන් අහන්කොට ජන්කුක් ඔලුව වැනුවා...
"මම යනවා මිස්ටර් කිම්ව බලන්න, තව මන් හදපු පැල වල මල් පිපිලද බලන්න..."
කෑම ගන්නකන් එක පැත්තකින් තියලා තිබ්බ අවාන අතට ගන්න ගමන් ජන්කුක් එහෙම කීවා...
"ඇයි හදිසි.. අද විවේක අරන් හෙට යන්න, "
"නැහැ, මට යන්නම ඕන...."
ජන්කුක් තදින් වගේ කියනකොට මිසිස් ජෝන් මැදිහත් උනා...
"හරි , කුක් ගිහින් හවස් වෙන්න කලින් එන්න.. ඔයා යන එකේ මිස්ටර් කිම්ට ගෙනියන්න දෙයක් තියනවා... පනිවිඩයක් එවලා තිබුනා ගොවිපලට ගිය වෙලාවේ, ශෙරම් එන ගමන් මෙහෙට ගෙනල්ලා..."
"හරී.. මන් ගෙනියන්නම්..."
සතුටින් එහෙම කියන ගමන් ජන්කුක් කුස්සිය පැත්තට දුවලා ගියා...
පරිස්සමට බිත්තර, සකසපු බටර් , චීස් වගේම අලුත් පලතුරු කිහිපයක් පිරුනු කූඩය අල්ලගෙන අනිත් අතින් අවානෙන් පවන් ගහගන්න ගමන් ජන්කුක් දුඹුරු පාට පාර දිගේ ඇවිදගෙන ගියා....
නාගරික බව පිරුනු කාර්යබහුල පැත්තක ඉදලා මෙහෙම නිදහසේ ඇවිදින එක ජන්කුක්ට ලොකු නිදහසක් දැනුනා... ජන්කුක් හෙමින් ඇවිදන් ඇවිත් ටේහ්‍යොන්ගේ මන්දිරේ ඉස්සරහා නතර උනා...
කලින් ආරුක්කුව විතරක් තිබුනු ඒ ආරුක්කුව පුර ගිය කොල පාට වැල් වලින් හිස් බව දුරු කරලා තියනකොට ගානට කප්පාදු කරපු පදුරු ගේට්ටුව ගාව ඉදන් මන්දිරේට යනකම් විහිදිලා තිබුනා....
ඉදිරියේ තිබුනු තාප්පෙටම අල්ලලා වෛද්‍ය ගොඩනැගිල්ල පිහිටලා තියනකොට ඒකට තාප්පයේ වෙනම පොඩි තනි ගේට්ටුවක් සවි කරලා තිබුනා... ඒ උනත් ජන්කුක් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වෙලා උද්‍යානය අතරින් ඇතුලට යනකොට වටේට කලින් ඉදන්ම තිබුන් විශාල ගස් වලින් හෙවන උනු උද්‍යානය සිසිල් බවින් පිරිලා තිබුනා...
තැනින් තැන වැඩී අවසන් පදුරු තියනකොට ජන්කුක් කලින් වතාවේ ඉන්දපු වැල් රෝස ආධාරක විදියට සවි කරපු ලී මත එතෙමින් ගිහින් ලොකු රෝස මල් පිපිලා තිබුනා... සීත කාලය එන ගමන් තිබුනත් තවමත් මල් පිපෙමින් තියන මල් දැක්කමට ජන්කුක්ගේ හිත පිරිලා ගියා වගේම අඩිය ඉක්මන් කරමින් මන්දිරේ දොර ගාවට ඇවිදගෙන ගියා...
වහලා තිබුනු විශාල දොර ගාවට වෙලා ඇලුමිනියක් පියනකින් ආවරනය කරපු බෙල් එක ගහපු ජන්කුක් ප්‍රතිචාරයක් ලැබෙනකන් නොඉවසිල්ලෙන් දොර දිහා බලන් හිටියත් ඊට ප්‍රතිචාර ලැබුනේනම් පිටිපස්සෙනුයි...
"ඉතින් පුන්චි ජෝන්... අන්තිමට ලස්සන රතු රෝස පොහොට්ටු පිපෙන්න ආරම්භ වෙනකොටම ඔයත් ආවා...."
.
.
.
.
.
***********************
___________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading and comment...♥️
To be Continued...
2023/08/26
Bạn đang đọc truyện trên: AzTruyen.Top