-2-
hobi's pov,
අවුරුද්කට පස්සෙයි මන් ආයෙමත් බූසාන් ආවෙ සෝල් වල ගෙවෙන සෙල්ලක්කාර ජීවිතේ එක්ක බූසාන් වල ගෙදරට එනව කියන්නේ මහ එපා කරපු දෙයක්....
අඩුම මගෙ යාලුවොවත් මෙහෙ නෑ...
හරිහමන් ක්ලබ් එකක්වත් නෑ...ආයිශ් එපා වෙනව මේකනම් මහ කම්මැලි වැඩක්....ඒත් ඔම්මා නිසා මන් මෙහෙට එන්නේ මේ ලෝකේ මට වටින එකම කෙනා ඔම්මා නිසා අප්පගෙ මරනෙත් එක්ක බූසාන් වල තිබ්බ කම්පැනි එක තනියම හැන්ඩ්ල් කරන් මාවත් මේ තැනට ගෙනාවෙ මගෙ ඔම්මා තනියම....ඉතින් හැම නිවාඩුවකම මන් ගෙදර එන්නේ මගෙ ඔම්මා නිසා...
ශටර් එකෙන් එලිය බලාගෙන හිටපු මන් ගැස්සිලා ගියේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්ත නිසා...
සෝල් වල ඉඳලා ඇවිල්ලා පැය ගානක්වත් ගිහිල්ලා නෑ මුන්ට ඒ ටිකට මාව මතක් වෙලා වගේ...😂
"යාආආආහ් මෝඩයෝ ටිකට ඒ ටිකටත් මාව ගොඩක් මිස් උනාද ආ....😏"
"හහ් උබව මිස් උනා මේ අපිට 😌
අනේ මේ පලයන් හොබා යන්න 😂"
"එහෙනම් මොන මගුලකටද කෝල් කලේ ආ..."
"ආආහ් ඒ මේ උබ ගියාද කියලා බලන්න "
"ඇයි ගියෙ නැත්තන් උබ ගිහින් ඇරලවන්නද 😂"
"ඒකත් බැරි නෑ යකෝ😌"
"හරි හරි දැන් මොකටද ගත්තේ කියහන්."
"ඇයි උබෙ කන් පොට්ටද...ඉස්සෙල්ලා කිව්ව එක ඇහෙන්නැතිවෙන්න😂"
"අනේ අනේ මේ මට බොරු කරන්න උබලට බෑ හරිද...මන් දන්නැද්ද උබලා ගත්ත හේතුව 😏"
"ඔහෙ ලස්සන කෙල්ලො එහෙම ඉන්නව ඇති නේ ..."
" අහ් ඔය පයින්නේ එලියට 😏"
"නෑ ඉතින් උබ ඔහෙ ගිහින් ඉතින් තනියම ෆන් ගන්නකොට අපි මෙහෙට වෙලා වේලි වේලි ඉන්න එපැයි..."
"දැනුත් ක්ලබ් එක ඇතුලේ ඉඳගෙන ඉන්න උබල කෙසේ වෙතත් මමයි වේලෙන්න යන්නෙ .."
"අපරාදේ එහෙනම් කෙල්ලෙක්වත් එක්කන් යන්න තිබ්බේ😂"
"මගෙන් මුකුත් අහගන්නෙපා උබලා...😒"
"හරි හරි කොල්ලො 😌 ලස්සන කෑල්ලක් එහෙම සෙට් උනොත් අපිටත් කියහන් ඈ 😌"
"ආයිශ් තොපිනම් මන් තියනවා 😒"
.
.
.
.
.
.
.
.
"සර් අපි ආවා "
"ආහ් හරි මගෙ බෑග්ස් ටික ඇතුලට ගේන්න..."
"හරි සර්"
කාර් එකෙන් බැහැපු කොල්ලා කෙලින්ම ගේ ඇතුලට ගියේ ඩ්රයිවර් කොල්ලගෙ බෑග්ස් පිටිපස්සෙන් අරගෙන එනකොට
"ඕවා ඔහොම තියලා ඔයා දැන් යන්න"
"හරි සර් "
ඩ්රයිවර් වත් යවපු කොල්ලා ගේ වටේට ඇහැ යැව්වේ කාලෙකින් ගෙදර ආව නිසා
ලොකු හුස්මක් ඉහල පහල හෙලලා..
"පුතා..."
"ඔම්මා"
මිසිස් ජන්ග් ආපු ගමන් කොල්ලව බදාගන්නකොට කොල්ලත් ආපිටට බදාගත්තේ කාලෙකින් ලැබුන ඔම්මගෙ උනුහුමට තවත් තුරුලු වෙමින්...
"මගෙ කොල්ලා තවත් ලස්සන වෙලානේ 😌"
"එහෙම තමා මන් ඉතින් ඔම්මගෙ එකම පුතානේ😌"
"පුතාට මහන්සිත් ඇතිනේ...රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඩිනර් එකට පහලට එන්න..."
"ඕකේ ඔම්මා මන් වොශ් එකක් දාගෙන එන්නම්....මගෙ බෑග්ස් ටික උඩට එවන්න "
"හ්ම්ම් හරි පුතා යන්න මන් මේ ටික එවන්නම් මේඩ් කෙනෙක් අතේ.."
"එහෙනම් මිසිස් ජන්ග් අපි ගියා...😌"
"යනවා යනව පිස්සු කොල්ලා 😅"
මිසිස් ජන්ග්ටත් විහිලු කරන ගමන් කොල්ලා කෙලින්ම කාමරේට ගිහින් වොශ් රූම් එකට රින්ග ගත්තේ ඇඟට දැනුන මහන්සිය නැතිවෙන්න වොශ් එකක් දාගන්න..
මේ අතරේ කුස්සියේ වැඩ කරන ගමන් හිටපු හායුන්ට මිසිස් ජන්ග් අඬ ගැහුවෙ
කොල්ලගෙ බෑග්ස් ටික ගිහින් කොල්ලගෙ රූම් එකෙන් තියන්න කියලා...මිසිස් ජන්ග් ට ඔලුව නමලා ආචාර කරපු කෙල්ල බෑග්ස් ටිකත් අරන් කොල්ලගෙ රූම් එකට ගියේ බෑග්ස් ටික ඇතුලෙන් තියලා එන්න උනත්...
බෑග්ස් ටික රූම් එකෙන් තියලා ආපහු පහලට එන්න හැරෙනකොට ඇහුනේ කොල්ලගෙ හඬට කෙල්ල ආපහු හැරුන.
"නවතිනවා...තමුසේ කව්ද ආ කාගෙන් අහලද මගෙ රූම් එකට ආවෙ 🤨"
කෙල්ල කලේ එක දිගට බිම බලාගෙන හිටපු එක විතරයි...ඒත් ඒකේන් උනේ කොල්ලගෙ කේන්තිය වැඩි උන එක...
"තමුසෙගේ කන් ඇහෙන්නැද්ද ආ 🤨"
කෙල්ල බයෙන් බයෙන් පිටිපස්සට ගියේ කොල්ලා ටිකෙන් ටික කෙල්ලට ලන් උන නිසා....
"මන් දැන් එකපාරක් ඇහුවා කාගෙන් අහලද තමුසේ මගේ රූම් එක අස්සට රින්ගුවේ ගෑනියේ....!!!! 😡"
කෙල්ල ගැස්සිලා ගියේ කොල්ලා හයියෙන් කෑ ගැහුව පාරට ඒත් කෙල්ල මොනව කියලා කරන්නද කෙල්ල තමන්ගෙ ඔලුවවත් ඉස්සුවේ නෑ...
එකපාරටම කෙල්ලව බිත්තියට තදකරපු කොල්ලා කෙල්ලගෙ අත් බාහු වලින් තදින් අල්ලගත්තේ කොල්ලගෙ ඉවසීමේ සීමාව පැනපු නිසා මොකද කොල්ල පොඩ්ඩක් වත් කැමති නෑ කවුරුත් කොල්ලගෙන් අහන්නැතුව කොල්ලගෙ රූම් එකට එනවට...
"තමුසෙට මෙච්චර කියලත් ඇහෙන්නෑ වගේ ඉන්නේ බීරෙක්ද ආආ!!!!!😡"
ආයෙමත් ඒ සැර වචන වලට කෙල්ලගෙ ඇස් වල කඳුලු පිරෙනකොට කෙල්ල බය
උන පාර කොල්ලා දිහා බැලුවත් එක්කම
කොල්ලා ආයෙ බයින්න ගියත් කඳුලු පිරුන ඒ නිල් ඇස් දැක්කම කොල්ලට කියන්න ගියපු දේත් අමතක වෙනකොට ඒ ඇස් අස්සේ හොබී අතරමන් උනා....
කෙල්ලගෙන් තදින් අල්ලන් හිටපු අත් ටිකෙන් ටික බුරුල් වෙනකොට කොල්ලා ඇහිපිහ ගහන්නැතුවම ඒ නිල් ඇස් දිහා එකදිගට වශී වෙලා වගේ බලන් හිටියා..
කොල්ලගෙ නපුරු කලු ඇස් දිහා කඳුලු පිරුන ඇස් වලින් බලන් හිටපු කෙල්ලගෙ ඇස් පහතට හැරෙනකොට කෙල්ලගෙ ඇස් පුදුමෙන් ලොකු උනේ කොල්ල ඉන්න විදිය දැක්කමයි...සුදුපාට තුවායක්විතරක් ඉන වටේ ඔතාගෙන හිටපු කොල්ලගෙ ඇබ්ස් පුරා වතුර බින්දු හිමින් සීරුවේ පහලට ගලාගෙන යන හැටි දැක්කම කෙල්ලට තඩි කෙල ගුලියකුත් ගිලුනත්
කෙල්ල ඒ ක්ශනික ආපහු කොල්ලගෙ මූන දිහා බැලුව තාමත් ඒ කොන්ඩේ අතරින් වතුර බින්දු එල්ලිලා සෙල්ලම් කරනවා මූන තොල් පුරා විසිරිලා තිබ්බ වතුර බින්දුවලට කොල්ලව තවත් කඩවසම්ව පෙනෙනකොට හරි සිහියට ආපු කෙල්ල ඉක්මන් කරල කොල්ලව පිටිපස්සට කරලා අත දික් කරලා බෑග්ස් ටික පෙන්නලා ඒ ක්ශනිකවම කාමරෙන් එලියට දිව්වේ වේගෙන් ගැහෙන පපුවත් අල්ලන් නිකන් ෆ්ලෑශ් වගේ....
එකපාරටම සිද්ද උන දේ හිතාගන්න බැරුව එකතැනගල්වෙලා හිටපු කොල්ල හෙමින් බැලුවේ කෙල්ල අත්දික්කරලා පෙන්නපු බෑග්ස් දිහා...
කටකොනට හිනාවක් එනකොට කොල්ල බෑග් එකෙන් ඇඳුමකුත් අරන් ආපහු වොශ් රූම් එකට ගියේ කටකොනේ හිනාව මූනේ රඳවගෙනමයි....
__________________🦋______________________
ඔන්න කිව්ව වගේම අදත් අප්ඩේට් එකක් දුන්නා 😁❤️
මන් පුලුවන් තරම් ඩේලි අප්ඩේට් දෙන්න බලන්නම් 😁
thank you කතාව කියවනට 🥺❤️
ආදරෙයි හැමෝටම 😌❤️
ඊලඟ එපියෙන් ඉක්මනට හම්බෙමු 😌❤️
bye babies 😙❤️
fiction by _shenukawi_🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top