|29|
-"යුන්ගියා.. උබ ඇතුලෙද ඉන්නේ.. මම උඩට එනවා..."
ටේහ්‍යොන්ග් යුන්ගිගේ කම්පැනි එකේ පහලා ඉදන් යුන්ගිට කෝල් එකක් දීලා බිල්ඩින් එක ඇතුලට ගියා..ලිෆ්ට් එකට නැගලා උඩට ගිහින් එලියට ඇඉත් යුන්ගිගේ කැබින් එක ඉස්සරහින් හිටගෙන නොක් කරේ ඇතුලට යන්න..
"ඇතුලට වරෙන් බන්..."
යුන්ගි ඇතුලේ ඉදන්ම කීවම ටේහ්‍යොන්ග් දොරත් ඇරගෙන ඇතුලට ගියා...
"යා..යා,,,මේ මොකද උබට වෙලා තියෙන්නේ...."
ඇස් රතු වෙලා ඇතුලට ගිලිලා තියන ටේහ්‍යොන්ගේ අතින් ඇදන් ඇඉත් සෝෆා එකේ ඉන්දන ගමන් යුන්ගී ඇහුවම ටේහ්‍යොන්ග් තමන්ගේ කෝට් එක ඇතුලෙන් පොටෝ එකක් ගත්තා...
"යුන්ගියා මට උදව්වක් ඕනේ.."
"ඕනේ දෙයක් කියපන්, ඒත් ඊට කලින් මොනවා හරි බීලා ඉමු, උබ කාලද..."
යුන්ගි ඇහුවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා..
ටික්කින් යුන්ගි එලියෙන් කෑම ගෙන්නවලා ටේහ්‍යොන්ග්ට බලෙන්ම කැව්වේ ටේහ්‍යොන්ගේ පෙනුම පිස්සු වගේ උන හින්දා...
"ඉතුරු ටිකත් කාපන්. උබ ලෙඩ වෙන්නද හදන්නේ ආහ්..."
"මට ඇති බන් දැන් කියන එක අහපන්..."
ටේහ්‍යොන්ග් කෑ ගහලා කීවම යුන්ගි බාජන ටික මේසේ කොනකට තල්ලු කරා...
"මේ අහපන්, මට මේක ගැන සම්පූර්ණ විස්තරයක් ඕනේ..."
යුන්ගිගේ අතෙන් ජන්කුක්ගේ ගෙදරින් ගෙනාපු පොටෝ එක තියන ගමන් ටේහ්‍යොන්ග් කීවම යුන්ගි හොදට පොටෝ එක දිහා බැලුවා..
"මේ...අහ්.. මේ ජන්කුක්නේ..."
"ඔව්.. ජන්කුක් තමයි.. මේ බලපන් මේ ඉන්නේ කූගේ ඔම්මයි අප්පයි, එතකොට මේ කූට එහා පැත්තේ ඉන්නේ සමොච්චන් එයාගේ, නැත්නම් දැන් ඉන්න මිස්ටර් ජියෝන්..."
ටේහ්‍යොන්ග් පෙන්නනා ගමන් කීවම යුන්ගි ඔලුව වැනුව...
"මොනවද උබට ඕනේ මේකේ..."
"අහපන්... ජන්කුක්ගේ ඔම්මයි අප්පයි ඇක්සිඩන්ට් එක්කින් නැති වෙලා, මට ඒක ගැන ඕනේ සම්පූර්ණ විස්තරයක්, මට පොලිස් රිපෝට් එකත් ඕනේ, එතකොට මෙන්න මේක ගැනත්.. මට මේකව සුවර් නෑ පොඩ්ඩක්වත්.. මෙතන මොකක් හරි වැරැද්දක් තියනවා..."
අත මිට මොලව ගන්න ගමන් ටේහ්‍යොන්ග් කියනකොට යුන්ගි ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියේ කල්පනා කරන ගමන්..
"එතකොට ජන්කුක්ව හම්බුනාද... මට ජිමිනී කීවා ජන්කුක් නැති කතාවක්..."
"නෑ බන්.. නෑ.. මම ත් හොයනවා මේ.. මට මේ ඔක්කොම පැටලිලා.. එහෙම අප්පා , මෙහෙන් මේවා.... "
"හරි හරි.. උබ කලබල වෙන්න එපා, නම්ජූන් හ්‍යුන්ග් බලා ගනී කම්පැනි එක, වෙන මොනා හරි ඕන උනොත් මට කියපන් , මන් මගේ යාලුවෙක් ඉන්නවා උට කතා කරලා බලන්නම්..."
යුන්ගි ටේහ්‍යොන්ගේ උරහිස මිරිකන ගමන් කීවම ටේහ්‍යොන්ග් තමන්ගේ යන්තම කදුලු පිරුනු ඇස් වලින් යුන්ගිට ආචාර කරා...
"කොහොම හරි බන්... ලොකු උදව්වක්...."
ටේහ්‍යොන්ග් යුන්ගිගේ අත මිරිකලා නැගිටලා දොර පැත්තට ඇවිදගෙන යනකොට යුන්ගි බලන් හිටියේ වේදනාවෙන්.. ටේහ්‍යොන්ගේ හීනී ඇස් දෙකේ අසරණ කම පිරිලා තිබ්බා...කලු පාට කලිසමකට ලොකු කලු පාටම ටී ශර්ට් එකක් ඇදන් හිටිය ටේහ්‍යොන්ගේ තඹ පාට කොන්ඩේ ඔහේ නිදැල්ලේ උරහිසෙන් පහලට කඩන් වැටිලා තිබ්බා... ඒ අසරණ ඇස් යුන්ගිටත් අමුතු හැගීමක් ගෙනාවා...
="හෙලෝ..හෝසොක්.. මට පොඩි උදව්වක් ඕනේ..."
යුන්ගි කෝල් එකක් අරන් පෝන් එක කනේ තියාගන්න ගමන් කතා කරා...
.
.
.
.
.
.
ටේහ්‍යොන්ග් එහෙමම ආවේ ජන්කුක්ව එයාට නිතරම මුන ගැහුනු වෙරලට...ටේහ්‍යොන්ග් දාන් හිටපු සෙරෙප්පු දෙක ගලවලා විසි කරන ගමන් වැල්ලෙන් වාඩි උනා.. ගෙව්න දවස් දෙකට හරී බරක් ටේහ්‍යොන්ගේ ඔලුවට දැනුනා... බලාපොරොත්තු නොවුන දෙමාපියන්ගේ ප්‍රතිචාර, ජන්කුක්ව අතුරුදන් එක , ජන්කුක්ගේ අතීතේ ඒ හැමදේම ටේහ්‍යොන්ගේ ඔලුවට වද දුන්නා...
මේ වෙලාවේ කොහෙද ජන්කුක් මොකක්ද කරන්නේ කියලා ටේහ්‍යොන්ග්ට දැනගන්න ලොකු උවමනාවක් තිබුනා, ඒ උනාට කොහෙන් හොයාගන්නද කියලා ටේහ්‍යොන්ග්ට හිතා ගන්න බැරි උනා...අමුතු බයක් දැනුනත් ටේහ්‍යොන්ග් කල්පනා කරන් තමන්ටම කියා ගත්තා එයා බය වෙන තරම් ටේහ්‍යොන්ග් පරක්කු නැතුවැති කියලා...
"කොහෙද කූ ඉන්නේ ඔයා... මට හරි මහන්සී..."
ටේහ්‍යොන්ග් ඈත මුහුද දිහා බලන් මිමිනුවම ලොකු රැල්ලක් ඇවිත් ගල් පරේක හැප්පිලා ටේහ්‍යොන්ගේ මූනට වතුර විසික් උනා...
"හැමදේම හොදින්නේ නේද... මම එනකන් පරිස්ස්මට ඉන්න..."
ටේහ්‍යොන්ග් ආයෙත් මුමුනන ගමන් එතනින් නැගිට්ටේ කාලේ කන්න බැරි හින්දා..ඊලගට ටේහ්‍යොන්ග් ආවේ ජන්කුක්ගේ ගෙදරට... එදා ජන්කුක්ව තමන්ගේ මන්දිරේට එක්කන් යනකොට දාපු විදියටම ලොක් එක ඒ විදියටම තිබුනා...
ටේහ්‍යොන්ග් යතුර දාලා ලොක් එක අරින ගමන් මිදුලට ඇවිත් ආයෙත් ගේට් එක වැහුවා.. ජන්කුක්ගේ ගෙදර දොරත් ඇරගෙන ඇතුලට ආපු ටේහ්‍යොන්ග් දොර වාහලා ගේ පුරාම වටයක් බැලුවා... යන්තම් දූවිලි බැදිල තිබ්බත් එයාගේ ඕවර් ක්ලීන් කූගේ ගෙදර පිලිවලටම තිබ්බා...
යන්තම් හිනා වෙන ගමන් ජන්කුක්ගේ කාමරේට ගිය ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇදෙන් වාඩි වෙලා ඩ්‍රෝවර් එකේ ලාච්චුව ඇරලා බැලුවේ නිකන්... ඒක ඇතුලේ තිබ්බ අනිත් පැත්ත හරවපු පොටෝ ටිකක් අතට ගත්තු ටේහ්‍යොන්ග් එකින් එක බැලුවා... ජියෝන් මැන්ශන් එකේ තිබ්බ පොටෝ වල ඇදපු ඇදුම් වලින්ම ගත්තු පොටෝ වගයක්, ඒත් ඒවා රාමු වලින් ගලවපු පාරවල් තිබ්බා...
"ගෙදරින් එනකොට ගලවන් එන්න ඇති..."
ටේහ්‍යොන්ග් එහෙම හිතලා පොටෝ ටික තියලා ආයෙත් ලාච්චුවට අත දැම්මම යතුරක් අහු උනා....ටේහ්‍යොන්ග් යතුර අතට අරන් ඒකේ කට්ට දිහා බලලා එහා පැත්තේ තිබ්බ අල්මාරියේ ලොකු එක දිහත් බලලා නැගිටලා යතුරු හිලට යතුර දැම්මා...
හැඩල් එක කරකවලා දොර ඇරපු ගමන්ම ඇතුලේ ඉදලා ආපු සුවද ටේහ්‍යොන්ගේ මූනේ වැදුනේ මොහොතකට ජන්කුක්ගේ සුවද ටේහ්‍යොන්ග්ට මතක් කරවලා.. ටේහ්‍යොන්ගේ මූනට හිනාවක් ආවේ හරි පිලිවල අල්මාරිය දැකලා... පොත් පත් ෆයිල් එක එක බෝතල්, සෙන්ට් එක එක දේවල් පිරුනු අල්මාරිය හරි ලස්සට අහුරලා තිබුනා...
"වා.. පරණ කැමරාවක්..."
එතන වෙනම වීදුරුවකින් ආවරණය උන තට්ටුවක තිබුනු කැමරාව දැකලා ටේහ්‍යොන්ග් වීදුරුව උස්සන ගමන් කැමරාව අතට ගත්තා...
"මේ කොල්ලට හරි පුදුම ආසාවල් තියෙන්නේ..."
ටේහ්‍යොන්ග් තමන්ටම මුමුනන ගමන් කැමරාව ඔන් කරන්න හැදුවත් බැරි උනාම ඒක ආයේ තියන්න ගියත් කැමරාවට යටින් තියලා තිබුනු පොලිතින් බෑග් එකක් දැකලා ඒක අතට ගත්තා...
"ඔහ් ..පොටෝ..මොහ්........
ටේහ්‍යොන්ග් හරි ලස්සනට නමලා පිලිවලට තිබ්බ කවරේ ඇරලා පොටෝ ටික අතට අර්න් පලවෙනි පොටෝ එක දිහා බලනකොටම පුදුමෙන් ගල් ගැහුනා...
ඒක ටේහ්‍යොන්ගේ ගොඩාක් පරණ පොටෝ එකක්, ටේහ්‍යොන්ගේ හයි ස්කූල් යුනිෆෝම් එක දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ පුදුම වෙලා...ඒ කාලේ ටේහ්‍යොන්ගේ කොන්ඩේ මේ තරම් දිග නැති උනත් තඹ පාට කොන්ඩේ හැමෝම අතරින් විශේෂ උනා...
"අනී..කොහොමද කූ ගාව මගේ පරණ පොටෝ...'
එක එක ඈන්ගල් වලින් ගහපු ටේහ්‍යොන්ගේ පොටෝ දිහා බලාගෙන යන ගමන් ටේහ්‍යොන්ග් පුදුමෙන් මුමුනන්න ගත්තේ ටේහ්‍යොන්ග්ට මුකුත් හිතා ගන්න බැරි උන හින්දා... ඒ හැම පොටෝ එකක්ම ටේහ්‍යොන්ග්ට හොරෙන් ගහපු පොටෝ කියලාපැහැදිලිවම පෙනුනා..
"ඒ කියන්නේ කූ මගේ ස්කූල් එකේද ඉදලා තියෙන්නේ... මට මතකයක් නෑනේ..."
ටේහ්‍යොන්ග් පොටෝ ටිකත් අරන් ඇද උඩින් වාඩි වෙන ගමන් කල්පනා කෙරුවත් ටේහ්‍යොන්ග්ට එහෙම මුකුත් මතක් උනේ නෑ...
"ඒ කොහොම උනත් ඇයි මගේ පොටෝ...."
ටේහ්‍යොන්ග් දිගටම තනියම මිමිනුවත් ඒවට උත්තර දෙන්න ජන්කුක් නම් හිටියේ නෑ........
-"හෙලෝ යුන්ගියා...."
-"අහ්.. හරි මන් ඒ වෙලාවට එන්නම්...."
යුන්ගිගේ කෝල් එක ආන්ස්වර් කරලා කතා කරපු ටේහ්‍යොන්ග් පරිස්ස්මට තිබ්බ විදියටම ආයෙත් එක පාරක් බලලා පොටෝ ටික තිබ්බා...ඒක ජන්කුක්ට වැදගත් නම් එච්ච්රමයි ටේහ්‍යොන්ග්ට ඕන උනේ....
.
.
.
.
.
.
"මේ හෝසොක්.. මගෙ යාලුවෙක්, CID එකේ..."
යුන්ගි තමන්ගේ ඉස්සරහ ඉන්න යාලුවව ටේහ්‍යොන්ග්ට හදුන්වලා දෙන ගමන් කීවම ටේහ්‍යොන්ග් හෝසොක්ට අතට අත දුන්නා...
"හෝසොක් , මේ ටේහ්‍යොන්ග්, මම කීවේ මේයා ගැන..."
යුන්ගි කීවම හෝසොක් හිනා වෙලා ඔලුව වැනුවා...
"ටේහ්‍යොන්ග් මේක වෙනකොට මම මේ ෆීල්ඩ් එකේ නෑ, මගේ ඩෑඩ් ඉදලා තියනවා.. මට උදේ ඩීටේල්ස් ටික හම්බුන හින්දා වැඩි විස්තරයක් ගන්න බැරි උනත් පොලිස් රිපෝට් එක ගත්තා...හැබැයි ඒකත් අමාරුවෙන්..."
හෝසොක් ෆයිල් එකක් මේසේ උඩින් තියන ගමන් කීවම ටේහ්‍යොන්ග් ඒක අතට ගන් නැතුව බලන් හිටියේ..
"අමාරු උනා කීවේ..."
"මේකයි.."
හෝසොක් ටිකක් හඩ අඩු කරලා කතා කරා,
"මේක යට ගහපු කේස් එකක්...."
හෝසොක් කීවම යුන්ගි පුදුමෙන් ටේහ්‍යොන්ග් දිහා බලනකොට ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා..
"එහෙනම් මගෙ සැකේ හරි, මෙතන අවුලක් තියනවා.."
ටේහ්‍යොන්ග් කීවම හෝසොක් ඔලුව වැනුවා..
"මෙතන තියෙන්නේ කොපි එක විතරයි, අධික මත්ද්‍රව්‍ය බාවිතයෙන් රිය පැදවීම්....ඒ උනාට ඇතුලේ රිපෝට් දෙකක් තියනවා...මට මේක සුවර් නෑ..."
හෝසොක් කීවම ටේහ්‍යොන්ග් රිපෝට් එක පෙරලුවා...
"නෝමල්... හෝසොක් කියන්නේ එහෙමද..."
"අනිවාරෙන්...."
හෝසොක් අත් දෙක බැදගෙන පුටුව පිටිපස්සට හේත්තු වෙන ගමන් කීවම ටේහ්‍යොන්ග් රිපෝට් එක වහලා දැම්මා...
"මගේ කේස් එකක් නෙවෙයි හින්දා මට අත ගහන්න බෑ, ඒ උනාට මගේ යාලුවෙක් ඇතුලේ ඉන්නවා ඒකෙන් තමයි මේකත් ගත්තේ, මිනිහත් මට මුකුත් කියන් නෑ, මොකද අයින් කරපු ෆයිල් ගොඩෙන් එකක් උඩට ගන්නවා කියන්නේ උන්ට රිස්ක් එකක්...."
හෝසොක් බැරෑරුම් විදියට කීවම ටේහ්‍යොන්ග් ටිකක් කල්පනා කරා...
"ඔකේ.. මට කොහොම හරි මේක කරලා දියන්.. CCTV ෆොටේජස් ටික ගන්න පුලුවන් නම් ...
"ඒක තමයි මාත් ට්‍රයි කරන්නේ... මේකේ ඇතුලේ මොකක් උනත් ඇක්සිඩන්ට් එක නෝමල් නම් ෆොටේජස් ටික තියෙන්න ඕනේ, එතන මොකක් හරි අවුලක් තියනවා...."
"ප්ලීස් බන්, මට ඒ ටික ඕනේ...."
ටේහ්‍යොන්ග් හෝසොක්ගේ අත් දෙක අල්ලන් කීවම හෝසොක් යුන්ගි දිහා බැලුවා..
"උබ බයවෙන්න එපා උබට කේස් එකක් වෙන් නෑ, උනත් ඒක සෙට්ල් කරන්න පුලුවන්, පුලුවන් ඉක්මනට වැඩේ කරලා දියන්..."
යුන්ගී කීවම හෝසොක් හිනා වෙලා ටේහ්‍යොන්ගේ අතට තට්ටුවක් දැම්මා...
"යුන්ගියා මට මූ ගැන ඔක්කොම හොයලා ඔනේ...."
හෝසොක් ගියාම ටේහ්‍යොන්ග් කීවේ තමන්ගේ පෝන් එකේ තිබ්බ ජියෝන්ගේ පොටෝ එක දිහා බලන්...
"බල්ලා, තෝ මන් හිතන දේ කරලා තිබ්බොත් තෝව මන් ඉතුරු කරන් නෑ... "
.
.
.
.
.
*****************
High school Tae....👑️
Hoseok...♥️🔥🥀
___________________________Dark_Sunshiner 🤍🥀
කම්මැලිද...
ඉක්මනින් ඉවර වෙයි...°•.
Thanks for reading...♥️
To be Continued...
2023/02/25
Bạn đang đọc truyện trên: AzTruyen.Top