Prologue

විවර වෙලා තිබුනු ජනෙල් රෙදි අතරින් ගලාගෙන ආපු ඉර එළිය මුහුණට වැටෙද්දි විසල් සයනයේ නිදාගෙන උන්නු තරුණයා හෙමින් නෙත් විවර කළේ නිදිබර දෑස් අතැගිලිවලින් පොඩි කරමින්.

ඇගට උඩින් යන්තමින් වැටිලා තිබුනු සේද පොරවනය පැත්තකට කරපු ඔහු නළලට වැටිලා තිබුනු කෙස් රොදක් පසෙකට කරන ගමන් බැලුවේ ඔහු උන්නු විසල් ඇදේ අනෙත් කෙළවර දිහා.

හැමදාමත් වගේ අදත් ඇදේ ඒ පැත්ත හිස්...

ඉහ ඉද්දරින් තිබුනු කොට්ටය වගේම ඇදේ ඒ පැත්තේ ඇද ඇතිරිල්ල පවා එක රැල්ලක්වත් නැතිව පිළිවෙලට තිබුනේ ඒ සයනයට වෙන කවුරුත් ආවේ නැති බවට ඔහුට සාක්ශි දෙමින්.

තමන්ගේ පැත්තකින් තියන හිස් ඉඩ දිහා බලපු තරුණයා ඔහුගේ එක අතක් ඒ සීතල ඇතිරිල්ල උඩින් තිබ්බේ පුරුද්දට.ඒත් ඉස්සර වගේ ඒ සීතල ඔහුට අරුමයක් වුනේ නෑ.අවුරුද්දක් තිස්සේ ඔහුගේ හැම උදෑසනක්ම ඇරඹුනේ මේ විදිහට.

කොච්චර බලාගෙන හිටියත් ඒ සයනයේ අනිත් හිමිකරුවාගේ උණුහුම හැමදාමත් තිබුනේ ඔහුට අහිමි ලැයිස්තුවේ.

කොලයකට විතරක් සීමා වුනු බැදීමක උන්නු ඔහුගේ හැම දවසක්ම ගෙවුනේ තනිකමින්.

ඔහුගේ මූණට වේදනාත්මක හිනාවක් ආවේ ඉබේටමයි.

"ඔයා එන්නේ නෑ කියලා හිත කොච්චර දන්නවා වුනත් මං තවම ඇස් අරින්නේ අදවත් මගෙ ඉස්සරහ ඔයා ඉදියි කියලා හිතාගෙන.."

ඒ හිනාවෙන්ම දුහුල් පෙරවනය අයින් කරලා ඇදෙන් බැහැපු ඔහු නාන කාමරයට වැදිලා දොර වහගත්තේ ඇද ලගම වුනු කුඩා මේසය මත තිබුනු රාමු කළ ඡායාරූපය දිහා නොබලන්න පරිස්සම් වෙන ගමන්.

මොකද ඒ ඡායාරූපය දකින වතාවක් ගානේ ඒ දවස ගැන සතුටු වෙනවද දුක් වෙනවද කියලා හිතාගන්න බැරිව තමන් අතරමන් වෙනවා කියලා ඔහු දන්නවා..

නාන කාමරයේ වූ විශාල කණ්නාඩිය ඉදිරියට ගිය ඔහු ඒකෙන් පේන තමන්ගෙම ඡායාව දිහා බලාගෙන හිටියේ කිසිම හැගීමක් නැති මුහුණකින්.

"ඔයාගේ එක බැල්මක්වත් නොලැබෙන්න තරම් මොකක්ද මගේ තියන අඩුව..?"

ගෑණු ළමයි පවා ඊර්ෂ්‍යා කරන තරමේ පැහැපත් සුන්දර සමක් ඔහුට තිබුනේ.වාත්තු කලා වගේ පිරිපුන් ශරීරය එක්වරම බලන්නෙකුට ඒ රූපෙන් ඇස් ඉවතට ගන්න බැරි තරමටම සුන්දරයි..ඒක කඩවසම්බවක් එක්ක එකතු වුනු ලස්සනක්.ඒ වගේම පිටිපස්සෙන් බෙල්ල කිට්ටුවටම දිගු වුනු කලු පාටට හුරු දුඹුරු පාට සිනිදු කොණ්ඩය ඉදිරිපසින් ඔහුගේ නළලතට වැටිලා තිබුනෙ අවුරුදු විසි දෙකක් වුනු තරුණයාට තවත් ලාබාල පෙනුමක් ලබා දෙමින්.

හැමවෙලේම අහින්සක බැල්මක් ගැබ් වෙලා තිබුනු ඔහුගේ ඇස්වල තිබුනෙත් කොණ්ඩෙටම ගැලපෙන චොක්ලට් පාටක්.

ඒ ලස්සන මූණේ කැපිලා පේනම අංගය වුනු ඔහුගේ සිහින් දෙතොල් ළා රෝස පාටද රතු පාටද කියලා හිතාගන්න බැරි පාටකින් වැහිලා තිබුනේ ස්වභාවිකවමයි.

තමන්ගේ ප්‍රතිභිම්බය දිහාම බලාගෙන ඔහු උඩුකය ආවරණය කරගෙන උන්නු සුදු පාට දුහුල් කමිසයේ බොත්තම් එකින් එක ගැලෙව්වේ ඔහුගේ කිරිගරුඩ වගේ ළය ඔහුගේම නෙත්වලට විවර කරමින්.

කැඩපතේ පෙනෙන රූපයේ තමන්ගෙ සිරුරේ රේඛාව හරහා දබරගිල්ල යවපු තරුණයා ආයෙමත් වේදනාත්මක විදිහට හිනා වුනේ ඔහුගේ ඇගිලි කැඩපතේ තමන්ගෙ පපුව මත නතර වෙද්දි.

"කවදා වෙනකම් මට මේක දරාගන්න පුලුවන් වෙයිද සියෝකී....!"

තමන්ටම හෙමින් මුමුණ ගත්තු තරුණයා එතනින් ඉවත් වෙලා ගිහින් වතුර මල දිවර කරලා මොහොතක් බලාගෙන හිටියේ වියලිලා තිබුනු ටයිල් තෙත් කරමින් පුන්චි පුන්චි වතුර බින්දු එකතු වෙලා මහ ගගක් වගෙ ගලාගෙන යන හැටි.

ඒත් එක්කම ඔහුගේ නෙත් බොද වෙද්දි ඇස් අස්සේ දගලන කදුලු බින්දුත් අර වතුර බින්දු වගේ පොළොවට වැටෙන්න කලින් ඉක්මන් වුනු තරුණයා ඉහලින් වෑහෙන වතුර බිදු අතරට ගිහින් හිටගත්තේ ඇදගෙන උන්නු දුහුල් කමිසයයි සුදු පාට කලිසමයි එක්කමයි.

ඇස්වල එකතු වුනු කදුලුවලට වැටෙන්න ඔහු ඉඩක් දුන්නේ ඊට පස්සේ.වතුරත් එක්ක එකතු වෙලා කදුලුත් ගලන්න ගනිද්දි ඔහුගේ හදවතට දැනෙන්න ගත්තේ හුරු පුරුදු වේදනාවක්.

උදේ පාන්දර සීතල වතුර තමන්ගේ සිරුර පුරා ගලාගෙන යද්දි ඒ සීතල ගැන ඔහුට ගානක්වත් නොතිබුනාට පපුවෙන් දැනෙන ඒ වේදනාව ඔහුට දරාගන්න බරි තරම්.

පිටිපස්සෙන් තිබුනු සීතල ටයිල් බිත්තියට සිරුරේ සම්පූර්ණ බරම දීපු ඔහු ඒ බිත්තිය දිගෙ පහළට පහළට ලෙස්සමින් ඇවිත් බිම වාඩි වුනෙ ඒ රිදුම් හැමදාමත් වගේ හුස්ම ගන්න එක පවා අපහසු කරද්දි.

වේදනාත්මක මතකයයන් මහ හුගක් හිත අස්සේ හොල්මන් කරද්දි සීතල වතුරින් නෑවෙමින් බිම වාඩි වෙලා උන්නු ඔහු තෙතබරිත වුනු දෙපා නමලා තමන්ගේ සිරුරට ළන් කරගත්තේ වෙවලමින්.

ඇස්වලින් කදුලු ගලද්දි,
මුලු සිරුරම සීතලෙන් වෙව්ලද්දි,
හදවත වේදනාත්මක මතකයන්ගෙන් පිරෙද්දි,
මුලු පපුවම අමුතු වේදනාවකින් හිර වෙද්දි ඔහුගේ රෝස පාට වෙව්ලන දෙතොල් අතරින් නික්මුණේ ඔහු ආයාසයෙන් දරාගන්න උත්සාහ කරපු කැස්සක්...

ඒත් තව දුරටත් ඒ කැස්ස තමන්ට පාලනය කරගන්න බෑ කියලා දැනෙද්දි කදුලු ගලන ඇස් තදින් පියාගත්තු ඔහු වෙව්ලන දෑත් මුව ලගට ළන් කරගත්තේ කැස්ස තව තවත් දරුණු වෙද්දි.

හැමදාමත් වගේ ඔහුගේ සීතල දෙතොල්වලට ඒ පහස දැනෙද්දි නෙත් විවර කරපු ඔහු බැලුවේ වෙව්ලන දෝත මත්තේ එකතුවුනු වතුර උඩ පාවෙන ඒ දේ දිහා..

දෑතේ එකතු වුනු වතුර ටික අතැගිලි අතරින් ගලාගෙන යන්නට සලස්වපු ඔහු වතුරේ පාවෙමින් තිබුනු විල්ලුද වගේ සිනිදු ඒ දේ අතේ නතර කරගත්තේ වේදනාවෙන් ඒ දිහා බලමින්.

මේ ලෝකේ තියන දහස් ගනන් පාටවල් අතරින් ඒක පාට වෙලා තිබුනේ තද රතු පාටින්..

ඒක මල් පෙත්තක්..

ඔහුගේ අතේ තිබුනේ රෝස මල් පෙත්තක්..

තද රතු පාට රෝස මල් පෙත්තක්..

ආදරයේ සළකුණ වුනු රතුරෝස මල් පෙත්තක්...

නොලැබෙන බව දැන දැනත් හිතුවක්කාර හිතක් වෙනුවෙන් මින් යුන්ගිගේ හදවතේ පණ ගැහෙන ආදරය නිසා ඒ ළය මැද පිපුනු රතු රෝස මල් පෙත්තක්...

_____________________________________

වස්සානයේ විතරක් නෙමෙයි ගිම්හානයෙත් ඒ හදවතේ රතු රෝස පිපුනේ ඔහුගේ නමින්..හදවතේ උපන් ආදරයෙන් පණ ලබපු ඒ රතු රෝස පෙණහලු පුරා පැතිරිලා ගියේත් ඒ නොලද ප්‍රේමය වෙනුවෙන්....

"මට සමාවෙන්න...තහනම් බව දැන දැනත් ආදරය කළාට..ආපහු කවදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් මග බලාගෙන හිටියාට...ඔයාගේ නමින් මේ හදවතේ මල් පිපෙන්න දුන්නට....ඒත් මට දැන් මහන්සියි..දරාගන්න බැරි තරම් මේ මල් දැන් බරයි....සමාවෙන්න...මගේ අවසන් හුස්ම වෙනකම්ම ඔයා වෙනුවෙන් මේ හදවතේ මල් පිපෙන්න දුන්නට.."

මේ දෙපාර්ශවයම ආදරයෙන් බැදුනු ඒකපාර්ශ්වීය ප්‍රේම කතාවක්...

ඔහු නැතිව ඔහු එක්ක තනි වුනු ප්‍රේමවන්තයෙකුගේ කතාවක්...


_____________________________________

අදහසක් ආවද කතාව ගැන...🙂

ඔව් මේක Hanahaki කතාවක්..❤️

මින් යුන්ගිගෙයි ජන්ග් හෝසොක්ගෙයි අතර වෙන විවාහය ලෝකෙට පේන්න තියන තරම් සුන්දරද..

එයාලා එක වහලක් යට ගෙවන ජීවිතය ගෙවෙන්නේ මොන විදිහටද..

එතකොට මින් යුන්ගිගෙයි හෝසොක්ගෙයි සම්බන්දය මොන වගේ එකක්ද...

🙂💔

දත්මිටි කාගෙන කදුලු පෙරාගෙන කියවන්න වෙන කතාවක්..

සුඛාන්තයකුත් නොවන ශෝකාන්තයකුත් නොවෙන අවසානයක්..

අසීමිත වේදනාවන් දරාගන්න පුලුවන්නම්,කේන්තිය පාලනය කරගන්න පුලුවන්නම් මේක කියවන්න..

මං දන්නවා මේ කතාව හනහකි විදිහට ලියන්නේ කොහොමද කියලා ඔයාලට සැකයක් ඇති....

මොකද මේක සාමාන්‍ය කතා රටාවෙන් වෙනස් නිසා..ඒත් මාව විශ්වාස කරන්න....මං මගේ කතාවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා..❤️

ඉතිං උඩින් කියපු ඒවා එක්ක ඔයාලට ප්‍රශ්නයක් නැත්නම් වගේම මාවයි මගේ කතායි විශ්වාසයිනම් මේක ලයිබ්‍රි දාලා තියාගන්න..😉❤️

කවදාහරි දවසක Forbidden Love ඉවර වුනාම ආයේමත් රොසාරියම් එක්ක මුණ ගැහෙමු...😁❤️

2022/02/16

— Moon—

Bạn đang đọc truyện trên: AzTruyen.Top