-6-

එදා දවසින් පස්සේ පුන්චි මහත්තයා මාව මගාරින්න ගත්තා..වෙනදට මන් දිහාම බලන් හිටපු ඒ නපුරු ඇස් දැන් මාව මගාරිනකොට මගෙ හදවත් වේදනා දෙන විදිය දන්නෙ මන්ම විතරයි....කෑගහලා කියන්න පුලුවන් උනානම් මන් පුන්චි මහත්තයාට මොන තරම්නම් ආදරේද කියලා...ඒත් මට ඒකට අයිතියක් නෑ...
.
.
.
.

කල්පනාවක හිටපු මන් බැලුවේ වැස්ස අතරිනුත් ලස්සනට පේන ඈත් අහස දිහා


ජනේලෙන් එලියට අත දාපු මගෙ ඇස් පිය උනේ ඉබේමයි ඒ සීතල වතුර බින්දු අතට වැටෙනකොට දැනෙන නිදහස මට උපරිමෙන්ම විඳින්න හිතුන ජනේලේ ගාවින් නැගිටලා කාමරෙන් එලියට ගිහින් කෙලින්ම එලියට ගියේ වැස්ස කියන්නෙ මන් ආසම දෙයක් නිසා.....පුන්චි කාලෙ ඉඳන්ම තනිඋන හැමවෙලාවකාම මේ වැස්ස මගෙ ලඟින්ම හිටපු නිසා හිත රිදෙන හැමවෙලාවකම මන් කරන්නෙ වැස්සට වෙලා තෙමෙන එක සීතල වතුර බින්දු ඇඟ පුරා රටා මවනකොට දැනෙන නිදහස වෙන කිසිම දේකින මට නොලැබුන තරම්.....

එලියෙ තිබුන බෙන්ච් එකෙන් ඉඳගෙන හිතේ දුක නැති වෙනකන් ඇස් වලින් ගලපු කඳුලු වල්ට ඔහේ යන්න ඇරලා වැස්ස දිහා බලන් හිටියෙ වැස්ස කියන්නෙ මතක අවුස්සන මතක අතරේ අපිව අතරමන් කරන්න වගේම කඳුලු හන්ගන්න පුලුවන් දෙයක් නිසාමයි මන් මේ තරම් වැස්සට කැමතිම....

.
.
.
.
.
.
.
.
.
.
.
hobi pov,
.
.
"ආයිශ් මේ වැස්සනම් 😒"

කෝපි එකත් අරන් බැල්කනි එකට ආවෙ වැස්සත් එක්ක කෝපි එකක් බොන්න ආසාවක් ආව හින්දා...

ඒත් වැස්ස අතිරින් මන් දැක්කේ පහල කව්ද වැස්සෙ තෙමි තෙමි ඇවිදන් යනවා...
තව ටිකක් ඇස් හීනි කරලා බැලුවමයි දැක්කෙ කව්ද හිටියේ කියලා..

"මෝහ් හායුන්..?"

මේ කෙල්ලට පිස්සුද මේ මහ වැස්සෙ තෙමෙන්නේ 🤨
මන් ටික වෙලාවක් බලන් හිටියේ කෙල්ල
මොකක්ද කරන්නෙ කියලා...වැස්සෙ තෙමි තෙමිම ගිහින් බෙන්ච් එකෙන් ඉඳගෙන වැස්සට මූන අල්ලන් මොනා කරනවද මන්දා මේකි...ආයිශ්...

.
.
.
.
.
.
කෝපි එක පැත්තකින් තියපු කොල්ලා පහලට ගියේ කුඩේකුත් අරගෙනමයි
.
.
.
.
.
.
කුඩෙත් ඉහලන් කෙල්ල ගාවට හෙමින් ගියපු හොබී පිටිපස්සෙන් කෙල්ලට කුඩේ ඇල්ලුවම කෙල්ල වට පිට බලලා පිටිපස්ස බැලුවත් එක්කම ගැස්සිලා නැගිට්ටේ ඇස් වල තිබ්බ කඳුලුත් පිහන ගමන්මයි....

"මොකද මෙතන තනියම වැස්සෙ කරන්නෙ ආ 🤨"

"තමුන්ට මැරෙන්න ආස හිතිලද මෙච්චර සීතලේ වැස්සෙ තෙමෙන්නේ 🤨"
තමුසෙට පිස්සුද අයිසේ 🤨

මෙතන ඊට පස්_

කොල්ලට කියන්න ගියපු එකත් අමතක වෙලා ගියේ එකපාරටම කෙල්ල කොල්ලව බදගත්ත නිසා...

"ය්..යාහ් හා..යුන්.."

කොල්ලගෙ අතින් කුඩේ අතෑරනකොට කොල්ල හායුන්ව ඈත් කරල  කෙල්ලගෙ මූන තමන්ට ලන් කරගෙන...

"දුක හිතුනද..ම්ම්ම්.."

හායුන් කලේ අඬ අඬම ඔලුව වනපු එක

හායුන් තවමත් බිම බලාගෙන ඉකිගහනවා හොබීගේ ඇස් ගියේ කෙල්ලගෙ ඉකිගහන සැරයක් සැරයක් ගානේ ගැස්සෙන රෝස පාට තොල් දිහාට
කෙල්ලගෙ දිග ඇස් පිහාටු වල වතුර බින්දු රැඳිලා ඒ වතුර බින්දු මූන පුරා විසිරිලා යන විදිය කොල්ල බලන් හිටියා කොල්ලගෙ ඇස් ආයෙමත් නැවතුනේ කෙල්ලගෙ තොල් ලඟ හෙමින් කෙල්ලගෙ නිකටෙන් උස්සපු කොල්ල කෙල්ලගෙ තොල් වලට බර උනේ හායුන් ඇස් දෙක පියාගෙන ඒකට අවසර දෙනකොට...
විනාඩි ගානක් කෙල්ලගෙ තොල් මත දඟ කරපු හොබී කෙල්ලව අත් වලින් උස්සලා ගත්තේ තවත් වැස්සෙ හිටියොත් සීතලට ගල්වෙලා යන නිසා...

කෙල්ලගෙ  නිල් පාට ඇස් දිලිසෙනවා...
කොල්ලගෙ බෙල්ල වටේ අත් යවපු කෙල්ල කොල්ලගෙ බෙල්ලෙ මූන හන්ග ගත්තේ කොල්ලගෙ මූන ජයග්‍රාහි හිනාවකින් ඇකී මැකී යනකොට.......
.
.
.
.
.
.
.
.
__________________🦋______________________

චූටි එපියක් 🥲

අනිත් එකත් ඉක්මනින් දෙන්නම් 😁❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top