Until We Meet Again
'පුතේ නිම්..'
ඇඳ ලඟ වාඩිවෙලා ජනේලෙන් එලිය බලාගෙන හිටපු කෙල්ල එකපාර ගැස්සුනේ ඇහුනු කටහඬත් එක්කයි.
"ආන්ටි?"
"මගේ ජිආට මේක ඔයාට දෙන්න ඕනෙ උනා..ආ ගන්න"
ආපු ගෑනු කෙනා මොකද්දෝ මන්දා box එකක් හිමින් තමන්ට දෙනවත් එක්කම කෙල්ලගෙ වේලුනු කඳුලු පාරවල් අලුත් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.
"මං බලන්නම් ආන්ටි.."
"හරි පුතේ.මං යන්නම් එහෙනම්..මං පහල ඉන්නවා ඕනෙ වුනොත් මට කතා කරන්න.."
ඇස්වලින් වැටෙන කඳුලුවලට ඕහේ වැටෙන්න දීලා කෙල්ල හිමින් හිමින් පෙට්ටිය ඇරියා.ඒත් එක්කම හිමින් හිමින් ගලපු කඳුලු පාරවල් බලන් ඉද්දි මහා ඇඬුම් උනා…
කෙල්ල හිමින් හිමින් box එක ඇවිස්සුවා.
ඒකෙ නිම් ජිආට දුන්න හැමදේම පරිස්සමට අරන් තියලා තිබ්බා.අවුරුදු ගානකට කලින් මුල්ම වතාවට නිම් ජිආට දුන්න chocolate එකේ කොලේ පවා ඒකෙ තිබ්බා.නිම් දුන්න teddy bearsලා,චූටි චූටි තෑගි,දෙන්නම එක වගේ ගත්තු chain එක,දෙන්නම එකට ගහපු photos තියෙන album එක,අන්තිමට නිම් ජිආට දුන්න ඒ දෙන්නගෙ frame කරපු photo එක...ඒ හැම දෙයක්ම ආදරෙන් හරි පරිස්සමට ජිආ බලාගත්තා කියන්න තව සාක්ශි ඕනෙ උනේ නෑ..මේ හැමදේම දිහා කඳුලු පිරුණු ඇස්වලින් බලන් හිටපු නිම්ගෙ ඇස් නතර වුනේ ඇතුලෙ තිබ්බ ලස්සන පොතක් ලඟ.ඒක ජිආගෙ diary එක කියලා අඳුරගන්න නිම්ට මහලොකු වෙලාවක් ගියෙ නෑ.Diary එක පෙරලනවත් එක්කම වැටුනු ලියුම් කවරේ කෙල්ලගෙ අවධානෙ පොඩ්ඩකට වෙනස් කරා.Diary එක පැත්තකින් තිබ්බ කෙල්ල කවරෙ ඇතුලෙ තිබ්බ කොලේ අතට ගත්තේ කෙල්ලගෙ පපුව හයියෙන් ගැහෙද්දියි…
මගේ නිම්…
ඔයාට මේක හම්බෙද්දි සමහරවිට මං මේ ලෝකෙ නැති වෙන්න පුලුවන්.ඔයා ඇඬුවොත් මේ කොලේ බොඳවෙනවා නෙ.ඒ නිසා අඬන්න එපා හරිද.
ඔයාට කලින් මං මේ ලෝකෙන් යයි කියලා මං කිව්වත් මං හිතුවෙ නෑ මට මෙච්චර ඉක්මනින් මේ හැමදේම දාලා යන්න වෙයි කියලා..අහන් ඉන්න නිම් මං කියන දේ..මං ඔයා ගාව නෑ කියලා දුක් වෙන්න එපා හරිද.මොකද මං කොහෙ හිටියත් අනිවාර්යෙන්ම ඔයාගේ දිහා බලාගෙනයි ඉන්නෙ.
නිම්..ඔයා හුඟක් ආසයි නේද හඳ දිහා බලාගෙන කතා කරන්න.ඔයාගෙ හඳ වගේම හඳ ගාවම තියෙන තරුවට වෙලා මම ඉන්නවා ඔයා දිහා බලාගෙන.හැබැයි ඒ තරුව වටේ හඳ විතරක්ම තියෙයි නිම්.මොකද ඒ තරුව ජීවත් වෙලා හිටියා වගේම අහසෙත් තනියම ඉඳී.ඔයා මගේ ජීවිතෙ හිටියා වගේම හඳත් මං ගාවට වෙලා ඉදී මගේ තනි මකන්න.ඔයා හඳ එක්ක කතා කරද්දී අන්න එහෙම හඳ ළඟ තනියම ඉන්න තරුවක් දැක්කොත් ඒ මම හරිද?ඔයා එතකොට මාත් එක්කත් කතා කරන්න.ජිආ කොහොමද කෑවද,ඔහේ මෙහෙට වඩා හොඳද,හැමදාම හිනා වෙලා ඉන්න,ඔයා කොහොමත් ශක්තිමත් නෙ,ඕවා කියන්න නිම්..මං අහගෙනයි ඉන්නෙ..එක දවසක් හරි තරුව පෙන්න නැත්තම් ඒ මං කොරියාව පැත්තේ ගිහින් හරිද..ඔයා දන්නවනෙ කොහොමත් මට එහෙ යන්න ලොකු පිස්සුවක් තිබ්බා කියලා.
මට සමාවෙන්න මගෙ මැනික.මේ වෙච්ච දේවල් කලින් ඔයාට කියන්න බැරි වුනාට.මට ඕනෙ උනේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙ උනත් ඔයා එක්ක සතුටින් ඉන්නයි.මං අසනීපෙන් කියලා දැනගත්තොත් ඔයා මාත් එක්ක සාමාන්‍ය විදියට ඉන්න එකක් නෑ කියලා මං බය උනා නිම්.මට සමාව දෙන්න මගේ නිම්.මං ඔයාට හැමදාම කිව්වා වගේ මං නැති දවසක මගේ diary එක ලියන්න නිම්.කොච්චර busy උනත් මාත් එක්ක වචනයක් හරි රෑට කතා කරන්න.වෙන හැමදේම මං බලන් හිටියත් ඒ හැමදේම ආයෙ මට කියන්න.මට පොරොන්දු උන විදියට ඔයා ඔයාගෙ හීනෙට යන්න.අපි දෙන්න එකට යන්න plan කරපු හැම තැනටම අපි දෙන්නම වෙනුවෙන් ඔයා යන්න.ඔයාගෙ හිනාවට තමා මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරේ නිම්.මොනම දෙයක් නිසාවත් අඬන්න එපා.මොකද ඔයා අඬන වෙලාවට ඔයාගෙ කඳුලු පිහන්න ආයෙ මගේ අත් දෙකට පන නැති වෙයි.
හැමදාම ඔයා එක්ක ඉන්නවා කියලා උන පොරොන්දුව රකින්න බැරි උනාට ඔයාගෙ ජිආට සමාව දෙන්න.මගෙ මැනික..මට වෛර කරන්න එපා රත්තරනේ..දාලා යන්න ලෝබයි මට..කැමත්තෙන් නෙමේ මං යන්නෙ නිම්.ඒත් මේක තමා මගෙ ජීවිතේ හැටි.මේ ගැන දැනගත්ත මුල්ම වෙලාවෙත් මට ඕනෙ උනේ හැමහැමවෙලේකම වගේ ඔය පපුවට තුරුල් වෙලා අඩන්න.මට යන්න බෑ කියන්න.මාව කොහකොහොමහරි බේරගන්න කියන්න.ඒත් ඒ කිසි දේකට මට ශශක්තියක් තිබ්බෙ නෑ මගෙ මැනික.තිබ්බ ගොඩක් හීන මං අමාරුවෙන් උනත් අමතක කරලා දැම්මා මගේ නිම්.ඒත් මැරෙන්න තියෙන දවස් ගාන දැනගෙන උනත් මං සතුටෙනුයි හිටියෙ මැනික.ඒ ඔයා හින්දයි මගේ පිස්සි.ඔයාගෙ ජිආට වෛර කරන්න එපා නිම්.මගේ නිම් දුශ්ට නෑ.ඒක මං හොදට දන්නවා.දරාගන්න රත්තරනේ.මගෙ මැනික විදවනවා බලන්න ඕනෙ උනේ නෑ මට කවදාවත්..ඉන්න තැනක ඉඳන් මටත් හිනාවෙන්න මගේ නිමුත් හැමදේම දරාගෙන ලස්සනට හිනාවෙන්න.පරිස්සමින් මගේ මැනික..
හම්බෙමු ආයෙත් දවසක..කවදාවත් මොනම හේතුවක් නිසාවත් වෙන් නොවෙන්න…
මේ ඔයාගෙ
ජිආ….
Bạn đang đọc truyện trên: AzTruyen.Top