-11-
.
.
.
.
.
හායුන්ගේ බෝල ඇස් හොබීගේ නපුරු ඇස් එක්ක ගැටෙනකොට....ඒත් එකපාරටම හොබී කෙල්ලව අතෑරියේ කෙල්ල ලඟ තිබුන සෝෆා එකට වැටෙනකොට...වැටෙනකොට කෙල්ල ඇස් පියා ගත්තේ හොබී ඇත් දෙකත් පපුව හරහා බැඳගෙන කට කොනෙන් හිනා වෙලා කෙල්ල දිහා බලලා
" නැගිටිනවා !!! "
කෙල්ල ඇස් ඇරලා හෙමින් නැගිට්ටේ ගව්මත් අතින් හදාගෙන..
" අතන තියෙන රූම් එකට ගිහින් කැමති දෙයක් කරගන්නවා..නාගෙන ඇවිත් මට කෝපි එකක් හදලා ගෙනත් දෙනවා උඩට "
එහෙම කියලා කොලල පඩිපෙල නැගගෙන උඩට ගියේ කෙල්ල හොබී දිහා කඳුලු පිරුණු දෙනෙතින් බලාගෙන ඉඳලා කොල්ල පෙන්නපු කාමරේට ගිහින් ඇඳෙන් ඉඳගත්තේ බරසාර හුස්මක් හෙලලා...බෑග් එකෙන් ලා රෝස පාටට හුරු ගව්මක් ගත්ත කෙල්ල ටවල් එකත් අරන් බාත්රූම් එකට ගියේ නාගන්න කියලා....
මේ අතරෙ කොල්ලා තමන්ගේ අතිජාත මිත්‍රයෝ ටික එක්ක කෝල් එකක හිටියේ...
" හරි හරි බන් පාටියක් දෙන්නම්..ඔක්කොමලා මගෙ ගෙදරට වරෙන්.."
" පිස්සුද යකෝ කෙල්ලො ගෙන්නන්න බෑ..අම්මත් ඇවිත් ඉන්නේ..මගුලක් කියනවා මුන් ඉඳගෙන "
" හරි හරි ඒවා පස්සෙ බලාගමු ඉස්සෙල්ලා වරෙල්ලකෝ.."
" මොකක්ද..අනේ මේ ජිමිනා වදදෙන්නැතුව හිටපන්කෝ.."
" සුරන්ගනාවි...සුරංගනාවි නෙමේ මන් උබට කිව්වා කියලා හිතාගනින්.."
" උබලා ඕන මගුලක් කරගනිල්ලා මන් තියනවා.."
හිනාවෙවීම කෝල් එක කට් කරපු කොල්ලා බැල්කනි එකට ගිහින් ඇස් දෙක පියාග්ත්තේ ටිකකට කලින් කෙල්ලව වැටෙන්න ගිහින් අල්ලගන්නකොට ඒ ඇස් බෝල ගෙඩි වගේ ලොකු උන විදිය මතක් කරමින්..මද සිනාවක් ඇකී මැකී යනකොට කොල්ලා කාමරේ පැත්තට ඔලුව හැරෙව්වේ කෙල්ල දොරට තට්ටු කරපු පාර...
නාගෙන තෙත් කොන්ඩෙත් කඩා දාලා දනහිසට ටිකක් පහලට වෙන්න තිබ්බ ලා රෝස පාට කඩාහැලෙන ගව්මත් ඇඳගෙන කෝපි එකක් හදාගෙන හායුන් උඩට එනකොට හොබී බැල්කනි එකට වෙලා ඉන්නවා..ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු හායුන් දොරට තට්ටු කලා...
( මේ ගවුම 🌚 )
" ඇතුලට එනවා " හැරෙන්නැතුවම එහෙම කියලා කොල්ලා ආයෙමත් එලිය බලාගත්තේ කෙල්ල හෙමින් සැරේ ට්‍රේ එකත් අරගෙන එනකොට කෙල්ල ලඟින් ආපු ඒ ලැවැන්ඩර් සුවඳ ඇස් පියාගෙනම විඳගත්ත...
" ඕක ඔතනින් තියන්න " කෙල්ලගෙ පැත්තට හැරිලා කොල්ල කියනකොට හායුන් ට්‍රේ එක එතන ටේබල් එකෙන් තියලා යන්න හදපු කෙල්ලගෙ අතින් ඇදලා තමන් ලඟට ගත්තේ බැලකනි එකේ අත් වැටට කෙල්ලව හේත්තු වෙනකොට කෙල්ලගෙ බඳ වටෙන් අත දාලා හායුන්ගේ මූනට පාත් වෙලා වෙව්ලන ඒ රෝස පාට තොල් දිහා බලාගෙන ඉඳලා ඒ තොල් අල්ලගන්නකොට කෙල්ලගෙ ඇස් පියවිලා ගියා...ටිකකින් ඒ තොල් මත ඳග කරපු කොල්ලගෙ සිපගැනීම් හායුන්ගේ බෙල්ල පුරා නොඉවසිල්ලෙන් යනකොට කෙල්ලගෙ අත් කොල්ලගෙ සිනිදු කෙස් අතර අතරමන් උනා....කෙල්ලගෙ ගෙල මත සිපුමක් තවරලා කෙල්ලගෙන් ඈත් වුන හොබී..
" දැන් යනවා..පහලට ගිහින් කෑම මොනා හරි ලෑස්ති කරනවා මගෙ යාලුවෝ එනවා කිව්වා අද.."
බිම බලාගෙනම ඔලුව වනපු කෙල්ල එතනින් දිව්වෙ කොල්ල හිනා වෙලා කෝපි එක අරන් අත් වැටට බර වුනේ කෝපි එක තොල ගාන ගමන්.....
..................
වෙලාව යනවත් සමගම කෙල්ල කෑම ටික හදන ගමන් හිටියත්...එක දිගට ගෙදර බෙල් එක වදින සද්දෙට ඉස්සරහට ගියපු හායුන් දොර අරිනවත් එක්කම
" අඩෝ හොබා !!!!! "
කෑ ගහගෙනම කොල්ලො තුන්දෙනෙක් කෙල්ලගෙ ඇඟට කඩාගෙන පයිනකොට බය වුන කෙල්ල පස්සට පැන්නේ ඇස් දෙකත් ලොකු කරන්...
" ඒහ්..මේ කව්ද !! " තුන්දෙනාම එකට කිව්වෙ...
" අහ්ම්..මේ හෝසෝක් කොහෙද.." එක්කෙනෙක් අහනකොට කෙල්ල උඩ තට්ටුව දෙස බැලුවා..
" ආහ් උඩද.."
කෙල්ල ඔලුව වනනවත් එක්කම
" කට නැද්ද උත්තර දෙනවකෝ "
" හරි හරි අපි උඩට යමු හොබා උඩ ඉන්නවනෙ "
කියන ගමන් කෙල්ල දිහා ආයෙත් උඩ ඉඳන් යටටම බලලා කොල්ලො තුන්දෙනා උඩට ගියේ කෙල්ල ඒ දිහා බලන් ඉඳලා ආයෙත් කුස්සියට යනකොට...
.........
බාත්රූම් එකේ ඉඳන් එලියට එනවත් එක්කම දොරත් ඇරගෙන කාමරේට කඩාගෙන පැනපු තුන්දෙනා දැකලා කොල්ලා බය උනත්
" ආයිශ්..මොකද යකෝ එනකොට කතා කරලා වරෙල්ලකෝ..බයත් උනා මන් " පපුවටත් අතක් තියාගෙන කියන ගමන් හොබී ඇඳෙන් ඉඳගත්තේ..
" ඒකෙන් වැඩක් නෑ කවුද බන් අර පහල ඉන්න බෝනික්කි " ජිමින් අහනකොට ටේ ජන්කුක් දෙන්නත් ඔලුව වැනුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන්
" මොකී " කටත් ඇද කරන් හොබී අහනකොට
" ශිට්..යකෝ අර පල්ලෙහා ඉන්න කෙල්ල කවුද කියලා ඇහුවේ !!"
" ආහ් හායුන් ද "
" හායුන්..එයාගෙ නම හායුන්ද අඩො පට්ට කෑල්ල නේ බන් ඇස් දෙක නිල්ම නිල් පාටයි " ජන්කුක් කෙල්ලව මතක් කරගෙන කියනකොට හොබී නැගිටලා කුකීගෙ ඔලුවට ගැහුවා.
" ඉඳකින්වත් පැණියෝ ටික "
ඒකට හිනා වෙවී ටේ පැත්තකින් ඉඳගත්තේ ෆෝන් එකත් අතට අරගන්න ගමන්..කට්ටියගෙ කතාවටත් කන දාගෙන...
" අඩෝ ඒකි ලස්සනයි බන් කවුද ඒ උබෙ නෑයෙක්වත්ද " ජිමින් හොබී ගාවට ඇවිත් ඇහුවේ
" පිස්සුද බල්ලෝ ඒ අපෙ ගෙදර වැඩ කරන කෙල්ල..අර මන් කිව්වේ උබලට කලින්.."
" ඕඕඕහ් මේ එයාද.."
" ඔව් ඔව් එයා තමා "
" මොනා නැතත් කෙල්ලනම් සුපිරියි ඈහ්...උබත් හෙන ආතල් එකේ එහෙ ඉන්න ඇති නේහ්..ම්ම් ම්ම් "
" හහ් " කොල්ලාට කටකොනෙන් හිනාවක් යනකොට අර ඩබල හයියෙන් උනේ
" අම්මෝ මුගෙ පැණි හිනාව බලහන්කෝ.."
කට්ටියම හිනා වෙවී ඉන්නකොට හායුන් ආවෙ බීම ට්‍රේ එකකුත් අරගෙන..
" ඔතනින් තියලා යනවා "
හොබී කියනකොට කෙල්ල ඔලුව වනලා යන්න හැදුවේ..
" ඔහොම ඉන්නවා..කෑම ලෑස්ති කලාද "
ඒකටත් කෙල්ල ඔලුව වනනකොට ටේ කෙල්ල දිහ බලන් හිටියා..
" හ්ම්ම් යනවා "
" ඒ කෙල්ල කතා කරන්නැත්තේ ලැජ්ජවටද " ජන්කුක් හිනා වෙලා අහනකොට
" නෑ..එයාට කතා කරන්න බෑ "
" මොකක් " හොබී කියනකොට කොල්ලො තුන්දෙනාව එකපාර ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන
" උබ අපිට කලින් එහෙම එකක් කිව්වෙ නෑනේ "
" ඉතින් උබලා මගෙන් ඇහුවේ නෑනේ "
" ඒ කෙල්ල අහින්සක පාටයි බන් " ටේ කිව්වේ කෙල්ල ගියපු දොර දිහා බලාගෙන
" ඔව් ඒකි ඕනවටත් වඩා අහින්සකයි..මන් මොනා කිව්වත් ඔලුව පාත් කරන් ඒ දේ කරනවා " හොබි කටකොනෙන් හිනා වෙලා කිව්වේ ටේ හුස්මක් පාත හෙලනකොට..
ටේහ්‍යුනුත් අනිත් තුන්දෙනා වගේම කොච්චර සෙල්ලක්කාර උනත් කොල්ල කවදාවත් අහින්සක කෙල්ලොන්ව රැවැට්ටුවේ නෑ....
" දැන් උබ මේ කෙල්ලවත් අතාරිනවද ? "
" නැතුව ඉතින් මන් මේකිව බඳින්න ඈ "
" පව් බන් ඒකි අහින්සකයි "
" අනේ මේ ටේ කටවහන් ඔන්න ඕක බීපන්..ඒකි වැඩකාරියක් විතරයි "
" තොට මේවා කියලා වැඩක් නෑ " ටේ බීම එක බොන්න ගත්තා..
ඒත් ඔවුන් දකින්නෙ නැතුව ඇති එලියට වෙලා කෙල්ල මෙ හැමදේම අහන් හිටිය වග...
කෑම කන්න පහලට එන්න කතා කරන්න ගියපු හායුන් දොර ලඟම නැවතුනේ ඇතුලෙන් ඇහුන කතා නිසා..
ඇස් වලින් වැටෙන කඳුලුත් අතින් පිහන ගමන් කෙල්ල කාමරේට ගිහින් දොර වහගත්තේ දොර ගාවම ඉඳගෙන ඇති වෙනකන් අතින් කටත් වහගෙන අඬනකොට...
---------------------------🦋------------------------------
කාලෙකිම් නේ🥲
කතාව අමතකද දන්නෙත් නෑ කට්ටියට 🥲
දිගටම දෙන්නම් මේක 🌚
Bạn đang đọc truyện trên: AzTruyen.Top