2
රෑට කැමත් කාලා ආතල් එකේ ෆෝන් එකේ සෝන්ග් එකක් ප්ලේ වෙන්න දාලා නට නට ඉන්නකොටම
"ආව් what the..ආයිශ්..!!!"
මොන යකාද යකෝ මේ රෑ ගල් ගහන පොල් බූරුවා 😑
ශිට් ඔලුවටමයි වැදුනේ...
ජනේලේ ගාවට ගියපු ගමන් හොඳ පදෙන් අමතන්න ගත්තේ පහල හිටපු එකා මොකා උනත් කනේ ඇඟිලි ගහගන්නමයි..ඒත් බයින එක නැවතුනේ අහලා පුරුදු කටහඬක් ඇහුන නිසා..
" යාආආආහ් ඩිම්පල් !!!....ඉක්මනට පහලට එනවා...ඔතනට වෙලා ශබ්ද පූජාව කර කර ඉන්නැතුව....!!
"ආයිශ්...යාආආආහ් කිම් තේහියුන්ග් තමුසෙට අමු කැවිලද මේ මහ රෑ ගල් වලින් ගහන්නෙ ආ...ම-
"ඔයාට අයිස්ක්‍රීම් කන්න ඕන්නැද්ද 😌"
එකයි දෙකයි තුනායි හතරායි ප-
ඔය එන්නේ කඟවේනා වගේ පහලට😏
"ඔයා හරිම ස්පීඩ් නේ ඩාලින් 😌"
"හහ්😮💨..යමු ඉතින් 😌"
"කොහෙ යන්නද 😒"
"මෝහ් යාආආආහ් ටේ මාත් එක්ක විහිලු කරනවද ඔයා..😑
දැන් ඔයාමනෙ කිව්වෙ අයිස්ක්‍රීම් කන්න යමු කියලා😩"
"මේ මන් කිව්වා 🙄"
"මාව අරන් යනවාආආ දැන් කිව්වනම් 😩"
"නගිනව නගිනවා.."
බයික් එකත් ස්ටාර්ට් කරගත්ත ටේ
"හයියෙන් අල්ල ගන්න ඩිම්පල් "
කියලා එකපාරටම ඉස්සරහට ගියපු පාර තව ටිකෙන් මන් බිම ටේගේ ඉන වටෙන් අත දාලා බදාගත්ත මන් උරහිසට ඔලුව බර කරගත්තේ..මන් ආසම දෙයක් ටේ එක්ක රෑට බයික් එකේ ගිහින් අයිස්ක්‍රීම් කකා ඇවිදින එකට අපි දෙන්න ගොඩක් දවසට මෙහෙම යනවා...රෑට සෝල් පේන විදියට මේ සීතල හුලඟත් එක්ක ටේ එක්ක මේ විදියට යන එක ඇත්තටම මන් ආසම කරන දෙයක්...මන් දන්නව මන් වගේම ටේත් ඒකට කැමතී මොන වැඩේ තිබ්බත් ටේට හිතුන ගමන් එයා මාව හොයන් එනවා....අපෙ යාලුකම හරියට නමක් නැති බැඳීමක් වගේ......
හීන ලෝකේ හිටපු මන් ඇස් ඇරියේ ටේගේ කටහඬට
"වව්ලෙක් වගේ එල්ලිලා ඉන්නේ බහින්න කල්පානාවක් නැද්ද ඩිම්පල්..."
"මෝඩයා 😒"
ටේගෙ උරහිසට අතින් පාරක් ගහන ගමන්ම බැස්ස මන් අයිස්ක්‍රීම් ශොප් එකට දිව්වේ ටේ එයාගේ බොක්සි ස්මයිල් එක දාගෙන මන් පස්සෙන්ම දුවන් එනකොට....ටේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකෙන් ගන්නකොට මන් චොක්ලට් ෆ්ලේවර් එක ගත්ත අයිස්ක්‍රීම් එකත් උස්සන් මන් උඩ පැන පැන ගියේ හැමදාමත් අපි ඉඳගන්න බෙන්ච් එකෙන්
ඉඳගත්තත් ටේ තාම ආවේ නෑ කියලා මතක් වෙනකොටම මන් පිටිපස්ස බැලුවත්....ටේ කව්ද ගර්ල් කෙනෙක් එක්ක කතා කරනවා දැක්කම ඇස් දෙකත් පොඩි කරලා ඒ කෙල්ල දිහා බැලුවමයි දැක්කේ...
"මේ..එදා අර ඇඟේ හැප්පුන කෙල්ල නේද.."
මොනවද මෙච්චර වෙලා කතා කරන්න තියෙන්නෙ 😒
අයිස්ක්‍රීම් එකත් දිය වෙනවා😒 මේ නැට්ටිච්‍චිටත් දැන්මම එන්න ඕන උනානේ 😒
ටග්ගාලා අනිත් පැත්ත හැරිලා ටේව දැක්කේ නෑ වගේ අයිස්ක්‍රීම් එක කන්න ගත්තේ ටේ මෙ පැත්තට දුවන් ආපු නිසා
ඒත් මන් වචනයක් කියන්නත් කලින් එයාගේ අයිස්ක්‍රීම් එකත් මගෙ අතට දීලා
"මන් ඉක්මනින් එන්නම් ඔහොමම ඉන්න ඩිම්පල්..."
"ට්- යාආආආහ් කොහෙද මාව දාලා යන්නේ...!!"
ආයිශ් මේ මෝඩයානම් මාව මෙතන තනියම දාලා ගියානේද 😑
අර කෙල්ලවත් දාගෙන කොහෙද ගියේ..
අත් දෙකේම අයිස්ක්‍රීම් දෙකත් තියාගෙන මන් හන් ගඟ දිහා බලාගෙන හිටියේ ටේ ආපහු ඉක්මනින් එනව කිව්ව නිසා...
පැයක් විතර ගියත් ටේ තාම ආවෙ නෑ දන්නෙම නැතුව අයිස්ක්‍රීම් දෙකම කැවිලා 🙂
කවදාවත් නැතුව ටේ මාව දාලා ගියා..එන්න එන්නම සීතලත් වැඩි වෙනකොට අත් දෙකෙත් බැඳගෙන ගුලි උනේ කොච්චර වෙලා බලාගෙන හිටියත් ටේ ආවෙ නෑ...බෙන්ච් එකෙන් නැගිටලා මන් පයින්ම ගෙදරට ගියා...කාමරේට ගිහිල්ලා ඇඳට වැටුනේ අද වුන දේවල් ගැන හිත හිතමයි....
.
.
.
.
.
.
නින්දෙන්ම වගේ උඩ ගිහිල්ල ඇහැරුනේ මගෙ ඇඟට යෝදයෙක් පැනපු නිසා...
" යාආආආහ් කිම් තේහියුන්ග් !!!"
"නැගිටිනවා ඩිම්පල් දැන් උදේ වෙලා ස්කූල් යන්න අදහසක් නැද්ද.."
ටේ කියන එක ගනන් ගන්නැතුව අනිත් පැත්ත හැරිලා ආයෙ ඇස් පියා ගත්තේ ඊයේ මාව දාලා ගිය එකට දුක හිතුන නිසයි....මගෙ ඉන වටෙන් අත දාලා මාව ලඟට ඇදලා අරගෙන කනට කරලා ටේ කියවන්න ගත්තේ මන් තවත් තදින් ඇස් පියා ගන්නකොට...
" සොරි ඩිම්පල්...ඇත්තටම මන් එන්න පරක්කු උනානේ..."
"යාආහ් ඩිම්පල් කතා කරනවකෝ සද්ද නැතුව ඉන්නේ..."
"මාව මොකටද අර කෙල්ල එක්කම ඉන්නවා ඇයි ආවෙ දැන් 😑"
" මගෙ ඩිම්පල්ට ඉරිසියා හිතුනද 😌"
"හහ්..ඉරිසියා මට මොකටද ඉරිසියා හිතෙන්නේ 😒"
කියාගෙනම මන් නැගිටින්න හැදුවත් ටේ ආපහු මාව ඇදලා ගත්ත පාර කෙලින්ම මන් ටේගේ පපුවට වැටුනේ...ටේට රවලා අහක බලාගත්තේ ටේ හිනා වෙවී මන් දිහා බලන් ඉන්නකොට...
"අතාරිනවා මාව 😒"
"ම්ම්හ් බෑ අතාරින්නෙම නෑ 😌"
"හොම්බ තලා ගන්න ආසද 😒"
කොච්චර දඟලලා නැගිටින්න හැදුවත් මේ යකා නැගිටින්න දෙන්නෙම නෑනේ 😑
"අන්න අම්මා එනවා..!!"
කියන පමාවට ටේ ඇඳන් පැන්න පාර කෙලින්ම බිමටම පත බෑවුනා...ඇඳේම ඉඳගෙන පෙරලි පෙරලි මන් හින උනේ ටේගේ මූන තැලිච්ච තහඩුවක් වගේ වෙනකොට😂
"හහ්...හා..හම්මෝ 😂
ඔයා ඔච්චරටම අපෙ අම්මට බයයිද ටේ😂"
"ඔහොම ඉන්නවකෝ මන් හොඳ වැඩක් කරන්න.."
ටේ නැගිටනවත් එක්කම ඇඳෙන් පැනලා ටේට දිවත් දික් කරල ඇද කරන ගමන්ම බාත්රූම් එකට රින්ග ගත්තේ නාගෙන ඉස්කොලේ යන්න ලෑස්ති වෙන්න....
ලෑස්ති වෙලා බෑග් එකත් කරේ දාගෙන පහලට එනකොට ටේ හොඳට ඉඳගෙන කෑම ගිලිනවා..දෙන්නම බ්‍රෙක්ෆස්ට් අරගෙන අම්මටත් යනවා කියලා කියාගෙනම බයික් එකේ ඉස්කොලේට ගියේ.....හැමදාම වගේ ටේ ගේට්ටුවෙන් ඇතුලට බයික් එක දානකොට වටේටම එකතු වෙන කෙල්ලන්ගේ සද්දෙනම් අඩුවක් නෑ 😑
බයික් එකෙන් බැහැපු ගමන් මන් ඇතුලට දුවන්න හැදුවත් මැගේ බෑග් ඒකෙන් අල්ලගත්ත ටේ මගෙ කරටත් අත දාගෙනම මාවත් ඇදන් ඇතුලට ගියේ වටේ පිටේ කෙල්ලෝ මාව ඇස් වලින්ම මරලා දානකොට 🥲
ක්ලාස් එකට යනකොටම අර කෙල්ල ටේට හිනා වේගෙන ඇවිල්ලා කතා කරන්න ගත්තේ මන් කියල ජීවියෙක් දැක්කෙවත් නැති ගානට...හැබැයි එයාගෙ හිනාව නැති වෙලා ගියා මගෙ උරහිසේ තියෙන ටේගේ අත දැක්කම 😏
"ඊයේ රෑ මාව ගෙදරට ගෙනිහින් දැම්මට තෑන්ක්ස් ටේහ්‍යුන් 😊"
"ඕක මොකක්ද හේජිනා 😉"
මුට යකෝ ඇහැකුත් ගැහුවා නේද මේ බූරුවා 😑
"ඕහ් හේජිනා මේ ඉන්නේ සන්මී මගෙ හොඳම යාලුවා.."
"ආහ් හායි සන්මී.."
බොරුවට හිනාවක් දාපු මන්
"හායි.."
______________________🌻__________________
👀 epiya diga wadida manda 👀
anikath ikmanata debnam 😁❤️
kang hejin
age 18
Bạn đang đọc truyện trên: AzTruyen.Top