4

.
.
.
.
තද නින්දක හිටපු මට හීනෙන් වගේ ඇහුනේ එලාම් එක එකදිගට වදින සද්දේ
එලාම් එක ඕෆ් කරලා කොට්ටෙන් කන් දෙකත් වහන් ආපහු නිදාගත්තත් ඒ තරම් වෙලා මට නිදාගන්න හම්බුන්නැත්තේ ආයෙමත් ෆෝන් එක රින්ග් වෙන සද්දෙට..

"ශිට්..මේ උදේ පාන්දරම කෝල් ගන්න එකා අහු උනොත් ඕකගෙ කන ගලවලා විසික් කරනවා මන් 😑"

කොට්ටෙත් විසික් කරලා ඇස් දෙක අරින්නැතුවම ෆෝන් එක ආන්සර් කරලා කනේ තියාගත්ත මන් ඒ ක්ශනිකවම ෆෝන් එක කනෙන් ඈත් කලේ එහා පැත්තෙන් ඇහුන ටින්බෙලෙක්කේ සද්දෙට...ආයිශ් මේ මී හරකනම් හෙමින් කතා කරන්න දන්නෙම නෑනේ...

" යාආආආහ් !!! කිම් තේහියුන්ග් හිමින් කතා කරනවා!!"

" හිමින් ? ඕයි ජොන් සන්මි !!! නැගිටිනවා !!! අද ට්‍රිප් එක යන්න අදහසක් මැද්ද තමුසෙට 😑"

"මෝහ්..."

ඇස් දෙක ඇරලා වෙලාව බලපුවම මගෙ ඇස් උඩ ගියේ පරක්කු වුන නිසා

"ශිට් ඔහොම ඉන්නව මන් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්"

"ඉක්මනට එනවා මන් මෙතන එලියේ සීතලේ ගැහෙනවා 😑"

කෝල් එක කට් කරලා ඇඳෙන් පැනපු මන් කෙලින්ම බාත්රූම් එකට රින්ගගත්තේ වොශ් එකක් දාන් ඉක්මනට ලෑස්ති වෙලා පහලට ගියා ඉක්මනටම දොරත් වහලා
එලියට යනකොට දැක්කේ තඩි බෑග් එකකුත් එල්ලන් බයික් එක උඩ සීතලේ ගැහෙන ටේව....බයික් එක ගාවට දුවන් ගියපු මන්..

" මාසෙකට නවතින්නද යන්නේ 😂"

"ඈහ් "

"ඈහ් තමා...ඔච්චර තඩි බෑග් එකක් නැත්තන් තමුසෙට බැහැලා ඉන්න ඈ😒"

"උස්සලා අරන් බෑග් එකට දාගන්න කලින්  මේකත් අරන් ඉක්මනට නගිනවා මෝඩියේ 😒"

ටේටත් ගස්සලා බයික් එක නැග්ගේ ටේගේ තඩි බෑග් එකත් මගෙ කරේ එල්ලනකොට....
යනකන් ගැහි ගැහි ගියේ මේ තඩි බෑග් එකත් එක්ක මන් බයික් එකෙන් බිමට වැටෙයි කියලා...

"ඕයි ඩිම්පල් වව්ලෙක් වගේ එල්ලිලා ඉන්නැතුව බහිනවා "

බයික් එකෙන් බහින්න යනකොටම එතනම බිම පතබෑවුනේ ටේගේ තඩි බෑග් එකට පින්සිද්ද වෙන්න 😑

" යාආආආහ් ඩිම්පල් තමුසෙට නිදාගන්න ගියාම තැනක් නොතැනක් නෑ නේ 😂"

"මගෙ යකා අව්ස්සන්නැතුව මාව නැගිට්ටවනවා මනුස්සයෝ😑"

මුටනම් මොකො මගෙනෙ පස්ස බිම ඇනුනේ හිනා වෙන හැටි විතරක් පාත්තයා 😑 දෙන්න හිතෙනවා දත් ටික බඩට යන්න
ටේ මාව නැගිට්ටනවත් එක්කම එතනට කෑගහගෙන දුවන් ආවෙ හේජින් එච්චරයි අඩුවකට තිබ්බෙ ඒකත් හරි...

හේජින් කෑගහපු පාර ගැස්සුන ටේ මාව අතඇරියේ ආපහු පාරක් මන් බෑග් එකත් එක්කම බිමට පත බෑවෙනකොට 😩
ආයෙමත් ටේ මාව උස්සලා ගන්නකොට මන් මුමුනපු දේවල් වලට ටේට හිනා යනවා මන් හොඳටම දැක්කා ආයෙමත් රවපු මන් ටේගේ බෑග් එක ගලවලා ටේගේ ඇඟටම දැම්මත් ටේ බැලන්ස් නැති වෙලා බිමට වැටුනේ මන් බඩත් අල්ලන් හිනා වෙනකොට😂😂

ටේට නැගිටින්න අත දෙනකොටම හේජිනුත් අත දුන්නා ටේ හේජින් ගෙ අත් අල්ලන් නැගිටිනකොට මන් හෙමීට අත අරගත්තේ හිත ඇතුලෙන් අමුතු දුකක් දැනෙනකොට....

කට්ටියම ගිහිල්ලා බස් වලට නැග්ගේ ටීචර්ස්ලත් ලමයිව ගනන් කරලා බස් වලට නග්ගනකොට....

බස් එකට නැගලා ටේ ගාවින් ඉඳගන්න යන්න හැදුවත් මට කලින් හේජින් එතනින් වාඩි වුනා
ටේ දිහා බලලා මන් එහා පැත්තෙ සීට් එකේ ඉඳගත්තේ ජනේලෙන් එලිය බලාගෙන...

එකපාරටම මන් ගැස්සිලා ගියේ කන ලඟ කෑගහගෙන ඉඳගත්තා කෙනා දිහා ඇස් දෙකත් ලොකු කරගෙන

"හේයි කෙල්ල 😌"

" ජිමිනා "

"ඉතින් හුඟ කාලෙකින් "

"ඔයා කවද්ද කොරියා ආවෙ 😳"

"ම්ම් අද 😌"

" යාආආආහ් මෝඩ තාරාවා කිව්වෙවත් නෑ !!"

ජිමින් කියන්නෙ මගෙ පුන්චි කාලෙ ඉඳන්ම යාලුවෙක් ඒත් අවුරුදු තුනකට කලින් එයා ඇමරිකා ගියා...ඊට පස්සෙ තමා ටේහ්‍යුන් අපෙ ස්කූල් එකට ආවෙ
එදා ඉඳන් ජිමිනා නැති පාලුව මැකුවේ ටේහ්‍යුන්...හිතපුවත් නැති විදියට ආයෙමත් ජිමින් ඇවිත් දැනුන සතුටම මන් ජිමින්ව බදාගත්තේ ජිමිනුත් මාව බදාගන්නකොට.....
ජිමිනව බදගෙන ඉන්නකොට මට හිනා ගියේ යකා ගහලා වගේ අපි දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉන්න ටේව දැක්කම

ටේගේ තද දුඹුරු ඇස් ගැඹුරු පාටකට හැරිලා...ඒ ඇස් වල තරහක් පිරිලා හැමදාමත් නිස්කලංක උන ඇස් අද කැලඹිලා....ජිමින්ගෙන් ඈත් උන මන් ජිමින්ට හිනා වෙලා ටේ දිහා ආයෙ බැලුවත් ඇස් හීනී කරලා රවලා මන් දිහා බලපු ටේ ජනේලෙන් අහක බලාගත්තේ මන් ජිමින් එක්ක අවුරුදු තුනක දේවල් කතා කරනකොට...
ජිමින්ගෙයි මගෙයි කතා හිනා අතරින් ටේගේ තරහ පිරිනු ඇස් වල මොකක්දෝ හේතුවකට මන් අතරමන් වුනා වෙනදා වගේම....





කාලේ ඉක්මනින් ගෙවිලා ගියා මන් ජිමින්ට ටේව වගේම ටේට ජිමින්වත් අඳුන්නලා දුන්නත් ටේගේ ඇස් වල තද බව ඒ එක මොහොතකටවත් නැති උනේ නෑ......ට්‍රිප් එක පුරාවටම ටේ හේජින් එක්ක ඉන්නකොට මන් ජිමින් එක්ක කාලේ ගත කලා....අවුරුදු ගානකට පස්සේ ආයෙමත් ජිමින් ආවත් ටේ හේජින් එක්ක ඉන්නකොට මගෙ හිත දුක් උනා





ට්‍රිප් එකේ අන්තිම දවස අද අද රෑ හැමෝම එකතු වෙලා ගිණි මැලයක් ගහන් කාලේ ගත කලේ බීච් එකේ....
හැමෝම සින්දු කිව්වා හිනා උනා විනෝද උනා....ඒක හරිම ලස්සන හැඟීමක්....

ටික වෙලාවක් ගියත් .....ටේ මෙතනින් ගියත් හරි තාම ආවෙ නැති නිසා මන් නැගිටලා ගියේ ...ජිමින් මගෙ අතින් අල්ලලා නවත්තන්න හදන්කොට ජිමින්ට ටිකක් එහාට ගිහින් එන්නම් කියලා මන් ආවෙ බීච් එකේ අනිත් සයිඩ් එකට ටේ ඒ පැත්තට ආපු නිසා.........

ඒත්........

මන් නැවතුනේ හේජින් ටේව බදාගන්නවා දැකලා...මට දැනුනේ මගෙ හදවත මොහොතකට නතර උනා වගේ....ටේ හේජින්ව එයගෙන් ඈත් කලා ඒත් එක්කමයි ටේ මාව දැක්කෙත් වගේම ජිමින් පිටිපස්සෙන් ඇවිත් මගෙ අතින් ඇල්ලුවෙත් ජිමින් දිහා බලලා

"ජිමිනා.."

"ඔයා ආවෙ නැති නිසා බලන්න ආවෙ මොකද උනේ සන්මියා..."

ඒත් එක්කම වගේ මන් ටේ දිහා බැලුවත් ඒ ඇස් තරහින් දිලිසෙන විදිය මන් ඈතට උනත් හොඳට දැක්කා ....එකපාරටම මගෙ ඇස් වලින් කඳුලු ආවේ ටේ හේජින්ව කිස් කරන්න ගත්ත නිසා.....ජිමිනගෙ අතත් අත ඇරලා මන් කෙලින්ම දිව්වේ රූම් එකට....

දොර වහගෙන ඇතුලට වෙලා මන් ඇති වෙනකන් ඇඬුවා කෑ ගහලා ඇඬුවා...ඒත් ඇයි....ඇයි මන් අඬන්නේ ඇයි මට දැනෙන්නේ මගෙ දෙයක් මට නැති උනා කියලා....ම...න්...මන් ටේට ආ...ද..රෙ...යි...ද?

ඔව් මන් එයාට ආදරෙයි මන් ටේට මගෙ හැමදේටමත් වඩා ආදරෙයි....ජිමින් ගාවදි නොදැනුන ඒ හැඟීම මට ටේ ගාවදි දනුන එක ගැන මන් මගෙන්ම ප්‍රශ්න කලා ඔව් ඒ මන් ටේට ආදරේ නිසා....

ඒත් දැන්...ටේ එයාව මට අයිති නෑ එයා හේජින්ට කැමතියි  ද?

ආයෙමත් ඇස් තෙත් වෙලා කඳුලු ගලනකොට මන් නැගිටලා බාත්රූම් එකට ගිහින් ශවර් එක යට ඉඳගත්තේ කෑ ගහලා අඬන ගමන් ඒ හැඟීම හරිම වේදනයි තමන්ගෙ දෙයක් තව කෙනෙක්ට අයිති වෙනවා බලන එක....ඒක හුඟක් රිදෙනවා....

.
.
.
.
.
.
.
.
.
.

ට්‍රිප් එක ඉවර වෙලා අපි ආවත් ටේ මාත් එක්ක කතා කලේ නෑ ජිමිනත් දැන් අපෙ ක්ලාස් එකේමයි....ටේ දැන් හේජින්ගේ බෝයිෆ්‍රෙන්....මොනතරම් හිත රිදුනත් මන් හැමදාමත් ඒ දෙන්න දිහා බලන් හිටියා ජිමින් මගෙ හිත හැදුවත් මන් හිත හදාගෙන ඉවරයි ටේගේ සතුට වෙනුවෙන් මන් එයාගෙන් ඈත් වෙන එක හොඳයි....
.
.
.
.
.
.
.
.
.
.
.
____________________🌻_______________________

𝐩𝐚𝐫𝐤 𝐣𝐢𝐦𝐢𝐧

𝐡𝐢𝐢 ගොඩ කාලෙකින් නේ 👉👈 🙂

අදනම් ඔන්න දිග කොටසක් දුන්න 😌

ඔයාලට ඕනේ හැපි එන්ඩින් එකක්දමද 👉👈

මේකයි එහෙම එන්ඩින් එකක් මගෙ හිතේ තියෙන කතාවෙ නෑ ....🙂

ඉතින් ඔයාලගෙ කැමත්ත අනුව මට ඒ එන්ඩින් එක වෙනස් කරනව කියලා හිතුනා .....🙂
ඔයාලට කොහොමද ඕන 🙂

කියාගෙන යන්න අනිවරෙන්ම හොඳේ 🙂👉👈

එහෙනම් ඊලඟ කොටසින් හම්බෙමු

𝐛𝐲𝐞 𝐠𝐢𝐫𝐥𝐬 😗❤️

𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮  🤍🕊️

𝐬𝐡𝐞𝐧𝐮𝐤𝐚𝐰𝐢 🥀

හම්මේ වර්ඩ්ස් 1000 පන්නලා 🙂😂



හනේ මගෙ හාර්ටුව 😩🤍

Bạn đang đọc truyện trên: AzTruyen.Top