|24|

"කූ.. මේ දොර අරින්න..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ගෙදර දොර ගාවට වෙලා කෑ ගැහුවේ කලබලෙන්... දැන් ටිකක් වෙලා එක දිගට කතා කරත් ජන්කුක් දොර ඇරපු නැති හින්දා ටේහ්‍යොන්ග් ටිකක් කලබල උනා... රෑ දොලහත් පහු වෙලා තිබ්බ හින්දා එලියේ බල්බ් පත්තු කරලා තිබ්බෙත් නෑ...

"ආශ්..කූ මන් බය උනා..."

දොර ඇරුන ගමන් ඇතුලට පැනලා ජන්කුක්ව හයියෙන් බදාගන්න ගමන් ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් පුදුමෙන් හිටියේ..

"හ්‍යුන්ග් ඇයි මේ..."

වේගෙන් හුසම ගන්න ටේහ්‍යොන්ගේ පිටට තට්ටුවක් දාල ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවින් ලොකු හුස්මක් ගත්තා..

"ආයේ කියන්න.."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලෙ මූන තියාගෙනම මිමිනුවා..

"ආහ්.."

"ආයේ කියන්න ඒක..."

"හ..හ්‍යුන්ග්..."

"එහෙම කතා කරන්න මන් කැමති..."

ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක්ගේ තොල් අතරේ හීනි හිනාවක් ඇදුනා...

"ටේහ්‍යුම්ම්ම්ම්ම්ම්හ්..........

ජන්කුක්ට කතා කරලා ඉවර කරන්න හම්බුනේ නෑ එක පාරටම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දෙකට බර උනා....

"ම්ම්ම්ම්හ්.......

ජන්කුක් ටේහ්‍යොන්ග්ව තල්ලු කරන්න හැදුවත් ජන්කුක්ව තදින් බිත්තියට හේත්තු කරන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ව සිප ගත්තා...ටික්කින් ජන්කුක් සිප ගැනීමට ප්‍රතිචාර දක්වන්න ගත්තේ ටේහ්‍යොන්ගේ බෙල්ල වටේට අත්දෙක යවන ගමනුයි....

එකිනෙකාට තවත් ලන් වෙන ගමන් දෙන්නම තදින් සිප ගත්තේ තොල් කොනින් සලීවා බේරෙනකොට... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දෙකම තමන්ගේ තොල් වලින් ආවරණය කරන ගමන් තදින් සිප ගත්තේ ජන්කුක් තමන්ගේ බෙල්ල ඇල කරනකොට...

"ටේ.... ම්ම්..හ්‍යුන්ග් ඔයා බිව්වද..."

කටට දැනුනු මත් රස හින්දා අමාරුවෙන් ටේහ්‍යොන්ග්ව ඈත් කරලා ජන්කුක් ඇහුවත් ඒකට උත්තර දෙන්න මහන්සි නොවුන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ලට තොල් තිබ්බෙ ජන්කුක් ගැස්සෙනකොට...

"ම්ම්ම්හ්.. බේබි..."

තමන්ගේ ඇග ජන්කුක් මත තෙරපන ගමන් බෙල්ල මත තොල් තියාගෙනම කෙදිරි ගාපු ටේහ්‍යොන්ග් කකුල දික් කරලා දොර වහන ගමන් ජන්කුක්ව කකුල් දෙකෙන් උස්සලා වඩා ගත්තා... ජන්කුක් තමන්ගේ කකුල් දෙක ටේහ්‍යොන්ගේ ඉන වටේ පටලන් අත් දෙකෙන් බෙල්ල තදින් අල්ලගෙන ඇස් පියන් හිටියේ අසිහියෙන් වගේ...

ආයෙත් ජන්කුක්ගේ තොල් වලට පාත් වෙලා සිප ගන්න ගමන්ම ටේහ්‍යොන්ග් කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගිහින් කාමරයක් ඇතුලට ගියේ හාදුව ටිකකටවත් නවත්තන්නේ නැතුවයි....

"අහ් ..හ්‍යුන්ග්..."

එක පාරටම ජන්කුක් එක්කම ටේහ්‍යොන්ග් ඇදට වැටුනම ටේහ්‍යොන්ගේ බරට ජන්කුක්ට කෙදිරි ගෑවුනා...

"කූ බේබි... ම්ම්ම්හ්..."

ජන්කුක්ගේ තොල් වලින් ආයෙත් බෙල්ලට මාරු වෙන ගමන් ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක් තද කරලා ටේහ්‍යොන්ග්ව බදාගත්තා... ටේහ්‍යොන්ග් තමන්ගේ තෙත තොල් ජන්කුක්ගේ කිරි සුදු පාට ජ්වේලයින් එක දිගේ අරන් යනකොට ජන්කුක් ටේහ්‍යොන්ගේ තඹ පාට කොන්ඩේ අතරින් ඇගිලි යවලා බෙල්ල පිටිපස්සට නවාගත්තේ දැනෙන අමුතු හැගීමට...

"හ්..හ්..හ්‍යුන්ග්..."

ජන්කුක් වෙව්ලලා වගේ එහාට මෙහාට දැගලුවේ ටේහ්‍යොන්ගේ තොල් දෙක පිජාම ටොප් එකේ බොත්තම් අතරින් පහලට ගිහින් ටේහ්‍යොන්ගේ අත ජන්කුක්ගේ බඩ දිගේ උඩට යනකොට...

එක පාරට දැනුනු ගැස්මට ටේහ්‍යොන්ග් ඉක්මනට ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා... ජන්කුක් ඇදේ දිගා වෙලා උන්නු විදියටම ඇස් දෙක බෝල කරන් ටේහ්‍යොන්ගේ ඇස් දෙක දිහා බලන් හිටියේ කලබලෙන්....

"ආයිශ්.. බල්ලා... තොට කන්ට්‍රෝල් නෑනේ...."

තමන්ටම බැනගෙන හයියෙන් තමන්ගේ අතකින් තමන්ගෙම කම්මුලකට ගහගත්තු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූන දෙපැත්තෙන් අත් දෙක තිබ්බා...

"ශ්.. ශ්.. මැණික බය වෙලා නෑනේ..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ මූනට ලන් වෙලා ඇහුවම ජන්කුක් ටේහ්‍යොන්ගේ අතක් තදින් අලගන්න ගමන් නෑ කියලා ඔලුව වැනුවා...

"ම..මට සමාවෙන්න හොදද... තවපොඩ්ඩෙන් මම ලස්සන මොහොතක් විනාශ කරනවා... අපි හැමදේම මීට වඩා ලස්සන විදියට කරමු...මගෙ කූ බය වෙන්න එපා.... හ්‍යුන්ග් හැමදේම ලස්සනට කරන්නම්... සමාවෙන්න මට..."

ජන්කුක්ගේ බෝල ඇස් දිහා බලන් වේගෙන් හුස්ම ගන්න ගමන් කියපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ නලලෙන් දිග හාදුවක් තිබ්බා...

.

.

.

ටේහ්‍යොන්ගේ අතින් ජන්කුක්ගේ පිටට ලැබෙන තට්ටු වලින් ටිකෙන් ටික සන්සුන් වෙන හුස්ම එක්ක ජන්කුක්ට ටේහ්‍යොන්ගේ තුරුලේම ඇස් පිය උනා...

ජන්කුක් අද ටිකක් බය උනත් ටේහ්‍යොන්ග් ගැන ගොඩ නැගිලා තිබ්බ හැගීමත් එක්ක ඒක මූන දෙන්න දැනුනු බයක් මිසක් කලින් වගේ දැනුනු බයක් නෙවෙයි... ජන්කුක් ටිකෙන් ටික ටේහ්‍යොන්ග් ගාව සාමාන්‍ය වෙන්න පටන් අරන් තිබ්බේ.. ජන්කුක්ට ඕනෙ කරේ ටේහ්‍යොන්ගේ අත් දෙක තදින් අල්ලන් ටේහ්‍යොන්ගේ ඇස් දිහා එක පාරක් බලන්න, ඒ ඇස් ඇතුලේ ගොඩ නැගෙන විශ්වාසදායී හැගීම ජන්කුක්ට විශ්වාසයක් එකතු කරා.... ටේහ්‍යොන්ග්ට ඕනේ උනා හැම දේම ලස්සනට පිලිවෙලට කරන්න... අමතක නොවෙන විදියට....

"දවසක හැමදේම හරිගස්සමු... ඉක්මනටම මන් ඔයාව මන් ගාවට ගන්නම්..."

එක රිද්මයකට හුස්ම පාත දාන ජන්කුක්ගේ කම්මුලකින් හාදුවක් තියලා මුමුනපු ටේහ්‍යොන්ග් ඇදෙන් නැගිටලා ගියේ ඇදුම් මාරු කරගන්න...

.


.



.



.





.
__________________________

"චූටි දැන් ඔයා මෙහෙ යනවා එනවා වැඩී..."

තමන්ගේ කැබින් එකේ සෝෆා එකට වෙලා ජූස් එක්කුත් බිබී ඉන්න නුවීට ටේහ්‍යොන්ග් කීවේ ලැප් එකෙන් ඇස් දෙක අහකට ගන් නැතුවමයි...

"මන් ආවම ඉතින් ඔහේට මොකෝ... "

"තාම නම් මුකුත් නෑ, මොකෝ කියලා තමා මාත් බලන්නේ... Come..."

"ඔහ්.. ටේහ්‍යොන්ග් අහ් මන් පස්සෙ එන්නම්.."

ටේහ්‍යොන්ග් කීවම ඇතුලට ආපු නම්ජූන් නුවී දැකලා එලියට යන්න ගියත් නුවී ඉක්මනට උඩ දාන් හිටපු කකුල පහලට දාලා හරියට ඉදගෙන ලස්සනට හිනා උනා...

"ඔහ් නෑ ඔප්පා මන් යන්නම්... මන් යන්නම් ඔප්පා... ආයේ එන්නම්කෝ..."

ටේහ්‍යොන්ග්ටත් හිනා වෙලා නම්ජූන්ට ඊටත් වඩා ලස්සනට හිනා වෙලා අචාර කරලා පිලිවලට එලියට යන නුවී දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ ඇස් කටේ දාන්..

"එයාට මක් උනාද...පිස්සි..."

"නම්ජූන් හ්‍යුන්ග්.."

"නම්ජූන් හ්‍යුන්ග්..."

"ඔහ්.. හරි ටේහ්‍යොන්ග් මන් පස්සෙ එන්නම්..."

එක පාරට හරි සිහියට ඇවිත් ඉක්මනට එලියට යන නම්ජූන් දිහා ආයෙත් ටේහ්‍යොන්ග් බලන් හිටියේ කන්ෆියුස් වෙලා...

"ඔක්කොටම මොකක් වෙලාද..."

ටේහ්‍යොන්ග් ඔලුව දෙපැත්තට ගසලා ආයෙත් ලැප් එකට අවධානේ යොමු කරා...

.



.



.


.



.


.

"යාහ් යුන්ගියා මොනවා හරි කරපන්කෝ..."

ටේහ්‍යොන්ග් පයින් එකක් ගහලා කෑ ගැහුවම යුන්ගි ගැස්සිලා ඇහැරුනා...

"දැන් උබ ගෙදරට ඇවිතුත් වද දෙන්න පටන් ගත්තද...පොඩ්ඩක් නිදාගත්තා විතරනේ බල්ලෝ..."

"අනේ උබේ නින්ද වගේද මේක,, අප්පා අර ගෑනිව ගෙදර එවනවා කීවා මන් හම්බෙන්න යන්න බෑ කීවොත්..."

"ඉතින් හොදයිනේ බන්, උබට ෆන් එකක් ගත්තෑකිනේ...ආයි යකෝ..."

ටේහ්‍යොන්ග් අත දිගෑරලා යුන්ගිට ගැහුවම යුන්ගි ඔලුව අල්ලන් නැගිට්ටා...

"උබට මන් කිව්වයි කියලා හිතාගනින්... ඉතින් ඒනම් හම්බෙයන්කෝ ගිහින් කෑ නොගහා..."

"ඒම බෑනෙ බන්.. ජන්කුක්ට මොකක්ද කියන්නේ..."

"ඉතින් නොකියා යනවා..."

"ඒම බෑ බල්ලෝ.. එයාට බොරුකරන්න..."

ටේහ්‍යොන්ග් අත් දෙක එකට තද කරන් කීවම යුන්ගි කට කොනින් හිනා උනා...

"අම්මේ උබට දැන් තමයි බැරි, ඉස්සර දවසකට එක ගානේ, හම්බෙලා විතරක් නිකන් ඉන් නෑනේ..."

"ඒ ඉස්සරනේ , මේ දැන්.. ජෝක් කරන්න බෑ දැන් මොකක් හරි කියපන්..."

ටේහ්‍යොන්ග් සීරියස් මූඩ් එකෙන් කීවම යුන්ගි ඔලුව වැනුවා...

"ඉතින් බන් අප්පට කියපන් ජන්කුක් ගැන..."

යුන්ගි කීවම ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා...

"ඇයි බැරි..."

"මොකක් කියලද කියන්නේ මම, නන්ගිට ප්‍රපෝස් කරපු කොල්ලට කැමති කියලද...අ..අනික අප්පා ජන්කුක්ට කැමති වෙන එක්කුත් නෑ..."

"ඉතින් අප්පා ජන්කුක්ව දන්නවද..."

"කියන්න බෑනේ, එයා නොදන්න දෙයක් තියනවද..."

"ඇයි ඉතින් අකමැති වෙන්නේ..."

යුන්ගි ඇහුවම ටේහ්‍යොන්ග් හොද හුස්මක් පාතට දැම්මා..

"දැන් ඔය හදිසියේ මැරේජ් එකක් ලෑස්ති කරේ මොකේට කියලද හිතන්නේ උබ.."

"ආයිශ් ... ඔව්නේ..."

"ඒකනේ, එතකොට අප්පා කොල්ලෙක්ට කැමති වෙයි කියලා උබ හිතනවද..."

"දැන් එතකොට උබ මොකක්ද කරන්නේ...."

"මන්දා බන්.. මොකක් හරි කරන්න ඕනේ...උබ අර මන් කියපු වැඩේ බැලුවද..."

ටේහ්‍යොන්ග් ඇහුවම යුන්ගී ඔව් කියලා ඔලුව වැනුවා...

"උබ හිතුවා හරී... "

"ආයිශ්... මන් කීවේ මොකක් හරි අවුලක් තියනවා කියලා .... ඒ යකා ජන්කුක්ගේ අප්පා නෙවෙයි කියලා මට තේරුනා..."

ටේහ්‍යොන්ග් කේන්තියෙන් කෑ ගැහුවම යුන්ගි ටේහ්‍යොන්ගේ අතින් තදින් ඇල්ලුවා..

"කේන්තියෙන් විකාර කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා උබ, මම දන්නවනේ උබේ ඉවසීමේ තරම...."

"ආයිශ්.. මන් ඕකව මරනවා..."

"මේ..උබ මගුලක් කරන්න ලෑස්ති වෙන්න එපා.. හරියටම ඔක්කොම හොයාගානකන් ඉදපන්..."

ටේහ්‍යොන්ගේ උරහිසට එකක් ගහන ගමන් යුන්ගි කීවම ටේහ්‍යොන්ග් කේන්තියෙන් ඇස් දෙක පියාගත්තා...

"යාහ්..ජන්කුක්ව මගෙ ගෙදරටවත් එක්කන් යන්න ඕනේ.. මන් එන්නම්..."

කෑ ගහලා කියන ගමන් ටේහ්‍යොන්ග් එලියට දුව ගියේ යුන්ගි ආයෙත් ඇදේ ඇලවෙනකොට...

.

.


.


.


.

*****************

___________________________Dark_Sunshiner 🤍🥀

🖤🍃

Comment කරන හැමෝටම ගොඩාක් තැන්ක්‍යූ ... මට ඒක සතුටුයි ගොඩාක් මේ වෙලාවෙ...🥺♥️

Thanks for reading...♥️

To be Continued....

2023/02/15

Bạn đang đọc truyện trên: AzTruyen.Top