🤍
තවත් එක් නිදිවර්ජිත රාත්‍රියකින් පසු උදෑසන හිරු එළියට දෑස් හුරු කරගන්න මා උත්සහයක යෙදුනා.. ඇදුම් කන හිසත් විඩාබර ගතත් වැටෙන හුස්මකින් පවා ඒ වේදනාබර මතකයන් හේතුවෙන් මා දැවෙන බව ඔහු දන්නවනම්....බරසාර සුසුමකින් ගතම පුරවාගෙන ඇඳෙන් නැගිට්ටේ තවත් එක් දවසක උදාවත් සමගයි......
" දූ..."
අම්මගෙ කටහඬට මා සිනාවක් පා කලේ සියලු වේදානාවන් මදකට සඟවමින්...තරප්පු පෙල බැසගෙන විත් මන් අම්ම ලඟට ගිහින් ඒ කොපුලක් සිප ගත්තා....
" වාඩි වෙන්න දූ..කෑම කන්න "
" අම්මට බැරිද මට කවන්න " සිනාවකින් ඒ මුව පිරිලා ගියේ මගෙ හිස අතගා වාඩි වෙන්න කියලා සන් කලේ...මන් අම්ම ලඟින්ම ඉඳගත්තා...
" ම්ම් හරිම රසයි අම්මා..." උදෑසන ආහරයත් අරගෙන මන් ගෙයින් එලියට බැස්සේ වෙලාවට බස් එක අල්ලගන්න...
.....................................................
කාර්‍යාලය තුල අද ඇත්තේ මහත් කලබල ගතියක්...අලුත් බොස් එන නිසා හැමෝම කිසිඳු දෙයක් අතපසු නොකර කරන්නට වගබලා ගන්න මහන්සි උනේ ඔහු ගොඩක් තද ගති ඇති කෙනෙකු බව කියූ නිසාමය...ෆයිල් ගොඩකට යටවෙලා ඉඳපු මන් ඒ අතරින් ඔලුව දැම්මේ මිසිස් වර්ණකුලසූරියගෙ හඬට...
" අනුත්තරා..මේ ෆයිල්ස් ටික බොස්ගෙ ඔෆිස් එකට ගිහින් දෙන්න..."
" හරි මැඩම් " ෆයිල් කවරයත් රැගෙන මා සෙමෙන් අඩි තියමින් ඉහලම මාලය වෙත ගියේ ආයතනික ප්‍රධානියගෙ පෞද්ගලික කාර්‍යාලය වෙතයි....
විශාල දොර අසලටම විත් හුස්මක් ගෙන දොරට තට්ටු කරනවත් සමගම ඇතුලතින් ඒ ඇසුන ගැඹුරු හඬට මා ගැස්සි ගියා...
" coming !! "
ඔලුවත් බිමට හරවාගෙනම ඔහු අසලට ගිහින් හිස එසවනවත් සමඟම මට හුන්හිටි තැන් පවා අමතක උනේ තාමත් ලැප්ටොප් එක දෙසට නෙත් යොමාගෙන සිටි ඒ රුව දැකීමෙන්...ඉතින් ඒ ඔහුයි...මාව අන්දාකරයට ඇද දමපු ඒ ඔහුයි...එදායින් පසු අවුරුදු දෙකකට පසුවයි අප හමුවුනේ මේ...ඇස් බොඳවී යන වග තේරුනෙ ඔහුගේ රුව කෙමෙන් නොපෙන්න ගත් නිසා....එක්වරම අතේ රැඳී තිබුනු ෆයිල් කවරය බිමට වැටී ඇතුලත වූ සියලු කොල බිම විසිරී ගියෙ ඔහුගේ අහන්කාර දෙනෙත් ඒ දෙසට යොමු වෙනකොට.......
" මොකක්ද අයිසේ තමුසෙලට වැඩක්වත් හරියට කරගන්න බැරිද ආහ් !!!! "
ඔහුගේ ගිගිරුම් හඬ කාමරය පුරා දෝන්කාර දුන්නා...
" තමු- අ..අනුත්තරා..." ඉතින් ඔහුත් පුදුම වෙන්න ඇති මගේ රුව මේ විදියට දැකීමෙන්...
කඳුලි පිරුණු දෑස් පොලව මතට හරවගත්තේ වෙව්ලන ඇතැඟිලි තදින් තද කරගනිමින්..
" ම්..මට ස..සමාවෙන්න සර්.."
" අනූ ඔයා මොකද මෙහෙ කරන්නෙ...."
සුවපහසු පුටුවෙන් නැගිට ඔහු මාගෙන් ඇසුවත් ඒ කිසිවකටවත් උත්තර නොදී දනනවා ෆයිල් එක අහුලන්න ගත්තේ ඔහු මා අසලටම විත් මගෙ ඉස්සරහින් දනනවා ගත්තා..
" අනූ මට උත්තර දෙනවා..තමුසේ මොකද මෙතන කරන්නෙ !! "
" අනූ ඕක පැත්තකට දාලා මන් අහන එකට උත්තර දෙනවා මාව කේන්ති ගස්සන්නැතුව !!"
"කොහෙද දිසාසේකර අන්කල්..ආහ් එයා දන්නවද තමුන් මේහෙම මෙතන වැඩ කරනවා කියලා !! "
" අනුත්තරා මොකක්ද තමුසේ මේ නටන පිස්සුව ආහ් !!!! මට කියනවා !!! "
එන්න එන්නම ඔහෙගෙ හඬ ගැඹුරු වෙනවත් එක්කම ෆයිල් එකත් අතට ගෙන මා සිට ගත්තේ වැටෙන්න පොරකන කඳුලු අසීරුවෙන් නවත්වගමින්...
" මන් මෙතන වැඩට ඉන්න සාමාන්‍ය කෙනෙක් විතරයි සර්..මේ සර් ඉල්ලපු ෆයිල් එක.." යන්න හැරිලා ආයෙත් ඔහු දෙසට ගෙල හරවා පැවසූ දෙයින් ඔහුගේ කට වැසී ගියා..
" අනික මගෙ තාත්තා නැති වෙලා අවුරුදු දෙකක් සර්...ඔයා ඔය කියන අනුත්තරත් අවුරුදු දෙකකට කලින් මැරිලා ගියා මිස්ටර් දෑලබණ්ඩාර ...."
" ම්..මොකක් ?"
ෆයිල් කවරය ඔහුගෙ මේසය මතින් තබා මා පිටතට ආවෙ ඔහු ආවේගයෙන් මෙන් දේවල් පොලවේ ගහන හඬ මහල පුරා දෝන්කාර දෙද්දි...
දෙවියනේ ඇයි..ඇයි එයාම ආයෙමත්...අමාරුවෙන් හිතහදාගන්න යනකොටම ආයෙමත්...ඇයි මටම මෙහෙම වෙන්නෙ..ඇයි..හෝරාවක් පමණ නානකාමරය තුල අඬමින් ඉඳලයි මන් එලියට ආවෙ....
දවසේ නිමාවත් සමග නිවෙස් වලට යන වෙලාව එලඹුනා...උදෑසනින් පසු නැවතත් ඔහු අසලට නොයා ඉන්න වගබලාගත්තේ නැවතත් පරණ තුවාලය අලුත් කරගෙන විඳවන්න උවමනා නැති නිසයි.....වැඩ අවසන් වී එලියට පැමිණියේ රෑත්‍රී හතේ හෝරාවත් ඉවර ඌ පසුයි...මහ වැස්සක් කඩා හැලෙන්න ගත්තේ...වැස්සෙම දිවවිත් බස් හෝල්ට් එකට වී බන්කුවෙන් වාඩි උනේ බස් එක එනකල්...
හැඳ උන් ලානිල් පැහැති සාරිය තෙත්වෙලා ඇඟටම ඇලිලා ගිහින්...තෙත් වූ සුදුපාට බ්ලව්සයෙන් ඕනවටවත් වැඩියෙන් සිරුර නිරාවරනය වෙලා
බස් නැවතුම් පලේ කිසිඳු කෙනෙක් සිටියේ නෑ..සිතට බයක් දැනුනත් හෑන්ඩ් බෑගය ලයට තුරුලු කරගෙනම මහා වැස්ස දිහා බලාන උන්නේ..අවුරුදු දෙකකට කලින් ඒ අඳුරු මතක වල ගිලෙමින්...
.......................
අවුරුදු දෙකකට පෙර,
" දූ ලෑස්තිද ? අපි එන්නද ?" කාමරයේ දොර අසලට විත් මගේ මවත් පියත් අසන විට සිනාවුන මන් කන්නාඩිය අසලින් සිට ගත්තා..
" එන්න අම්මා...තාත්තා..."
" හනේ මගෙ කෙල්ලගෙ අද ලස්සන බලන්නකෝ මහත්තයා.." දෑස් වල කඳුලු පුරවන් අම්මා පැවසුවේ මගෙ මුව අතගාමින්..තාත්තා දෙසද බලමින්...
" මගෙ දුව හැමදාමත් ලස්සනයි නෝනා..එහෙම නැතුව කොහොමද මේ පියල් දිසාසේකරගෙ එකම දුව වෙනකොට.."
තාත්‍තා පවසනකොට මාත් මවත් හයියෙන් හිනා උනේ තාත්තා මාවත් අම්මවත් බදාගන්නකොට....
අද මගෙ ජීවිතේ ලස්සනම දවස ඔව් මගෙ විවාහය....ප්‍රසිද්ධ ව්‍යාපාරික පියල් දිසාසේකරගෙ එකම දුව උන අනුත්තරා දිසාසේකරගෙත්...ධනවත් ව්‍යාපාරික ආනන්ද දෑලබණ්ඩාරගෙ පුත් ආයුශ් නිර්වාන් දෑලබණ්ඩාරගෙත් විවාහය...ඉතින් අවුරුදු ගනනාවක් හිතින් ආදරය කල ඔහුව අද මට හිමිවෙන බව අදහා ගන්නවත් බැරි තරම්...සතුටින්ම සිනාවෙමින් අල්තාරයට වී මාත් දෙමව්පියනුත් අනෙක් සැවොමත් බලා සිටියේ මනමාලයා එනකන්...ඉතින් අවසානයේ ඔහු පැමිණියා මා ඔහු දෙසට හැරුනෙත් ඔහුගේ ඇස් එක්ක මගෙ ඇස් පැටලුනෙත් එකම මොහොතකයි...නමුත් මෙච්චර වෙලාවක් මගෙ මුවේ රැඳුන හිනාව එක් සැනකින් නැතිවී ගියේ ඔහුගේ වදන් වලටයි...
" අයිම් සොරි..මට මේ මැරේජ් එක කරන්න බෑ...මන් මේකට පොඩ්ඩක් වත් කැමති නෑ..."
මා දෙසම දෑස් තබාගෙන එපමණක් පවසා ඔහු ශාලාවෙන් නික්ම ගියේ...මා ඔහු ගිය පාර දිහා තවමත් ගල්ගැසී බලා සිටින විටයි...ඇස් වලින් කඳුලු සීරුවට ගලාගෙන ගියා...දෙවියන් ඉදිරියේම ඔහු මා ප්‍රතික්ෂේප කර මා මෙතන අල්තාරය උඩම අසරණ කොට ඔහු යන්නම ගියා...අතේ රැඳි මල්බොකේ එක බිමට වැටී ගියෙත් ශාලාවෙ රැස්ව සිටි සැවොම එක එක කතා කියමින් මට ඇඟිල්ල දික් කරන්න උනේ ඒ වදන් මගේ සවන් වල දෝන්කාර දෙනකොටයි....
" හහ්..ඔය උනේ මෙලහකට කෙල්ලගෙ වැරදි අඩුපාඩු ඇති ඒකයි ඔය මනමාලයා කලින්ම බෑ කියලා ඇතෑරලාම ගියේ..."
"කව්ද දන්නේ ඉතින් දිගට ඇඳෙගෙන අහින්සක පාට් දැම්මට නටන්න පුලුවන් සේරම නටලද කියලා.."
කඳුලු පිරි නෙතින්ම මන් බැලුවේ මගෙ තාත්තා දෙස ඔහු මා දිහා බලාගෙනම සිටියේ හඬන මවත් තුරුල් කරගෙන...ආයුශ්ගෙ මව මා අසලට පැමිණියත් මා කලේ එතනින් දිව යාමයි ශාලාවෙන් පිටට ඇවිත් මංගල ඇඳුම පිටින්ම මා හඬමින් පාර දිගේ දිව්වේ වටේපිටේ මිනිසුන්ගේ ඇස් මා.දෙසට යොමු වෙනකොටයි......සවස් වෙනකන්ම වැව අසල බංකුවක් මත හිඳ කාලය ගෙවා දැමූ මා එතනින් පිටවුනේ රෑ වෙනකන් මෙතන සිටින එක අවදානම් නිසාවෙන්....
ගෙදරට එනකන්ම මා පයින්ම ආවෙ විඩාබර ගතිය තවත් වැඩි වෙනවිටයි..නමුත් ගේට්ටුව අසලම මා නැවතුනේ ගෙදර මිනිස්සු පිරී ඇති නිසයි...ස්වේත වර්ණ මංගල ඇඳුම් පිටින්ම මා නිවස තුලට හෙමින් අඩි තිබ්බේ මේ සිදුවන දේවල් සිතා ගැනීමට නොහැකිවයි...ඉතින් සත්තයි නිවස තුලට ගිය මගේ හුස්ම නැවතුනාක් මෙන් දැනුනේ තාත්තගෙ නිසල. සිරුර සාලයේ තබා තිබූ සැටි දැකීමෙනුයි...කෑ ගසමින් එතනම හිඳගෙන මා අඬන්නට පටන් ගත්තේ හදවත වේදනාවෙන් පිරී යන විටයි..මවද මා අසලට දිව විත් හඬන්නට ගත්දී මා ඇය තුරුලේම කඳුලු වගුරන්නට උනා.....ඉතින් සියල්ලා විනාශ වීමට ගියේ එක් තප්පරය කාලයක් පමණි මගේ ජීවිතයම වෙනස් උනේ එදා දවසින් පසුවයි...තාත්තගෙ මරණයත් සමගම ව්‍යාපාර සියල්ල බංකොලොත් වී ගියේ අපට තිබුන සියලු දේ අහිමිකරමිනුයි...ජීවත් වුන විශාල නිවස පමණක් ඉතුරු වන විට මාත් මවත් එහි තනියම ජීවත් වීමට පුරුදු උනා...පොඩි කම්පැනි එකක පුන්චි රස්සාවක් හොයා ගත්තේ පවුලේ බර මා අතට අරන්.......ආරන්චි උනා එදාම ආයුශ් විදේශ ගතවූ බව...තාමත් ඔහු මා අතහැර දැමීමට මා හේතු සොයනවා....
..................................
අවුරුදු දෙකකට පසුවයි මන් ලන්කාවට ආවෙ...සියල්ලා වෙනස් වෙලා...අලුතෙන් ගත්තු කම්පැණි එක දියුණු කරන්න ටික කලකට මට එයට එන්න උනේ වැඩ ටික බලාගන්න...නමුත් සිතුවෙවත් නැති විදියට ඒ රුව මන් දැක්කම කිසිවක් හිතා ගන්න බැරි උනා...ඇයි අනුත්තරා මේ වගේ පොඩි තැනක වැඩ කරන්නෙ..ඉස්සර තිබූ ඇගේ රූපය දැන් බොහෝ වෙනස් වෙලා...හිනාවෙන් පිරිලා තිබ්බ ඒ මූණ විඩාබර ගතියකින් වෙලිලා ගිහින්...ඒත් ඇගේ සුන්දරත්වයනම් තවමත් එදා වගේමයි...ඒ අහින්සක කම එදා වගේමයි.....තිබුන හිතුවක්කාර කමට මා එදා ඇයව එසේ තනිකොට අසරණ කර දමා.ගියත් අද ඇය දුටු විට හදවත අසාමාන්‍ය ලෙස ගැහෙන්න ගත්තේ ඇයි කියන්න මන්වත් නොදන්න තරම්...
ඒ කඳුලු පිරුණ බෝල ඇස් එදා වගේමයි අදත් මන් දිහා බලාගෙන හිටපු විදිය....ඇය මට වෛර කරනවා ඇති...
කොච්චර ඇහුවත් උත්තර නොදුන් නිසා මගේ ඉවසීමේ සීමාව පැන්න...ඒත් ඇය ඒ කියූ වදන්...මාව අතරමන් කලා...ආපු කේන්තියටම කාර්‍යාලය තුල තිබූ බඩු පොලවේ ගැසුවේ ඇය එතනින් පිටව යනකොටයි...
එසැනින් මවට කෝල් කර ඇසුවේ මේ දේවල් ගැන...නමුත් ඇය කියූ වදන් මගෙ හදවත පාරලා දැම්මා...ඉතින් මන් නිසා ඇය කෙතරන්නම් දුක් විඳලද එදා ගත් හදිස්සි තීරනය නිසා ඇය කෙතරන්නම් අසරණ වෙලාද...ඇගේ තාත්තා පවා ඇයව දමා මෙලොවින් යන්නට ගිහින්...ඉතින් මේ හැමදේකටම මුල මා නොවේද...මට මා ගැනම.දැනුනේ ලොකු කේන්තියක්...පසුතැවීමක් විතරමයි..
...............
වැඩ අවසන් වී ඇයව දැකගැනීම අවශ්‍ය වූවත් ඇය ඒ වනවිටත් පිටව ගොස් තිබුනා...මහ වැස්සෙම මා කාරයට නැග ගෙදර යන්න පිටත් වූවා...මගක් ගොස් මා කාරය නැවැත්වූවේ බස් ස්ටෑන්ඩ් එකට වී තනිව හිඳගෙන සිටින ඒ රුව දැකීමෙන්...මා ඈ දෙසම නෙත් යොමා බලා හිඳින්නට ඇති...වැස්සට තෙත් වූ ලා නිල් පාට සාරියත් සුදු පාට බ්ලව්සයත් ඇඟටම ඇලිලා ගිහින්...ඇගේ සිරුර විනිවිද පෙනෙන්නට අරන්...තෙත් වූ දිගු හිසකෙස් මූනට වැටිලා...බැගයත් පපුවට තුරුලු කරගෙන ඈ ලොකු කල්පනාවක...තවත් බලා නොහිඳ මා ඈ අසලට ගොස් කාරය නැවැත්වුවා...විසල් වූ නෙතින් මා දෙස මදක් බලා හිඳ ඈ අහක බලා ගත්තා...
" නගින්න..මන් ගෙනිහින් දාන්නම් "
" ඕන නෑ සර්..සර් යන්න තව ටිකකින් බස් එක එනවා."
" තමුසේ ඔහොමද බස් එකේ යන්න හදන්නේ ආහ්!!...තෙමිලා සේරම පේනවා..මෙන්න මේකට ඇවිත් නගිනවා.. !!"
" මන් කිව්වනෙ සර් යන්න මන් ගැන කරදර වෙන්න ඕන නෑ !!"
තෙයෙන මුරණ්ඩු කම..ඇත්තමයි මට එන තරහට දෙන්න හිතෙනව එකක්..හිතින් හිතලා කාරයෙන් බැහැලා ඇය වෙතට ගිහින් ඇයව දෝතින්ම උස්ස ගත්තේ ඇය කෑ ගසා ඇයව බිමින් තියන්න කියා පවසනකොටයි..
" ම්...මොනවද මේ කරන්නේ මාව බිමින් තියන්න!!! "
" කිව්වනෙ එකපාරක් නගින්න කියලා ඇහුවනම් ඉතින් මෙහෙම වෙන්නෑනේ.." කට කොනට නැගුන සිනාවත් එක්කම මා පැවසුවේ..ඇය වැටෙයි කියලා බයටම මගෙ බෙල්ල තදින් බදාගන්නකොට...වැස්සෙම උස්සන් ඇවිත් ඇයව ඉදිරිපස අසුනෙන් තබා මාත් අසුන් ගෙන යන්නට පටන් ගත්තත් මගක් යනවිට නැවැත්වුවේ මහ වැස්සත් එක්ක පාර නොපෙනෙන නිසාවෙන්..
" වැස්සත් එක්ක යන්න පාර පේන්නෑ..ටිකක් වැස්ස අඩු උනාම යමු.."
ටික වෙලාවක් යනකන් තිබූ නිශ්ශබ්දතාව බිඳ දමා මා හඬ අවදි කලේ ඇය එලියට බරවී තිබූ ඇස් මාවෙතට හැරවෙනකොට...
" මට සමාවෙන්න අනූ.."
" මට සමාවෙන්න එදා ඒ විදියට ඔයාව අසරණ කලාට.."
" සමාව කියන්නේ නිකන්ම නිකන් වචනයක් විතරයි සර්...ඒ සමාවට බෑ වුන දේවල් වෙනස් කරන්න..සර්ගේ සමාවට පුලුවන්ද ආයෙමත් මගෙ නැතිවුන තාත්තව ගෙනත් දෙන්න ආහ්..බෑ නේද..එදා මට මිනිස්සු කියපු කතා කරපු...ජරා කෙල්ලෙක් ගානට දාලා මටයි මගෙ පව්ලටයි ඒ මිනිස්සු කරපු අපහාස අයින් කරලා දාන්න..ම්ම් බෑනේද සර් ඉතින් ඔය සමාව සර් ගාවම තියා ගන්න.."
ඇය හඬමින් එසේ පවසා ඉවත බලා ගත්තේ..මන් ඇගේ අතින් අල්ලගන්නකොට...
" මන් දන්නව කවදාවත්ම ඒ දේවල් ආයෙ වෙනස් කරන්න බෑ කියලා ඒත් මට සමාවෙන්න අනූ....මන් නිසා ඒ තරම් දුකක් ඔයා වින්දට මට සමාවෙන්න...ආයෙමත් මට ඒ වැරදි හදාගන්න අවස්තාවක් දෙන්න අනූ..ප්ලීස්.."
" මොන අවස්තාවක්ද සර්..මොන අවස්තාවක් ද...ආයෙමත් මාව අසරණ කරලා දාලා යන්න අවස්තාවක්ද ආහ්.!! "
ඇය හඬනකොට ඇයව මා වෙතට ගෙන පපුවට තුරුල් කරගත්තේ ඒ හිස ආදරයෙන් අතගාමින්...
" කවදාවත්ම නෑ අනු..ආයෙ කිසිම දවසක මන් ඔයාව තනි කරන්නෑ...මන් ආයෙ ඔයාව දාලා යන්නෑ...ප්ලීස් මට සමාවෙලා ආයෙමත් එක අවස්තාවක් දෙන්න..හැමදේම හරිගස්සන්නම් මන්..."
ඇගේ දෙනෙත් මත දෙනෙත් තබා මා පවසන විට ඒ බෝල.ඇස් මා දෙස බලාගෙන හිටියා...සෙමෙන් ඒ දෙතොල් වලට බර උනේ ඇගේ දෙනෙත් පියවී යනවිටයි...ඇගේ දෙතොල් මත මත්වී සිටි මා ඇගෙන් වෙන්වුනේ ඇගේ හිස සිප ගනිමින් ....
" මන් ආදරෙයි අනූ..."
"මාත් ඔයාට ආදරෙයි ආයුශ්..."
ඉතින් ඈ මගේ පපුවට තුරුලු වනවිට මා ඈ වටා දෑත් යවමින් තවත් ඈව මගෙ ගතට තෙරපා ගත්තේ ඒ උණුසුම හෝරාව සදා මතකයේ රැඳෙනකොට....
-නිමි-
__________________🤍__________________
ඔලුවට ආපු පුන්චි අදහසක් නිසා හදිස්සියෙන් ලියපු පුන්චි කතාවක් 😁
අදහස් කියන්න ලමයි...
Bạn đang đọc truyện trên: AzTruyen.Top