Chapter 8

Jimin pov

මං office එකට ඇවිත් කෙලින්ම මගේ room එකට ආවා..වටේ ඉන්න වැඩ කරන අය මට ' good morning ' කිව්වත් මං ඒවට ඇහුන් කන් නොදී කෙලින්ම ආවා.මොකද මට කතා කර කර ඉන්න වෙලාවක් නැහැ.ඊටත් වඩා මං කැමති නෑ කාත් එක්කවත් කතා කරන්නවත්..

"good morning jimin " යුංගිත් කිව්වා.

"ඔයා මොකද මෙහෙ කරනේ යුංගි?මං ඔයාට කියල තියෙනවා නේද වැඩකට විතරක් මාව හම්බවෙන්න කියලා.ඔයාට ඒක මතක නැද්ද?"මං යුංගිගේ මූනටම කියල දැම්මා.මට වැඩක් නැහැ එයා මං ගැන මොනවා හිතුවත්..මට එයා ගැන කිසි හැගීමක් නැහැ.

"අහ්..මෙකයි මිස්ටර් ජිමින් ඔයාට මතක නැද්ද අද උදේ 7.30ට අපේ මීටින් එකක් දාගත්තා කියලා.අනික දැන් වෙලාව 8යි.ඔයා පරක්කුයි " යුංගි කිව්වා.

අනේ මට මේ යුංගිගේ මූනට එකක් ගහන්න තියෙන්වනම්😑😑 ඇත්තටම දැන් මට ඒ දේ කරන්න ඕනී.

"අයිශ් හරි.හරි" මං ටිකක් සද්දෙට කියල මගෙ office room එක ඇතුලට ආවා..යුංගිත් මගේ පස්සෙන්ම ඇතුලට ආවා..

"හරි .එහෙනම් දැන් අපි කෙලින්ම වැඩේ ගැන කතා කරමු යුංගි.කියන්නකෝ අද අපි මොනවා ගැනද කතා කරනවා කිව්වේ." මං මගේ පුටුවෙන් ඉදගන්න ගමන් එයාගෙන් ඇහුවා.

යුංගි එයාගේ එක ඇහි බැම්මක් ඇගිල්ලෙන් අතගාන ගමන් අමුතු කටහඩකින් "කොහොමද අපි දෙන්න අද වෙන දෙයක් ගැන කතා කලොත්?" කියලා මගෙන් ඇහුවා.

ඇත්තටම දැන්නම් මට මේ මනුස්සයාට දෙකක් ගහල එලියට දාන්න හිතෙනවා..ඒත් මං මගෙ යටි තොලත් හපාගෙන තරහ පාලනය කර ගෙන හිටියා..

"යුංගි මේක විහිලුවකට ගන්න එපා" මං පොඩ්ඩක් එයාට warning එකක් කරන විදියට කිව්වේ එතකොටවත් මෙයා වැඩේ ගැන කතා කරයි කියල.ඒත් මේ මනුස්සයා නෙවෙයි මං කියපු දේ සතපහකට ගනන් ගත්තේ.මං කියපු එකට හිනා වුනා එයා.

"ඇත්තටම මට ඔයත් එක්ක දෙයක් කතා කරන්න තියෙනවා..වැදගත් දෙයක් ඒක.."





To be continue...💫

Bạn đang đọc truyện trên: AzTruyen.Top