-13-


කෙල්ලවත් තල්ලු කරලා දාල මන් ඇතුලට ආවෙ ආපු කේන්තිය දරාගන්න බැරුව අත්මිටිමෙලවනෙකොට....ටික දුරක් එනකොට අම්මා හායුන්ගේ නම කියලා කෑ ගහනවත් එක්කම ටේත් මාව පහු කරගෙන දිව්වෙත් මන් ආපස්සට හැරුනෙත් එකම වෙලාවෙ හායුන්ට සිහිය නැති වෙලා බිමට වැටෙනවත් එක්කම ටේ කෙල්ලව අල්ලගත්තේ මාත් කලබලෙන්ම ඒ පැත්තට දුවලා ගිහින් ටේගෙන් කෙල්ලව උදුරල වගේ මන් ලඟට ගත්තා...

" හායුන් කතාකරනවා !!! "

කතා කරත් නැගිට්ටෙ නැති තැන අම්ම කෙල්ලව රූම් එකට ගෙනියන්න කිව්වෙ මන් කෙල්ලවත් උස්සන් උඩට ගියා..පරිස්සමෙන් කෙල්ලව ඇඳෙන් තියලා ඩොක්ටර්ටව ගෙදරට ගෙන්නුවේ..පාර්ටියට ආපු හැමෝවම ගෙදර යවලා....ඩොක්ටර් ඇවිත් කෙල්ලව චෙක් කරලා ටිකකින් රූම් එකෙන් එලියට ආවෙ හිනාවෙමින්...

" එයාට මොකද වෙලා තියෙන්නෙ ඩොක්ටර් "

අම්මා ඩොක්ටර්ගෙන් ඇහුවේ මන් පැත්තකට වෙලා බිත්තියට හේත්තු වෙලා බලන් ඉන්නකොට..

" බය වෙන්න දෙයක් නෑ එයා හොඳින්...මේ කාලෙට ඔහොම වෙන එක නෝමල්..එයාව හොඳින් බලාගන්න එයා ටිකක් දුර්වලයි.."

" ඒ කිව්වෙ ඩොක්ටර් මට තේරුන්නෑ "

" ඕහ් ඔයාලා දන්නෙ නැද්ද එයා ප්‍රෙග්නට් දැනටමත් මාස දෙකක් විතර එයාගෙ බබාට.."

"ම් මොකක් එ ඒත් "

පපුව හරහට බැඳගෙන හිටපු අත් ලිහිල් උනේ ඒ ඇහුන දේවල් එක්ක...අම්ම බැලුවේ මන් දිහා..ඒ ඇස් වල මන් කවදාවත් දැකලා නැති විදියේ තරහක් මන් දැක්කේ..ඩොක්ටර් ගියාට පස්සෙ අම්මා කෙලින්ම ආවෙ මන් ගාවට...

" කසදෙට ලෑස්ති වෙනවා.."

කියලා අම්ම හැරුනේ හායුන් ගාවට යන්න

" වට් !!! අම්මට පිස්සුද මොනාද මේ කියවන්නේ "

" ඔයාට මන් කියපු දේ හොඳින්ම ඇහෙන්න ඇතිනේ ...අනික මන් හැමදේම දන්නවා හෝසොක්...වචනයක්වත් කියන්නෙපා තමුසේ හායුන්ව කසාද බඳිනවා එච්චරයි "

" නෝ මාම් නෙවර්..මට බෑ..කවුද දන්නේ ඒ ලමයා වෙන කාගෙ හරිද කි-

කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්න හම්බුන්නෑ මට මාව අඩි කීපයක් පිටිපස්සට උනේ කම්මුල පුපුර ගහන තරම් වේදනාවක් දැනෙනකොට..

" අ..අම්මා.." කම්මුලත් අල්ලන් මන් කතා කලා..අම්ම කවදාවත් මට අත උස්සලා නෑ ඒත් අද..මේ හැමදේම තමුසේ නිසා හායුන්..බලාගෙන ඉන්නව මන් තමුසෙගෙ ජීවිතේ විනාස කරලා දාන විදිය..

" ඔය කටින් මට අම්මා කියලා කියන්නෙපා..!!! මන් දන්න මගෙ පුතා කවදාවත් මේ වගේ තිරිසන් වැඩක් කරන්න හිතන්නෙවත් නෑ..ඒ කෙල්ලව හිතක් පපුවක් නැති ගානට අනාථ කරලා දාන්න මන් ඉන්නකන් හම්බෙන්නෑ ජන්ග් හෝසොක්..ඒ අසරණීට අසාදාරනයක් වෙන්න මන් ඉඩ තියන්නෑ.!!!"

කවදාවත් නැතුව අම්ම මට කෑ ගහනවා..ඒ ඇස් රතුවෙලා තරහට කඳුලු පිරිලා..

" හරි තමුසෙට ඒ කෙල්ලව බඳින්බ බෑනේ..අද ඉඳන් හිතාගන්නවා තමුසෙගෙ අම්මා මැරුණා කියලා..ආයෙ මට කතා කරන්නවත් හිතන්න එපා..!!!"

" අ...ම්.මා "

අම්ම හැරිලා යන්න හැදුවත් නැවතුනේ දොර ගාව ඉඳන් අඬ අඬ බඩටත් අතක් තියාගෙන් ඉන්න හායුන්ව දැකලා..

" හායුනා "

" යමු..කෙල්ලෙ අපි ආපහු යමු..ම්ම් මන් ඔයාවයි මගෙ මුණුපුරාවයි බලාගන්නම් .ම්ම් "

කෙල්ලවත් ඇදගෙන අම්මා පහලට ගියේ මන් ලඟ තිබ්බ හැමදේම විසිකරලා පොලවෙ ගහලා දැම්මේ ආපු  තරහටමයි....කොන්ඩෙන් ඇදගන්න ගමන් මන් කෑගහලා රූම් එකට ගිහින් කෙලින්ම ගියේ බැල්කනි එකට..පහලින් දැක්කේ අම්ම හායුන්වත් එක්කන් කාර් එක ගාවට යන විදිය..කාර් එකට නගින්න ගිහින් හායුන් ආයෙමත් හැරිලා උඩ බැලුවේ බැල්කනි එකේ හිටපු මන් දිහා...ඒ ඇස් වල පිරිලා තිබුන කඳුලු... මගෙ හිත ගැස්සිලා ගියා..අත් වැට මගෙ අත් වලට හිරවෙලා යනකොට මන් ඇතුලට ආවෙ ඒ මූන දිහාවත් නොබලා..කාර් එක ගෙදරින් එලියට යනවා මට ඇහුනා...

මන් කෝල් එකක් ගත්තා...

" හලෝ මචන් "

" හලෝ හොබියා මොකද උනෙ "

" මට පොඩි උදව්වක් ඕනේ "

" මොකක්ද ? "

" මට හෙටම ඉන්ග්ලන්ඩ් යන්න ඕන ඒ වැඩ ටික මට ලෑස්ති කරලා දියන් හදිස්සියි"

" හරි බන් මන් ලෑස්ති කරන්නම් "

කෝල් එක කට් කරලා ඇඳේ ඉඳගෙන කල්පනා කරේ අම්ම කියපු වචනයක් වචනයක් ගානේ කනේ රැව් දෙනකොට...

.................

හීනෙන් වගේ සද්දෙන් ඇහුන ලොකු නෝනගෙ කටහඬ නිසා මන් අමාරුවෙන් රිදුම් දෙන හිසත් අල්ලන් නැගිටලා කාමරෙන් එලියට එන්න ආවත් ඇහුන දේවල් නිසා මගෙ අත බඩට ගියේ ඉබේමයි...ඇස් වල කඳුලු පිරෙන්න ගද්දි මට හිනාවක් ගියේ සතුටට...ඒත් පුන්චි මහත්තයාගෙ වචන නිසා රිදෙන්න පුලුවන් උපරිමේටම මට රිදුනා...ලොකු නෝනා පුන්චි මහත්තයාට හොඳටම බැනලා මන් දිහාවට හැරෙනකොට මට ඇඬුම් පාලනයක් නැතුවා ගියේ ලොකු නෝනා මාව තුරුල් කරගන්නකොට..

අම්මා කෙනෙක් වගේ මට ඒ කියපු වචන වල ආරක්ශාවක් දැනුනා..මට බයක් හිතුන්නෑ..මගෙ පැටියව ලොකු නෝනා බලාගනී..ලොකු නෝනා මාවත් ඇදගෙන එලියට ආවත් ආයෙත් අන්තිම සැරෙට ඒ නපුරු මූන බලන්න උවමනාවටයි පිටිපස්ස හැරිලා බැලුවේ..චූටි මහත්තයගේ නපුරු ඇස් මන් ගාව නැවතිලා විනාඩි ගානක් තියෙන්න ඇති එයා ගානක්වත් නැතුව ඇතුලට ගියේ මන් වාහනයට නැගලා යනකොට...

කවදම හරි දවසක ඔයා තේරුම් ගනී මහත්තයෝ..එදාටත් මේ හායුන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නම්..

--------------------------🦋------------------------------

written by shenukawi ♡🦋


Bạn đang đọc truyện trên: AzTruyen.Top