-10-

.
.
.
අම්මගෙ කටහඬට පියවි සිහියට ආපු මන් ඔම්මට ඇතුලට එන්න කිව්වෙ ඔම්මගෙ පිටිපස්සෙන් හායුනුත් ඇතුලට එනකොට...

මිසිස් ජන්ග් ඇතුලට ගිහින් ඉඳගන්නකොට හායුන් මිසිස් ජන්ග්ගෙ එහා පැත්තෙන් හිටගත්තේ බිම බලාගන්න ගමන්...හොබී දොර වහලා ඇතුලට ආවෙ ඇස් කොනින් කෙල්ල දිහා බලන ගමන්...කොල්ල ගිහින් මිසිස් ජන්ග්ගෙ ඉස්සරහින් ඉඳගත්තේ කිචන් එකට ගිහින් කූල්ඩ්‍රින්ක්ස් අරගෙන ඇවිල්ලා ටේබල් එකෙන් තියන ගමන්මයි.....සැරින් සැරේ කෙල්ල හොරෙන් හොබී දිහා බලන විදිය කොල්ල ඇස් කොනට දැක්කත් ඒ බවනොදැක්ක ගානට මිසිස් ජන්ග් එක්ක කතාවට වැටුනේ කට කොනට හිනා වෙලා....

" ඔම්මා..ඇයි හදිස්සියෙම මෙහෙ ආවෙ"

" පුතා ඔයාට අමතක උනාද අනිද්දා ඔයාගෙ බර්ත්ඩේ එක කියලා..."

" ඕඕඕහ් මට ඒක අමතක උනානෙ.."

" anyway මාම් ඇයි ඔයා මෙයාව එක්කන් ආවෙ.."

කොල්ලා කිව්වෙ කෙල්ල දිහා ඇහිබඹකුත් උස්සලා බලන ගමන්....ඇස් රෝල් කරලා මිසිස් ජන්ග් හොබී දිහා බැලුවේ..

" හායුන් එහෙ තනියම ඉන්න එකේ මාත් තනියම යන එකේ එක්කන් ආවා..නේද හායුන්.."

මිසිස් ජන්ග් කියනකොට කෙල්ල යාන්තමින් හිනා උනේ...මිසිස් ජන්ග්ට හදිස්සියේ ආපු කෝල් එක නිසා එයා එතනින් නැගිටලා ගියේ කෝල් එක ආන්සර් කරමින්...මිසිස් ජන්ග් යනවත් එක්කම හායුන් දිහා ටිකක් වෙලා බලන් හිටපු කොල්ලා

"ආපු වෙලේ ඉඳන් හිටන් ඉන්නද කල්පනාව..ඉඳගන්නවා 🤨"

කොල්ල කියන පමාවට කෙල්ල ඔලුව දෙපැත්තට හෙලෙව්වෙ...කොල්ලා නැගිටලා කෙල්ල ලඟට ටිකෙන් ටික ලන් වෙනකොට...ඒත්..

" පුතා..මට ඉක්මනට යන්න වෙනවා..හදිස්සියක්..ඔයාට පුලුවන් නේද හායුන්ව බලාගන්න..මන් හෙට එනවා ආයෙමත්..."

" මොකද උනේ මාම්..ප්‍රශ්නයක්ද ?"

" අලුත් ඩීල් එකේ කොන්ට්‍රෑක්ට් පේපර්ස් වල පොඩි අව්ලක්..මන් ඒක ඉක්මනින් සෙට්ල් කරලා එන්නම්..හායුන්ට රෙස්ට් කරන්න රූම් එකක් දෙන්න හරිද.."

"ඕකේ මාම් ඔයා ගිහින් එන්න එහෙනම්.."

හොබීව හග් කරලා මිසිස් ජන්ග් ගෙදරින් එලියට ගියේ කොල්ල මේන් ඩෝර් එක වහලා ඇතුලට ඇවිත් කෙල්ල ගාවට ලන් උනේ...කෙල්ල ටිකෙන් ටික පිටිපස්සට යනකොට...කෙල්ලට කෑගහලා අහන්න ඕන උනා මොකක්ද හේතුව කියලා එයාව මගාරින්න ඇයි එක වචනයක්වත් නොකියා එහෙම ගියේ කියලා අහන්න ඕන උනත් කෙල්ල අසරනයි...කොල්ලගෙ ඇස් දිහා බලාගෙන පස්සෙන් පස්සට ගිහින් ටේබල් එකේ පැටලිලා වැටෙන්න යනකොට ඇස් තදින් පියාගත්තත් කෙල්ලට දැනුනා එයා කෙල්ලගෙ ඉනවටෙන් අතදාලා වැටෙන්න නොදි අල්ලගන්නවා...ඒ හුස්ම කෙල්ලගෙ මූනට හුඟක් ලඟින්ම දැනුනා මාසයක් තිස්සේ කෙල්ල හොයපු ඒ උණුහුම අද කෙල්ලට මේ විදියට ලැබෙනකොට කෙල්ල හිත යටින් සතුටු උනා....කොල්ලගෙ සීතල අත ඒ දිගු ඇඟිලි හායුන්ගේ ගව්මෙන් නිරාවරණය උන කොන්දේ ගෑවෙනකොට කෙල්ලගෙ පිට දිගේ කරන්ට් එකක් ගියේ හායුන්ගේ බෝල ඇස් හොබීගේ නපුරු ඇස් එක්ක ගැටෙනකොට....ඒත් එකපාරටම හොබී කෙල්ලව අතෑරියේ කෙල්ල ලඟ තිබුන සෝෆා එකට වැටෙනකොට...

Bạn đang đọc truyện trên: AzTruyen.Top