|18|
යුන්ගි බලන් හිටියේ අන්තිමටම ප්‍රසන්ට් කරලා වේ එකෙන් යන ජිමින් දිහා... තද ලෙදර්පෑන්ට් එකත් එක්ක රතු පාට ජැකට් එකට ජිමින්ගේ ටිකක් පිටිපස්සට කරලා හදලා තිබුනු කොන්ඩේ ලස්සනට කැපිලා පෙනුනා... හීල් ශූස් දෙකට උසට කැපිලා පෙනුනු ජිමින් දිහා යුන්ගි බලන් හිටියේ පුදුමයෙන් වගේම ආසාවෙන්...
අද පාර්ක් නේම් ටැග් එකේ ෆැශන් ශෝ එක.. යුන්ගිගේ කම්පැනි එක ඒකට ඉන්වෙස්ට් කරන හින්දා යුන්ගි ඒකට ඇවිත් හිටියා.. ඒ උනාට ජිමින් මොඩල් කෙනෙක් විදියට දකින්න යුන්ගි බලාපොරොත්තු උනේ නෑ...
"ඔයා මොඩ්ලින් කරනවා කියලා මම දන් නෑනේ..."
ශෝ එක වර උනාම හෝල් එකෙන් පිටිපස්සට ගිහින් රූම් එක්කට ඇඉදගෙන යන ජිමින්ව අල්ලගන්න ගමන් යුන්ගි ඇහුවේ ජිමින්ගේ කනට කරලා...
"ඔහ්.. මන් බය උනා.. මන් එහෙම කරන් නෑ.. ඒත් මේක මගේ ඩිසයින් එකක්..."
යුන්ගි ඉස්සරහ වටයක් කැරකිලා ජිමින් කීවම යුන්ගි තොල් කොනකුත් හපාගෙන ජිමින්ගේ උඩ ඉදන් පහලටම බැලුවා... ජිමින්ගේ අතකින් ඇදලා ලගට ගත්තු යුන්ගි ජිමින්ගේ මූනට පාත් උනේ ජිමින් යුන්ගිගේ කෝට් එක කොනෙන් ඇගිලි ගුලි කරලා අල්ලගන්නකොට...
ඇස් දෙක පියාගත්තු ජිමින්ගේ මූන දිහා බලල කට කොනින් හිනාවෙන ගමන් ජිමින්ගේ කොන්ඩ කෑල්ලක් කනෙන් පිටිපස්සට දාපු යුන්ගි, කන් පෙති වල තොල් ගෑවෙන තරමට තොල් ලන් කරලා මොනවා හරි මුමුනලා එතනින් ගියේ, ජිමින්ගේ පෑන්ට් එකට තද වෙලා බෝල උන බෝල පස්සටත් ස්ලැප් කරන ගමනුයි...
"ආහ්.. මොකක්ද කීවේ.. ආර්හ්... දෙයියනේ..."
ටිකකින් හරි සිහියට ආපු ජිමින් කටටත් අත තියන් අතින් අතෙන් තමන්ගේ පස්ස අල්ලගත්තේ මූනත් රතු කරන්...
"දෙයියනේ කෝ මේ මනුස්සයා... එක පාරට යනවද... ඔහොම ඉන්නවාආආඅ...."
තේරුන වෙලාවෙ කෑ ගහගෙන යුන්ගිගේ පස්සෙන් ජිමින් යන්න ගන්නකොට යුන්ගි කොරිඩෝ එකේ අයිනටම ඇවිදන් ගිහින්...
"ඔහොම ඉන්න... ආර්හ් මොන මගුලක්ද මේ කලිසම ඇවිදගන්නත් බෑ, මොක්කුද මේව හදන්නේ... ශිහ්... මාත් තමුසෙට කැමති මනුස්සයෝ..."
හිර කලිසමට තද වෙලා බිම වැටුනු තැනම ඉදන් ජිමින් කකුල් දෙකත් ගස ගස කලිසම හදපු මිනිස්සුනටත් බැන බැන යුන්ගිට කැමති කියලා කෑ ගහනකොට යුන්ගි එතනින් එලියට ගිහිනුත් ඉවරයි...
.
.
.
.
අදත් උදේ ඉදන් ගැලරි එකේ කන්ට්‍රෝල් රූම් එකට වෙලා ජන්කුක් තමන්ගේ සුපුරුදු වැඩේ කරන ගමන් හිටියා... අදත් වෙනදා වගේම ටේහ්‍යොන්ග් ඉස්සරහ දොරෙන් මතු වෙනකුනුයි ජන්කුක් බලන් හිටියේ...
හැමදේම වෙලා දැන් මාස දෙකක් විතර ගෙවිලා..ඒ කාලේ ඇතුලට ටේහ්‍යොන්ග් ජන්කුක් හිතුවේ නැති තරම් ජන්කුක් ගාව රැදෙන්න පටන් අරන් තිබ්බා... වෙලාවකට ටේහ්‍යොන්ග් ගාවින් දැනෙන උණුසුම් හැගීමට කැමති උනත්, ඒ හැගීම හින්දම දැනෙන අමුතු නුපුරුදු හැහීමට ජන්කුක් වෛර කරා... කොහොම මොනා උනත් මේ සම්පූර්ණ කාලේ ඇතුලත ජියෝන්ගෙන් කරදරයක් , පනිවිඩයක් ආපු නැති එක ජන්කුක්ගේ මානසික මට්ටම ටිකක් හොද වෙන්න හේතු උනා...
අදටත් ටේහ්‍යොන්ගේ මේ වෙනස් හැසිරීමට හේතුව ජන්කුක් නොදන්නවා උනත් ජන්කුක් ඒ වෙනසට යම්තාක් දුරකට කැමතී කියන එක ජන්කුක්ටම මේ වෙනකොට තේරෙමින් තිබ්බා..
"මොකක්ද ඇත්තට ඔය සම්භන්දේ..."
කල්පනා ලෝකෙක ගිලිලා හිටපු ජන්කුක් හරි සිහියට ආවේ තමන්ගේ ඉස්සරහ මේසේ උඩ එක කකුලක් පහලට දාලා ඉදගෙන හිටපු ජිමින්ගේ සද්දෙන්...
"මොන..."
ජන්කුක් ඇහි බැමක් උස්සලා ඇහුවම ජිමින් කට කොනින් හිනා උනා..
"උබ දැන් ඔය මටද බොරු කරන්නේ... හැමවෙලේම බැලුවොත් ටේහ්‍යොන්ග් උබේ ගෙදර .. නැත්නම් කොහෙ හරි උබ ඉන්න තැනක ටේහ්‍යොන්ගේ ඇදුමක් හරි තියනවා... ඉතින් තාමත් උබ කියන්නේ හැමදේටම කිසිම හේතුවක් නෑ කියලද..."
"නවත්තපන් උබේ වැඩකට නැති කතාව...මොනා කියනවා කියලද උබ හිතන් ඉන්නේ...මම ටේහ්‍යොන්ග්ට කැමති නෑ... එහෙම දෙයක් නෑ.. විකාර කියන් නැතුව ඉදපන්.. ඇයි උබ හිනා වෙන්නේ..."
"දැන් මන් කීවද උබ කැමති කියලා.. උබමයි ඒක කීවෙ... මොකක්ද කරන විකාරේ කියපන්කෝ... "
"ජිමිනා .. මම ආයේ උබට කියන් නෑ.. මේ කතාව මෙතනින් නවත්තපන්.. මම උබට ඇත්ත තමයි කීවෙ... "
පුටුව පිටිපස්සට හේත්තු වෙලා ඇස් දෙක පියාගන්න ගමන් ජන්කුක් කීවම ජිමින් මේසේ උඩින් බැහැලා ජන්කුක්ට එහා පැත්තේ පුටුවෙන් වාඩි උනා..
"ඇත්තටම ජන්කුකා මම උබෙන් අහන්නේ.. හරි තේරුමක් තියන දෙයක් කරපන්..."
"මන් මොකක්ද කරන්න ඕනේ ආහ්... ටේහ්‍යොන්ග් තමයි කොච්චර එපා කීවත් ගෙදරට එන්නේ.. හැමවෙලේම පස්සෙන් එන්නේ.. මම අකමැති උනාට වැඩක් තියනවද.. මන් මොනාද කරන්නේ..."
"ඇයි උබ ටේහ්‍යොන්ග්ට කැමති නැත්තේ..."
"කටවහපන්.. ඇයි මම කැමති වෙන්න ඕනේ..."
දත්මිටි කන ගමන් ජන්කුක් කීවම ජිමින් පුටුව පිටිපස්සට හේත්තු උනා...
"ඒනම් අර උබ මුලින් මොකක්ද කරේ... මේක අස්සෙ රින්ගන් හැමදාම ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා හිනා වෙවී.. හහ්, හැන්ඩ්සම් මෑන්...අර ක්ලබ් එකේ පිස්සුවක් නැටුවා.. දැන් ඔක්කොම කරලා උබ කියනවා මුකුත් නෑලු... මට කියපන් මෙතන කෝකෙද තේරුමක් තියෙන්නෙ කියලා.. "
"ජිමින් .. උබට අවශ්‍ය දේ විතරක් කතා කරපන්.. දැන් පලයන්..."
ඇස් දෙක පියාගෙන තමන්ගේ කේන්තිය පාලනය කරගන්න හදන ගමන් ජන්කුක් කීවම ජිමින් මුකුත් නොකියා එතනින් නැගිටලා රූම් එකෙන් එලියට ගියා...
කොහොමද එහෙම කීව පලියට දේවල් තෝරබේර ගන්නේ.....
.
.
.
.
ටේහ්‍යොන්ග් පුරුදු විදියට ගැලරි එකේ එයායන කාමරේ වටේටම ගිහින් නතර උනේ අලුතෙන් ඇදුනු චිත්‍රෙ දිහා බලන්න... යන්තම අදුරු කාමරේ හිටගෙන චිත්රේ දිහා බලන් ඉදපු ටේහ්‍යොන්ග්ට දැනුනේ නෑ එයා දිහා කවුරුත් බලන් ඉන්නවා කියලා... වෙනදට වඩා වෙනසක් දැනුනු චිත්රේ තියන හැගීම් කියවගන්න වෙනදා වගේම ටේහ්‍යොන්ග් අසමත් උනා...
කලු සුදු චිත්රේ අයිනකින් ඇරුනු පුන්චි කවුලුවකින් එලියට එන කහ පාට ආලෝක ධාරාවක් චිත්‍රෙ සිතුවම් වෙලා තිබුනා..කවදාවත් නොවුනු වෙනසක් ඇයි එකතු වෙලා තියෙන්නේ කියලා නම් ටේහ්‍යොන්ග්ට තේරුනේ නැති උනත් ටේහ්‍යොන්ග් අමුතු කුතුහලයත් එක්ක ඒ චිත්‍ර , ඒ හැඩයක් නැති චිත්‍ර වලට බැදිලා ඉවරයි.. සමහර විට ඇත්ත ජීවිතෙත් ඒ වගේම අදුරු උන ජීවිතේකට ආදරේ කරන්න ගත්තු ටේහ්‍යොන්ග් ඒ හා සමාන අදුරු සිතුවිලි පෙන්නන චිත්‍ර වලටත් ආකර්ෂනය වෙන්න පටන් අරන් ඇතී...
"ඵ්..ඔහොම ඉන්න මන් මේක දන්නවා..."
ගැලරි එකෙන් එලියට ඇවිත් තමන් වාහනේ ගන්න පාකින් ලොට් එකට ආපු ටේහ්‍යොන්ග් අයිනෙම නවත්තලා තිබ්බ වාහනේ දිහා කල්පනා කරේ දැකලා පුරුදු ඇයි කියලා...
"ටක්.. ටක්.. ටක්.."
ටේහ්‍යොන්ග් වාහනේ ගාවට ගිහින් ඩ්‍රයිවින් සීට් එක පැත්තේ වින්ඩෝ එකට තට්ටු කරලා අත් දෙකත් බැදගෙන හිටියේ ඇතුලේ වැඩේ ඉවර කරලා කීයට හරි වාහනේ අයිතිකාරයා එලියට එනකන්...
"ආයිශ්.. ටේහ්‍යොනා.. මොකද දැන් කරන්නේ..."
වාහනේ ඇතුලට වෙලා ජිමින් එක්ක කිස් කරන ගමන් හිටිය යුන්ගී වින්ඩෝ එකෙන් ඇහුන සද්දෙට ඈත් වෙලා බැලුවම දැක්කේ කකුලකින් පොලවට තට්ටු කර කර ඩෝ එක ඉස්සරහ අත් දෙකත් බැදන් හිටන් ඉන්න ටේහ්‍යොන්ග්ව..
"ඇයි හ්‍යුන්ග් මොකක්ද ප්‍රශ්නේ..."
තමන්ගේ කට වටේ අතකින් පිහින ගමන් ජිමින් හෙමීට ඇහුවේ ඇගිට්ල්ලකින් ස්ටීරින් වීල් එකට තට්ටු ද දා කලබල වෙලා ඉන්න යුන්ගිව...
"මන් මේකට කියලා ආවේ හදිසි මීටින් එකක් කියලනේ.."
ඔලුවේ අත ගහගන්න ගමන් යුන්ගි කියනකොට ජිමින් හිනා උනා..
"දැන් දොර අරින්න.. එයා දැකලා ඉවර ඇති..."
.
.
"ආආහ්.. මීටින් එක ඉවරද සුදු මහත්තයා... "
හෙමීට ඩෝ එක ඕපන් කරලා කකුලක් බිමට තියනකොටම ටේහ්‍යොන්ග් යුන්ගිගෙන් ඇහුවේ කින්ඩියට හිනා වෙන ගමන්...
"කෝ බලන්න බිස්නස් පාර්ට්න..."
යුන්ගිව තල්ලු කරලා ඇතුලට එබෙන ගමන් ටේහ්‍යොන්ග් කීවත් ටේහ්‍යොන්ග් පුදුම උනේ ජිමින් එහා පැත්තේ ඉදගෙන ඉන්නවා දැකලා....
.
.
.
"යාහ්.. දැන් කොච්චර කල්ද මේකට.. මෙච්චර එකට ඉන්න උබට මට තමයි ඕක කියන්න බැරි උනේ නෙහ්... කතා කරන්න එපා උබ මන් එක්ක..."
යුන්ගිට රවලා අහක බලන් ටේහ්‍යොන්ග් කීවා... කට්ටිය පොඩි කැෆේ එක්කට ආවේ විස්තරේ ටේහ්‍යොන්ග්ට පැහැදිලි කරන්න..
"ආහ්.. දැන් මාස දෙකක් විතර බන්... උබට මම කියන්න තමයි හිටියේ වෙලාවක් තිබ්බේ නෑ..."
ටේහ්‍යොන්ගේ උරහිසෙන් යුන්ගි අත තිබ්බම ටේහ්‍යොන් උන්ගිගේ අත ගසලා දැම්මා..
"වෙලාවක් තියනවද, උබ අන්තිමට මාව බලන්න ආවෙ කවද්ද, අදත් හවස හදිසි මීටින් එකක් කීවා..."
ටේහ්‍යොන්ග් හඩ අඩු කරලා කීවේ අහක බලාගෙනමයි.. යුන්ගි ටේහ්‍යොන්ග් දිහා බලන් ඉදලා හුස්මක් පාතට දැම්ම...
"ටේ... "
"ටේ.."
"ටේ.. මේ අහපන්... දැන කේන්ති ගන්න එපා..."
යුන්ගි කීවේ ටේහ්‍යොන්ග්ව තමන්ගේ පැත්තට හරවන ගමන්..
"ඕකේ.. කමක් නෑ... මන් දැන් යන්නම්... මට වැඩක් තියනව..."
"පොඩ්ඩක් ඉන්න...මේ ජිමින්.. මේ ඔයා දන්නවනේ..."
යන්න ගිය ටේහ්‍යොන්ග්ව නවත්තලා ජිමින්ව පෙන්නලා යුන්ගී කීවම ටේහ්‍යොන්ග් ජිමින් දිහා බලලා හිනා උනා... ටේහ්‍යොන්ග් ඇයි ජිමින්ව දන් නැත්තේ, ජන්කුක්ගේ යාලුවව....
ටේහ්‍යොන්ග් ජිමින් දිහා බලලා හිනා වෙන ගමන් කැෆේ එකෙන් එලියට ආවා..
"ඒ ටේහ්‍යොන්ගේ හැටි.. උගේ එකම යාලුවා මම... ඒකයි ඔය දුකෙන්..."
ජිමින්ගේ අතකින් අල්ලගන්න ගමන් යුන්ගී කීවම ජිමින් හිනා වෙලා යුන්ගිගේ අත අතගෑවා...
"ඒකට කමක් නෑ.. ටේහ්‍යොන්ග් හොද කෙනෙක්...මම බලාපොරොත්තු වෙනවා, අන්තිමට ජන්කුක්ව අතාරින් නැති වෙයි කියලා..."
ජිමින් කීවම යුන්ගි ජිමින් දිහා බලන් හිටියේ මුකුත් කියන් නැතුව..
.
.
.
.
ටේහ්‍යොන්ග් වාහනේට ඇවිත් ඉදගෙන පෝන් එක අතරට ගත්තේ , යුන්ගී ගැන යටි හිතින් සතුටු වෙන ගමන්... කිසිම කෙනෙක් දිහා ඇහැක්වත් ඇරලා බලන් නැති යුන්ගිව මේ විදියට දැක්කම ටේහ්‍යොන්ග්ට සතුටු හිතුනා...
-"හෙලෝ... ජන්කුක්..."
="............"
ගත්තු කෝල් එක ආන්ස්වර් උනා කියලා දැනුනම ටේහ්‍යොන්ග් කතා කරත් එහා පැත්තෙන් සුපුරුදු නිහඩ ප්‍රතිචාරයම හම්බුනා.. ඒක ටේහ්‍යොන්ග්ට ගානක් නෑ, ජන්කුක් ගැන දැනන් ඉන්න ටේහ්‍යොන්ග්ට ජන්කුක් තමන්ගේ කෝල් එක ආන්ස්වර් කරන එකමත් ලොකු දෙයක් උනා...
-"ඔයා මොකද කරන්නේ..."
="........"
-"ම්ම්ම්... කොහෙද ඉන්නේ...."
="............."
ඒකටත් ජන්කුක් මොනවත් කීවේ නැතත් මොනවා හරි පුපුරන සද්දයක් කෝල් එකෙන් ටේහ්‍යොන්ග්ට ඇහුනා...ඒත් එක්කම රෑ වෙලා කලුවර උන අහස දිහා බලපු ටේහ්‍යොන්ග් දැක්කේ පාට පාට එලි පේන මල්වෙඩි දිහා... අවුරුද්දේ අන්තිම වෙන ලග මල් වෙඩි දානවා අවසාන සති කිහිපයේ...
ජන්කුක් ඉන්න තැන අනුමාන කරපු ටේහ්‍යොන්ග් කෝල් එක කට් කරන ගමන් වාහනේ ස්ටාර්ට් කරලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා... ටික්කින් ටේහ්‍යොන්ග් හිටියේ වහපු බීච් රිසෝර්ට් එකක... එතනින් ඇතුලේ වෙරල දිගේ ඈතට වෙන්න මුහුද ඇතුලට වෙන්න හදපු wood hut එකේ ලී වැටට හේත්තු වෙලා ජන්කුක් අහසේ පත්තු වෙන මල් වෙඩි දිහා බලන් හිටියා...
කිසිම එලියක් නැති ඒ තැන සැරෙන් සැරේට ආලෝකමත් වෙන මල් වෙඩි වලින් ජන්කුක්ව ලස්සනට පෙනුනා... ජන්කුක්ව දැක්කම ටේහ්‍යොන්ගේ මූනට ආදරනීය හිනාවක් ආවා... ලී පාලම දිගේ ඇවිදගෙන ගිහින් හට් එක ඇතුලට ගිය ටේහ්‍යොන්ග් වැටට බර වෙලා එලිය බලන් ඉන්න ජන්කුක්ගේ දෙපැත්තෙන් අත් දෙක තියලා ජන්කුක්ගේ උරහිස උඩින් එලියට එබුනා...
"මන් බය උනා..."
එකපාරට ගැස්සිලා එහාට වෙන ගමන් ජන්කුක් කීවත් ඒකට අවධානයක් දෙන් නැතුව ජන්කුක්ව තාමන්ගේ අත් අතර තියාගෙන එලිය බලන් හිටියා...
"කොහොමද දන්නේ මම මෙතන කියලා..."
ආයෙත් එලිය බලාගන්න ගමන් ජන්කුක් ඇහුවා..
"ම්ම්.. මට නිකන් හිතුනා..."
"ම්ම්ම්.."
ජන්කුක් මිමිනුවා..
"ලස්සනයි..."
"හ්ම්ම්ම්.. ලස්සනයි තමයි.."
ජන්කුක් උත්තර දුන්නත් ටේහ්‍යොන්ග් ලස්සනයි කීවේ රතු පාට රෝස පාට එලි වලට දිලිසෙන ජන්කුක්ගේ ඇස් දෙකට...
"ඒ දෙක අයින් කරන්න..."
"අහ්...'
ටේහ්‍යොන්ග් කීවත් ජන්කුක්ට ඒ මොකක්ද කියලා තේරුනේ නෑ...
"ඒ දෙක අයින් කරන්න... ලෙන්ස් දෙක..."
ටේහ්‍යොන්ග් ආයෙත් ජන්කුක්ගේ ඇස් දෙක දිහා බලන් කීවම ජන්කුක් පුදුමෙන් ටේහ්‍යොන්ගේ මූන දිහා හැරිලා බැලුවා..
"ඔයා ලෙන්ස් දෙක දාන්නේ ඇයි කියලා මම දන් නෑ.. ඒක ගොඩාක් ලස්සන උනත් මම කැමතී ඔයාගෙ ඇත්ත ඇස් බලන්න... "
"ම..මන් ඒක අයින් කරන් නෑ..."
ජන්කුක් හෙමීට් කීවම ටේහ්‍යොන්ග් ඔලුව වනලා ඉස්සරහ බැලුවා...
"ඔයාට පුලුවන් ඔයා කැමති දවසක මාව විශ්වාස කරන්න.. එතකන් මන් බලන් ඉන්නවා..."
තමන්ගේ මූන ලගම තියන ජන්කුක්ගේ අලු පාට ඇස් දෙක දිහා බලල කීව ටේහ්‍යොන්ග් හෙමීට හිනා උනා...
"මෙතන ලස්සනයි චිත්‍රයක් ඇන්දනම්..."
මල් වෙඩි වල ආලෝකය වැටිලා දිලිසෙන මුහුදු ජලය දිහා බලාගෙන ටේහ්‍යොන්ග් හෙමීට කීවා...
"අපිට දාන්න පුලුවන්, ඈතින් මුහුදයි අහසයි අතරින් පායගෙන එන හද එලියට දිලිසෙන වතුර අතරින් පාට පාට දිලිසෙන මල් වෙඩි...."
"ඇයි.. ඒ දෙයක් එච්චර ලස්සන කරන්නේ..."
ටේහ්‍යොන්ග් කීව එක අහන් ඉදලා ජන්කුක් ඇහුවේ ටේහ්‍යොන්ගේ මූන දිහා බලන් ...
"අපිට පුලුවන් ලස්සන විදියට දෙයක් නිර්මාණය කරන්න.. ඒක ඇත්ත හෝ බොරු, ලස්සන නිර්මාණාත්ම දෙයක් කරන්න... ඒකෙනුයි ලස්සන කලාවක් ගොඩ නැගෙන්නේ... ලස්සන හෝ කැත ආවේණික නිර්මාණයක්..."
ටේහ්‍යොන්ග් කියනකොට ජන්කුක් හෙමීට හිනා වෙලා ඉස්සරහා බලාගත්තා...
"කලාව කියන්නේ නිර්මාණාත්මක හැගීම්ම විතරක් නෙවෙයි... "
.
.
.
.
.
*****************
_____________________Dark_Sunshiner 🤍🥀
Thanks for reading...♥️
To be Continued...
2023/02/06
Bạn đang đọc truyện trên: AzTruyen.Top