7

.
.
.
අවුරුදු හයකට පසු ,

අවුරුදු හයක්ම ගෙවිලා යනවා දැනුනෙවත් නැති තරම්....හැමදේම වෙනස් වෙලා.....අවුරුදු දහඅටක සෙල්ලක්කාර කෙල්ලෙක් වෙලා හිටපු මන් අද අවුරුදු විසි හතරක තරුණියක්
අද මගෙ ජොබ් එකේ පලවෙනි දවස...


අපි දෙන්න එකට හිටපු තැනට මන් ආපහු ආවා.....අපෙ පරන මතක වලින් පිරුන මේ කොලේජ් එකේම මන් අද ලමයින්ට උගන්නන්න යනවා....අවුරුදු හයක් ගෙවුනත් තාමත් මන් පරන මතක එක්ක එකතැන නතර වෙලා.....හොඳ හුස්මක් අරන් ගේට් එකෙන් ඇතුලට ගියේ සතුටින් හිනාවෙවී කෑගගහ යන ලමයි දිහා බලාගෙන සතුටු වෙනගමන්....මේ හැමදේම මට ඔයාව ගොඩක් මතක් කරනව ටේ...

හැමදේම ඉස්සර තිබුන විදියමයි...කෙලින්ම ඔෆිස් එකට ගිහින් මට බාර වුන ක්ලාස් එකට ගියේ මිස්ටර් සොන්ග් එක්ක...මිස්ටර් සොන්ග් ලමයින්ට මාව අඳුන්නලා දෙනකොට මන් හිනා වෙලා ලමයිට මගෙ විස්තර කිව්වෙ එයා සතුටින් මාව පිලිගන්නකොට..." ඉතින් ලමයි මිස් ජොන් අපෙ ඉස්කොලේම ආදිශිශ්‍යාවක්..." මිස්ටර් සොන්ග් කියනකොට මට හිනා ගියේ ලමයිගෙ පුදුමෙන් පිරුනු මූනු දැකලා..."මන් හිතනව ඔයාලා මිස් ජොන් කියන විදියට වැඩ ටික කීකරු වෙලා කරයි කියලා...එහෙනම් මිස් ජොන් මෙතන ඉඳලා මේ ක්ලාස් එක ඔයාට බාරයි...ගුඩ් ලක්.." මිස්ටර් සොන්ග් එහෙම කියලා හිනා වෙලා අත දෙනකොට මාත් ඔලුව වනලා අත දුන්නේ "thank you මිස්ටර් සොන්ග් " මිස්ටර් සොන්ග් ක්ලාස් එකෙන් එලියට යනවත් එක්කම මන් ලමයිගෙ පැත්තට හැරිලා කතා කරන්න ගත්තේ..." එහෙනම් ලමයි මන් තමා අද ඉඳන් ඔයාලගෙ ක්ලාස් ටීචර්....ඔයාලට මගෙන් මොනා හරි මගෙන් අහන්න තියෙනවද..අහන්න තියෙනවනම් බය වෙන්නැතුව අහන්න හරිද 😅"

"මිස් ජොන් ඇත්තටම ඔයා මේ ඉස්කොලේද හිටියේ.."එක ලමයෙක් අහනකොට හිනා උන මන් " ඔව් ඇත්තටම මන් මෙහෙ තමා ඉගෙන ගත්තේ...මගෙ ජීවිතේ ලස්සනම මතක වලින් පිරුන දවස් ගෙවුනෙ මේ ඉස්කොලේ ඇතුලෙ..ම්ම් ඉතින් ඔයාලට තව මොනා හරි අහන්න තියෙනවද..?"
"මිස් ජොන් මැරි කරලද " ඒ ප්‍රශ්නෙට නම් මන් විතරක් නෙමේ මුලු පන්තියම හිනා වුනා "ම්ම්ම් තාම නම් නෑ 😉"
මන් උත්තර දෙනකොට තව ගෑනු ලමයෙක් අහපු දෙයින් මන් ටික වෙලාවකට අතරමන් උනා..." මිස් ජොන් ඉස්කොලේ යන කාලේ ආදරේ කරපු කෙනාත් මේ ඉස්කොලේමද "
යන්තමින් හිනා උන මන් ඔලුව වැනුවේ "හරි හරි දැන් ප්‍රශ්න ඇති පොත් ගන්න එලියට පීරියඩ් එක ඉවර වෙන්නත් ලඟයි.."
.
.
.
.
.
.
.
.
.
.
පීරියඩ් එක ඉවර වෙලා ක්ලාස් එකෙන් එලියට ගිහින් ඉස්සර අපි හිටිය ක්ලාස් එකට ගියේ හිත බලකලපු හින්දා...


හෙමින් ෆොලෝ එක දිගටම ගිහින් ක්ලාස් එක ගාවින් නතර වෙලා දොරේ ලොක් එක අල්ල ගත්ත මන් හැරුනේ එහා පැත්තෙන් ඇහුන කටහඬ නිසා...

"ඩිම්පල්...!!"

ඇස් ටිකෙන් ටික කඳුලු වලින් තෙත් වෙනකොට මන් දොරේ ලොක් එක ඇතෑරලා ඒ පැත්තට හෙමින් අඩි තිබ්බේ මන් මේ දකින්නේ හීනයක්ද කියලා හිත කෑගහලා අහන්කොට...එ..යා කොහොමද මෙතන ඉන්නේ....

" තේ...හි..යුන්ග් ..." කකුල් පන නැති වෙනවා වගේ දැනෙනකොට ඇස් වලින් කඳුලු බින්දු බිමට වැටෙනකොට මන් එයා ගාවට ගිහින් නතර උනා...ඒ ඇස් දිහා බලන් හිටපු මගෙ කටින් ඉකියක් පිට උනේ හදවත වේදනාවෙන් මිරිකෙනකොට...ඒ ඇස් හිනා වෙනවා එදා වගේම ඒ ලස්සන හිනාව එක්ක එයා මන් දිහා එක දිගට බලන් ඉන්නවා...ඉබේම මගෙ අත එයාගේ මූනට ගියත්

ඒ ක්ශනික ඒ රුව චායාවක් වෙලා මගෙ ඇස් ඉස්සරහම නැතිවෙලා යනකොට කකුල් වාරු නැතුව මට එතනම බිම ඉන්දවුනේ පපුවෙන් දැනුන වේදනාව වැඩි කරමින්..."අ...නේ...ආ..පහු..එ න්න ටේ...මට පාලුයි..."

"මිස් ජොන්.!!!...ඔයා හොඳින්ද මොකද උනේ !!" යුන්වූ..ඉක්මනින් කඳුලු පිහගත්ත මන්.."අ ..අනී යුන්වුයා මන් හොඳින් පොඩ්ඩක් ලිස්සුවා ඒකයි..හි හි "ඕහ්...මිස් ජොන් ඔ ඔයා ඇඬුවද ?"

"ආහ් ආනි මන් ඇඬුවෙ න් නෑ " හිනා වෙලා කියන ගමන් මන් යුන්වුගෙ උදව්වෙන් නැගිට්ටේ " කුමාවෝ යුන්වුයා "

"ඒකට කමක් නෑ මිස් ජොන් මිස් ජොන් හොඳින්නේද "

" දේ මන් හොඳින් ලමයෝ මට ඕන උනේ අර ක්ලාස් එකට යන්න ඒත් එකපාරටම මෙතන ලිස්සුවනෙ 😅"

"ඕහ් අර පරන ක්ලාස් එකටද මාත් ආවෙ ඒකට තමා.. එන්න මන් මිස් ජොන්ට පෙන්නන්නම් ක්ලාස් එක.."

"ඔයා ඒකේ මොකද කරන්නෙ "

"මන් ඒ ක්ලාස් එකේ තමා නිදහස් වෙලාවට පොත් කියවන්නෙ මිස් ජොන් "

"ඕඔහ් "

"ම්ම් මිස් ජොන්ට ඇයි ඒ ක්ලාස් එකට යන්න ඕන උනේ 🙄"

" ඒකේ තමා මන් හිටියේ ඉස්කොලේ යන කාලේ.."

" ආහ් එහෙමද එන්න මිස් "

අපි දෙන්නම ඇතුලට ගියා ...ක්ලාස් එක ඇතුලේ දූවිලි තිබුනත් හැමදේම ඉස්සර  තිබ්බ විදියටම තිබ්බා

කල්පනාවක හිටපු මන් ගැස්සිලා ගියේ ඉස්කොලේ ඇරෙන බෙල් එකේ සද්දෙට

" ඕහ් බෙල් කලා නේ අපි යමු "

" හරි මිස් ජොන් "

.
.
.
.
.
.
.
.
.
----------------------------🌻-------------------------------

හායි ගොඩ කාලෙකින් නේ 🥲
සමාවෙන්න ඇත්තටම පරක්කු උනාට මේක මන් ඉක්මනින්ම ඉවර කරන්නම් තව එපි දෙකක් වගේ තියෙන්නේ 😁

  -------𝓲 𝓪𝓶 𝓯𝓪𝓵𝓵𝓲𝓷𝓰 𝓯𝓸𝓻 𝔂𝓸𝓾𝓻 𝓬𝓸𝓯𝓮𝓮 𝓮𝔂𝓮𝓼 --------
    
                           ♡🌻♡

Bạn đang đọc truyện trên: AzTruyen.Top