Character Introduction


Jung Hoseok

( වයස 25 යි )

ජන්ග් හොස්පිට්ල්ස් සමූහයේ සභාපති වන ජන්ග් වූ සන්ග් ගේ එකම පුතුවන ඔහු  පව්ලේ ව්‍යාපාරය භාර ගැනීම වෙනුවට තෝරාගත්තේ රංගන කලාව.

වයස දහසයේදි රංගනයට පිවිසෙන ඔහු කෙටි කාලයක් ඇතුලත මුලුමහත් රට පුරා පමණක් නොව ලෝකය පුරා ද ජනප්‍රියම නලුවෙක් බවට පත් වෙන්නේ කොරියාවේ රගපෑම් සදහා වැඩිම මුදලක් අය කරන නලුවන් පස් දෙනා අතරට එකතු වෙමින්.

කොරියාවේ පැවැත්වෙන විශාලතම සම්මාන උළෙල වන  ' ග්ලැමර් සම්මාන උළෙල'හි වසර තුනක් එකපෙළට ජනප්‍රියම රංගන ශිල්පියා සම්මානය හිමි වෙන්නේ ඔහුට...

ඒ වගේම   'Once Again' නම් අති සාර්ථක සිනමාපටයේ ප්‍රධාන චරිතය රගදක්වමින් දැක්වූ දස්කම්වලට බ්‍රිතාන්‍යයේ පැවති අන්තර්ජාතික  'විලියම්ස් සම්මාන උළෙල'හි හොදම නලුවා සම්මානය හිමිකරගන්නෙත් ඔහු...

කොරියානු කලාකරුවන් අතරින් එතරම් ලාබාල වයසකදි අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණයක් අත්කරගත් පලමුවැනි කලාකරුවා ඔහුයි.

නමුත් ජනප්‍රියත්වයේ වගේම සාර්ථකත්වයේ මුදුනේම ඉද්දි හදිසියේම ඔහු විවාහ වෙන්නේ මිලියන ගනනක් රසිකයන් අතරේ විශාල ආන්දෝලනයක් ඇති කරමින්..

කෙසේ වෙතත් රසිකයන්ගේ විවිධාකාර ප්‍රතිචාර මද්‍යයේ වුව ඔහු සිය නිල වෙබ් අඩවිවල පලකර ඇති දෑවලින් පෙනි යන්නේ ඔහුගේ ජීවිතය හා විවාහය සම්බන්දයෙන් ඔහු තෘප්තිමත් බවයි.

අතිදක්ශ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී ජන්ග් හෝසොක් විවාහ වන්නේ කොරියාවේ ප්‍රභල දේශපාලකයෙක් මෙන් ම වර්තමාන විදේශ කටයුතු අමාත්‍යවරයා වන මින් සොන්හ්‍යොන්ගේ කනිටු පුත් මින් යුන්ගි සමගයි.

_____________________________________

Min Yoongi

( වයස 21 යි )

කුඩාකල පටන් ඇමරිකාවේ අද්‍යාපනය හැදෑරු මොහු නැවතත් සිය මව්බිම වන කොරියාවට පැමිනෙන්නේ මීට වසරකට පෙරයි.

ප්‍රභල දේශපාලකයෙක්ගේ පුතෙක් වුනත් මින් යුන්ගි සෑමවිටම ගත කලේ රහසිගත ජීවිතයක් වීම නිසාම ඔහු කාගේ කවුදැයි දැනගෙන හිටියේ ඉතාමත් සුලු පිරිසක්.

නමුත් මුලු ලොවකම අවදානය ඔහු කෙරෙහි යොමු වෙන්න පටන් ගන්නේ හදිසියේම සිදු වෙන ඔහුගේ විවාහයත් එක්කයි.

වයස අවුරුදු විසි එකේදි ඔහු විවාහ වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ජන්ග් හෝසොක් සමග.

විවාහයෙන් පසු ජන්ග් හෝසොක් ඔහුගේ රංගන කටයුතුවල සුපුරුදු පරිදි නියැලුනත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය පිලිබද කිසිවක් සොයාගැනීමට මාද්‍යයට නොහැකි වී ඇත්තේ ජන්ග් හෝසොක් ඔහුගේ සැමියාගේ පෞද්ගලිකත්වයට හානිවීම වැලැක්වීමට හැකි උපරිමයෙන් කටයුතු කරන නිසා බවයි ඔහුගේ රසිකයින්ගෙ මතය..

එම නිසාම මින් යුන්ගි යනු මින් සොන්හ්‍යොන් අමාත්‍යවරයාගේ පුතු හා ජන්ග් හෝසොක්ගෙ සැමියා යන කරුණුවලට අමතරව ඔහු ගැන වෙන කිසිම තොරතුරක් කිසිවෙකුවත් නොදනී.

____________________________________

මේ මුලු කතාවම ගෙතෙන්නේ මින් යුන්ගි සහ ජන්ග් හෝසොක් වටා..අනිත් ප්‍රධාන චරිත ඇතුළුව චරිත හැදින්වීම පස්සේ දාන්නම්.

ඊගාව එක බලන්න ❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top