9

.
.
.
.
.
.
.
.
.
.
.
උදෙන්ම බස් හෝල්ට් එකට වෙලා ඉඳගෙන හිටියේ එයා ආස මල් පොකුරකුත් අතේ තියන්...කාර්යබහුල සෝල් නගරේ පාරවල් පුරා යන වාහන දිහා මන් බලන් හිටියේ බස් එක එනකන්....ඈතින් බස් එක එනව දැකපු මන් එතනින් නැගිට්ට...සෝල් වලින් ටිකක් එහාට වෙන්න තියෙන ගමට යන්න ඕන නිසා පාන්දර බස් එකේ ඉන්නෙ ගොඩක් ටික දෙනයි..බස් එකට නැගලා ඉඳගෙන මන් ජනේලේ ඇරලා මූන එලියට දම්මේ පරිසරයේ තියෙන සීතල හුලඟ මගෙ නාස් පුඩු හරහා ආත්මයටම කිඳාබහින ඒ හැඟීම විඳින්න තියෙන ආසාව නිසාමයි
.
.
.
.
so i tell you..a million tiny things...
that you have never known....
it all get tangled up inside....
and i tell you...
a million little reason...
i'm falling for your eyes....
i just want to be where you are.....

ෆෝන් එක රින්ග් වෙන සද්දෙට ගැස්සිලා ගියපු මගෙ මූනට හිනාවක් ආවෙ කෝල් අයිඩී එක දැකලා..මේ මෝඩයනම් මැරි කරලවත් මට නිදහසේ ඉන්න
දෙන්නෑනේ...

"ඕහ් ජිමිනා කියන්න..."

"කොහෙද තමුසෙ ඉන්නේ..." ජිමින් අහනකොට මන් යාන්තමට හිනා උනා.."මන්..."කියන්න හදපු එකවත් කියන්න නොදී ජිමින් කියපු දෙයින් මන් නිරුත්තර උනා..." පොඩ්ඩක් ඉන්න අද...ආහ් මට අමතක උනා අද දවස.....එයාව බලන්නද යන්නේ " ජිමින් හැමදාමත් වගේ අදත් මන් ගැන ඕනවටත් වඩා දැනගෙන හිටියා "......හ්ම්ම් " එහා පැත්තෙන් ඇහුනෙ පිටවුන බර හුස්ම එක්ක දැඩි නිශ්ශබ්දතාවයක් විතරමයි...එයා ආයෙමත් කතා කරන්න ගත්තා "හ්ම්ම් හ්ම්ම් පරිස්සමෙන් ගිහින් එනවා ඩිම්පල්..ආහ් තව දෙයක් එයාට කියන්න මන් එයාව මතක් කලා කියලා "

"දේ දේ මිස්ටර් පාර්ක් මන් කියන්නම් එයාට..."

"සන්මියා...මාත් එන්නද නැත්තන්.."

"ඕන නෑ මෝඩයෝ මට තනියම යන්න පුලුවන් අනික මන් දැනටමත් යන ගමන් බස් එකේ......"

"ඕහ් හරි හරි..මන් තියනවා "

"හරි ඕයි දැන්වත් ඕක තියනවකෝ 😒"

" ආයිශ්...යාආආආහ් -"

"එහෙනම් කොල්ලො මන් තිබ්බා බායි උම්මා.."

" යාහ් යාහ් ඔහො- "

ෆූහ්...ගාන්ටාරෙ පුපුරන්න කලින් කෝල් එක කට් කරේ හිර කරන් හිටපු හිනාව එලියට දාන ගමන්....දන්නෙම නැතුව තැනට ඇවිල්ලත් එක්ක හුස්මක් හෙලපු මන් බස් එකෙන් බැහැලා කෙලින්ම පාර දිගේ හිමීට ඇවිදගෙන ගියේ මූනේ රැඳුන පුන්ක්...පාර දෙපැත්තේ සකුරා ගස් වල මල්පිපිලා..එකදිගට එකින් එක බිමට වැටෙන මල්පෙති දිහා බලන් ඉන්නඑක හිතට හරි ලස්සන හැඟීමක් එක් කරනවා...පාර දිගටම ගිහින් මන් නැවතුනේ ඒ විශාල ගේට්ටුව ඉස්සරහා....ඇස් පියාගෙන බර හුස්මක් හෙලලා මන් ගේට්ටුවෙන් ඇතුලට ගියේ පරන මතක ආයෙ ආයෙමත් හිත ඇතුලේ දෝන්කාර දෙනකොට.....වටපිටාවම කොලපාටින් සැරසිලා තියෙන මේ වත්තට මේ අවුරුදු හය තුල මන් කීවතාවක් නම් එන්න ඇතිද.....මේ පරිසරය මේ තැන දැන් මට නැතුවම බැරි තරම්...

දෛවය මේ තරම් නපුරු වෙයි කියලා මන් කීයටවත් හිතුවෙ නෑ......කාලය කොච්චර නම් ඉක්මනට ගෙවිලා ගිහින්ද හැමදේම වෙනස් වෙලා තේහියුන්ග්.....අවසානයේ මන් එයා ඉන්න තැනට ආවා...සිහින් හිනාවකින් මූන සරසගත්තු මන් ඔයා ගාවට හෙමින් හෙමින් අඩි තිබ්බේ...ඔයාගේ ඒ හිනාව මට මැවි මැවි පේනකොට...


මල් පොකුර ඔයා ලඟින් තියලා ඉඳගත්ත මන්...ටික වෙලාවක් ඒ හිනාව දිහා බලන් ඉන්න ඇති..." හාහ්..
හුඟ දවසකින් ඔයව බලන්න ආවෙ...මියන්හේ ටේ..ස්කූල් එකේ වැඩත් එක්ක එන්න බැරි උනා...ඕහ් ඔයා දන්නව ටේහ්‍යුන් ජිමින් ආයෙමත් අප්ප කෙනෙක් වෙන්න යන්නෙ😅 හිතාගන්නවත් බෑ නේද......මට ඔයාව හැමතිස්සෙම මතක් වෙනවා...මෝඩයා හැමදාම ලඟින් ඉන්නව කියලා...කියන්නෙම නැතුව ගියා නේද...ආහ් ඔයාගෙ ඩිම්පල්ව දාලා එහෙම යන්න හිතුනේ කොහොමද ටේහ්‍යුන්..."


මට සමාවෙන්න ටේහ්‍යුන්...මට ඔයාට උන පොරොන්දුව රකින්න බැරි එකට...මන් කොච්චර උත්සහ කරත් ඔයාව මතක් වෙන හැමපාරම මට මගෙ කඳුලු නවත්තන්න බෑ ටේ...මට..ස..මාවෙන්න.."

.
.
.
.
.
.
.
(FLASH BACK )

6 years ago,

author pov,

ටේහ්‍යුන් බයික් එකත් අරන් වේගෙන් එයාපෝර්ට් එකට යන ගමන් හිටියෙ..ෆෝන් එකට එන කෝල් එක නිසා කොල්ලා යනගමන්ම ෆෝන් එක අතට ගත්තේ ගන්න එකාට බයින්න උනත් කොල්ලා කඳුලු අතරින්ම හිනා උනේ ඒ සන්මි කියලා දැක්ක නිසා...ෆෝන් එක කනේ තියාගත්ත ටේ තවත් වේගේ වැඩි කරේ...

" හෙ..ලෝ සන්මියා චේබල් යන්න එපා...මන් එනගමන් ඉන්නේ ප්ලීස් ඩිම්පල් මන් එනකන් ඉන්න මන් ඉක්මනින් එනවා මැනික චේබල්..."

"ටේ..ටේහ්‍යුන් ඔයා මොනවද මේ කියන්නේ...ඔ..ඔයා අඬනවද ටේ..ඒත් ඇයි...ආහ් ඔයා දැන් කොහෙද ඉන්නේ ආහ්..."

"මන්..එයාපෝර්ට් එකට එන ගමන් මන් ඉක්මනින් එන්නම් චේබල් මැනික මාව දාලා යන්න එපා ඩිම්පල්.."

"ටේ..ඔයා-

සන්මිට කියන්න ගියපු එක කියාගන්න බැරි උනේ ෆෝන් එකෙන් ඇහුන විශාල සද්දෙ නිසා..

"ට්..ටේ..ටේහ්‍යුන් !!!!!"

කෙල්ල ෆෝන් එකත් කනේ තියාගෙන කෑගහගෙන බිම ඉඳගත්තේ...
.
.
.
.
.
taehyung pov,

සන්මිත් එක්ක කතා කර කර හිටපු මට ඉස්සරහින් ආපු බස එක පෙනුනේ ගොඩක් පරක්කුවෙලා...බයික් එකේ කන්ට්‍රෝක් එක මගෙ අතින් ගිලිහිලා යනකොට...විශාල ශබ්දයක් එක්ක මගෙ වටපිටාවෙ හැමදේම කලු වෙලා ගියේ මගෙ සිහිය ටිකෙන් ටික මගෙන් ගිලිහෙනකොට...

.
.
.
.
.

ෆෝන් එකත් අරගෙනම නැගිටපු මන් එයාපෝර්ට් එකෙන් එලියට දිව්වේ ආයෙමත් ටේට එක දිගට කෝල් ගන්න ගමන්...

අනේ දෙයියනේ චේබල් එයාට මුකුත් වෙන්න එපා...මන් එනකන් ඉන්න ටේහ්‍යුන් ප්ලීස්....කෙල්ලට ඇඬෙනවා ෆෝන් එක අල්ලගන්නවත් බැරි තරමට කෙල්ලව වෙව්ලනවා කෙල්ල කැබ් එකකට නැග්ගෙත් වෙව්ල වෙව්ල...එකපාරටම ටේහ්‍යුන්ගේ ෆෝන් එක ආන්සර් කරනවත් එක්කම සන්මි කතාකරන්න ගත්තේ අඬ අඬමයි....

"හෙ...හෙලෝ ටේහ්‍යුන් ඔයා හොඳින් නේද ..ආහ් ...ඔය කොහෙද ඉන්නේ ටේ මන් එනවා ඔයා-

" සොරි මැඩම්..මේ ෆෝන් එකේ අයිතිකාරයා ඇක්සිඩන්ට් වුනා..මැඩම් ×××× hospital එකට එන්න.."

කෙල්ලගෙ අතින් ෆෝන් එක අතෑරෙනකොට...කෙල්ලට දැනුනේ කෙල්ලගෙ වටේ හැමදේම අඳුරු වෙලා යනවා වගේ....ඔලුව දෙපැත්තට වනලා සිහිය තියාගත්ත කෙල්ල කැබ් එකේ ඩ්‍රයිවර්ට තැන කියලා හොස්පිටල් එකෙන් බැස්සේ...


පැය ගානක් හැමෝම icu එක ඉස්සරහා ඉඳගෙන හිටියේ ටේහ්‍යුන් ගැන හිත හිත...ජිමින්ට තුරුල් වෙලා තාමත් පිස්සෙක් වගේ අඬන කෙල්ල දිහා ජිමින් බැලුවේ ඇස් අග පිරුනු කඳුලු බින්දු මූන දිගේ ගලාගෙන යනකොට

ටික වෙලාවකට පස්සෙ තියටර් එකෙන් ඩොක්ටර් එනකොට හැමෝම නැගිට්ටේ..කෙල්ල දුවගෙන ගිහින් ඩොක්ටර්ගෙන් එක දිගට ටේ ගැන අහනකොට..

" ට්...ටේහ්‍යුන්ට කො..කොහොමද ඩොක්ටර් එ..එයා හොඳින් න්..නේද...ආහ්.."

කෙල්ල අහනකොට කෙල්ලගෙ ඔලුව අතගාපු ඩොක්ටර බිම බලාගෙන ලොකු හුස්මක් ගත්තේ...

" මට සමාවෙන්න දරුවො එයාගෙ අභ්‍යන්තරයට ගොඩක් ඩැමේජ් වෙලා...එයාව බේර ගන්න බෑ...එයාට තව ටික වෙලාවයි ඉතුරු වෙලා තියෙන්නේ..මන් හිතන්නේ ඔයා ගිහින් එයාට කතා කරොත් ඒක එයාටත් සැනසීමක් වෙයි..."

"න්..නෑ..න් නෑ එහෙම වෙන්න බෑ !!!!!! කෙල්ල කෑගහගෙන බිම වාඩිවෙලා තමන්ගෙ කොන්ඩෙන් ඇද ගත්තේ..ජිමින් දුවගෙන ඇවිල්ලා කෙල්ලව නැගිට්ටවන්න උත්සහ කරනකොට...

"ශ්ශ්..සන්මියාහ් එයාට ගිහින් කතා කරන්න මැනික...එයාට මේ වෙලාවෙ ඔයාව ඕන...එහෙම නේද....එයාට හිත සතුටෙන් යන්න දෙන්න සන්මියාහ්...ම්ම්ම් දැන් යන්න..."

"ජි...මිනාහ් ට්..ටේට එහෙම යන්න බෑ නේද ආහ් එයාට අපිව මෙහෙම දාලා යන්න දෙන්න එපා ජිමිනා චේබල්...!!"

"කියන දේ අහලා එයා ගාවට යන්න සන්මියා...ම්ම්ම් කෝ නැගිටින්න..."

ඔලුව වනපු කෙල්ල නැගිටලා හෙමින් සැරෙ icu එක ඇතුලට ගියේ...ගැහෙන හදවතට අතක් තියාගෙන....ඇතුලට ගියපු කෙල්ලට හුස්ම ගන්න පවා අමතක උනේ මැශින් ගොඩකට යටවෙලා ඉන්න කොල්ල දැක්කමයි..

(මූනේ තුවාල තියෙනව කියලා හිතාගන්න ඈහ් 🙂)

"ටේහ්‍යුන්.."

කොල්ල ලඟට ගිහින් වෙව්ලන කටහඬෙන් කොල්ලට කතා කරනකොට ඒ ඇස් හෙමින් සන්මි පැත්තට හැරුනේ...ලඟ හිටපු නර්ස් කෙනෙක් ටේගේ මාස්ක් එක ගලවලා එයා එලියට ගිය..කොල්ල කෙල්ලට පුන්චි හිනාවක් දැම්මේ කෙල්ල අඬ අඬම කොල්ලගෙ අත අල්ලන් කොල්ල ගාවින් ඉඳගන්නකොට...

කොල්ලා අමාරුවෙන් මොනවදෝ මුමුනනකොට කෙල්ල කොල්ල ලඟට තවත් ලන් උනේ....

"ඩ්..ඩිම්පල්...ම..මට...ස්..ස..මාවෙන්න.."

කොල්ල අමාරුවෙන් කියනකොට කෙල්ල අඬ අඬම ඔලුව දෙපැත්තට වැනුවේ සමාව ගන්න තරම් වරදක් ඔයා කලේ නෑ කියලා කොල්ලට කියන ගමන්...

"ම්..මට..ප්..පොරොන්දු ව්..වෙ..න්න..ම්..මන් න් ගැන හිතලා අඬන්නෑ..කිය..ලා.."

"ආ.හ්..අනේ ටේ ..මාව දාලා යන්න එපා ටේ චේබල්...."

කෙල්ල අඬ අඬ කියනකොට කෙල්ලගෙ අත තදින් අල්ලගත්ත කොල්ලා...

" ම්..මට..ස්..සමාවෙන්න...ම්..මන්...ඔ..ඔයාට ග් ගොඩක් ආ ආදරෙයි ඩිම්පල්.."

"ම්මාත් ඔයාට ගොඩක් ආදරෙයි ටේ..චේබල් මාව දාලා යන්න එපා..ටේ.."

කෙල්ල හෙමින් කොල්ලගෙ තොල් තමන්ගෙ තොල් වලින් අල්ලගත්තේ..කොල්ලාගෙ මූනේ ලස්සන සන්සුන් හිනවක් ඇඳෙනකොට...තප්පර කීපයක් ඒ තොල් සිපගත්ත කෙල්ලට දැනුනේ...කෙල්ලගෙ අත අල්ලන් හිටපු කොල්ලගෙ අත කෙල්ලගෙ අතින් ගිලිහිලා වැටෙනකොට...ඇස් තදින් පියාගත්ත කෙල්ල නැගිටලා බැලුවේ කොල්ලගෙ පිය වෙලා තියෙන ඇස් දිහා..ඒ කෝපි පාට ඇස් ආයෙ කිසිම දවසක දකින්න ලැබෙන්නෙ නෑ කියලා හිතෙනකොට කෙල්ල කෑ ගහලා ඇඬුවේ කොල්ලව තදින් බදාගන්න ගමන්....අන්තිම තප්පරෙ කොල්ලගෙ මූනේ ඇඳුන ඒ සන්සුන් හිනාව තාමත් ඒ විදියමයි..කොල්ලගෙ උණුසම ටිකෙන් ටික සීතලකට හැරුනත් සන්මි කොල්ලව අතෑරියෙ නෑ...කෙල්ලගෙ කෑගහිල්ලට ඇතුලට ආපු ජිමින් කෙල්ලව සනසන්න හැදුවත් ඒ හැමදේම කිසිම තේරුමක් නැති උනා...
.
.
.
.
.
.
.
.
.
.
.
back to present ,


හවස් වෙනකන්ම කනත්තේ ටේගේ ග්‍රේව් එක ගාව ඉඳලා කෙල්ල ගෙදර ආවේ රතු උන ඇස් එක්ක...

.
.
.
.
.
.
.
.
---------------------------🌻-----------------------------

හායි 🌚

අද කොටස අව්ලක් නෑනේද 🙂

හම්මෝ වචන 1259 🙂🤌

ඊලඟ කොටසෙන් හම්බෙමු 😙

බායි ගර්ල්ස් 😌❤️

Bạn đang đọc truyện trên: AzTruyen.Top