-12-
.
.
.
.
.
අඬලම හෙම්බත් වෙලා කෙල්ල හිටියේ...කෙල්ල හීනෙකින්වත් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ..ඒත් අද තමන්ගේ කන් වලට ඇහුන දේවල් එක්ක ඒ දේවල් දරාගන්න කෙල්ලට බැරි උනා...ඇති වෙනකන් අඬලම ඒ මූන රතුවෙලා....බිම ඉඳගෙන හිටපු කෙල්ල නැගිටලා බාත්රූම් එකට දිව්වෙ බඩකලත්තාගෙන ආපු පිම්මට...කැරකිල්ලක් වගේ දනෙනකොට මූනත් හෝදගෙන කාමරේට ඇවිත් ඇඳෙන් හාන්සි වෙලා ටික වෙලාවක් හිටපු කෙල්ල නැගිට්ටේ හොබීගේ කෑගැහිල්ලට....
" හායුන් !!! "
ටග්ගාලා ඇඳෙන් නැගිටලා කොන්ඩෙත් අතින් හදාගෙන දොරත් ඇරන් කෙල්ල කලබලෙන් දිව්වේ කොල්ලගෙ කේන්තියේ තරම දන්න නිසාමයි...
" කොහෙද ඕයි තමුසේ හිටියේ.මන් මෙච්චර වෙලා කතා කලා!! "
ඔලුව පාත් කරගෙනම කොල්ලගෙන් සමාව ඉල්ලුවේ අනිත් ට්රිබලත් පහලට එනකොට..
" යනවා ගිහින් කෑම ටික මේසේට අරිනවා !"
කෙල්ල කුස්සියට යනවත් එක්කම හොබී සෝෆා එකෙන් වාඩි උනේ ටේ ජිමින් ජන්කුක් තුන්දෙනත් ඇවිත් වාඩි වෙනකොට..
" ඇයි බන් ඔය කෙල්ලට කෑ ගහන්නේ "
" මන් මෙච්චර වෙලා කතා කරා දැනුයි ආවෙ "
" උබ දැන් ඕකටද ඒ කෑගැහුවේ "
" ඔව් ඇයි "
" නෑ නැ අව්ලක් නෑ කරගෙන පලයන් "
" පිස්සු කියවන්නැතුව හිටපන් බන් "
.................
කාලය ගෙවිලා ගියේ හායුන්ගේ වැඩ තවත් වැඩ කරමින්..හොබිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් වැඩ ගොඩගැහිලා...මිසිස් ජනුත් ආපහු සෝල් ආවෙ කෙල්ලට ටික්ක හරි සැනසීමක් ලැබෙනකොට...හවස් වෙනකොට සේරම ලෑස්ති කරපු කෙල්ල කාමරේට යන්න හැදුවත් මිසිස් ජන්ග් කෙල්ලව නවත්ත ගත්තා..
" හායුනා චුට්ටක් ඉන්න "
" ආහ් මෙන්න මේක ගන්න " මිසිස් ජන්ග් කෙල්ල අතට දුන්නේ ලොකු බොක්ස් එකක් මොනාද කියලා හිතා ගන්න බැරුව කෙල්ල මිසිස් ජන්ග් දිහා බැලුවේ මිසිස් ජන්ග් හිනා වෙලා කෙල්ලගෙ ඔලුව අතාගලා
" ඕක ඔයාට අද හවසට අඳින්න දැන් ගිහින් ලෑස්ති වෙන්න "
කියලා මිසිස් ජන්ග් එතනින් යනකොට කෙල්ල බොක්ස් එකත් අරගෙන කාමරේට ඇවිත් ඒක ඇරලා බැලුවා...ඒකේ තිබුනේ තද කලු ලස්සන දිග ගව්මක්...
කෙල්ල නාගෙන එලියට ඇවිත් මිසිස් ජන්ග් දුන්න ගව්මත් ඇඳඟෙන දිගකොන්ඩේ කඩලා දාලා ලෑස්ති වෙලා එලියට යනකොටත් හැමෝම වගේ ඇවිත් තිබ්බා...කෙල්ලට මේ පරිසරය නුහුරුයි ඊටත් වඩා මේ කාවවත් කෙල්ල අඳුරන්නෑ..කෙල්ලට තවත් අසරණ කමක් දැනුනා...මිසිස් ජන්ග් ඇවිත් කෙල්ලව එක්කන් ගිහින් එයා ගාවින්ම තියා ගත්තේ...
" අනේ බලන්නකෝ මගෙ කෙල්ලගෙ අද ලස්සන..මන් හරියටම තෝරලා නේ ගව්ම "
මිසිස් ජන්ග් කියනකොට කෙල්ල ලැජ්ජාවෙන් හිනා වෙලා බිම බලා ගත්තා..ඒත් එක්කමයි උඩතට්ටුවේ ඉඳන් කොල්ලා ආවෙ..තනියම නෙමෙයි සේයුන් එක්ක අත් පටලන්...කොල්ලගෙ ඇස් මොහොතකට ගැස්සිලා ගියේ කෙල්ලගෙ රුව දැකලා ඇඟටම හිර උන හීනී පටි එක්ක කකුල කලවා වෙනකන් කපලා තිබ්බ කලු දිග ගව්මට කෙල්ලගෙ ඇඟ කැපිලා පෙනුනා..කඩා දාලා තිබ්බා දිග කොන්ඩේ කෙල්ලට ගෙනාවෙ අමුතුම ලස්සනක්...විනාඩි ගානක් ඒ දඩබ්බර ඇස් කෙල්ලගෙ අහින්සක නිල් ඇස් එක්ක පැටලිලා තිබ්බා....මේ අතරෙ ටේගෙ ඇසුත් නැවතිලා තිබ්බේ කෙල්ලගෙ රුව ගාව...
හැමදේම හොඳ විදියට සිද්ද උනෙ සැරින් සැරෙ කෙල්ලගෙ රුව ගාවනවතින හොබීගෙ අකීකරු ඇස් වලින් හැන්ගෙන්න කෙල්ල උපරිම උත්සහයක නිරත වෙනකොට.....
පාර්ටිය අවසානයේ හැමෝම හිටියේ ඇස් කඩාගෙන යන විවිධ වර්ණ සහිත එලි අතරෙත් සංගීතයත් අතරේ අතොරක් නැතිව නටන ගමන්...මේ දිහා හායුන් බලන් හිටියේ අපහසුවෙන් මේ දේවල් කෙල්ලට පුරුදු නෑ....මිසිස් ජන්ග් පවා අවිත් සිටි අමුත්තන් එක්ක කතා කරමින් හිටපු නිසා කෙල්ල හිටියේ පාලුවෙන්...
මොහොතෙන් මොහොත වෙනස් වෙන කෙල්ලගෙ මූනේ ඉරියව් දිහා එහාට වෙන්න සේයුනුත් අනෙක් යාලුවොත් එක්ක කතා කරමින් හිටපු හොබී බලන් හිටියේ කෙල්ලගෙන් ඇස් අහකට ගන්නේ නැතුවමයි...එකපාරටම කෙල්ල දිහා බලන් හිටපු කොල්ලව ගැස්සිලා ගියේ සේයුන් කොල්ලවත් ඇදගෙන ඩාන්ස් ෆ්ලෝ එකට ගියපු නිසා...ඒත් එක්කම රොමෑන්ටික් සෝන්ග් එකක් ප්ලේ වෙනකොට හොබී සේයුන්ව තමන්ට තවත් ලන් කරගෙන ඩාන්ස් කරන්න ගත්තේ..හායුන් මේ දිහා බලන් ඉන්නකොට...එතනින් ඉක්මනින් යන්න හදපු කෙල්ල නැවතුනා..
" මාත් එක්ක ඩාන්ස් කරන්න එනවද "
කෙල්ලගෙ පැත්තට අතකුත් දික කරගෙන ටේහ්‍යුන් කෙල්ලගෙන් අහනකොට කෙල්ල ටේ දිහත් අත දිහත් මාරුවෙන් මාරුවට බැලුවේ ඇසුත් ලොකු කරන්..
" මරන්න නෙමේ එන්න කිව්වෙ ඩාන්ස් කරන්න "
එටේහ්යුන් හිනා වෙලා කියුවා
" එනවද "
කෙල්ලත් හිනා වෙලා ඒ අත උඩින් අත තිබ්බා..ග්
සේයුන් එක්ක ඩාන්ස් කර කර හිටපු හොබී හායුන් දිහා බලනකොට ටේහ්‍යුන් එක්ක හිනා වෙවී අත් අල්ලන් ඉන්නව දැක්කම සේයුන්ගෙ බඳ වටා අල්ලන් හිටපු අත් වල ග්රහනය දැඩි උනේ ඇස් තරහෙන් පිරිලා යනකොට..
" ආව්..හොබී මට රිදෙනවා ඇයි මේ.."
" අ..ආහ් සොරි සේයුනා මන් වෙන කල්පනාවක හිටියේ.."
" හ්ම්ම්..ඒකට කමක් නෑ "
ටේහ්‍යුන් කෙල්ලත් එක්ක ඇවිත් සින්දුවේ තාලටෙම නටන්න ගත්තේ ටේගෙ අත් කෙල්ලගෙ ඉන වටා එතෙනකොට...කෙල්ලත් ටේ එක්ක හිනා වෙවීම නැටුවේ ටේහ්‍යුන්ගේ විකාර විහිලු කතා වලට...සේයුන්ව අතහැරලා දාලා වෙගේන් හායුන් ගාවට ගිහින් නට නට හිටපු කෙල්ලගෙ අතිනුත් ඇදගෙන ගෙදරින් එලියට ආව කොල්ලා කෙල්ලව අතෑරියේ කෙල්ලට බැලන්ස් එක නැතිවෙලා බිමට වැටෙන්න යනකොට කෙල්ලගෙ ඉනෙන් අල්ලලා තමන් ලඟ අරගෙන ඒ කට තද කරලා එක් අතකින් අල්ල ගත්තා..
" තමුසේ.කාගෙන් අහලද එක එකා එක්ක නටන්නේ ආහ් !!! "
වේදනාවටම කෙල්ලගෙ ඇස් වලින් කඳුලි එලියට පැනලා...
" ආයෙ එක පාරක් හරි මන් දැක්කොත් තමුසේ කොල්ලෙක් එක්ක ලන් වෙලා කතා කරනවා අන්න එදාට තමුසේ ඉඳලා ඉවරයි අන්න ඒකත් මතක තියා ගන්නවා !!! "
" තමුසෙව අල්ලන්න පුලුවන් මේ මට විතරයි තේරුනාද..තමුසේ මගේ මේ ජන්ග් හෝසොක් ගේ විතරයි !!! "
එහෙම කියලා චූටි මහත්තයා එතනින් ගියා...රිදුම් දෙන මූනත් අල්ලගෙන මන් බෙන්ච් එකෙන් ඉඳගත්තේ රෑ අහස දිහා බලාගෙන..
ඇයි චූටි මහත්තයා මට මෙහෙම කරන්නේ ඇයි..මාව රැවට්ටුවා මදිද..මන් මොන වරදක් කලාටද මට මෙහෙම කරන්නේ...
කඳුලුත් පිහදාගෙන කෙල්ල එහෙන්මම ඇතුලට යනවත් එක්කම වටේම අඳුරු වෙනවා වගේ දැනුනේ කැරකිල්ල නිසා කෙල්ලට බැලන්ස් එක නැතුව වැටෙන්න යනකොට...කෙල්ලට ලාවට වගේ පෙනුනේ කෙල්ලගෙ පැත්තට දුවගෙන ආපු ටේහ්‍යුන්ගේ රූපේ විතරයි....
--------------------------🦋------------------------------
( හායුන්ගේ ඩ්‍රස් එක )
Bạn đang đọc truyện trên: AzTruyen.Top