3
.
.
.
.
.
දවස් හරි ඉක්මනින් ගෙවිලා යනකොට...කොලේජ් එකේ අන්තිම අවුරුද්දත් හරි ඉක්මනින් ලඟා උනා....මේ අපි එකට ඉස්කොලේ යන අන්තිම අවුරුද්ද.....එතනින් පස්සෙ අපෙ ජීවිත මොන වගේ ගෙවෙයිද කියලා කවුරුත් දැනන් ඉන්නෙ නැතුව ඇති.....
.
.
.
.
.
.
.
.
ඉතිහාසය පීරියඩ් එක ඊව් මන් ආසම නැති එක...ඉන්ටවල් එක වෙනකන් ඔරලෝසුව දිහා බලාගෙන ඉඳලා එහෙන්මම ඩෙස් එක උඩ නින්ද ගිහිල්ල හිටපු මන් ඇහැරුනේ ටේගේ බෙලෙක් කටේ සද්දෙට..
"ඒයි නිදිකුම්බරී නැගිටිනවා...!!!"
"නැගිටිනවා මෝඩියේ මිසිස් යුන් ගියා..මට බඩගිනී 😑"
ඈනුමකුත් ඇරගෙනම නැගිටපු පාර ටේ නහයත් අල්ලන් කෑගහගෙනම පිටිපස්සට උනේ...මගෙ අත ටේගේ මූනත් තහඩුවෙ වැදුන නිසා...
"තමුසෙනම් මහ සාපයක් ඩිම්පල්..ආයිශ් මගෙ නහයත් ඉවරයි 😑"
"ඕහ් මගෙ කොටි පැටියගෙ නහය තැලුනද..කෝ එන්න බලන්න..."
ටේ ආපහු නහයත් පෙන්න පෙන්න මන් ගාවට එනකොටම ආයෙත් ටේගේ නහයට ගහලා නැගිටලා කෙලින්ම ක්ලාස් එකෙන් එලියට දුවලා ගියෙ ටේ කෑගහන සද්දේ ඇහෙනකොට පැනපු හිනාවත් තද කරගෙන...
කැෆටේරියා එකට ගිහින් ඉඳගත්තේ ටේටත් එක්කම කෑමත් අරගෙන....ටික වෙලාවකින් ටේ නහයත් රතු කරන් ඇවිල්ල ඉඳගත්තේ මන් දිහා රවලා බලාගෙන කටින් මොනවද මුමුනන ගමන්
කන්න ගන්නකොට...ඌඌව් කියුට් 😂
"ස් ස් ටේ..."
"ටේ...!!"
" යාආආආහ් ටේ !!"
"මොකද 😑!!"
" සොරි..."
"හ්ම්ම් ඒකට කමක් නෑ..."
"ඔන්න ඔයාගෙ නහය උඩ මැස්සෙක්.."
"ආආව් !! යාආආආහ් !!! "
"හහ් හාහ් හම්මෝ😂 ඔයාගෙ නහය රතුවෙලා හරිම කියුට් 😂"
"😂😂😂😂"
"හා හා හා 😑 හරි විහිලුව...දැන් කනවා ඕක 😑 කට වහන් "
ටේ රතු වෙච්ච නහයත් අකුල අකුල කන දිහා බලන් හිනා වෙවී ඉන්නකොට අර උරචක්කරමාලේ කඩා පාත් උනේ...
"හායි ටේහ්යුන් 😉"
"ඕහ් හේජිනා හායි..."
" මන් මෙතනින් ඉඳගත්තට කමක් නැද්ද..."
" කමක් නෑ ඉඳගන්න..."
"කුමාවෝ"
කොටට කොටේ සායත් ඇඳන් වෙන ඉඳගන්න තැනක් තිබ්බෙ නැද්ද දන්නෑ 😑
දෙන්න හිතෙනව හොම්බ ගැල්විලා විසික් වෙන්න...මූන පුරාම පිටි උලාගෙන දත් සෙට් එක එලියෙ දාන් හිනා වෙන කැත විතරක්...සැක් මේ මෝඩයටත් මොකද ඉතින් කෙල්ලෙක් නැලවිලා ලඟට ආවම සිරික්කිය දාගෙන කතාව....චොප් ස්ටික් දෙකත් කටේ ගහන් හිතින් බැන බැන ඉන්නකොට ටේ සැරින් සැරේ හොරෙන් මන් දිහා බලන ගමන් අරකිත් එක්ක හොඳට කතාව....මේකිට යකෝ ප්ලේට් එකේ තිබ්බ මස් කෑල්ලත් ටේගේ එකට දැම්ම නේද 😑 ඒ ක්ශනික ටේ මන් දිහා බලනකොටම මන් ටග්ගාලා මගෙ කෑම එක කන්න ගත්තේ...හේජිනා එතනින් නැගිටලා යනකොට....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ අනිත් පීරියඩ් එක ආආආහ් එපා වෙනවා 😩 මේ පීරියඩ් එකටනම් මන් විතරක් නෙමේ ටේත් කැමති නෑ....බෝඩ් එක දිහා බලන් නිදි කිර කිර හිටපු ටේට ඇංගිල්ලෙන් ඇනලා කතා කරනකොට ගැස්සිලා මන් දිහා බලපු ටේ කට නොනෙන් හිනා උනේ....මාත් කට කොනෙන් හිනා වෙලා දොර පෙන්නකොට...
බෝඩ් එකේ ලිය ලිය හිටපු සර්ට ඇහෙන්නැතිවෙන්න බෑගුත් අරන් නැගිටපු අපි දෙන්නා ශේප් එකේ ක්ලාස් එකෙන් පැනගෙන දිව්වේ හැමදාම වගේ ඉස්කොලේන් පයින පිටිපස්සෙ තාප්පේ ගාවට....දුවන් ඇවිත් හති ඇරලා ටේට දනගහන්න කියලා ටේ ගේ පිට උඩට නැගලා තාප්පෙට නැගපු මන් බෑග් දෙක එහා පැත්තට දාලා ටේට අත දික් කලාම කොන්දත් අල්ලන් නැගිටපු ටේ...
"තමුසෙගෙ බරනම් වැඩි වෙලා ඩිම්පල් ...ආහ් මගෙ කොන්ද 🥲"
" තමුසෙට ආයෙ නහය තලා ගන්න ඕන්නැත්තන් කට වහගෙන නගිනව මෝඩයා 😑"
අත අල්ලගෙන තාප්පෙ උඩට නැගපු ටේ එහා පැත්තට පැනලා අත් දෙක දික් කලාම මන් පැන්නත් ටේගේ කකුල පැටලිලා දෙන්නම බිමට පතබෑවුනේ මන් ටේගේ ඇඟ උඩට වැටෙනකොට....
පලවෙනි පාරට ඒ ඇස් දිහා මන් කෙලින් බැලුවා....තද දුඹුරු පාට දිගැටි ඇස්....ටේගෙ ඇස් තනිකරම මායාවක් වගේ...ඒ ඇස් අස්සෙ හැන්ඟුන අමුතු හැඟීමක් නිසා මන් ඒ ඇස් අතර අතරමන් උනා....ටිකෙන් ටික මගෙ කොන්දේ තිබ්බ ටේගේ අත් අතරට මාව තදවෙනව දනෙනකොට ටග්ගාලා ටේවත් පාගන් නැගිටපු මන් උගුර පාදලා බෑග් එක ගත්තේ ටේ ඔලුවත් අල්ලන් හයියෙන් ඇස් පිල්ලම් ගහන ගමන් නැගිටලා ඇඳුම පිහගෙන බෑග් එක කරට දාගත්තේ...
" ඔයට තුවාල උනේ නෑනේ..."
"ම්ම්හ් නෑ..."
"යමු..."
"හ්ම්ම් යමු "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අයිස්ක්රීම් දෙකකුත් අරන් බීච් එකට ගිහින් බිමින් ඉඳගත්තත් ටික වෙලාවක් යනකන් අපි අතරෙ කිසිම කතාවක් තිබ්බෙ නැති තරම්.....ටිකකින් නිශ්ශබ්දතාවය බින්ද ටේ කතා කරන්න ගත්තේ...
"පොඩි එකෙක් වගේ..
කට වටේම ගාගෙන😂"
"කව්ද ? 🙄"
"වෙන කව්ද ඉතින් මගෙ එහා පැත්තේ ඉන්න මේ මෝඩ කෙල්ල මිසක් 😒"
" යාආආආහ් 😑"
"😂😂ඕක පිහ ගන්නවා "
ටේට රවලා අතින් මූන් පිහලා ටේගෙන් දැන් හරිද කියලා ඇහුව..
"එහා පැත්තට වෙන්න.."
"කොහෙද මෝඩයෝ 😑"
"කෝ ඉන්නවා..."
මගෙ මූන අල්ලගත්ත ටේ ඇඟිල්ලෙන් මගෙ කට පිහිනකොට ටේගේ ඇස් දිහා බලන් හිටපු ඉන්නකොට ටේගෙ ඇස් මගෙ ඇස් දිහා බැලුවේ...මන් අහක බලලා ටග්ගාලා එතනින් නැගිටලා මුහුද දිහාවට දිව්වෙ ටේ එයාගෙ බොක්සි ස්මයිල් එකෙන් හිනා වෙවී මන් දිහා බලන් එයත් නැගිටලා දුවන් එනකොට....
" ඔහොම ඉන්නවා !!!! මාත් එනකන් !!"
මුහුදු වතුරත් එක්ක සෙල්ලම් කරලා කරලා කලුවර වැටෙනවත් එක්ක අපි ආපහු ගෙදර ගියේ.....අද දවසත් එ විදියට ගෙවිලා යනකොට.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
___________________🌻_____________________
hii 😉
🥺💜
අනිත් කොටසත් ඉක්මනින් දෙන්නම් 😁💜
කතාව කම්මැලියිද 🥲
මේක දිග කතාවක් නෙමේ ලමයි...😁
තව කොටස් තුනකින් හතරකින් වගේ ඉවර කරන්න බලන්නම් 🤍
vote and comment...🐻♥️
love you all 😙♥️
Bạn đang đọc truyện trên: AzTruyen.Top