🥀
කාලය හරි වේගයෙන් ගලාගෙන යමින් තිබුනා...අදත් වෙනදා වගේම මුලු ජොන් මන්දිරයම සතුටෙන් පිරිලා ගිහින් තිබුනා
වගේ.....
මින් ගායුන් ජොන් මැන්ශන් එකට ඇවිත් මාස හයක් ගතවෙලා....හැමදේම වෙනස් වෙලා...කලාතුරකින් හිනාවක් මැවුන ජොන් ජන්කුක් දැන් හැමවෙලේම හදවතින්ම හිනා වෙන්න පටන් ගෙන තිබුනා...පාලු මලානික බවින් පිරිලා තිබුන ජොන් මන්දිරයට අමුතුම ආලෝකයක් ඇවිත් තිබුනා හිනා හඬවල් වලින් පිරුන දවස් ගෙවිලා ගියේ හරිම සුන්දර විදියට.....හැඟීම් දැනීම නැති රාක්ශයෙක් කියලා කියපු ජොන් ජන්කුක් තුලත් ආදරණීය මනුස්සයෙක් හිටියා කියන එක ගායුන් ඔප්පු කලා....
අනුකම්පාවක් ගෑවිලවත් නැති නපුරු ආඩම්බරකාර කඩවසම් කොල්ලා ගායුන් ඉදිරියේ හුරතල් දඟකාරයෙක් උනේ කාගෙත් හිත් පුදුමයට පත් කරමින් උනත් ඒ හිත් සතුටු උන වගනම් පේන්න තිබුනා...
කාලය මෙසේ ගෙවෙන කොට...ජන්කුක් ගෙ හිතේ ගායුන් ගැන දැනුන ආදරයේ හැඟීම් තවත් දළුලමින් තිබුනා.....
ඇගේ ඇස් ලඟ ඔහුගෙ හිත සැනසෙන විදියට ඇගේ හිනාවකට පවා ඔහු නිවෙන විදියට ඔහු ආදරය කලා......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අදත් සාමාන්‍ය දවසක් ගායුන්ගේ කීමට ඔවුන් දෙදෙනම අද කාලය ගතකිරීමට එලියට ආවා....කාලය ආදරණීය විදියට ගලාගෙන ගියා ඒ සන්සුන් පරිසරය තුල තිබුන මූසල බව කාටවත් තේරුම් ගැනීමටනම් අපහසු වෙන්න ඇති.......
ඇගේ දඟකාර හැසිරීම තුල තිබුන කලබරකාරි බවනම් ජොන් ජන්කුක්ගෙ තියුනු ඇස් වලට පෙනුනද මන්දා....
ඉර බහින හැන්දෑවෙ බෙන්ච් එකේ වාඩි වෙලා හිටපු ඔවුන් අතර තිබ්බේ දැඩි නිශ්ශබ්දතාවක්.....
නිශ්ශබ්දතාව බිඳිමින් ජන්කුක් කතා කරා...
"ගායුනා..."
"අහ්...කියන්න ජන්කුක්ශි.."
"යාහ් දැන්වත් ඔය ශි කෑල්ල නැතුව කතා කරනවකො..."
ඇයෙගෙන් ලැබුනේ දඟකාර හිනාවක්...
ඔහුත් හිනා වෙලා ඉදිරිය බලා ගත්තේ ඔහුගෙ හදවතේ තියෙන ආදරය ඇයට කෙසේ කියන්නද කියලා කල්පනාවක යෙදෙමින්....නමුත් එකවරම පපුවට දැනුනේ උණුසුම් වැලඳගැනීමෙන් ඔහු පුදුමයට පත් උන වග ඔහුගේ බෝල උන ඇස් වලින් හොඳින් පේන්න තිබුනා...
"ග්..ගායුනා.."
"මෙහෙම ටිකක් ඉමු ජන්කුක්ශි...මට සීතලයි..."
ජන්කුක්ගේ ශක්තිමත් අත් ඇය වටා ගොස් ඇයව තවත් ඔහුගේ පපුවට තුරුලු කර ගෙන ඇගේ හිස සිප ගත්තේ ආදරෙන්...ඇගේ ඇස් පිය උනා...පැය බාගයක් පමන එකිනෙකාට තුරුලු වෙලා ඉඳපු දෙදෙනම එකිනෙකාගෙන් ඈත් උනා...ඔවුන්ගේ ඇස් එකිනෙකට පැටලුනා
ඒ මොහොතේ ඒ ඇස් එකිනෙකාට දිලුසුන විදිය ඔවුන්ගේ හිතේ එකිනෙකාට ඇති ආදරයම නේද...
හෙමින් ගායුන්ගේ රෝස තොල් තමන්ගේ කරගත්තේ ඒ තොල් වල ඔහුගෙ තොල් හෙමින් එහා මෙහා යවමින් ආදරණීය සිප ගැනීමක ආරම්බයකට මුල පුරලා....
එකවරම නාද උන දුරකථනයෙ ශබ්දයත් සමග ඈත් උන ඔවුන් වේගෙන් ඇහි පිල්ලම් ගසලා ෆෝන් එකත් අරන් ජන්කුක් ටිකක් ඈතට උනේ ආපු ඇමතුමට අවදානය යොමු කරමින්.....
නමුත් පිටුපසින් ඇසුන ගන් එක ලෝඩ් කරන ශබ්දයත් සමග ඔහු ඔහුගෙ ඇස් පියාගෙන නැවත ඇරියා....හුස්මක් ඉහල පහල දැමූ ඔහු....
" ස්තූතියි ජේම්ස් හැමතිස්සෙම මාත් එක්කම හිටියට "
ඇමතුම එහා පැත්තෙන් මතුවුනේ දැඩි නිශ්ශබ්දතාවක්
" ආහ්..ජේම්ස් ම්ම් මන් නැති දවසක ඔයා හැමදේම හොඳින් බලා ගන්නව නේද අජුම්මටත් කියන්න මන් එයාට ගොඩක් ආදරෙයි කියලා එයාටත් ස්තූතියි කිව්ව කියලා කියන්න..."
කෝල් එක කට් කරලා සාක්කුවට දගත්තු ජන්කුක් පිටුපසට හැරුනේ හිනාවක් මවාගෙන...
"ඉතින් මින් ගායුන්....මින් ගේහ්යුක් ගේ එකම දුව...එහෙම නේද...."
"ත...තමුන් මහ තිරිසනෙක් ජොන් ජන්කුක්..!!"
ඇගේ ඇස් පුදුමයෙන් ලොකු වෙන හැටි දැකපු ජන්කුක් කට කොනේ හිනාවක් රැඳුනා වෛරය මැදිනුත් ඇගේ ඇස් වල කඳුලු පිරිලා තිබුනා.....
" මන් දන්නවා ගායුන්..මන් හොඳටම දන්නව තමුසෙ ආවෙ මාව මරන්න කියලත් මන් දන්නවා...."
"එහෙනම් දැන් මැරෙන්න ලෑස්ති වෙනව ජොන් ජන්කුක්.."
"ඇයි...ඇයි මගෙ අප්පව මැරුවේ..!!"
"මට සමාවෙන්න ගායුනා.."
"තමුසේ එදා මගෙ ඇස් ඉස්සරහම මගෙ අප්පට වෙඩි තියලා මරලා දැම්මා...තමුන් එදා මාව දැක්කේ නැති උනත් මන් හොඳින්ම තමුන්ව දැක්කා මිස්ටර් ජොන්.."
"මට සමාවෙන්න....ඔයාගෙ අප්පව මැරුවට.."
"සමාව...හහ්..සමාව කියන්නෙ වචනයක් විතරයි මිස්ටර් ජොන්..."
"මගෙ අප්පගෙ මිනීමරුව උනත් මන් තමුන්ට ආදරෙ කලා ...."
ඒ වචන නිසා ජන්කුක්ගේ ඇස් වල රැඳිලා තිබුන කඳුලු කම්මුල් දිගේ ගලාගෙන ගියා...
නමුත් ඇහිපිය ගහන ක්ශනික විශාල ශබ්දයත් සමගම ජන්කුක්ගේ පපුව පසාරු කරගෙන ගියේ ඇගේ අතෙ තිබූ ගන් එකේ උන්ඩයක්....
තවමත් ඒ තද කළු ඇස් ඇගේ නෙත් වල පැටලිලා ඔහුට වේදනාව දැනුනේ නෑ වගේ ඔහු කෙලින් හිටගෙන ඈ දිහා කඳුලු පිරුන ඇස් වලින් බලාගෙන හිටියා...
තවත් වෙඩි හඬක් නැවතත් පපුවෙ අනෙක් පසෙන් තව වෙඩිල්ලක් පසාරු කරගෙන ගියා...දැන්නම් ඔහුගෙ ශක්තිය අඩපන උනා වගේ...හෙමින් අඩි තියලා ඇගේ ඇඟට බර වෙලා ඇයව වැලඳ ගන්න තරම් නම් ඔහුට ශක්තියක් තිබුනා වගෙයි ......
ඇගේ අතින් ගන් එක ගිලිහිලා වැටෙනකොට ඇය විලාප තියලා ඇඬුවා...
ඔහුගේ ලේ ගලන පපුවට තුරුළු වෙලාම ඔහුව තදින් බදාගෙන ඇය ඇඬුවා....
"ම..ම..මන් ...ඔ..යා .ට...ගො..ඩ..ක්..ආ..ද..රෙයි...ගායූ...ම..න්..ආ..ද..රෙ..යි..."
"මා..ත්...ඔයාට..ආදරෙයි ජන්කුක්..."
ඔහුගේ මුවේ රැඳුනේ ලස්සන හිනාවක්...
ඒ හිනාව නැතිවෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ ඇසුන වෙඩි හඬත් එක්කම ඔහු ඇස් ඇරියා...ඔහුගෙ බඳවටා එතී තිබූ ඔහුගෙ අත්...ඒවා ගිලිහුනා....ඇගේ පිටුපසින් හිටියේ තුවක්කුව දික් කරගෙන ජේම්ස්....ඔව් ඔහු පැමිනිලා නමුත් ඒ වන විටත් පරක්කුයි.....
විශාලා හඬකින් අකුනක් වැදිලා එක්වරම වර්ශාව ඇද හැලුනේ මේ පෙම්වතුන්ගේ වෙන්වීම සනිටුහන් කරන්න වගේ.....
ඔවුන්ගේ සිරුරු බිමට ඇදගෙන වැටෙනකොටත්......ඔව්න්ගේ අත් එකිනෙකට පැටලිලා තිබුනා....
දෙදෙනගෙම සියුම් හිනාවත් එක්කම ඔවුගෙ අවසන් හුස්ම එකට වා තලයට මුසු වෙලා ගියා.....
.
.
.
.
.
.
.
.
ඒ සිද්දියෙන් අවුරුද්දක් ගතවෙලා...සෙමිට්‍රි එකෙ විශාල මේපල් ගහ යට ඔව්න්ගේ සොහොන් කොත් වල ඔවුන් හරි සන්සුන්ව සැතපිලා හිටියා.....එය වෙන්වීමක් වුවත් එයත් තව එක්වීමක්ම නොවේද....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
24 years later
.
.
.
අදත් සෝල් නුවරට හරි කාර්යබහුල දවසක් උනා....කලබලයෙන් එහෙට මෙහෙට යන මිනිසුන් අතරේ සන්සුන්ව ඇවිදන් ගියපු ආඩම්බරකාරයෙක් ඔහුගෙ තද කළු ඇස් වටේට අවදානය නොදෙමින්
ඉදිරියට ගමන් කරා උනත් එකවරම ඈතින් දුවගෙන ආපු ලස්සන තරුණියක් ඔහුගෙ ඇඟේ හැප්පෙනවත් එක්කම දෙදෙනම එකටම බිමට පතබෑවුනා...
ඒක මොහොතකට ඒ ආඩම්බරකාර තද කළු ඇස් අතරේ දඟකාර දිගැටි ඇස් එකට අතරමන් උනා...වගේ...
එකවරම ඇද හැලුන වර්ශාවනනම්...හරියට අතීතයේදි වෙන්වුන පෙම්වතුන්ගේ නැවත හමුවීම
දන්වන්න ඇද හැලුනා වගේ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
°• end •°
____________________🥀_____________________
ඔන්න ඉවරයි...😁
ලස්සනදනම් දන්නෑ....අඩුපාඩුත් ඇති ඒත් හිතට ආපු ක්ශනික අදහස අකුරු කරන්න හිතුනා..🙂❤️
හොඳයිනම් වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න බේබිස් 😗❤️
fiction by _shenukawi_🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top