-4-


.
.
.
සතියක කාලයක් හරිම සාමකාමිව ගෙවිලා ගියේ හරිම වේගෙන්...මේ ගෙවුන
කාලය ඇතුලත හොබීගෙ නපුරුකම් නම් අඩුවුනත් කොල්ලගෙ තියුණු නපුරු ඇස් වලින්නම් හායුන්ට බේරෙන්න බැරි උනා...

හොබීගෙ වැඩ වලි කෙල්ල හෙම්බත් වෙලා හිටියේ කොල්ලගෙ හැම පුන්චි වැඩක්ම පවා කෙල්ලට කරන්න සිද්ද උනා
මොකද කොල්ලට ඕන කලේ කෙල්ලව වැඩි වෙලාවක් එයා ගාවම තියා ගන්න නිසා...

ඉස්සර තරම්ම නැතත් පොඩ්ඩැත්තන් හම්බෙන බැනුම් වලින්නම් අඩුවක් තිබ්බෙ නැති තරම්...

මිසිස් ජන්ග් කම්පැනි එකේ වැඩ වලට හිර වෙනකොට දවස් ගනන් ගෙදර පවා එන්න ලැබුනෙ නැතිකොට හොබී ඒකෙන් තවත් කෙල්ලට ලන්වෙන්න උත්සහ කරා..

ඒ නපුරුකම් වලට හැම දේකටම හායුන්ව හොයන් එන කෑ ගහලා හායුන්ව එයා ලඟට ගෙන්න ගන්න එකට...රෑ පුරාම නින්ද යන්නෑ කියලා කෙල්ල ලව්වා කතා කියව ගන්නකොට...හැමදාමත් කෙල්ලට නෝට් බුක් ගෙනත් දෙනකොට..
කෑම කනකොට පවා කෙල්ලවත් ලඟින් වාඩි කරවගෙන කෙල්ලටත් කන්න කියලා සැර කරනකොට...හායුන්ගේ හිතේ
දවසින් දවස කොල්ල ගැන ඇතිඋන හැඟීම කැමැත්ත ඒ නපුරු තියුණු ඇස් වලට හැමදාමත් වශී වෙන එක කෙල්ලට නවත්ත ගන්න බැරි උනා ......

ඒත් කෙල්ල දැනන් හිටියනම් දවසක කෙල්ලට විඳවන්න වෙයි කියලා කෙල්ල කිසිම දවසක ඒ නපුරු තියුණු ඇස් දිහා නොබලා ඉන්න තිබුනා....

හොබී සාර්ථකයි එයාට ඕන වුන විදියටම හායුන්ගේ හිතේ එයා වෙනුවෙන් ඉඩක්
වෙන්වෙලා .ඉවරයි .....
.
.
.
.
.
"හායුන් !!!!"

දෙපාරක් කතා කරත් හායුන් ආපු නැති නිසා කොල්ල පඩිපෙලත් බැහැගෙන පහලට ගියත් කෙල්ල පහලවත් කිචන් එකේවත් හිටියේ නෑ...ආපහු හැරිලා සාලෙට එනවත් එක්කම හම්බුන සේවිකාව නවත්තලා..

"හායුන් කොහෙද 🤨"

"එයා ගාර්ඩ්න් එකේ හිටියා පුන්චි මහත්තයා "

"ආහ් හරි යනවා දැන්..😒"

හිස නමලා එතනින් පිටවෙන සේවිකාව දිහා බලලා කොල්ල හෙමින් සැරේ ගාර්ඩ්න් එක පැත්තට ගියත් වටේටම බැලුවත් කෙල්ල පේන්න හිටියෙ නැති නිසා කොල්ල ආපහු එන්න හැරෙනවත් එක්කම ආපහු හැරිලා හෙමින් සැරේ  විශාල මේපල් ගහ දිහාට ගියේ වෙනදටත් කෙල්ල ඒ පැත්තට යනව බැල්කනි එකේ ඉද්දි දැකලා තිබ්බ නිසා...


කොල්ල එක තැන නතර උනේ මේපල් ගහ යටට වෙලා පොතක් කියවන හායුන්ව දැක්ක නිසා....පුන්චි හිනවක් තොල් අතර රැඳෙනකොට කොල්ල සාක්කුවල අත් රඳවගෙන කෙල්ල දිහා බලන් හිටියේ ඒ රූපේට සමවැදිලා...

සැරින් සැරේ චලනය වෙන ඒ රෝස පාට පිම්බුන තොල් හුලඟට එහ මෙහා දඟ කරන දිග කොන්ඩේ..මේපල් අතු අතරින් හිරු එලිය වැටිලා දිලිසෙන රත්තරන් පාට හම කෙල්ලට ගෙනාවෙ මිහිපිට දේවතාවියකගෙ හැඩරුවක් ඉක්මනින් සාක්කුවෙන් ෆෝන් එක අරගත්තු කොල්ල කෙල්ලගෙ ෆොටෝ ගත්තේ ඒ ලස්සන හැමදාටමත් මතකයක් විදියට තියා ගන්න හිත බලකරපු නිසා....එක්වරම කොල්ල දිහාට ඔලුව උස්සපු  කෙල්ලගෙ
ඇස් ඉර එලියට තවත් නිල්පාටින් දිලිසෙනකොට කොල්ල ඒ ඇස් අතර අතරමන් වෙන්න ගියේ බොහොම පුන්චි වෙලාවයි ....

හොබී දිහා බලලා හිනා උන හායුන් දිහා බලාගෙනම කෙල්ලගෙ එහාපැත්තෙන් ඉඳගත්තේ කෙල්ලගෙන් ඇස් ඉවතට ගන්නැතුවමයි....

ගවුමේ සාක්කුවෙන් පුන්චි පොත ගත්තු කෙල්ල...

(පුන්චි මහත්තයා මොකද මෙතන කරන්නෙ)🙄

"ඇයි 😏
මට මෙතනට එන්න ඔයාගෙන් අවසර ගන්න ඕනෙද 😏"

හිස හොලවපු කෙල්ල ආයෙමත් කුරුටු පොත කුරුටු ගාන දිහා කොල්ල ආසාවෙන් බලන් හිටියේ පුන්චි හිනාවක් තොල් අතර රඳවගෙනමයි..

(අනී..මේ හැමදේම පුන්චි මහත්තයාගෙනෙ ඉතින් ඇයි මගෙන් අවසර ගන්න ඕන මේ හැමදේම අයිති ඔයාට නේ ...)

"හ්ම්ම් මේ හැමදේම මගෙ තමයි...මේ ගස් මේ වටපිටාවෙ තියෙන හැමදේම මගේ ඒ වගේම ඔයත් මගේ..."😏

ඒ කතාවට කම්මුල් වලට රේ පිරෙනව තේරෙනකොට කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගද්දි හොබීගෙ කට කොනේ ඇඳුන හිනාව කෙල්ල නොදකින්න ඇති.....

(මන් හිතන්නෙ මන් දැන් ගියොත් හොඳයි පුන්චි මහත්තයා ....ලොකු මැඩම් අද ගෙදර එනව කිව්වනෙ )

ඉක්මනින් ලියලා කොල්ලගෙ අතට දුන්න කෙල්ල නැගිටින්න හදනකොටම කෙල්ලගෙ අතින් ඇදලා ආයෙමත් ඉන්ඳවලා කෙල්ලගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගෙන ඇස් පියා ගත්තේ කෙල්ලගෙ හදවතේ ගැස්ම අසාමාන්‍ය ලෙස ගැහෙනකොට....

"මෙහෙම පොඩ්ඩක් ඉන්න...ඔම්ම එන්න තව වෙලා තියෙනව..."

ඇස් පියාගෙනම මුමුනපු කොල්ලා එක ඇහැක් ඇරලා බලලා කෙල්ලගෙ එක අතක් ඇදලා අරන් තමන්ගෙ ඔලුවෙන් තියාගෙන ආයෙමත් ඇස් පියා ගත්තා

"ඔලුව ටිකක් අතගාන්න මට නිදි මතයි"

කොල්ලගෙ ඒ සිනිදු කෙස් අතර හායුන්ගෙ සොෆ්ට් හීනී දිග ඇඟිලි යනකොට කොල්ලට දැනුන හැඟීම කොල්ල උපරිමෙන්ම විඳගත්තා...

කෙල්ල ගාවින් එන චාම් ලැවැන්ඩර් මල් සුවඳට කොල්ල පුදුම තරම් ආස කලා දිග හුස්මකින් ඒ සුවඳ මනසේ තැන්පත් කරගන්න කොල්ල අමතක කලේ නෑ.....

හායුන්ගේ මූනෙ ඇඳුන සතුට හොබී දැක්කේ නෑ ....

කෙල්ල බැලුවේ කොල්ලගෙ කඩවසම් රූපය දිහා ඒ දිගැටි ඇස් දිග ඇහිපිහාටු
ඝන සිනිදු කඩාහැලෙන කොන්ඩේ ඇස් අතරට වැටුන කෙස් රොද අතින් අයින් කරපු කෙල්ල හිනාවක් තොල් අතර රඳවන් ඒ කඩවසම් රූපය තම හදවතේ නොමැකෙන මතකයක් ලෙස ඇඳ ගත්තේ
දැනටමත් හොබී වෙනුවෙන් දවසින් දවස හිතේ ඇති වන ආදරය නිසාමයි....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
____________________🦋_____________________

hiii babies...😙

සොරි ඊයේ අප්ඩේට් දෙන්න බැරි උනාට 😁

මොකද හිතෙන්නෙ කොල්ලත් කෙල්ලට ආදරේ කරයිද 🙄

ඊලඟ කොටසත් ඉක්මනට දෙන්නම් හොඳේ 👀❤️

අඩුපාඩු තියෙනවනම් කියාගෙන යන්න 😁

love youu 😙🌷

fiction by shenukawi 🥀

Bạn đang đọc truyện trên: AzTruyen.Top