chapter 13
"මේකයි මං කැමති නෑ ඔයා හැමදාම මගෙ පස්සෙන් එනවට.මං යන යන තැන තමුන් ඉන්නවා ඒක මට වදයක් ජිමින්..ඔයා ඒ කරන දේ මට කරදරයක් ..i hate it." ටේ කිව්වා..
ජිමින්ට දැනුනේ එයාගේ හදවත කැඩිලා යනවා වගේ.ඇයි ටේ එහෙම කිව්වේ??
"මට සමාවෙන්න." ජිමින්ගේ කටින් පිටවුනේ එච්චරයි .
"ඇත්තටම ඔයාට සමාවක් ඕනි නම් මේ දේ නතර කරන්න.මගෙ පස්සෙන් එන්න එපා..තවත් මට කරදරයක් නොවී ඉන්න..මගෙ පාඩුවේ ඉන්න දීලා..සමාවෙන්න මට මෙහෙම කිව්වට..ඒත් මට ඔයා කරදරයක්."
ජිමින් ටේ දිහා බලන් හිටියා මිසක් කිසිදෙයක් කිව්වේ නෑ..එයා බලාපොරොත්තු නොවිච්ච දෙයක් මේක.ටේ මෙහෙම කියන එක එයාට හිතා ගන්න බැරි වුනා..ඇයි ටේ මෙහෙම කිව්වේ එකපාරම..ඇයි??.......එයා කාට හරි ආදරේ කරනවද???
"අනික මං කෙනෙක්ට ආදරේ කරනවා..ඒ නිසයි මං මේක කියන්නේ මං කැමති නෑ ඔයා නිසා මං ආදරේ කරන කෙනාගේ හිත රිදෙනවට..ඔයා මෙහෙම මගෙ පස්සෙන් එන එක නතර කරන්න ඒ නිසා දැන්වත්.." ටේ එහෙම කියලා එතනින් නැගිටලා යන්න ගියා....
ඒත් ජිමින් එයාගේ කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දුන්නා..
එයා අඩනවද??
ඔව් එයා අඩනවා..ඒ ටේ නිසා..මොකද ජිමින් ටේට ඇත්තටම ආදරේ කලා....ඒත් ටේ මොකක්ද මේ කිව්වේ...එයා වෙන කෙනෙකුට ආදරේ කරනවලු..
ජිමින් කැෆේ එකෙන් එලියට දුවන් ගියා..ඒයාට තමන්ගේ කදුලූ පාලනය කරගන්නවත් ඒ වෙලේ බැරි වුනා...
එයා වටපිටාව ගැන කිසිම අවදානයක් තිබ්බේ නෑ ...එයා දුවන් ගිය පාර කෙනෙක්ගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගියා...ඒත් ජිමින් නොවැටේ බේරුනේ ඒ කෙනා ජිමින්ව අල්ලගත්ත නිසා...ඒත් එතන හිටියේ වෙන කවුරුත් නෙවේ ..යුංගි...?
"ආයියෝ..කොහෙ බලාගෙනද ඇවිදින්නේ..ආආ??.... ජිමින්...????"
යුංගි එවලෙයි දැක්කේ ඒ හිටියේ ජිමින් කියලා..ඒත් යුංගි දැක්කා ජිමින්ගේ ඇස් වලින් වැටෙන කදුලු..
"ඇයි මේ ඔයා අඩනවද?"යුංගි පුදුමෙන් ඇහුවා මොකද ජිමින් මේ වගේ අඩන කෙනෙක් නොවෙන නිසා..
ඒත් ඒක ඇහුවට පස්සේ ජිමින් කෑ ගහලා අඩන්න පටන් ගත්තා..
"ඇයි ටේ එහෙම කරේ??මේ හැමදේ ටේ නිසා...."ජිමින් කෑ ගහලා කිව්වා..
යුංගිට තාමත් හිතා ගන්න බැරි වුනා මොකද වෙලා තියෙන්නෙ කියලා..
ඇයි මේ..??ටේ...??මොකද වුනේ..??යුංගි ජිමින් කිව්ව දේ හිතා ගන්න බැරුව තාමත් ජිමින් දිහා බලන් ඉන්නවා........
To be continue...💫
Hi Flowers 💐 ,
"""මගෙන් දුර යන්න නම් ඕනා.......🙂
කමක් නැහැ යන්න ඉගිලීලා.......✈"""
ඔන්න ඊලග චැපියේ කව්දෝ කොහේදෝ යනවලු...
කවුද යන්නේ...
කොහෙද යන්නේ...
කියන්න බලන්න....
හරියට කිව්ව කෙනාට මං බඩ්ඩක් දෙනෝ..😂😂😂😂
#kitty__Bloom
Bạn đang đọc truyện trên: AzTruyen.Top