-8-


ඇඟට දැනුන අමාරුවත් එක්කම හෙමින් ඇස් ඇරියේ ඇස් වලට වැටුන ඉර එලියට..ඩුවට් එකත් ඇඟේ ඔතන් ඇඳේ ඉඳගත්තේ පුන්චි මහත්තයා ඇඳේ හිටියෙ නැති නිසා දුක හිතුනත්....ඩුවට් එකත් අල්ලන් ඇඳෙන් නැගිටලා යන්න හැදුවත් අඩි දෙකක් යනකොට මාව එතනම බිම ඉන්දවුනේ යටි බඩෙන් දැනුන කැක්කුම නිසා......බඩත් එක අතකින් තදකරන් ඇස් පියාගත්තේ දැනුන වේදනාවට....කොහොම හරි කරලා නැගිටගෙන අල්ලගෙන බාත්රූම් එක ඇතුලට ගිහින් ශවර් එක යට හිටගත්තේ බිත්තියට වාරුවෙලා.....වතුර බින්දු ඇඟට වැටෙනකොට දැනුන වේදනාව නිසා මගෙ ඇගිලි නිකන්ම ගියේ පුන්චි මහත්තයා මගෙ ඇඟ පුරා ඉතුරු කරපු සලකුණු වලට....වේදනාව අතරින් උනත් පුන්චි හිනාවක් තොල් අතර රැඳුනේ ඊයේ රෑ පුන්චි මහත්තයා මාව එයාගෙම කරගත්තු හැටි එකෙන් එක ආයෙමත් මතකෙට එනකොටයි.....ඉක්මනින් වොශ් එකක් දාගෙන එලියට ගිහින් පැත්තක තිබුන මගෙ ඇඳුමත් ඇඳගෙන හෙමින් පහලට ගියේ පුන්චි මහත්තයා පහලවත් ඉඳී කියලා හිතුනත් එයා හිටියේ නෑ.....මගෙ කාමරේට ගිහින් ඇඳුම මාරු කරන් කෙලින්ම කුස්සියට ගියේ උදේ කෑම  ටික හදන්න උදව් වෙන්න....කෑම හදන අතරුරේදිත් සැරින් සැරේ දොර දිහා බල බල ඉන්නකොට මගෙ මූන හිනාවකින් පිරිලා ගියේ දොරෙන් ඇතුලට ආපු පුන්චි මහත්තයා නිසා.....ඒත් ඒ හිනාව නැතිවෙන්න ගියේ තප්පරයක වෙලාවක්....මගෙ හදවතේ රිද්මය පවා එක විනාඩියක්ට නතර උනා වගේ මට දැනුනේ....පුන්චි මහත්තයගෙ අතේ එල්ලිලා ඇතුලට ආපු ගෑනු ලමයා නිසා.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඩව්න්ස්ටෙයාර් එකෙන් ඇහුන හිනාවල්
ඒ කතා අහගෙන මන් කුස්සියට වෙලා උදේ කෑම ලෑස්ති කර කර හිටියත්

"අජුම්මා!! කූල්ඩ්‍රින්ක්ස් දෙකක් අරන් එන්න...!!"

පුන්චි මහත්තයගෙ අනට අජුම්මා කූල්ඩ්‍රින්ක්ස් දෙකක් එක්ක කෑම ට්‍රේ එක හරිගස්සලා මගෙ අතට දුන්නේ මට ඒක එයාලට දෙන්න කියල කියන ගමන්මයි...අජුම්මට ඔලුව වනපු මන් ට්‍රේ එකත් අරන් හෙමින් හෙමින් සාලෙට ගිහින් ට්‍රේ එක ටේබල් එක උඩින් තියලා එහෙන්මම ආචාර කරලා පිටිපස්සට ගිහින් හිටගෙන ඔලුව නමාගෙන හිටියේ ඇස් කඳුලු වලින් බරවෙනකොට....

"ඕහ් හලාගත්තා නේද බීම එක මෝඩි..😂"

"ච්ච...මගෙ ඩ්‍රස් එකත් ඉවරයි..ඔයාටනම් හරි ෆනී නේද හොබී 😒"

"ඕකේ ඕකේ කූල් ඩව්න් බේබ්....ආහ් මේකෙන් පිහගන්න.."

"ඒයි හායුන් මේක අස් කරලාදාන්න🤨"

කල්පනාලෝකේ හිටපු මන් ගැස්සිලා බැලුවේ පුන්චි මහත්තයගෙ කටහඬට....ඒ ඇස් වල වෙනද මන් දැකපු ආදරේ වෙනුවට තිබ්බෙ තරහින් පිරුන ඇස් මන් දිහා බලන් අස් කරලා දාන්න කියනකොට ඔලුව නමපු මන් රෙදි කෑල්ලක් අරන් ඇවිත් බිම පිහලා කැඩිලා ගියපු වීදුරුව අස් කරනකොට තිබ්බ වීදුරු කට්ටකට ඇඟිල්ල කැපිලා ගිහිල්ලා ලේ බින්දු එක දෙක බිමට වැටෙනකොට...කඳුලු පාලනය කරගෙන ඉක්මනින් එතන අස් කරලා දුවලා කුස්සියට ගියේ....මහත්තයා හැඟීම් රහිත මූනකින් මන් දිහා බලාගෙන ඉන්නකොට.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
කැපුන තුවාලේ ලේ ටික හෝදලා ආපහු වැඩටික කරන්න ගත්තේ මුලු ගේම පුන්චි මහත්තයගෙයි අනිත් කෙල්ලගෙයි හිනාවල් වලින් පිරිලා යනකොට...පුන්චි මහත්තයගෙ හිනාව ඇහෙනකොට මගෙත් මූනේ හිනාවක් රැඳුනේ මීට කලින් කවදාවත් එයා ඒ වගේ හයියෙන් හිනා වෙනවා දැකලා නොතිබුන නිසා....ඒ හිනාව හරිම ලස්සනයි....

ටිකකින් ඇහුනේ මිසිස් ජන්ග්ගේ කටහඬ
එයා ඇවිල්ලා...

"ඕහ් සේයුනා ඔයා මෙහෙ...!!"

"ආන්ටී කොහොමද ඔයාට..."

සේයුන් දුවගෙන ගිහින් ම්සිස් ජන්ග්ව බදාගන්නකොට මිසිස් ජන්ග් නුත් සේයුන්ව ආපිටට බදාගත්තේ මිසිස් ජන්ග් සේයුන්ව හුඟක් කාලෙක ඉඳන් අඳුරන නිසා...

"ඉතින් ඉතින් මොකෝ කෙල්ලට මෙහෙ එන්න හිතුනේ ආ...හොබීව ඒ තරමට මතක් උනාද 😉"

"ඕහ් ආන්ටි 😅
කොහෙද මෙයා මෙහෙ ආවා ආවාමයි මාව මතකවත් නෑනේ 😒ඉතින් මන්ම මෙහෙ ආවා 😌"

"ඒකත් හොඳයි දෙන්නට එකටම ආයේ කොලේජ් එකට යන්න පුලුවන් නේ 😅"

"😅😅"

"ඔය අම්මටයි දුවටයි මෙතන මාත් ඉන්නවා කියලා අමතක උනාද 😒"

"මගෙ මෝඩ කොල්ලා සේයුන් ඉන්නකොට මට ඔයාව මොකටද 😌"

"ඔම්මා!!!"

"හරි හරි මෙහෙ එන්න අයි මිස් යූ සෝ මච් මයි බේබී 😙"

ඈතට වෙලා කුස්සියෙ ඉඳන් මේ දිහා හායුන් බලන් හිටියේ මූනේ රැඳුන හිනාව එක්කමයි....
ටිකකින් ඇහුන මිසිස් ජන්ග්ගේ කටහඬට මේ ලෝකෙට ආපු හායුන් මිසිස් ජ්න්ග්ට හිනා වෙලා ආපහු කුස්සියට ගියේ උදේ කෑම මේසට ලෑස්ති කරන්න කියලා මිසිස් ජන්ග් කියපු නිසයි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හැමෝම කෑම මේසේ වාඩි වෙලා හිටියේ මිසිස් ජන්ග් සේයුන් එක්ක කතා කරන අතරේ හොබීගේ සීතල ඇස් යොමු වෙලා තිබ්බේ කෑම බෙදන හායුන් දිහාවට....
හායුන් දිහා එකදිගට බලන් හිටපු හොබීගැස්සිලා ගියේ හායුන්ගෙ නිල් පාට බෝල ඇස් එකපාරටම හොබීගේ සීතල ඇස් එක්ක එකට මුනගැහෙනකොට...
.
.
.
.
.
.
.
.
.
____________________🦋_______________________

හායි ගොඩ කාලෙකින් නේ 😁❤️



happy seokjin day army...🥺💜

අනිත් කොටසත් ඉක්මනින් දෙන්නම් 😁❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top