|09|
"මොනාද උබ කල්පනා කරන්නේ....? මම බලාගෙන හිටියේ උබ දිහා..."
යුන්ගි ටේහ්‍යොන්ග් දිහා බලාගෙන ඇහුවත් ටේහ්‍යොන්ග් තාමත් තමන් ඉස්සරහ තිබුන ගිනිගන්න දර දිහා බලාගෙන හිටියා...
"ටේහ්යොන්ග්ග්ග්... උබ මොන ලෝකෙද ඉන්නෙ කියපන්... උබ ආයෙත් පටන් ගන්න හදන සෙල්ලම මොකක්ද..."
අතේ තිබ්බ දොඩම් ලෙල්ලෙන් ටේහ්‍යොන්ග්ට ගැහුවම ටේහ්‍යොන්ග් ගැස්සිලා යුන්ගි දිහා බැලුවා...
"යාහ්... මම කුනු කූඩයක් කියලා හිතුවද... කෑවම ලෙල්ල දාපන් දාන තැනට ..."
යුන්ගිට බොරුවට කෑ ගහනකොට අතේ තිබ්බ දොඩම් බිකෙනුත් ටේහ්‍යොන්ග්ට දමලා ගැහුව යුන්ගි අනිත් දොඩම් බාගෙම කටේ ඔබා ගත්තේ ටේහ්‍යොන්ග් තමන්ගේ කම්මුලෙන් වැදිලා අල්ලගත්තු දොඩම් කෑල්ල කටේ දා ගන්නකොට...
"ටේහ්‍යොනා... මොකක්ද කියපන් මට.. මොනාද උබේ හිතේ තියෙන්නේ.. මට තේරෙනවා..."
යුන්ගි හඩ අඩු කරලා ඇහුවම ටේහ්‍යොන්ග් යුන්ගිගේ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා... ඒ අමුතු බැල්මෙ කිසි දෙයක් තිබ්බේ නෑ, ඒත් ලොකු කල්පනාවක්...
"යුන්ගියා..."
අන්තිමට ටේහ්‍යොන්ග් කතාකරා...
"මන් මෝඩයෙක් නෙවෙයි, ඒත් මගේ හිතට අමුතුයි..."
"ඒ කීවේ...?"
යුන්ගි ව්‍යාකූල වෙලා ඇහුවා...
"මට තේරෙන් නෑ..ඒත් මට ඒ දේවල් ඔක්කොම තේරුම්ගන්න ඕනේ.."
"මොන දේවල්ද..."
"ම්ම්ම්..."
යුන්ගි ඇහුවත් උත්තරයක් විදියට ටේහ්‍යොන්ගෙන් හම්බුනේ මිමිණීල්ලක් විතරයි...
"ඕකේ... මන් යන්නම් දැන් ... තව පරක්කු උනොත් හෙට උදේට මට පරක්කු වෙනවා..."
ලී ස්ටූල් එක උඩ තිබුන යතුර අතට අරන් නැගිටින ගමන් යුන්ගි කියනකොට ටේහ්යොනුත් ඉන්න තැනින් නැගිට්ටා...
"ගොඩාක් කල්පනා කරන්න එපා... අවුලක් නම් මට කියපන.. තව ඉන්න ඕනෙ උනත් හෙට උදේම මම යන්න්න ඕනෙ ඒ හින්දා මම යනවා.. පරිස්සමට ඉදපන් හරිද..."
ටේහ්‍යොන්ගේ උරහිස මිරිකලා උණුසුම් හිනාවක් දෙන ගමන් කියලා යුන්ගි ලොකු දොරෙන් එලියට ගියාම ටේහ්‍යොන්ග් දොර වහලා හැරිලා ඇතුලට ආවා...ආයෙත් ගිනි උදුන ඉස්සරහින් වාඩි වෙනකොට ප ඔරලෝසුවේ බෙල් එක දෝංකාර දුන්නේ වෙලාව දොලහයි කියලා අගවලා...
ටේහ්‍යොන්ග් ආපු වෙලේ ඉදන් පැටලුමක හිටියා කීවොත් හරි.. හරියටම ජ්නකුක් හම්බුනේ ගොඩ කාලෙකින් උනත් , ජන්කුක්ව මුණ ගැහුනේ අඩු වාර ගනනක් උනත් ටේහ්‍යොන්ග් එක්ක මෙච්චර වචන ප්‍රමාණයක් කතා කරපු පලවෙනි වතාව මේක කීවොත් හරි... ඒක කතා කරා කියන්නත් බැරි කතා කිරීමක්... මොන මොනවදෝ කීවත් කීව හැම වචනෙකම මොනවා හරි හැන්ගුවා කියලා ටේහ්‍යොන්ග්ට තේරුම්ගන්න පුලුවන් උනා... ජන්කුක් දැක්කම මෙහෙම කතා කරන් කෙනෙක් කියලා ටේහ්‍යොන්ග්ට නිකමටවත් හිතුනේ නෑ.. මොකද ජන්කුක්ගේ පෙනුමට නම් කොහෙත්ම ගැලපෙන් නැති හැසිරීමක් ජන්කුක් ගාව තිබුනා... මොනවා හරි දෙයක් හිර කරගෙන කතා කරා කියලා ටේහ්‍යොන්ග්ට තේරුනා...
එදායින් ජන්කුක්ගේ ප්‍රතිචාරයෙන් පස්සේ ටේහ්‍යොන්ග්ට ජන්කුක්ව අමතක කරන්න හිතුනත්, ආයෙ ආයෙත් ඒ රවුම් ඇස් දෙක ටේහ්‍යොන්ගේ ඔලුව පුරා දිව්වේ අහම්බෙකින්... ආයෙත් හිතපු නැති වෙලාවක හිතපු නැති තැනක ජන්කුක්ව හම්බුනාම ටේහ්‍යොන්ග් පුදුම උනා... ඊටත් වඩා කතා කරාමත් ටේහ්‍යොන්ග් පුදුම උනා.. අකමැති නම් ඒ වගේ යෝජනාවක් කරපු කෙනෙක් එක්ක එහෙම ආයෙත් කතා කරන්න තරම් ජන්කුක් මෝඩයිද..... එහෙම නැත්නම් ජන්කුක්ට ගානක් නැද්ද... නැත්නම් ඒකේ ගනන් ගන්න තරම් දෙයක් ජන්කුක්ට නැද්ද....
ඒ බිදුනු හිතේ තිබුනේ කලකිරීමක් විතරමයි.....!
.
.
.
.
ජන්කුක් ජියෝන් මැන්ශන් එක ඉස්සරහින් බයික් එක නවත්තලා බිමට බැස්සේ හෙල්මට් එක ගලවලා අතට ගන්න ගමන්... සීට් එක උඩින්ම හෙල්මට් එක තියලා බුරුල් වෙලා පහලට ලිස්ස්න කොන්ඩේ එකතු කරලා පිටිපස්සෙන් ගැට ගැහුව ජන්කුක් හෙල්මට් එකත් අතින් ඇරගෙන මැන්ශන් එක ඇතුලට අඩිය තිබ්බේ ලොකු හුස්මක් අරන්... මේන් ඩෝ එකේ ඉදන් ඉස්සරහට තිබුනු කොරිඩෝ එක දිගේ ඉස්සරහට ඇවිදගෙන ආපු ජන්කුක් එතන සුදු පාට කබඩ් එක උඩින් හෙල්මට් එක තියලා ඇතුලට ආවේ අත් දෙක එකට තියලා අතුල්ලන ගමනුයි...
බැලූ බැල්මට කවුරුත් ඉන්න බවක් පෙනුන් නැති හින්දා මාස කීයද අවුරුදු කීයද කියලා මතක ඇති කාලෙක නොආපු තමන්ගේ ගෙදර වටේට ඇස් යවන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියත් එක පාරටම වේගෙන් ආපු කෙනෙක්ගේ ඇගේ වැදිලා පිටිපස්සට තල්ලු උනේ එතන තිබුන පුටු ඇන්ද උඩින් අත තියලා ජන්කුක් අල්ලගන්නකොට...
සුදු පාටින් කොටට ඇද ගත්තු ජන්කුක්ටත් වඩා බාලයි කියලා හිතන්න පුලුවන් තරුණියක් ජන්කුක්ට ඔලුව නවලා ඉක්මනට දොර දිහාවට ඇවිදගෙන ගියේ උනේ මොකක්ද කියලා තේරුම් අරන් ජන්කුක් පිලිකුලෙන් හිනා වෙනකොට...ආයෙ ආයෙත් දැන් මෙහාට ආපු එක ගැන පසු තැවෙනකොට ජන්කුක් ආයෙත් හැරිලා දොර දිහාට ඇවිදගෙන ගියා...
"චූටි ගුකී...."
වයසක නමුත් ආදරණීය කටහඩක් ඇහෙනකොට ජන්කුක්ට ඒ කටහඩ කාගෙද කියලා අදුරගන්න හැරිලා බලන්න උවමනා උනේ නෑ... ඇස් අගට කදුලු පිරෙනවත් එක්ක ආදරණිය සතුටු හිනාවක් මූනේ ඇදුනත් සැනෙන් ඒ මූන වෙනස් කරගත්තු ජන්කුක් පිටිපස්සට හැරුනේ සුපුරුදු හිස් මූනෙන්ම තමයි...
වයස උනත් තවමත් හරී ලස්සනට ඉන්න වයසක කාන්තාව දිහා බලාගෙන ජන්කුක් හිත ඇතුලෙන් සතුටු කදුලු හැලුවා... තමන්ගේ හිතට එදා ඉදන් අද වෙනකනුත් එක වගේම ලෙංගතු ඒ ආදරණීය ඇස් , නලල දෙපැත්තට වැටුන කිරි සුදු පාට කෙස් ජන්කුක්ගේ හිතට එකතු කරේ ආදරණීය හැගීමක් විතරයි...
"මින් මා..."
ජන්කුක් හීනි කටහඩින් මිමිණුවාම ඒ කාන්තාව ඉක්මනට ඇවිත් ජන්කුක්ගේ ඇග වටේ අත් යවලා බදාගෙන ජන්කුක්ගේ පපුවෙන් ඔලුව තියාගත්තේ අසීමිත ආදරයකින්...
"ඇයි මාව බලන්නවත් ආවෙ නැත්තේ චූටි ගුකී... මගේ බබාව මට ගොඩාක් මතක් උනා..."
ඔලුව උස්සලා බලලා ඇස් දෙකේ කදුලු පිහින ගමන් මිසිස් මින් කියනකොට ජන්කුක් යන්තම් හිනා උනා...ජන්කුක්ට ගොඩාක් මේ ආදරේ මගෑරුනා, දැන් මින් මා ගෙ තුරුලේ තුරුල් වෙලා හදවත සැහැල්ලු කරගන්න ඕනෙ උනත් ජන්කුක්ට බෑ එහෙම කරන්න... ජන්කුක් වෙනස් , ජන්කුක් දැන් එහෙම කරන් නෑ.. ජන්කුක් කාවවත් බදාගන් නෑ... ජන්කුක් කාටවත් ආදරේ පෙන්නන් නෑ...
මිස් මින් එහෙම නැත්නම් ජන්කුක්ගෙ මින් මා, කියන්නේ ජන්කුක්ගේ ලෝකේ පුන්චි කාලෙ ඉදන් හිටපු එකම ජන්කුක් දන්න එකම ආදරණීය පුද්ගලයා... චූටි කාලෙ ඉදන් හුරතල් කරලා ජන්කුක්ව බලාගත්තේ මින් මා, පුන්චි කාලෙ බැරි උනත් ජන්කුක්ගේ ඔම්මා චූටි ජන්කුක්ව දාලා ගිය දවසේ ඉදන් මා කෙනෙක් උනේ මිසිස් මින් තමයි... ජන්කුක් ඒ කිරි සුදු පාට කොන්ඩෙට, ඒ සුදු පාට අත් වලින් හරි ආදරෙන් ඔලුව අතගානවට ගොඩාක් ආදරේ කරා... හරියටම බැලුවොත් ජන්කුක්ගේ ලෝකෙ එකම ආදරණීය පුද්ගලයා උනේ එයා...
"අද ඉන්න ඕනෙ හරිද...."
මිසිස් මින් ජන්කුක්ගේ පපුවෙන් ඈත් වෙලා ජන්කුක්ගේ මූන දිහා බලන් කියද්දි ජන්කුක්ගේ ඇස් ගැස්සුනා...
"අද නම් බෑ ඉන්න මින් මා... මන් ඉක්මනට යන්න ඕනේ..."
"ගුකී නැතුව මන් කොච්චර පාලුවෙන්ද හිටියේ... ගුකී දැන් මින් මාට ආදරේ නෑ නේද,, ඒකනේ මාව මතක් වෙන්නෙවත් නැත්තේ..."
රැලි වැටුනු නමුත් ලස්සන තොල් උල් කරලා ජන්කුක් ඉස්සරහ හුරතල් වෙන මින් මා දැක්කම ඉබේම ජන්කුක්ගේ මූනට හිනාවක් ආවා...
"ගුකී ඉන්නෙ කොහෙද... ගුකී හොද තැනක ඉන්නවද කියලාවත් මම දන් නෑ.. ඉතින් මන් හොදින් ඉන්නේ කෝමද..."
"ගුකී දැන් ඔයා හිතන තරම් පොඩි නෑ මින් මා... මට දැන් තනියම ඉන්න පුලුවන්..."
ඇහිබැමකුත් උස්සලා ආඩම්බරෙන් ජන්කුක් කියද්දි බෝල වෙලා උල් උන තොල් නම් කීවේ වෙනමම කතාවක්...
"ඔහ්.. ජන්කුක් ඒනම් අන්තිමේ ඔයා ආවා..."
පිටිපස්සෙන් ඇහුන ගැඹුරු කටහඩට ජන්කුක් නිකන්ම ගැස්සිලා පිටිපස්ස බැලුවේ ගොඩ කාලෙකින් ඇහුන ඒ කටඩට පුදුම වෙන්නද වයිර කරන්නද කියලාවත් හිතා ගන්න බැරුව...
අවුරුදු කීපයකින් දැක්කත් එදා දැකපු තරම්ම කඩවසම් විදියට හිටපු මිස්ටර් ජියෝන් දිහා බලලා හුස්මක් පාත දාපු ජන්කුක්ගේ ඇස් ඉබේම පහලට යොමු උනේ පුරුද්දට වගේ...
"අපි කතා කරමු, ඔෆිස් රූම් එකට එන්න පුතා..."
කියලා ජියෝන් ආපහු හැරිලා ගියාම මිසිස් මින් දිහා බලලා යන්තම් හිනා උන ජන්කුක් ජියෝන් ගිය පැත්තටම හෙමින් අඩිය තිබ්බා...
යන්තම් ඇරිලා තිබුන දොරෙන් ඇතුලට ඇවිත් දොර වහනකොටම ජන්කුක්ව ඇදිලා ගිහින් එහා පැත්තේ බිත්තියට තද උනේ ජන්කුක්ට හිතන්න හුස්මක තරම්වත් කාලයක් ඉතුරු කරන් නැතුවයි... ජන්කුක්ව උස බිත්තියට හිර කරගත්තු ජියෝන් ජන්කුක්ගේ යන්තම් විවර වෙලා තිබුන බෙල්ලට නහය තියලා හොද හුස්මක් උඩට ගත්තේ තමන්ට මග ඇරුන දෙයක් ලබාගන්නවා වගේ... ජන්කුක් තමන්ගේ අත් දෙකෙන්ම ඒ හැඩිදැඩි ශරීරය තල්ලු කරන්න හදන ගමන් දැගලුවේ ඒ දැනෙන පිලිකුල්සහගත හැගීමට මොන තරම් වයිර කරනවද කියලා පෙන්නලා...
"ශ්.. ශ්... මොකද මේ දගලන්නේ... "
ජන්කුක්ගේ කනට කරලා ජියෝන් මිමිණුවාම ඒ කනගාවින්ම ඇහෙන මුමුණන සද්දෙටත් ඊටත් වඩා වයිර කරපු ජන්කුක් තමන්ගේ අත උස්සලා ජියෝන්ගේ කම්මුට පාරක් ගැහුවේ මෙච්චර වෙලා ජන්කුක්ගේ සුවද විදින ගමන් හිටපු ජියෝන්ගේ මුලු ඇගම ගස්සලා....
හම්බුන කම්මුල් පාරත් එක්ක රතු පාට උන ඇස් උස්සලා ජන්කුක් දිහා බලපු ජියෝ ජන්කුක්ව එහා පැත්තට තදින් තල්ලු කරේ එක පාරටම විසි උන ජන්කුක් එහා පැත්තේ බිත්තියේ තදින් වැදෙනකොට... එහාට මෙහාට උන තමන්ගේ ශර්ට් එක එක අතකින් තද කරලා අල්ලගෙන ජන්කුක් බිමට ඔලුව නවාගෙන හයියෙන් හයියෙන් හුස්ම ගත්තේ තමන්ගේ පපුව ගැහෙන වේගේ පාලනය කරන්න වගේ...
"උබට කොහෙන් ආපු හයියක්ද මට අත උස්සන්න යකෝ.... කවදා ඉදන් ආපු හයියක්ද ආර්හ්..."
ඇස් දෙක කේන්තියෙන් රතු කරන් ජියෝන් කෑ ගහනකොට ජන්කුක් තමන්ගේ ඇස් දෙකත් හීනි කරලා දවා හලු කරන බැල්මක් ජියෝන්ට හෙලුවේ ජියෝන් මහ හයියෙන් හිනා වෙනකොට...
"උබ දන්නවද , උබ රැව්වත් හුරතල්...'
ලගට ඇවිත් ජන්කුක්ගේ කම්මුල් දෙක එක අතකින් තද කරන ගමන් ජියෝන් කීවේ හිනා වෙවීමයි...
"උබ දන්නවද මට කොච්චර උබව මගෑරුනද කියලා ආර්හ්..."
ජන්කුක්ගේ අත් දෙකම උඩට කරලා බිත්තියට තද කරලා අල්ලලා තමන්ගේ කකුල් දෙකෙන් ජන්කුක්ගේ කකුල් දෙකත් හොලවන්න බැරි විදියට තද කරලා ජියොන්න් ජන්කුක්ගේ මූනට පාත් වෙන ගමන් අහනකොට ඒ කටින් ආපු සිගරට් ගදට ජන්කුක්ට වමනේ යන්න ආවා... ජන්කුක් සිගරට් වලට වයිර කරන්නෙත් මේ හින්දා... තනියම සිගරට් එකක් ජන්කුක් බිව්වනම් ඒ එයා ගැනම ජන්කුක්ට පිලිකුල් හිතුන වෙලාවක .. ජන්කුක් ඒ තරම් මේ දැනෙන හැගීමට වයිර කරා...
ජියෝන් ජන්කුක්ගේ මූනට ලන් වෙනකොට ජන්කුක්ගේ ඇතුලාන්තයෙන්ම හඩාගෙන වැටුනා.. පිටට එක කදුලක් නොපෙනුනාට තමන්ගේ හිත ඇතුලෙන්ම හඩාගෙන වැටුනා... ජන්කුක් තමන්ටම වයිර කරා මේ දැනෙන දුර්වලත්වයට , හෙල්ලෙන්නවත් බැරි විදියට මේ තරම් පහත් වෙන එකට ජන්කුක් තමන්ටම වයිර කරා...
"මිස්ටර් ජියෝන්..."
එක පාරටම මිසිස් මින් දොරට තට්ටු කරනකොට තමන්ගේ එක අතකින් බිත්තියටම කේන්තියෙන් පාරක් දීලා ජියෝන් ශාප කරා...
"ඇයි..."
ආයෙත් හොද ස්වරයකින් ජන්කුක්ව අතෑරලා ජියෝන් කතා කරා...
"මිස්ටර් ජියෝන්ට මීටින් එකට පරක්කු වෙනවා කියලා කීවා..."
"හරි විනාඩි දහයෙන් එනවා කීවා කියන්න...'
තමන්ගේ නලල මිරිකන ගමන් කියලා ජියෝන් බැලුවේ තමන්ගේ ඇස් දෙකත් එකට තද කරලා වහගෙන ඉන්න ජන්කුක් දිහා...
"මට දැන් යන්න හදිසි.. ඒ හින්දා බේරුනා කියලා හිතාගන්නවා... අනික තමුන්ට කතා කරෙත් වෙන වැඩකට..."
තමන්ගේ ඇවිස්සුන ඇදුම් අතින් හදාගන්න ගමන් ජියෝන් කීවම ගැහෙන ඇස් දෙක උස්සලා ජන්කුක් බැලුවේ ජියෝන් තමන්ගේ යටි තොල තෙත් කරගන්නකොට...
"තමුන්ගේ මැරේජ් එක ලෑස්ති කරලා තියෙන්නේ.. තව මාසෙකින් ඒකට ලෑස්ති වෙනවා..."
එක පාරට ජියෝන් කියනකොට ජන්කුක්ට ආවෙ වේදනාව තරහා මිශ්‍ර උන හැගීමක්..
"උබට මේ දේවල් මදිද.. දැන් උබ මාව විකුනන්නත් හදන්නේ...ආර්හ්... මට මගේ පාඩුවේ ඉන්න දීපන්..."
ජන්කුක් කෑ ගහන්කොට ජියෝන් ආයෙත් ජන්කුක් ගාවට ආවා..
"ශ්..ඒකටනම් ඇත්තටම මටත් දුකයි... බේබි තව ලස්සන වෙලා... ඉතින් මේ ලස්සන දේවල් පිටට යන්න දෙන්න මටත් දුකයි... බේබි බය වෙන්න එපා මැරේජ් එකට අපිට තව කල් තියනවා.. ඒකට ලෑස්ති වෙමුකෝ අපි..."
ඇහැක් ගහන ගමන් ජන්කුක්ගේ බට් එකක් මිරිකලා ජියෝන් පුටුව උඩ තිබ්බ කෝට් එකත් අරන් එලියට ආවේ ජන්කුක් හිටපු විදියටම ගල් වෙලා බලාගෙන ඉන්නකොට...
ඇයි ජන්කුක්ටම මෙහෙම උනේ.. ජන්කුක්ගේ ජීවිතේ ඇතුලෙම ඇයි ජන්කුක්ට කිසිම අයිතියක් නැත්තේ...එතනම බිම ඉදගෙන ජන්කුක් තමන්ගේ බිත්තියේ වැදුන නිසා රතු වෙලා ගෙඩි ගැහුන නලල අත ගෑවා...
"ම.. මට යන්න ඕනේ... ම.. මට එපා තව මුකුත්...මමාආ... කොහෙද ඔයා... අප්පා... ඇයි මටම මෙහෙම උනේ..."
තමන්ගේ ඔලුවත් අල්ලගෙන බිමින් ඉදන් ඉකිගහන ජන්කුක්ගේ සද්දේ කාටවත් ඇහුනේ නෑ... ජන්කුක් ඇඩුවත් කවුරුත් දන් නෑ.. ඇඩුවේ නැතත් කවුරුත් දන් නෑ...
.
.
.
.
"ඇත්තටම සයිරන් කෙනෙක්ද..."
තමන්ගේ කන ගාවින්ම ඇහුන උණුසුම් කටහඩට ජන්කුක් ගැස්සිලා හැරිලා බැලුවා...
.
.
**************
_________________________Dark_Sunshiner 🤍🥀
ජියෝන්.....🍃
Thanks for reading...♥️
To be Continued....
2022/12/29
Bạn đang đọc truyện trên: AzTruyen.Top