|36|
උදේ මූනට වැටෙන එලියට ජන්කුක් තමන්ගේ ඇස් දෙක ඇරියා... ලා නිල් පාට තිර රෙදි අතරින් පෙරිලා ආපු ඉර එලිය අදුරු කාමරේ තැනින් තැන එලිය කරන ගමන් ලස්සනට ගලන් ගියා...
සුපුරුදු කාමරේ , ටේහ්‍යොන්ගේ මන්දිරේ තිබුනු ජන්කුක්ට පුරුදු කාමරේ ඉදන් උදේ ජන්කුක් ඇහැරුනා... හරියටම බැලුවොත් දෙන්නම කොරියාවට ආවේ ඊයේ.... වෙන කොහෙවත්ම යන් නැතුව ටේහ්‍යොන්ග් එක්ක මෙහෙට ආපු ජන්කුක්ට තමන්ගේ තැනකට ආවා තරම් සුව පහසු හැගීමක් ආවා... ටේහ්‍යොන්ග් ඉන්න ටේහ්‍යොන්ගේ ඕනම තැනක් දැන් ජන්කුක්ට සුවපහසුයි....
පුරුදු විදියටම තමන්ගේ මුලු ඇගම අයිති කරන් බූවල්ලා වගේ තමන්ව බදන් නිදාගෙන ඉන්න ටේහ්‍යොන්ග් දිහා බලපු ජන්කුක් ලස්සනට හිනා උනා... තමන්ගේ බෙල්ල අස්සෙන් ගැඹුරු විදියට උඩ පහල යන හුස්ම ටේහ්‍යොන්ග් තාමත් තද නින්දක ඉන්නවා කියලා පෙන්නුවා... කොච්චර බර උනත් ඒ අලියව අයින් කරන්න අමාරුයි කියලා අත්දැකීමෙන් දන්න ජන්කුක් ආයෙත් හෙමීට ඇස් පියාගෙන නින්දකට වැටුනා...
ආයෙත් ජන්කුක් ඇස් අරිනකොට කලින් වගේ බරක් ඇගට දැනුනේ නැතත් තමන්ගේ කොන්ඩේ අතරින් සිනිදු විදියට යන ඇගිලි තුඩු ජන්කුක්ට හොදට දැනුනා...
"ඔහ්,කූ ඇහැරුනාද...."
බ්‍රෑන්ඩි වෙච්ච කටහඩකින් ටේහ්‍යොන්ග් කතා කරාම තමන්ගේ මූන ටේහ්‍යොන්ගේ පපුවෙම එහෙට මෙහෙට අතුල්ලලා පිහින ගමන් ජන්කුක් ඔලුව උස්සලා බැලුවේ ඇස් දෙකත් හීනී කරන්..
"තාම නිදිමතද හොර හාවෝ....දැන් එකොලහත් පහු වෙලා..."
ජන්කුක්ගේ බම් එකට පාරක් ගහන ගමන් ටේහ්‍යොන්ග් හිනා වෙලා ඇහුවම ජන්කුක් තොල් උල් කරා...ඒත් ඊලගට ජන්කුක් දඩ බඩ ගාලා ඇද උඩම නැගිට්ටේ ටේහ්‍යොන්ගේ බඩෙන් ආපු ලොකු සද්දෙට...
"බඩගිනිද... කතා කරන්න එපැයි ඉතින්..."
ජන්කුක් හිනා වෙන ගමන් ඇහුවම ටේහ්යොනුත් නැගිට්ටා..
"මාත් දැන් චුට්ටක් වෙලා නැගිටලා... යන් වොශ් දා ගන්න..."
ජන්කුක්වත් අතකින් ඇදන් ඇදෙන් බහින ගමන් ටේහ්‍යොන්ග් කීවම දෙන්නත් එක්කම වොශ් රූම් එක පැත්තට ඇවිදගෙන ගියා..
"ආයිශ්..එහාට වෙන්න හ්‍යුන්ග් මට කිචි..."
දත් මදින ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් ටේහ්‍යොන්ග් හාදුවක් තියනකොට ජන්කුක් කෑ ගැහුවේ ඇත්තටමයි...
මේ ටිකේම ටේහ්‍යොන්ගේ අමුතු රැවුල හින්ද දෙන්න අතරේ හරි ප්‍රස්න තිබ්බේ... ටේහ්‍යොන්ග් ලං උනත් රැවුල ඇනෙනවා කියලා කෑ ගහන්න ජන්කුක් පුරුදු වෙලා හිටියා....
"හරි හරි, මන් මේක කපලා දාන්නම්කෝ..."
ටේහ්‍යොන්ග් කීවේ ජන්කුක් එපා කියයි කියලා හිතලා උනත් ජන්කුක් මුකුත් කීවේ නැති හින්දා ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරලා බැලුවා.
"සීරියස්ලි කූ,, ඇත්තටම කපන්න කියලද කියන්නේ මට..."
"කවුද දැන් එහෙම කීවේ, රැවුලක් වවනවා නම් හරියට වවන්න එපැයි එහෙන් මෙහෙන් නැතුව...ගානට කපන්න..."
ජන්කුක් බ්‍රශ් එක කටේ ගහන් කියෙව්වම ටේහ්‍යොන්ග් කට කොනින් හිනා උනා... ජන්කුක් මොනා කීවත් ඒකට කැමති කියලා ටේහ්‍යොන්ග් දන්නවා...
"ඒනම් ඔයා කපන්න..."
ජන්කුක්ගේ අතට ට්‍රිමර් එක දීලා ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් හුරතල් විදියට හිනා උනා ලෑස්ති උනේ ටේහ්‍යොන්ගේ රැව්ල කපන්න...
"මෙහ්, මාව කපන්න ඒම එපා ඈ..."
සින්ක් ලෙජ් එක උඩ ඉදන් බ්‍රශ් එකත් කටේ ගහන් ට්‍රිමර් එක ඔන් කරන ජන්කුක් දිහා බලන් ටේහ්‍යොන්ග් කීවේ ටිකක් බයෙන්...
"මෙහෙ එන්න අනේ,"
තමන්ගේ කකුල් දෙකෙම ටේහ්‍යොන්ගේ ඉන වටේ පටලන් ලගට ඇදලා ගත්තු ජන්කුක් එහෙම කීවම ටේහ්‍යොන්ග් හිනා උනා...
ඊට පස්සෙ බ්‍රශ් එකත් පැත්තකින් තියලා තමන්ගේ ටූත් පේස්ට් පෙන පිරුනු දිවත් හපාගෙන ගානට තමන්ගේ රැව්ල කපන හුරතල් බෝලේ දිහා ටේහ්‍යොන්ග් ඇස් පිය ගහන් නැතුව බලන් හිටියා...
"ටඩා...හරි..."
"ආආහ්...මේ මොකක්ද මේ කරලා තියෙන්නේ...කෝ මගේ රැවුල..."
කන්නාඩියෙන් මූන බලලා කෑ ගහපු ටේහ්‍යොන්ග් සින්ක් එක උඩ ඉදන් ඉන්න ජන්කුක්ගේ මූනට එබුනාම ජන්කුක් මූන දෙක කරගත්තා..
"ඇයි මක් වෙලාද .. මෙහෙම තමයි හොද..."
"මෙහෙම හොදයි කියන්නේ, මන් අප්පා කෙනෙක් වගේ ඉදී මේක වැව්නම..."
ටේහ්‍යොන්ග් ඒම කීවත් ජන්කුක් ටේහ්‍යොන්ගේ තොල් උඩින් විතරක් ඉතුරු කරලා තිබ්බා පොඩි රැවුල හින්දා තවත් කඩවසම්ව පෙනුනා...
"හරි හරි ආයේ මට එපා..ඕන එකක් කරගන්නවා..."
තමන්ගේ බ්‍රශ් එකත් අර්න් දොරත් ඩෝං ගාලා වහන් වෙන වොශ් රූම් එක්කට යන්න එලියට යන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ හිනාව තද කරන්... සමහර වෙලාවට ඕවර් කියුට් උනාට සැරින් සැරේට කලින් හිටපු යක් පැටියා එලියට එනවා කියලා ටේහ්‍යොන්ග් අත්දැකීමෙන් දැනන් හිටියා...
.
.
.
.
.
ටිකකින් ටේහ්‍යොන්ග් හොදට වොශ් එකක් දාන් පඩිපෙල බැහැන් පහලට එනකොට පහල තට්ටුව පුරාම හොද සුවදක් පැතිරිලා තිබ්බා.. ඔව් එයාගේ කූ කෑම හදනවා...
"ආහ්..සුවදයි..."
කිචන් එකට ගිහින් පිටිපස්සෙන් ජන්කුක්ව බදාගන්න ගමන් ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් මූනත් පුම්බන් හැරෙන් නැතුව හිටියා...
"හරි ඉතින්, දැන් දිගටම තරහා වෙලා ඉන්නද හදන්නේ... මේම තමයි හොද මේ, දැන් කූව හපලා කන්නත් පුලුවන් රැවුල වැදෙන් නැතුව..."
ජන්කුක්ගේ බෙල්ල අස්සට මූන ගහන ගමන් පොඩි එකෙක් වගේ ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක්ට නිකන්ම හිනා ගියා...
වැඩි වෙලාවක් දෙන්නට හුරතල් වෙන්න බැරි උනේ කවුරු හරි බෙල් එක උඩ නැගගෙන වගේ බෙල් එක ගහන්න ගත්තු හින්දා...
"හ්‍යුන්ග් පොඩ්ඩක් දොර ඇරලා බලන්න කවුද අර කියලා.."
ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් අකමැත්තෙන් කකුල් ඇද ඇද ඉස්සරහට ඇවිදන් ගියා...
"ආර්හ්..මොකද මොකද මේ, ඇදුම් නැතුවද ගෙවල් වල ඉන්නේ..."
ටේහ්‍යොන්ග් දොර ඇරපු ගමන් දොර ඉස්සරහ හිටපු යුන්ගි ජිමින්ගේත් ඇස් දෙක වහන ගමන් ඩ්‍රැමටික් විදියට කෑ ගැහුවාම ටේහ්‍යොන්ග් ඇස් දෙක රෝල් කරා...
"අනේ , උබ දැකලා නැති එකනේ වරෙන් ඇතුලට...."
ටේහ්‍යොන්ග් කීවම යුන්ගි ගස්සගෙන් ඇතුලට ආවේ අතේ තිබ්බ බෑග් එකත් ටේහ්‍යොන්ගේ අතෙන් තියන ගමන්....
"අහ්, ඔප්පා... ගියා ගියාමයි ආයේ ආවා කියලාවත් නිකමට අපිට එහෙම කියන්න එපා.. ඒවත් අපිම හොයන් එන්න ඕනේ...."
ටේහ්‍යොන්ග්ට රවන ගමන් නුවී කියාගෙන ඇතුලට ආවාම ඊට පිටිපස්සෙන් බඩු මලු දෙකක් එල්ලන් නම්ජූන් ඇතුලට ආවෙ හති දාන ගමන්...
"මේ ඔහෙලාට ඔෆිස් යන්න ගෙවල් වල වැඩ එහෙම නැද්ද උදේම මෙහෙට කඩන් පාත් උනේ..."
ටේහ්‍යොන්ග් තමන්ගේ අතේ තියන බෑග් එක අතේ එල්ලගන්න ගමන් ඇහුවම ඒ කවුරුත් ටේහ්‍යොන්ග්ව ගනන් ගත්තේ නෑ...
"කෑ ගහන් නැතුව ඇදුමක් ඇදන් අපිට මොනා හරි බොන්න අරන් එන්න ගිහින්..."
යුන්ගි සෝෆා එකේ දිගා වෙන ගමන් කීවම ටේහ්‍යොන්ග් වට් ද ෆක් බැල්මක් දාලා කිචන් එක පැත්තට ඇවිදන් ගියා... කිචන් එකට නොයා කෑම මේසේ උඩින් බෑග් එක තිබ්බ ටේහ්‍යොන්ග් පඩිපෙල නැගලා උඩට ගියේ ඇදුමක් දා ගන්න...
.
.
.
.
.
ආපු වෙලාවෙම ජන්කුක්ව හොයන් ඇතුලට දුවන් ගිය ජිමින් නැවතුනේ කිචන් එකේ .... තමන්ට පිටුපාලා මොනවාහරි වැඩක ඉන්න ජන්කුක්ව දැක්කම ජිමින්ගේ ඇස් දෙකේ කදුලු පිරුනා...
ජිමින් ජන්කුක්ගේ පිටිපස්සට ගිහින් ජන්කුක්ගේ උරහිසට ගැහුවම ජන්කුක් එක පාරට හැරුනත් ජිමින් දැක්ක හැටියෙම අතේ තිබ්බ පිහියත් ආයේ බෝර්ඩ් එක උඩට වැටුනා..
"උබ.. නරකයි... ඇයි ඇයි මෙච්චරකල් කොහෙද හිටියේ...."
ජිමින් තදින් ජන්කුක්ව බදන් ජන්කුක්ගේ පිටට මිටි මොලවලා ගහන ගමන් කියන්න ගත්තම ජන්කුක්ගේ ඇස් දෙකෙත් කදුලු පිරුනා..
"ඇයි දැන් උබ මාව ඈත්කරන් නැද්ද..නැද්ද..."
ජන්කුක්ගෙන් ඈත් වෙන ගමන් ජිමින් ඇහුවම ජන්කුක් ආපිට ජිමින්ව තදින් බදාගත්තා..
"මට සමාවෙයන්..."
ජන්කුක් කීවම ජිමින් ජන්කුක්ගේ පිට අතගාන ගමන් ඉකි ගැහුව...
"උබ නෙවෙයි ජන්කුකා මට සමාවෙයන්..උබ මෙච්චර දුකක් විදිනකන් මම ලග ඉදලත් දන් නෑ කීවම මට මැරෙන්න හිතුනා..."
ජිමින් කදුලු අතරින් කීවම ජන්කුක් ඒකට කමක් නෑ කියන්න ඔලුව වැනුවා...
"දැන් ඔක්කොම ඉවරයි.... ආයෙත් බෑ, ටේ එක්ක සතුටින් ඉන්න ඕනේ උබ හරිද, ඌ උබට පණ ඇරලා ආදරෙයි..."
ජිමින් කීවම ජන්කුක් තමන්ගේ ඇස් දෙක පිහගන්න ගමන් ඔලුව වැනුවා...
"ආ..ආ..මොකද මේ මගේ කූව අඩවන්නේ, මහ ලොකු අමුත්තෝ ටික යන්න අරහෙට මන් කූ එක්ක මොනා හරි හදන් එන්නම්..."
කිචන් එක ඇතුලට එන ගමන් ටේහ්‍යොන්ග් කෑ ගැහුවම ජන්කුක්ගේ කම්මුලකුත් මිරිකන ගමන් ජිමින් ටේහ්‍යොන්ග්ට ගස්සන එලියට ගියා...
"අනාව්..ජන්කුකී ඔප්පා දැක්ක කල්..."
ජූස් ටිකත් අරන් ඉස්සරහට එනකොටම දුවන් ඇවිත් නුවී ජන්කුක්ගේ අතක එල්ලුනාම ජන්කුක් ඇහි බැමක් උස්සලා රැව්වේ ඔප්පා ඔප්පා ගානවට...
"නවත්තගන්න නවත්තගන්න... ජන්කුක් දැක්ක කල්, හොදින් ඉන්නවා දැක්කම සතුටුයි...."
යුන්ගි ජන්කුක් ගාවට ඇවිදන් ඇවිත් අතින් අල්ලලා කීවම ටේහ්‍යොන්ග් එහා පැත්තෙ ඉදන් හිනා උනා.. මොනා උනත් ටේහ්‍යොන්ග්ට මේ හමදේටම හයියක් වෙන්නේ යුන්ගි...
.
.
.
.
.
එතන ඉදන් රෑ වෙනකන්ම හැමෝම සතුටින් හිටියා.. ක කා බි බී විකාර කියව කියව හිටපු හැමෝම යන්න ලෑස්ති උනාම නුවී හැරිලා ඇවිත් ජන්කුක්ගෙයි ටේහ්‍යොන්ගෙයි අත් දෙකෙන් අල්ලගත්තා...
"හෙට ගෙදර එන්න දෙන්නම, ඔම්මා කියන්න කීවා..."
නුවී කියනකොට ටේහ්‍යොන්ග් කේන්තියෙන් තමන්ගේ අත ඇදලා ගත්තා...
"අපි එන් නෑ.. ආයෙත් බලු කතා අහගන්නද ඇවිත්.. ඔක්කොම කරලා තව ලැජ්ජා නැතුව කතත් කරන්වා..."
ටේහ්‍යොන්ග් කේන්තියෙන් කියනකොට නුවී හුස්මක් පාතට දැම්මා..
"ඔප්පා ඔම්මා එක පාරක්වත් ඔයාට මුකුත් කීවද, ඔම්මා තමයි එන්න කීවේ... එයාලා මේ අවුරුදු ගාන පුරාම ඕනවටත් වැඩිය පසු තැවුනා....ඒක මම හොදටම දැක්කා... අනික අප්පා ගැන ඔයා හොදටම දන්නවා එයාට උවමනාව තිබ්බේ ඔයාගෙන් දරුවෙක්ව... ඒක ඔයත් හොදටම දන්නවනේ , ඒකට තරහින් කෑ ගැහුවත් දැන් අප්පා ඕනවටත් වැඩිය පසු තැවෙනවා.. අප්පා තමයි ඔම්මා ලව්වා මට කියෙව්වේ ඔයාලට කියන්න කියලා... ඒ හින්දා අනිවාරෙන් එන්න ඔප්පා... ඒ අපේ ඔම්මයි අප්පයි මොන දේ උනත්, ඒ හින්දා චුට්ටක් හිතලා බලන්න හරිද ඔප්පා..."
අන්තිම ටික ජන්කුක් දිහා බලන් කියලා දෙන්නවම හග් කරලා නුවී නම්ජූන් එක්ක ගියාම ටේහ්‍යොන්ග් හිටපු විදියටම හිටන් බලන් හිටියේ ලොකු කලපනාවක...
"එන්න ඇතුලට හ්‍යුන්ග්..."
ටේහ්‍යොන්ගේ අත අල්ලලා ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ වටේට අත යවලා ලන් කරගත්තා...
"කූ ඔයාගේ හිත රිදුන් නෑ නේද, ඔයා හොදටම දන්නවා මන් ඔයාට කොච්චර ආදරේද කියලා, මට ලමයෙක් ඕන නෑ, මට මගේ කූ හිටියම ඇති, අනික නුවියි නම්ජුනුයි ඉන්න හින්දා කොහොමත් කම්පැනි එක පිට යන් නෑ දැන් මන් ආයේ ඒපැත්තවත් බලන් නෑ...."
ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත් දෙක අල්ලන් කීවම ජන්කුක් තමන්ගේ අත් දෙක ටේහ්‍යොන්ගේ කර වටේට යවලා තදින් බදාගත්තේ තමන්ගේ කදුලු ටේහ්‍යොන්ග්ට පේන් නැති වෙන්න... ටේහ්‍යොන්ග් ඒ වෙලාවෙන් හිතුවේ ජන්කුක්ගේ හිත රිදුනද කියලයි, ජන්කුක් දන් නෑ ටේහ්‍යොන්ගේ මේ ආදරේ තමන් කොහොමනම් බලාගන්නද කියලා....
"අපි හෙට ගිහින් එමු..ම්ම්ම්.. හරිද..."
ජන්කුක් ඈත් වෙන ගමන් කීවම ටේහ්‍යොන්ග් ජන්කුක් දිහා බැලුවේ අවිනිශ්චිත බැල්මකින් ...
"නෑ... නෑ.. මතක නැද්ද අප්ප කරපු කැත වැඩේ .. අපි කොහෙවත් යන් නෑ..."
මුරන්ඩු විදියට ටේහ්‍යොන්ග් කියලා ඇතුලට යන්න හැදුවම ජන්කුක් කෑ ගැහුවා...
"හ්‍යුන්ග්ග්ග්..."
"ආශ්..ඇයි කූ... ඒක කරන්න බෑ ඇයි කියලා ඔයාටම තේරෙනවනේ...."
"නෑ.. අපි ගිහින් එමු.. මන් බය නෑ හ්‍යුන්ග් ඉන්නවනේ..."
ටේහ්‍යොන්ගේ අතකින් අල්ලන් ජන්කුක් කීවම ටේහ්‍යොන්ග් ටිකක් බලන් හිටියා..
"හරි.. අපි උදේට ඒක බලමු.."
"උදේට බල බල ඉන්න බෑ දැන් කියන්න..."
"ආශ්..හරි හරි යන්..ඔයාට ඕනනම්.. හැබැයි එක පාරක් හරි මොනා හරි කීවොත් එමු..."
ටේහ්‍යොන්ග් කීවාම ජන්කුක් හිනා වෙලා ඔලුව වැනුවා... ජන්කුක්ට ඕන උනේ නෑ තමන් හින්දා ටේහ්‍යොන්ගෙන් එයාගේ පවුල ඈත් වෙනවා බලන්න..
.
.
.
.
.
.
.
********************
____________________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading...♥️
To be Continued....
2023/03/09
Bạn đang đọc truyện trên: AzTruyen.Top