|17|

පෙරලිලා හිටපු ඇදෙන නැගිටලා අරෙහෙ මෙහෙ දාපු රෙදි ඔක්කොම එකතු කරලා හේදෙන්න දාලා එයත් වොශ් එකක් දාන් එලියට ආවේ ගොඩාක් දවස් ගෙදර නොහිටිය හින්දා අස් කරන්න... ඔක්කොම වැකුම් කරලා අස් කරලා ඉවර වෙලා ඉස්සරහට ඇවිත් පොඩ්ඩක් ගරාජ් එකෙන් එලියට එන විදියට නවත්තලා තිබ්බ බයික් එක ඇතුලට දාලා ගරාජ් එකේ දොර වහලා දැම්මා..

ඇගට තෙහෙට්ටුවක් දැනුනත් අමුතු උද්‍යෝගයක් දැනුනු හින්දා ජන්කුක් ෆ්‍රිජ් එක ඇරලා බැලුවේ උයන්න මොනාද තියෙන්නේ කියලා.. වැඩිය මුකුත් තිබ්බේ නැත්තේ ජන්කුක් සාමාන්‍යෙන් උයන්නේ නැති හින්දා...

තමන්ගේ හිතේ අමුතු හැගීමට ජන්කුක් උත්තර හොයාගත්තේ උයන අතරින් පතර මගින් මග තමන්ගේ ඔලුවේ වටේ සැරිසැරුව ටේහ්‍යොන්ග්ට පින් සිද්ද වෙන්න... ඔලුව දෙපැත්තට වනලා තමන්ගේ ඔලුවෙන් ටේහ්‍යොන්ග්ව අයින් කරත් ඒ හැම වෙලාවකම ජන්කුක්ගේ තොල් වල ලාවට පුන්චි හිනාවක් ඇදිලා තිබ්බා...

උයලා ඉවර වෙලා ජන්කුක් එලියට එනකොට අහස හොදටම කලු කරලා වහින්න වැහි බින්දු දෙක තුන වැටි වැටි තිබ්බේ... ලා නිල් කලු පාටට තියන වලාකුලු අතරින් හුලග මැදින් වැටෙන වැහි බින්දු හරි ලස්සනයි... "ටික්" ගාලා තමන්ගේ නලලට වැටුන වැහි බින්දුවක් අතින් පිහදාන ගමන් ජන්කුක් ඔහේ ටික ටික වැඩි වෙන වැස්සා දිහා බලන් හිටියා... ඇගෙන් බාගයක්ම එලියේ හින්දා ඉස්සරහින් වැටෙන වැහි බින්දු ජන්කුක්වත් නාවගෙනම පහලට වැටුනා...

අන්තිමට ජන්කුක් ඇතුලට ආවෙ හොදටම තෙමිලා සීතලේ ගැහි ගැහි... ඉකමනට වොශ් දාගෙන ලොකූ ඇදුමක් ඇදගෙන ඉකමනට ඩව්ට් එක අස්සේ ගුලි උන ජන්කුක් ලී ජනෙල් රාමුව අතරින් එලියේ ලයිට් එලියෙන් පේන වැස්සා දිහා බලන් හිටියේ සීතලෙන් ගැහි ගැහි... කලුවර අතරින් ඇහුන එකම දේ උනේ තාලෙකට පොලවට වැටෙන වැහි බින්දු වල හඩ විතරයි... හැබැයි ජන්කුක්ගේ ලාවට පියවීගෙන ගිය ඇස් බයෙන් පිරෙව්වේ මහ හයියෙන් එලියකුත් එක්ක අකුනක් ගැහුවම.. ජන්කුක් අකුනු වලට ගොඩාක් බයයි... ඉස්සර චූටි කාලේ බය උනත් ගානක් නැති දේවල් දැන් ජන්කුක් තනියම හින්දා බයම දේවල් වෙලා... ඉස්සර අකුනු ගහනකොට ඔම්මා ගාව ගුලි උනාම ඒ ලස්සන තුරුලෙන් පිට කිසි දෙයක් ජන්කුක්ට ඇහුනේ නෑ.. ඒත් අද ජන්කුක්ට අකුනු ගහන සද්දෙ කන් හිරි වට්ටන අකමැති හඩක් වෙලා... ජන්කුක් තමන්ගේ කොට්ටෙන්ම කන් දෙක වහගත්තේ ඒ අකමැත්තටමයි...

.

.

.

.

ජන්කුක් උදේ ඇහැරුනේ ඇගට දැනුනු අපහසු කමත් එක්ක ඇස් අරින්න දැනුනු අමාරුවත් එක්ක... තාමත් යන්තම් කලුවරේ තිබුනු කාමරේ හින්දා වැඩි අපහසුවක් නැතුව හෙමීට ඇස් ඇරපු ජන්කුක් නැගිටින්න හැදුවත් තමන්ගේ අත තදින් අල්ලලා වගේ දැනුන හින්දා බැලුවේ තමන්ගේ අත වටේ එතිලා තියන අත දිහා... ඒත් එක්කම තමන්ගේ නලලේ තිබ්බ මොකක් හරි රෝල් වෙලා ඔඩොකෙට වැටෙනකොට ජන්කුක් තමන්ගේ අත ඇදලා ගත්තා...

"ශ්.. ජන්කුක් නැගිට්ටද... දැන් කොහොමද ඇගට අමාරුවක් තියනවද..."

එක පාරටම තමන්ගේ මූනට ලන් වෙලා කියවන තද දුබුරු පාට ඇස් දෙක දිහා ජන්කුක් බලන් හිටියේ පුදුමෙන්...

"මන් කොහෙද ඉන්නේ.. තමුන් මොකද මගේ ඇද උඩ කරන්නේ.. ආආආයිහ්..."

ඇද උඩ තමන්ට එහා පැත්තට වෙලා තමන්ගේ අතකින්ත් අල්ල්ලගෙන් තමන්ගේ ඔලුවට අත තියලා පරීක්ශා කරන ටේහ්‍යොන්ග්ව තල්ලු කරලා එහාට හැරුනත් ආයෙත් එහෙම්මම ඇදට වැටුනේ ටේහ්‍යොන්ග් තදින් ජන්කුක්ව ඇද උඩට වැට්ටුව හින්දා...

"මේ... කෑ ගහන්න එපා... ඔයා ඉන්නේ ඔයාගෙ ගෙදර...පොඩ්ඩක් සන්සුන් වෙන්න..."

ජන්කුක්ගේ උඩින් ජන්කුක්ගේ දෙපැත්තට අත් දෙක තියලා මූනට එබෙන ගමන් කීවේ සන්සුන් විදියට...

"ඔ..ඔයා මොකද මෙහෙ කරන්නේ..."

තමන්ගේ මූනට ගොඩාක් ලන් වෙලා තියන ටේහ්‍යොන්ගේ ඇස් දෙක දිහා ඇස් බෝල කරලා බලන ගමන් ජන්කුක් ගොත ගහ ගහ ඇහුවේ කෙල ගිලලා..

"හුරතල්..."

"අහ්..."

"හුරතල් කියලා කීවේ.."

"යනවා යන්න මම හුරතල් නෑ..."

තොල් දෙකත් උල් කරලා ටේහ්‍යොන්ග්ව එහාට තල්ලු කරන ගමන් ජන්කුක් කීවත් ටේහ්‍යොන්ග් ආයෙත් වැලමිට ඇදට තියලා ඉස්සිලා ජන්කුක්ගේ නලලෙන් අත තිබ්බා...

"දැන් අමාරුවක් තියනවද.. උණ නම් බැහැලා..."

ටේහ්‍යොන්ග් කීවම ජන්කුක් ඔලුව දෙපැත්තට් වැනුවා..

__________

ටේහ්‍යොන්ග් ජියෝන්ව හම්බෙලා ඇවිල්ලා ගෙදර ඇවිත් එයාගෙ වැඩ කරත් ජන්කුක්ව නම් එක මොහොතකටවත් අමතක කරන්න බැරි උනා.. රෑ වෙනකොට ජන්කුක් සාමාන්‍යෙන් වගේ ක්ලබ් එකට එයි කියලා ගියත් ජන්කුක් ආවෙ නැති හින්දා වැස්සෙම වාහනේ අරන් ජන්කුක්ගේ ගෙදරට ආවේ මුකුත් අදහසක නැතුවා...ගොඩාක් වෙලා ජන්කුක්ගේ ගේට් එක ගාව වාහනේ නතර කරන් හිටියත් අකුනු ගහ ගහ වහින්න ගන්නකොට ටේහ්‍යොන්ග් වාහනෙන් බැහැලා බෙල් එක ගහන්න හැදුවත් ගේට් එක බාගෙට වහලා තිබ්බ හින්දා ගේට් එක ඇරගෙන ඇතුලටම ඇඉදගෙන ආවා...

ජන්කුක් සීතලේම ගේ ඇතුලට ගිය හින්දා දොර හරියට වහලා තිබ්බේ නෑ... ටේහ්‍යොන්ග් දොරට අත තියනකොටත් නිකන්ම ඇරුන හින්දා ජන්කුක්ට කරදරයක්වත්ද කියලා ටේහ්‍යොන්ගේ හිත ගොඩාක් හයියෙන් ගැහුනා...ඉක්මනට අතේ තිබ්බ කුඩෙත් විසි කරලා ඇතුලට ගියත් ලයිට්වත් දාලා තිබ්බේ නැති ගෙදර කවුරුත් ඉන්න බවක් පේන්න තිබ්බේ නෑ... ගෙදර තිබ්බ රූම් බල බල ගිහින් එක දොරක් ඇරලා බලනකොට ඩව්ට් එක අස්සට ගුලි වෙලා ඉන්න ජන්කුක්ව දැකලා තමයි ටේහ්‍යොන්ගේ ඇගට ලේ ටිකක් ඉනුවේ..

දොරවත් හරියට වහගෙන නැතුව නිදන් ඉන්නවට බනින්න හිතන් ලගට ගියත් ෆ්ලෆී තොල් දෙකත් යන්තම් ඇරන් හොදටම වෙව්ල වෙව්ල හා පැටියෙක් වගේ ගුලි වෙලා ඉන්න ජන්කුක්ව දැක්කම ටේහ්‍යොන්ගේ තරහා වාශ්ප වෙලා ගියා...

"උණද මෙයාට..."

ජන්කුක්ගේ ඔලුවට අත තිබ්බත් ගිනි කබල වගේ රත් වෙලා ඉන්න ජන්කුක්ව දැක්කම ටේහ්‍යොන්ග් ඉක්මනට තමන්ගේ ජැකට් එකයි සපත්තු දෙකයි ගලවලා පැත්තකින් තියලා කිචන් එකට ගියේ වතුර ටිකක් ගේන්න...

එවෙලේ ඉදන් ජන්කුක් උදේ ඇහැරෙනකන් වතාවෙන් වතාවට ජන්කුක්ගේ බෙල්ල අත් තෙත් කරන ගමන් ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ එහා පැත්තට වෙලා හිටියා...

_______________

"කෝමද උන ගැනුනේ... රෑ මන් එනකොටත් උන ඔයාට..."

ඇවිස්සිලා ඇවිස්සිලා හතර අතර ගිහින් රෝල් උන ජන්කුක්ගේ කොන්ඩේ තමන්ගේ අතකින් හදන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් ටිකක් එහාට වෙලා හෙඩ් බෝඩ් එකට හේත්තු උනා...

"කොහොමද ඇතුලට ආවෙ..."

ඇස් දෙකත් වපර කරලා ටේහ්‍යොන්ග් දිහා බලන ගමන් ජන්කුක් ඇහුවේ ටේහ්‍යොන්ග්නුත් රවාගන්නකොට...

"ඒක මමයි අහන්න ඕනේ... ගේට්ටුත් ඇරලා දොරවලුත් ඇරලා දාලා බුදියන් හිටියම් මුක්කුද එන් නැත්තේ..."

"ආහ්.. වැහුවේ නැද්ද..."

"නැද්ද.. නෑ තමා...කට නම් තියනවා ඔක්කොටම වැඩිය..."

තවත් බලන් ඉන්න බැරි තැන ජන්කුක්ගේ උල් උන තොල් දෙක එකට අල්ලලා මිරිකලා තද කරන ගමන් ටේහ්‍යොන්ග් ඇදෙන් නැගිට්ටේ ජන්කුක් ටේහ්‍යොන්ග්ට අතින් පයින් ගහනකොට...

"මොනා හරි ඕඩර කරන්නම් මම.. මොනාද කන්න කැමති..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියේ අදහසක් නැතුව...

"හරි මන් මොනා හරි ඕඩර් කරන්නම් වොශ් එකක් දාන් එන්න..."

ජන්කුක්ගේ කොන්ඩේ අවුස්සලා ඩ්‍රෝවර් එක උඩ තිබ්බ පෝන් එක අතට අරන් ටේහ්‍යොන්ග් එලියට ගියේ ජන්කුක් තාමත් කොන්ඩේ අවුස්සන ඇද උඩට වෙලා බලන් ඉන්නකොට...

.

.

.

.

"මොකක්ද තෝ ආයේ පටන් ගත්තු සෙල්ලම..."

ජන්කුක්ගේ කනට පාරක් ගහන ගමන් ජියෝන් ඇහුවේ ජන්කුක් පිටිපස්සට විසික්වෙද්දි...

ජන්කුක්ට අමාරුවක් නෑ කියලා සුවර් කරගන්නකන් ඉදලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ගෙදරින් ගියා විතරයි..ආයෙත් ඩෝ බෙල් එක රින්ග් උන සද්දෙට දොර ඇරපු ජන්කුක්ට හම්බුනේ සැර කම්මුල් පාරක්...තාමත් ඇගට සනීපයන් දැනුනේ නැති හින්දා ජන්කුක් ඒකෙන් පිටිපස්සට විසික් උනා...ජියෝන් මෙච්චර දවස් ජන්කුක්ගේ ගෙදරට නොආවත් ඊයේ අහන්න හම්බුන දේ හින්දා ජියෝන් හිටියේ කේන්තියෙන්... දැන් ගෙදරින් එලියට ගියේ ටේහ්‍යොන්ග් කියලා හරියට නොදැක්කත් කවුරු නමුත් ගෙදරින් ගියා කියලා දැක්ක හින්දා ජියෝන්ට තවත් තරහ ගිය එකයි උනේ...

"උබ දැන් ස්ලූට් කෙනෙක් විදියටත් වැඩ කරනවද.. එක එකා ගෙදරටම ගෙන්නගෙන... "

කට කොනින් හිනා වෙලා ජන්කුක්ගේ කම්මුල් දෙක දෙපැත්තෙන් තද කරන ගමන් ජියෝන් ඇහුවේ වියරුවෙන් වගේ ... ජන්කුක් තමන්ගේ අත් දෙකෙන්ම ජියෝන්ව තල්ලු කරේ ජියෝන් පොඩ්ඩක් පස්සට විසික්වෙනකොට...එතකොටම ජියෝන්ගේ පෝන් එකට කෝ එකක් ආවා..

-"ඕකේ.. ෆයිව් මිනිට්ස් දෙන්න..."

පෝන් එක කට් කරපු ජියෝන් පුටුවකට හේත්තු වෙලා ඉන්න ජන්කුක් දිහා බැලුවා..

"උබ බේරුනා කියලා හිතාගනින්... ඒ මොකා උනත් උබ උගෙන් ඈත් වෙලා ඉදපන්... උබ කවදටත් මගෙ බේබි බෝයි වෙන්න ඕනේ..."

ජන්කුක්ගේ ඔලුව පිටිපස්සෙන් තදින් අල්ලල ඉස්සරහට කරලා ජන්කුක්ගේ තොලක් තුවල වෙන්නම හපලා ආපු ලේ බින්දුව තමන්ගේ තොල් දෙකෙන් උරලා ජියෝන් කීවේ එලියට යන ගමන්..

.

.

.

ජියෝන් කීවේ මොනාද කියලාවත් දන් නැති ජන්කුක් ආයෙත් සුපුරුදු විදියටම පැටලුනා... ඔක්කොම පොඩි පොඩි හොද දේවල් ගොඩකට පස්සේ ආයෙත් අන්තිමට හිත රිද්දන පරන තැනම නතර වෙන එක ගොඩාක් අමාරුයි....

.

.

.

.

.


*****************

______________________________Dark_Sunshiner 🤍🥀

ම්ම්ම්... ජන්කුක්ගේ හැගීම් තේරෙනවද ඔයාලට... කියන්න.. ඒකට උත්සහ කරනවා මම...

Thanks for reading...♥️

To be Continued...

2023/02/04

Bạn đang đọc truyện trên: AzTruyen.Top