8
.
.
.
.
සතියක කාලයක් ලමයි එක්ක ගෙවිලා යනවා දැනුනෙවත් නැති තරම්...උදේ ලෑස්ති වෙලා කොලේජ් යන්න බස් හෝල්ට් එකට එනකොටමයි බස් එක යන්න හදනවා දැක්කේ..මූනේ තිබ්බ හිනාව නැතිවෙලා ගියේ මේ බස් එක ගියොත් ආයෙ ඉතින් කොලේජ් එක ගාවට වෙනකන් බයින් බඩගාන්න වෙන නිසා..ආයිශ් මටමයි වෙන්නේ...බෑග් එකත් හයියෙන් අල්ලගෙන දුවන්න ගත්තේ මාව පෙනි පෙනිම බස්කාරයා ඉස්සරහට යනකොට.....
" ආයිශ් ඕක නවත්තන්න යාආආආහ් !!! ඕක නවත්තනවාආආආආආ!!!!!!!"
මුලු නගරෙටම ඇහෙන තරම් හයියෙන් සද්දෙ පිට උනාද මන්දා එකපාරටම බස් කාරයා බ්‍රේක් පාර ගැහුවෙ නිකන් සුපර්මෑන් ඇවිල්ලා බස් එක ඉස්සරහින් හිට ගත්තා වගේ...ඉක්මනට දුවලා ගිහින් බස් එකට නැග්ගේ හිතින් බස් එකේ ඩ්‍රයුවර් කාරයගෙ අම්ම මුත්ත මතක් කර කරමයි......නැගලා චුට්ටක් හති අරින්න උන්නෑ බස් එක අද්දපු පාර මන් කෙලින්ම බස් එක මැදම ගෙම්බා පොලේ ගැහුවා වගේ ඇදගෙන වැටුනා...මුගෙ ආච්චිට හාල් ගරන්න...
" ආව් මගෙ පස්ස..!! මේ අන්කල් අද්දනකොට පොඩ්ඩක් කියලා අද්දන්න බැරිද 🤌"
පස්සත් අත ගගා නැගිට්ට මන් කියනකොට අන්කල් කාරයා සමාව ඉල්ලුවෙ මාත් ශේප් එකේ තිබ්බ සීට් එකකින් ඉඳගන්නකොට...නැත්තන්මගෙ නම්බුවෙ ගන්නම දෙයක් ඉතුරු වෙන එකක් නෑ......
.
.
.
.
.
.
.
.
.
"හම්මෝ අදනම් මාර මහන්සියි අප්පා... !!" උදේ ඉඳන් අද පීරියඩ් සේරම උගන්නන්න සිද්ද උනා...මගෙ ඔලුවත් රිදෙනව මේ යක්ක පැටව් එක්ක වැඩ කරලා..ඉන්ටවල් එකේදි කෝෆි එකයි බන් එකයි අරන් ශේප් එකේ බිල්ඩිමේ උඩම තට්ටුවට ආවෙ ඉස්සරත් සැහැල්ලු වෙන්න ඕන උනාම මන් මෙතනට එන පුරුද්දට....කොෆි එකත් බිබී වටේම සිරි නරඹ නරඹ හිටපු මන් මනෝලෝකෙන් එලියට ආවෙ ෆෝන් එක කෑගහන්න ගත්තු නිසා....ආයිශ් කෑවා මගෙ ලස්සන වීව් එක...කව්ද ඉතින් මට වෙන කෝල් ගන්න ඉන්නෙ මේ පොලොස්කොට්ටෝරුව මිසක්...🤌
" හෙලෝ...මිස්ටර් ශෝර්ට්😌 "
" යාආආආහ් ජොන් සන්මි !!!! මන් තමුසෙට කිව්වනෙ මට ඔය විකාර නම කියන්න එන්න එපා කියලා !!!!"
"ආයිශ් මගෙ කන බූරුවෝ හෙමින් කියනව මට තාම හොඳට කන් ඇහෙනව 😒"
" අනේ ඉතින් හරි උස එකානෙ මට එක එක නම් කියන්නේ 😒"
" යැයි යැයි තමා 😒..හරි හරි දැන් කතා කලේ මොකටද කියලා කිව්වෙ නෑනේ මොනවද මිස්ටර් ශෝර්ට්ට මගෙන් වෙන්න ඕන😌"
" අද හවස වැඩ ඇරිල මෙහෙ එනවා තමුසෙට කියන්න දෙයක් තියෙනව 😌"
"ඈහ් ඒ මොකක්ද ..? " ඇස් රෝල් කරලා මන් ඇහුවත් එකපාරටම එහා පැත්තෙන් ජිමින්ගෙ කටහඬ වෙනුවට චූටි ජිමිනිගෙ කටහඬ ඇහෙනකොට මගෙ හිතම සතුටින් පිරිලා ගියා...
" ආන්ති සනූ..."
"ඕඕහ් ජේමිනා...මගෙ චූටි කොල්ලට ආන්ටි නැතුව පාලුද...ම්ම් "
" දේහ්...ආන්ති අද මාව බලන්න එනවා නේද..."
"අනිවාරෙන්ම පැටියෝ ආන්ටි වැඩ ඇරිලා මගෙ ඒන්ජල්ව බලන්න ඉක්මනින් එන්නම් හරිද 😙"
" හුරේඒඒඒ "
"හහා හ්හා 😅"
මේ චූටි කොල්ලනම් තනිකරම ජිමින්ගෙම කොපිය...කිසි වෙනසක් නෑ...ජේමින්ගෙ අතින් ෆෝන් එක අරගත්ත ජිමින් කතා කරන්න ගත්තේ...
" සන්මියා ඉක්මනින් එන්න එහෙනම් හරිද "
"හරි හරි මෝඩයෝ මන් එන්නම්.."
" හ්ම්ම් බායි "
"බායි ජිමිනා "
ෆෝන් එක තියපු මන් හුස්මක් පහල දැම්මේ මූනේ හිනාවක් මැවෙනකොට දුක හිතෙන හැමපාරම මේ පුන්චි පව්ල නිසා මන් නිවෙනව...කෝපි උගරක් බීල අහස දිහා බලපු මන් හිමින් මිමිනුවෙ..
" ඔයත්..මෙතන හිටියනම්......." හාහ් අදනම් වහින්න වගේ...කෑම එකත් කාලා පහලට ගියපු මන් හවස පීරියඩ් ටිකත් උගන්නලා කොලේජ් ඇරුනම එලියට ආවෙ මෙහෙන්මම ජිමින්ව බලන්න යන්න හිතාගෙන....හාහ් හිතුවා වගේම වහින්න ගත්තා...
කුඩෙත් අරගෙන ඉහලගෙන පාර දිගේ පයින්ම ගියේ වැස්සට මන් ගොඩක් ආස නිසාමයි...මේ වැස්ස පවා මට මතක් කරන්නේ ඔයාව තේහියුන්ග්....ටිකක් කලුවර උනත් මන් පාර දිගේ හෙමීට වැස්ස දිහා බල බල ගියේ ඉස්සර මතක හිත ඇතුලේ පොරකනකොට...මගෙ මූනේ හිනාවක් ඇඳුනේ ඒ කාලේ මතක් උන නිසා...ඔයා ඉස්සර මේ වැස්සට පවා අකමැති උනා තේහ්යුන්ග්...මේ පාර දිගේ අපි මොනතරන්නම් එකට යන්න ඇතිද...පාර ගාව තිබුන විශාල මේපල් ගහ අයිනෙ නැවතුන මන් හෙමින් වැස්සට අත දික්කලේ සීතල වැහි බින්දු එකින් එක මගෙ අත්ලට වැටිලා බිමට විසිරිලා යනකොට...මේ මේපල් ගහ යට එදා බෑ කියද්දිම ඔයත් එක්ක වැස්සේ තෙමුන විදිය මතක් වෙනකොට මගෙ ඇස් වලට උනපු කඳුලු වලට ඔහේ ගලාගෙන යන්න දීලා ඇස් පියාගත්තේ ඒ පරන මතක ඇතුලෙ ගිලෙන ගමන්....
.
.
.
.
" ඕහ් කමෝන් තේහ්‍යුන්ග්...!! බලන්න මේ වැස්ස කොච්චර ලස්සනද කියලා...ඔය කුඩේ යටින් දැන්වත් එලියට එනවකො...!!"
"තමුසෙට පිස්සුද ඩිම්පල් වැස්සේ තෙමිලා ලෙඩක් හදාගන්නවකෝ බලන්න මන් හොඳ වැඩක් කරනවා... 🤨"
තේහ්‍යුන් පුපුර පුපුර කියවනකොට මන් සම්පූර්ණයෙන්ම කුඩේ විසික් කරලා ගහ යටින් එලියට ආවෙ තේහ්‍යුන්ග් පිස්සෙක් වගේ කෑ ගහනකොට....ආපහු තෙමි තෙමිම තේහ්‍යුන්ග් ගාවට දුවන් ගියපු මන් ටේගේ අතින් අල්ලගෙන ටේවත් ඇදගෙන වැස්සට ආවෙ ටේ මට බැන බැන පස්සෙන් දුවන් එනකොට...
" යාආආආහ් ඩිම්පල් තමුසෙටනම් හොඳටම පිස්සු...!! බලනව අපි දෙන්නවම හොඳටම තෙමිලා !!"
" චුට්ටක් තෙමුනා කියලා මැරෙන්නෑ මෝඩයෝ 😂"
" ආයිශ් "
ටේවත් ඇදගෙන මන් පාර දිගටම දිව්වා අපි ඇති වෙනකන් වැස්සේ සෙල්ලම් කාලා එකට හිනා උනා...ඒ මතක මට තාමත් මගෙ ජීවිතේ හොඳම මතක....මන් හිනා වෙලා එයාගෙන් ඈතට දුවනකොට ඒ කෝපි පාට ඇස් සතුටින් දිලිසුන විදිය මට තාමත් හොඳින්ම මතකයි.....
තෙමිලා තෙමිලා දෙන්න ගෙදර ගිහින් අපෙ අම්මගෙන් බැනුම් අහගත්ත විදිය මට මතක් වෙනකොටත් හිනා යනවා...පූස් පැටව් දෙන්නෙක් වගේ අම්ම ඉස්සරහා ඔලුව නමාගෙන හිටපු විදිය...ආයෙමත් ඒ අතීතෙට යන්න තිබ්බනම්.....
.
.
.
.
හිතේ ඇතිවුන ක්ශනික හැඟීමකට මන් කුඩේ බිමට දාලා වැටෙන සීතල වතුර බින්දු වල පහස විඳගත්තේ පෑරුන හිත නිසා ගලන කඳුලු වැස්සත් එක්කම හේදිලා යන්න....
වැස්ස නවතිනවත් එක්කම ඇස් ඇරපු මන් කුඩෙත් ආපහු අහුලන් පාරේ ගියපු ටැක්සි එකක් අල්ලන් කෙලින්ම ජිමින්ගෙ ගෙදරට ගියා.....
ගෙදර බෙල් එක ගැහුවම දොර ඇරියේ ජියා ජියා කියන්නේ ජිමින්ගෙ වයිෆ්...
" ඕහ්...ඔන්නි මේ මොකද...මේ..ඔ ඔයාව හොඳටම තෙමිලනෙ..."
" වැස්සනෙ ජියා චුට්ටක් තෙමුනා..."
" ජිමින් !! ඉක්මනට එන්නකෝ ඔන්නිව තෙමිලා ටවල් එකකුත් අරන් එන්න ..."
"හයියො කෑ ගහන්න එපා මෝඩියේ මන් වැස්සට තෙමුනේ ඇක්සිඩන්ට් වෙලා නෙමේ ආවෙ😂 "
" ආආඅහ් ඔන්නි ඒ උනාට අසනිප වෙන්න පුලුවන් නේ.. "
" මාව.මේ සීතලේ එලියෙම තියන්නද කල්පනාව ජියා...කෝ අයින් වෙන්න මට ඇතුලට එන්න 😒"
" ආයිශ් මට අමතක උනානේ හි හි එන්න ඇතුලට මන් ටවල් එකක් අරන් එන්නම් "
" කෝ ජේමින් ..."
" ආහ් ඔන්නි එනකන් ඉඳලා ඉඳලා නින්ද ගිහින් "
" අනේ කොල්ලට නින්ද ගියාද..මේ වැස්ස නිසා මට එන්න පරක්කු උනානේ...පව් "
" ඒකට කමක් නෑ ඔන්නි එයා ඇහරලා එයි 😂 ඔන්නිගෙ කටහඬ ඇහුනොත් ඇති පට් ගාලා නැගිටින්න 😂"
" 😂😂😂 "
" යාආආආහ් ඩිම්පල් මොකද තමුසෙ නිකන් තෙමිච්ච කිකිලියෙක් වගේ !! "
පඩිපෙල බහින ගමන් ජිමින් කෑ ගගහා හිනා වෙවී ආවෙ මන් ඇස් රෝල් කරලා සම්ච්චලේට හිනා වෙලා..." මන් නෑවෙ නෑනේ ඒක නිසා නාගෙනම එන්න හිතුනා ඒකයි "
" ඔන්න ඉතින් පටන් ගත්තා දෙන්නගෙ වලිය...මේ ඔය වලි පස්සට දාගන්න දැන් ඔන්නි ගිහිල්ලා ඔය ඇඳුම මාරු කරන් එන්න මන් කෑම ලෑස්ති කරන්නම්..."
" ජියා නිසා බේරුනා කියලා හිතාගන්නවා හරිද..." කියන ගමන් නැගිටලා ජිමින්ගෙ බඩටත් එක්ක ඇනගෙන උඩට දිව්වේ ජිමිනා බඩත් අල්ලන් කෑ ගහනකොට...
" ආආහ් ඔන්නි ජේමින්වත් ඇහැරගෙන එන්න !!! "
" ඕකේ 😉"
වොශ් එකක් දාගෙන ජියා දුන්න ඇඳුමත් ඇඳන් හෙමීට ජේමින්ගෙ රූම් එකට ගිහින් ඇඳෙන් වාඩි උනේ...පැටියගෙ නලලට කිස් එකක් දෙන ගමන්...ජේමින්ට දැන් අවුරුදු තුනක් වෙනවා......පුන්චි කාලේ ඉඳන් ජේමින් ගොඩක් වෙලාවට හිටියේ මන් එක්ක නිසා ජේමින් මාත් එක්ක හරි එකතුයි...නලලට වැටිලා තිබ්බ චූටි කොන්ඩ ගහ අයින් කරලා ජේමින්ව වඩා ගත්තේ ජේමින්ට කතා කරන ගමන්මයි...කතා කරන පමාවට හෙමින් ඇස් ඇරපු කොල්ලා ඇසුත් පොඩි කර කර මන් දිහා බලන් ඉඳලා එකපාරටම කෑ ගහගෙන මගෙ බෙල්ල බදාගත්ත.... මාත් හිනා වෙලා ටිකක් ජේමින් එක්ක සෙල්ලම් කර කර ඉඳලා ජේමින්වත් වඩාගෙනම පහලට යනකොට ජියා කෑම ලෑස්ති කරලා තිබ්බා....හැමෝම ඉඳගෙන කන්න ගත්තේ මන් කන ගමන් ජේමිටත් කවනකොට....
" ම්ම්හ් මේ සන්මියාඅහ්..." ජිමින් කතා කරනකොට කෑමත් කටේ පුරවන් මන් ජිමින් දිහා බැලුවේ..ඇස් වලින් ඇයි කියලා අහන ගමන්....
" මේහ් මේකයි...."
" ඕක තටඹන්නැතුව කියනවකෝ ජිමින් 😑"
" චුට්ටක් ඉන්නවකෝ කියනකන් "
" අනේ මන්දා ජියා ඇත්තටම ඇයි තමුසේ මේ කොට බූරු පැටියව කසාඳ බැන්දේ...😒"
" ඇයි ඇයි දැන් මගෙ වැරද්ද මොකක්ද 😑"
" හයියෝ ඔන්න ආයෙත් පටන් ගන්නවා පොඩි උන් දෙන්න වගේ 😑"
ජිමිනුයි මායි දෙන්නට දෙන්න ඇද කරගෙන අහක බලා ගත්තත් ජියා කියපු දේට මන් ඇසුත් ලොකු කරන් ජියා දිහයි ජිමින් දිහයි බැලුවේ
" ඔන්නි මන් ආයෙමත් ප්‍රෙග්නට්.."
ජිමිනනම් ගොන් හිනාවක් දාගෙන බලාගෙන හිටියා...ජියා ලැජ්ජාවටම රතු වෙලා ගිහින්..
" මෝහ් ඔයා ඔය ඇත්තමද කියන්නේ 😳"
මන් අහනකොට ජියා හෙමින් ඔලුව වැනුවත් එක්කම මන් කෑගහගෙන නැගිට්ටේ සතුතටමයි...ජේමින්ව පුටුවෙන් ඉන්දපු මන් ජියා ගාවට ගිහින් ජියාව බදාගත්තේ....
" වාහ් දේබක් මට නම් මේක හිතාගන්නවත් බෑ ජියා අනේ ආයෙමත් මන් ආන්ටි කෙනෙක් වෙන්නයි යන්නේ කුමාවෝ ජියා ..."
" ඔන්නී..."
ජිමිනත් හිනාවේගෙන ඇවිල්ල අපි දෙන්නවම බදාගත්ත...ටිකකින් ඈත් උන මන් ජිමින්ට ටොක්කක් ඇන්නේ
" ඇයි කලින් කිව්වෙ නැත්තේ ගොනෝ !!"
"ආව් ...යාආආආහ් මන් දැන් ලමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් ඔහොම ගහන්න එපා බන් 😑"
" කිව්වෙ නැත්තේ ඉතින් තමුසෙව සප්‍රයිස් කරන්න ඕන හින්දා..."
මේ දවස අමතක නොවන මතකයක් විදියට හැමදාමත් හදවතේ රැඳේවි...
.
.
.
.
.
.
.
.
.
--------------------------🌻-------------------------------
හායි 👉👈
ඔන්න තව කොටසක් දැම්මා
මේකනම් දිගයි හොඳේ 😂
Nivi-15 ඔන්න දිග එකක් දුන්නා ඈ 😂✋
අනිත් කොටසුත් ඉක්මනින් දාන්නම්
බායි ගර්ල්ස් 😉❤️
vote & comment ❤️
park jaemin
prak jiya
jimin's wife
Bạn đang đọc truyện trên: AzTruyen.Top