10
.
.
.
.
.
කොලේජ් එකෙන් පස්සෙ කෙලින්ම ගෙදර යන්න මන් පාර දිගට ඇවිදන් ගියා...වසන්ත කාලේ උදාවත් එක්ක පාරපුරා වැටිලා ඉසිරිලා ගිහින් තියෙන මල් පෙති හුලඟට පාර පුරා යන විදිය...
පාර දෙපැත්තෙම මල් ගස් වලින් පිරිලා...මේ හුලඟෙ පවා හරිම නැවුම් සුවඳක් එක්ක හරිම නිස්කලංක බවක් තියෙන්නේ...
" ඒඒඒඒඒයි..!! ඩිම්පල් !!!"
ඒ කටහඬ ඇහෙනවත් එක්කම මන් නැවතුනා...ඇස් දෙක තදකරල පියාගත්ත මන් හෙමින් පිටිපස්සට හැරුනේ...ඒ කටහඬේ අයිතිකාරයා..
" ට්..ටේහ්‍යුන්.."
" මාව දාලා කොහෙද මෝඩියේ ගියේ!!!"
මන් එයා දිහා බලලා උත්තර දෙන්න යනකොට එයා ආයෙමත් කෑ ගැහුවා..
" යාආආආහ් !!! ඩිම්පල් ඔහොම නවතිනවකො!!"
ඒ කෝපි පාට ඇස්...ඒ බොක්සි හිනාව...මන් දන්නව මේක හිතලුවක් විතරයි.. මගෙ හිතේ මැවෙන..ඒත් මට මේ මොහෙතේ හැමදාම රැඳිලා ඉන්න තිබ්බනම්...ඇස් වල කඳුලු පුරෝගෙන එයා දිහා බලන් හිටපු මන් ආයෙමත් හරුනේ තව කටහඬකට...ඔව් ඒ වෙන කවුරුත් නෙමේ ඒ මන්මයි...අතීතයේ මන්...මේ මගෙ හිතේ මැවෙන අපෙ පරන මතක....
" මන් කොහෙවත් ගියෙ නෑ මෝඩයෝ..😒 තමුසේ අතන කෙල්ලන්ට පැණි හලනකන් මට ඉන්න බෑ ඒක නිසයි මන් ආවෙ...දෙන්න හිතෙනව දත් ටික බඩේ හිටින්න මේකට "
මුල් ටික හයියෙන් කියලා අන්තිම ටික හිමින් කිව්වේ...ටේ හිනා වෙලා ඇවිල්ලා මගෙ කරට අතක් දාගන්නකොට...
එයා මාව පහුකරන් යනකොට මන් එයාව අල්ලන්න හැදුවත් මට ඒක කරන්න පුලුවන් කමක් නෑ...
" මට ඒක ඇහුනා 😏"
"මොකක්ද 😒"
" ඔයාට පුදුම තරහක් නේ තියෙන්නෙ මගෙ දත්ටික එක්ක 😒
හහ් මගෙ දත් ටිකට ඔච්චර ඉරිසිය කරන්න එපා බබා 😌"
" හහ්😂..මන් කියන්නෑ ඉතින්
කිව්වා කියලා හිතා ගන්නවා මෝඩයා 😒"
"ඔයාට ජෙල නේ 😏"
"ජෙලි බැරිනම් ඕන මගුලක් කා ගන්නවා මන් යනවා..!!!"
මන් කෑගහලා කියනකොට එයා හයියෙන් හිනා වෙලා......
" දෙන්නම ගිහින් කමු 😌"
" ආයිශ්!!!! "
මන් ඔරව ඔරව ටේට බැන බැන යන අතරේ එයා හිනා වෙවී මාව තවත් අව්ස්සපු එක කලේ....
මන් බලාගෙන ඉන්නකොටම ඒ රූප බොඳ වෙලා නැතිවෙලා ගියේ...මන් හිනාවක් මූනේ රඳවන් ඒ දිහා බලන් ඉන්නකොට....ආයෙමත් ඒ අතීතේ ජීවත් වෙන්න මට අවස්තාවක් හම්බුනොත් මේ හැමදේම වෙනස් කරන්න මන් ඕනම දෙයක් කරනවා...ඒත් ඒක කරන්න බෑ....හැමදේම දැන් වෙලා ඉවරයි හිතපුවත් නැති විදියට...
බස් හෝල්ට් එකෙන් බස් එකේ නැගලා ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන ටීවි එක ඔන් කරගෙන ඉඳ්ගත්තත්..මන් ආයෙමත් නැගිට්ටේ ගෙදර ඩෝර් එකේ බෙල් එක වැදුන නිසා...ශිට් ඩ්‍රාමා එකක් බලන්න හැදුවා විතරයි!!
ඩෝර් එක ඇරපු ගමන් ජේමින් මගෙ ඇඟේ එල්ලුනේ මන් පුදුම වෙලා යනකොට...
" ඔ..ඕහ් ජේමිනා.."
"සනූ ආන්ටි.."
"ටඩා !!!! "
"යාආආආහ් මෝඩ ඩබල මන් බයවෙලා ගියා!!!"
" ඕහ් කමෝන් සන්මියා අපි පව්ල් පිටින්ම ඔන්න ඔයාව බලන්න ආවා 😌"
ජිමින් කියනකොට කට ඇද කරගත්තු මන් ජේමින්වත් අරන් ඇතුලට ගියේ..ජිමින් දොර ලඟ ඉදන් කෑ ගහනකොට...
" යාආආආහ් !!! ඔයා මාව පිලිගන්නැද්ද ආහ්..!!!"
"අලිබබාලව පිලිගන්නෑ.."
සෝෆා එකෙන් ඉඳගන්න ගමන් මන් ජිමින්ට කිව්වෙ දිවත් දික් කරලා ඇද කරන ගමන්...ඒක කිව්ව ගමන් මූන ඉරක් කරගෙන මන් දිහා බලනකොට මන් තද කරන් හිටපු හිනාව එලියට දැම්මේ ජියාත් මගෙ හිනාවටම ජොයින් වෙනකොට..
" බේබ් ඔයත් හිනා වෙනවද!!! 😑"
"හරි හරි දැන් මේ එකපාරටම මාව මතක් වෙලා මොකද මේ..."
.
.
.
.
.
.
හැමෝම එක්ක බීච් එකට ගිහින් විනෝද උනා ඇති වෙනකන් හිනා උනා..ජියයි ජේමිනුයි මායි එකතුවෙලා ජිමින්ව බයිට් කරනකොට අසරණයා කෑගහගෙන මගෙ පස්සෙන් එලෙව්වේ
අපි බීච් එක පුරාම පොඩි උන් වගේ දුවනකොට...හවස් වෙනකොට බීච් එක ගාවම කැෆේ එකට ගියේ දැනුන මහන්සිය නිවාගන්න හිතාගෙන..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
20 years later ,
" ආආහ් අප්පා ඉක්මනට එන්නකො අනේ "
" දැන් මන් වයසයි ජේමිනා...අප්ප එනකන් ටිකක් ඉන්නවා.."
" ආයිශ් "
මායි ජේමිනුයි දෙන්නම මේ යන්නෙ සන්මිව බලන්න...නෑ අපි යන්නේ ඒ දෙන්නවම බලන්න...සන්මි නැතිවෙලා දැනට අවුරුදු පහක්...ග්‍රේව් දෙක ලඟින් ඉඳගත්ත අපි ගෙනාපු මල් එයාලා ගාවින් තිබ්බා...ඔයා දැන් සතුටින් ඉන්නවද සන්මියා..ඔයාගෙ ටේ එක්ක ඔයා සතුටින් ඇති නේහ්...ම්ම්ම්
මෝඩී ටේ ගාවට යන්න ඕන කමට මේ යාලුවව දාලා ගියානේද...නපුරි..ඒත් මට සතුටුයි දැන් ඔයා හිනාවෙලා ඉන්නව ඇති එයා එක්ක...යාආආආහ් මෝඩ ටේහ්‍යුන් එයාව හොඳින් බලාගන්නවා හරිද..නැත්තන් මන් තමුසෙට හොඳ වැඩක් කරනවා....බලන්න සන්මියා ජේමින් හැදිලා තියෙන්නෙ ඔයා විදියටමයි...පුලුවන් තරමක් කරන්නේ නසරාණි වැඩමයි...ජේමින්ගේ හැසිරිම මට මතක් කරන්නෙම ඔයාව...මෝඩි මගෙ කොල්ලව ඔයාගෙ විදියටම හදලා...හහ් දැන් ඉන්නව මුකුත් නොකරපු ගානට...
කඳුලු එක්කම හිනා වෙලා ඔයා දිහා බලන් හිටපු මන් හැරුනේ ජේමින් දිහාවට..ඒ ඇස් වල කඳුලු..එයාටත් එයාගෙ සනූ ආන්ටිව ගොඩක් මතක් වෙනව ඇති....
ජේමින් එක්කම නැගිටපු මන් ආපහු යන්න හැරුනත් ආයෙමත් පාරක් හැරිලා ග්‍රේව් දෙක දිහා බලලා හිනා උනේ ඒ මූනු දෙකේ හිනාව තාමත් ඒ ග්‍රේව් වල රැඳිලා තියෙනකොට...හුස්මක් පහත දාපු මන් සෙමට්‍රි එකෙන් එලියට ආවෙ ජියා දුවත් එක්ක අපි එනකන් ගෙදර බලන් ඉන්න නිසා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මල් වලින් පිරුන ඒ පාර දිගේ කෙල්ලෙක් දිව්වේ සතුටින් හිනාවෙවී...
ඇය නැවතුනේ ගඟ අද්දර බිම තණගොල්ලේ නිදාගෙන හිටපු ඒ තරුණයා ලඟ..
ඇය මුවගේ රැඳුන හිනාවත් එක්කම ඒ රූපේ දිහා බලාගෙන හිටියත්..ඇය ගැස්සිලා ගියේ ඔහු එක්වරම ඇගේ ඉනෙන් අල්ලා ඔහු වෙතට ඇදපු නිසා...
" ඔච්චරටම බලන්න තරම් මන් ලස්සනයිද..."
කෙල්ලගෙ කනට කරලා ඔහු කොඳුරනකොට කෙල්ල ඇස් පියාගත්තේ ඔහුගෙ උණුසුම් සුසුම් ඇගේ ශරීරය ස්පර්ශ කරනකොට...
" මන් ඔයාට ආදරෙයි ටේහ්‍යුන්..."
හිනාවක් පෑ ඔහු...
" මාත් ඔයාට හිතාගන්නවත් බැරි තරම් ආදරෙයි ඩිම්පල්..."
ඇගේ දෑස් දෙස බලා සිටි ඔහු ඇගේ දෙතොල් අයිති කර ගත්තේ...ඒ දෙතොල් වල පහස විඳින ගමන්..
සමහර බැඳීම් තියෙනවා මරණයට පවා වෙන කල නොහැකි හරි අමුතුම බැඳිම්
.
.
ඉතින් සන්මි × ටේහ්‍යුන් ආදර කතාවත් ඒ වගේ...
මරණයටවත් ඔවුන්ව වෙන කරන්න බැරි වෙන්න ඇති.....
ඇය ඇගේ අන්තිම හුස්ම පොදතෙක්ම ඔහුවෙනුවෙන් බලන් ඉන්න ඇති ඇගේ තනිවුන හදවත එක්ක.....♡
°• සමාප්තයි •°
-----------------------------🌻-----------------------------
එහෙනම් ඔන්න ඒකත් ඉවරයි...😪
ස්තූතියි මගෙ මේ විකාර කතාව කියවපු හැමෝටම 🥺❤️
ආදරෙයි හැමෝටම..මුල ඉඳන්ම කතාව එක්ක හිටියට හැමෝටම ගොඩාආආඅක් ස්තූතියි 🥺❤️
එහෙනම් තවත් කතාවකින් හමුවෙනකන්...නවතින්නම් මන්...
🌻❤️
author [ shenukawi ] 🥀
Bạn đang đọc truyện trên: AzTruyen.Top