|05|
ජන්කුක් පන එපා කියලා දුවන ගමන් හිටියා.. මීට ටික්කට කලින් පැද්දි පැද්දි අතේ කෝපි එක්කුත් එක්ක කුකීස් ටිකක් අරන් ගිය ජන්කුක් අතේ අනිත් පැත්තට දුවනකොට ඒ අතේ කිසි දෙයක් තිබ්බේ නෑ...
ජන්කුක් දුවන් ආපු වේගෙට කොරිඩෝවෙනුත් එලියට පැනලා බිත්තියට හේත්තු වෙලා පපුවට අත තියාගත්තා... ජන්කුක්ගේ කන් දෙකේ දෝංකාර දුන්න ටේහ්‍යොන්ග් ගිගිරුව විදිය....
ජන්කුක් හරි පරිස්සමට ටේහ්‍යොන්ගේ කාමරේ ඉස්සරහා නැවතිලා දොරට තට්ටු කරන්න කකුල දික් කරේ අත් දෙකම නිදහස් නැති හින්දා... ඒ උනාට ඇසුරු සැනින් දොර ඇරලා එලියට එන්න ආපු ටේහ්‍යොන්ගේ පපුවේ ඉදන්ම පහලට උනු කෝපි එක හැලිලා ගියා වගේම කුකීස් තිබ්බ පීරිසියත් උඩින් ගිහින් බිම වැටිලා බිදිලා ගියා...
ටේහ්‍යොන්ග් ඇස් දෙකත් රතු කරන් කන්ඩ වගේ ජන්කුක් දිහා බලන් හිටියේ ජන්කුක්ට කර කියාගන්න දෙයක් නැති වෙනකොට...
"තමුන් මේ දැන් මගේ ඇස් වලට නොපෙනි යන්න ඕන... මගේ ඇස් වලට පේන්න ඉදලා අහු වෙන්න එපා හරී..."
එහෙම කියලා කෑ ගහලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූනටම වේගෙන් දොර වහලා දැම්මම ඒ සද්දේ කොරිඩෝව පුරාම දෝංකාර දුන්නා...
ජන්කුක් මොහොතක්වත් පරක්කු නොවී දුවන් ආවේ හිතට දැනුනු දුක හින්දාමයි.. ටේහ්‍යොන්ග් හරිම නිවිච්ච විදියට හිටියාට එක පාරටම හෙන ගහන්නා වගේ කෑ ගහනකොට ජන්කුක්ට හරියට බය හිතුනා... ජන්කුක්ගේ පුන්චි ඇස් වල කදුලු පිරිලා තියනකොට ජන්කුක්ට එයා එක්කම තරහා ගියා..උනු කෝපි කෝප්පේ බිදුනු පාරට අතට විසි උනු කෝපි බින්දු කීපයක් හින්දා ජන්කුක්ගේ අතේ රතු පැල්ලම් කිපයක් ඇවිත් තිබ්බා.. ඒත් ඊටත් වඩා ජන්කුක්ට හිත රිදුනා... ඔම්මා අප්පා හරි ටේහ්‍යොන්ග් කොහොමත් සෙල්ල කරන්න හොද කෙනෙක් නෙවෙයි.. ඒත් ජන්කුක් සෙල්ලම් කරන්න උත්සාහ කරේ නෑ, ජන්කුක්ට ඕන උනේ අද ගෙදර ඇවිත් කාටවත් මුකුත් නොකියපු එක ගැන ටේහ්‍යොන්ග්ට ස්තූති කරන්න වගේම ටේහ්‍යොන්ග් ඉස්සරහා පොඩි ලමයෙක් වෙන එක නතර කරන්න... ඒත් උන වැඩෙන් උනේ හිතුවේවත් නැති විදියට ටේහ්‍යොන්ග්ට කේන්ති ගිය එක වගේම තවත් වැඩේ අවුල් උන එකයි...
"කුක්... දරුවෝ..කොහෙද ඔය දුවන්නේ..."
ජන්කුක් නතර නොවී තරප්පු පෙල නගිනකොට විසිත්ත කාමරේ හිටපු ජෝන් මහත්මිය කෑ ගැහුවත් ජන්කුක් නතර නොවී දුවලා කාමරෙන්ම නතර උනා...දොරත් වහන් ඇදට පැනපු ජන්කුක් කොට්ටෙට මූන ඔබන් ඉකි ගහන්න ගත්තා....
.
.
.
"ඇයි ඔම්මා කුක් නැත්තේ... එයා කලින් කෑවද..."
කෑම මේසෙන් වාඩි වෙන ගමන් නම්ජූන් අහනකොට ඇයි අහන්න වගේ මිස්ටර් ජෝනුත් මිසිස් ජෝන් දිහා බැලුවා...
"අනේ මන්දා, හවස උඩට දුවන් ගිය වෙලේ ඉදන් ආයේ ආවේ නෑ.. මන් කන්න කතා කරන්න ගියත් නින්ද ගිහින්.. නැගිට්ටම කන්න දෙනවා..."
මිසිස් ජෝන් කීවත් නම්ජූන් ඇහි බැම රැලි කරගත්තා...
"විකාර නොකර නැගිට්ටවන් එන්න එයාව... කෑම මේසේ හැමෝම ඉන්න ඕන කියලා දන් නැද්ද එයා.. ඕනවට වඩා එයාව දෙන්නත් එක්ක හුරතල් කරලා තමයි ඔක්කොම..."
මිස්ටර් ජෝන් කෑ ගැහුවාම මිසිස් ජෝනුයි නම්ජූනුයි ගැස්සිලා ගියා.. ඒත් මේ ඔක්කොම වෙනකන් පුටුවේ වාඩි වෙලා හිටපු ටේහ්‍යොන්ග් නම් මේ ගැන අවධානය යොමු කරේ නෑ... ඒත් වෙනදට තමන්ට ඉස්සරහින් ඉදගන්න ජන්කුක්ගේ හිස් උන පුටුවට එක බැල්මක් හෙලන්න තරම් ටේහ්‍යොන්ග් කාරුනික උනා වගේම ජන්කුක්ට වැඩ ගැන තවමත් කේලම් නොකියන්න තරම් ආචාරශීලී උනා... ටේහ්‍යොන්ග්ට මේ පොඩි ලමයින්ගේ දේවල් වලට මැදිහත් වෙන්න කොහෙත්ම උවමනාවක් තිබුනේ නෑ...
"අප්පා.. ඔයාලා කෑම ගන්නකෝ.. මන් කුක්ව බලලා එන්නම්..."
"වාඩිවෙනවා ජූන්... එයාට එක පාරක් කතා කරාම එන්න බැරි තරම් හිතුවක්කාරනම් ඒ විදියට හිටපුදෙන්.. තව ටික දවසයි එයාට කොහොමත් ඔහොම ඉන්න වෙන්නේ.. ඒ හින්දා යන්න එපා..."
ජෝන් අන කරාම නම්ජූන් ආයෙත් පුටුවෙන් වාඩි උනා... වාඩි වෙලා ඔම්මා දිහා බැලුවාම ඔලුව වනලා නම්ජූන්ට කෑම එක පෙන්නුවාම නම්ජූන් තමන්ගේ හැන්ද අතට ගත්තා... ජෝන්ට විරුද්ධ වෙන්න පුලුවන් කමක් කාටවත් තිබුනේ නෑ...
"මිස්ටර් කිම්.. මන්දිරේ වැඩ කොහොමද... වෛද්‍ය මධ්‍යස්තානේ කොහෙද හදන්න හිතන් ඉන්නේ ..."
ජෝන් කෑම අතරතුර ටේහ්‍යොන්ග්ට කතා කරාම ටේහ්‍යොන්ග් වතුර ටිකක් බිව්වා...
"මන්දිරේ ඉස්සරහම තැනක් හදනවා මිස්ටර් ජෝන්.. ඒක මට පහසුයි හැමදේම එක තැන තියන එක...."
ටේහ්‍යොන්ග් කෙටි පිලිතුරක් දුන්නම ජෝන් ඔලුව හෙලෙව්වා...
"මගෙන් මොනවාම හරි උදව්වක් තියනවා නම් කියන්න... මට එන්නවත් බැරි උනා ඒ ගැන බලන්න...."
"ස්තූතියි මිස්ටර් ජෝන්.. මම මොනවාහරි තිබ්බොත් දැනුවත් කරන්නම්.. මට සහයකයෙක් ඕන වෙනවා තව ටික දවසකින්..හෙදියක් ගෙන්නන්න කල් යනවා...."
"ඒ ගැන කලබල වෙන්න එපා මම ඒක ගැන බලන්නම්..."
කෑම එතනින් ඉවර උනාම ජන්කුක්ගේ කෑම එක අතට ගත්තු නම්ජූන් හෙමින් පඩිපෙල නැගලා උඩට ඇවිදගෙන ගියා... ජන්කුක්ගේ කාමරේ ගාවින් නතර උන නම්ජූන් දොරට තට්ටු කරත් ප්‍රතිචාරයක් නැති තැන නම්ජූන් දොර ඇරන් ඇතුලට ගියා...
ජන්කුක් ඇදේ මුනින් අතට පෙරලිලා ඉන්නවා දැක්ක නම්ජූන් ජන්කුක්ගේ මේසෙ උඩින් පිගාන තියලා ඇද ගාවට ගිහින් ඇදෙන් වාඩි උනා..
"කුක්.. කෝ නැගිටින්න ඇයි මේ නිදි..."
නම්ජුන් හෙලෙව්වත් හෙලෙව්වත් ජන්කුක් ඔලුව උස්සන් නැති වෙනකොට නම්ජූන් ජන්කුක්ව පෙරලුවා...
"මොහ්..මොකද ජන්කුක් මේ.. ඇයි මේ ඇස් දෙක රතු වෙලා ඇඩුවේ ඇයි..මොකාද ඔයාට මොනා හරි කිව්වද.. කරදරයක්ද..."
නම්ජූන් එක දිගට ජන්කුක්ගේ උරහිස් අල්ලන් අහනකොට ජන්කුක් එහමම ඉස්සිලා නම්ජූන්ට තුරුල් උනා..
"හ...හ්‍යුන්ග්..."
"ඕ..හ්‍යුන්ග් තමයි..මගේ කුක්ට මොකද උනේ..."
"මුකුත් නෑ..."
"එහෙනම් අඩන්නේ..මට කියන්නකෝ මොකක්ද ප්‍රශ්නේ කියලා..."
නම්ජූන් ඇහුවත් ජන්කුක් නම්ජූන්ගේ බෙල්ලෙ මූන ගහන් හිටියා ඇරෙන්න මුකුත් නොකීව හින්දා නම්ජුන් ජන්කුක්ව ඈත් කරලා ඒ මූන අත් දෙකෙන්ම පිස්සා...
"කෝ .. කාලා ඉමු... මගේ කුක් නම් මොන ප්‍රශ්නේ ආවත් කෑම මගාරින් නෑ.. ඒ හින්දා කාලා ඉමු..."
"එ..එපා කෑම මට බඩගිනි නෑ..."
"නැත්තේ මොකද.. දවසම අර ඔයාගේ කොට යාලුවා එක්ක එහෙ මෙහෙ රවුන් ගහලා බඩගිනි නැති වෙන්න බෑනේ..."
"හ්‍යුන්ග් .. එයා මිනී.. "
ජන්කුක් කට උල් කරන් කෑ ගැහුවාම නම්ජූන් හැන්ද කටට ලන් කරා...
"හරි හරි..කවුරු හරි...කෝ කට අරින්න..."
අමාරුවෙන් ජන්කුක්ට කෑම කවපු නම්ජූන් වතුර ටික්කුත් පෙව්වා...
"මන් උදේ ඉදන් මහන්සි වෙලා ඇවිත් අලි බබ්බුත් හුරතල් කරන්න එපැයි..."
"හ..හ්‍යුන්ග්ටත් මාව කරදරයක්ද හ්‍යුන්ග්..."
නම්ජූන් විහිලුවට කිව්වත් හිතුවේ නැති විදියට ජන්කුක් කදුලු පුරවගත්තා...
"අයියෝ.. මොකද කුක් මේ.. මන් විහිලුවක්නේ කෙරුවේ..."
"හෑ.හැමෝටම..මා..මාව කරදරයක්... මා..මාව කොලේජ් ය..යවන්නෙත් ඒකනේ.. මාව හැමෝටම කරදරයක්...."
නම්ජූන් අතට ගත්තු පිගාන ආයෙත් මේසෙ උඩින්ම තියලා ජන්කුක් ගාවට ඇවිත් තුරුල් කරගත්තා...
"අනේ..කුක්... ඔයා කොලේජ් නොගියොත් මෙච්චර ඉගනගත්ත එක අපරාදයක් නෙවෙයිද.. අනික මගේ කුක් කොච්චර දක්ෂද.. එහෙම එකේ ගෙදරම හිටියොත් අපරාදෙනේ... හ්‍යුන්ග් ඔයාට කොච්චර ආදරේද කියලා දන්නවනේ.. ඔම්මයි අප්පයිත් එහෙමයි.. ඔයාට ආදරේ හින්දානේ ඔයාට හොද දෙයක් කරන්නේ..බලන්න ඔයා මෙහෙම අපි එක්ක හුරතල් උනාට දැන් ඔයා ලොකු පිරිමි ලමයෙක්... ඉතින් දැන් මෙහෙම ඉදලා බෑනේ...."
නම්ජූන් හෙමින් හෙමින් පැහැදිලි කරනකොට ජන්කුක් නහය උඩට ඇද ඇද අහන් හිටියා.. ජන්කුක් කැමතිම දේයක් ඉගනගන්නත් කොලේජ් එකට යවන්න හදනකොට, ගෙදරින් යන්න වෙන එකයි , යාලුවා දාලා යන්න වෙන එකයි ටේහ්‍යොන්ගෙන් බැනුම් අහපු එකයි ඒ ඔක්කොම එක්ක ජන්කුක්ට දුක හිතිලා තිබුනේ...
"දැන් නිදාගන්න..අපි හෙට ගමනක් යමුකෝ..."
"කො..කොහෙද..."
"හෙට යන්කෝ..දැන් නිදාගන්න..."
නහයත් උඩට ඇද ඇද කතා කරන ජන්කුක්ව එහෙන් මෙහෙන් අමාරුවෙන් නිදි කරපු නම්ජූන් කාමරෙන් එලියට ඇවිත් කිචන් එකෙන් පිගානත් තියන් ආයෙත් එලියට ආවා...
"මිස්ටර් කිම්..මේ වෙලාවේ එලියේ මොකද..මොනා හරි උවමනාවක්ද..."
ඇදන් හිටපු සැහැල්ලු දිග කලිසම් සාක්කු දෙකට අත් දෙකත් දාගෙන විසිත්ත කාමරයට වෙලා ඉන්න ටේහ්‍යොන්ග් ගාවින් නතර වෙන ගමන් නම්ජූන් ඇහුවේ පුදුමෙන්...
"අහ්..අහ්ම්.. නෑ.. මුකුත් නෑ.. මම ටිකක් එලියට යන්න කියලා.."
"මේ වෙලාවේ..."
බිත්තිය අයිනක තිබුනු ඔරලෝසුව දිහා බලන් නම්ජූන් ආයෙත් ඇහුවාම ටේහ්‍යොන්ග් පඩිපෙල දිහත් බලලා ආයෙත් ඉස්සරහා දොර පැත්තට හැරුනා...
"ම්..හුලන් ටිකක් වැදෙන්න..."
"යමු... මටත් නිදිමත නෑ..."
නම්ජූන් ටේහ්‍යොන්ග් එක්කම එලියට යන්න එනකොට ටේහ්‍යොන්ග් හුස්මක් පාත දාන ගමන් තමන්ගේ දැවිල්ල අල්ලන පපුව ඇදුමට උඩින් අත ගෑවා...
"අපි හෙට පොඩි ගමනක් යනවා.. මිස්ටර් කිම්ට විවේකයක් තියනවා නම් එකතු වෙන්න අපිත් එක්ක...."
නම්ජූන් එහෙම කිව්වම ටේහ්‍යොන්ග් හැරිලා බැලුවා... තැනින් තැනි දල්වපු කහ පාට විදුලි ලාම්පු නිසා උද්‍යානේ ලස්සනට පෙනුනා...
"අපි කිව්වෙ..."
"ම්ම්..අපේ කුක් මම, එයාගේ අර යාලුවවත් එකතු කරගන්න බලන්න ඕන..."
"ම්ම්ම්...."
ටේහ්‍යොන්ග් මිමිනිල්ලක් විතරක් දෙන ගමන් ඈත දිහා බලලා හොද හුස්මක් ගත්තා....
.
.
.
.
.
***********************
___________________________Dark_Sunshiner 🤍🥀
ඉක්මනට දෙන්න බලන්නම් මේකත්...🙃💫
Thanks for reading ♥️
To be Continued....
2023/08/15
Bạn đang đọc truyện trên: AzTruyen.Top