9

"යමන් ඇතුලට.. මට නම් මාර මහන්සි"

කට්ටියම ඇතුලට

ඇතුලත් එලිය වගේම ලස්සනයි..

කට්ටියම හම්බුන ජූස් එකත් බීලා උඩ තට්ටුවට ගියා..

"මේ මොකද කරන්නේ දැන්... මේකේ පහකට ඉන්න බෑ"

"මන් එහා පැත්තෙ එකට යන්නම් අයියේ"

"තනියම"

"ඔව් අවුලක් නෑ..."

"බෑ එහෙම කරන්න"

"මන් මල්ලි එක්ක නිදාගන්නම්"

අයියා කිව්වා..

අවුලක් නෑ එහෙනම්

අනිත් තුන් දෙනා එක කාමරේක
මායි අයියයි අනිත් එකේ

"මුලින්ම මොකද බන් කරන්නේ?"

"මේ පූල් පාරක් දාමුකෝ"

යුංගි අයියා ඉස්සර වුනා..

ඒ සැනෙන් කට්ටිය ගියේ පූල් යන්න ඇදුමක් දාන් එන්න.. මායි අයියත් බෑග් දෙක ජිමින් අයියලගේ කාමරෙන් ආයේ උස්සන් අපේ කාමරේට ආවා

මොකක්ද මන් අදින්නේ??

ගත්තා ශෝටක්

එතකොට උඩට

උඩට ඕනේ නෑ

අපෝ බෑ අර යකා ඉන්නවා

ගත්තා ටී ශර්ට් එකක්.. අයියා ශෝටයි ටී එකයි ගහගෙන ගියාට පස්සේ මාත් ගත්ත එක ඇදගත්තා..

මන් පල්ලෙහට යද්දී අනිත් අය පූල් එකේ

ජිමින් අයියයි යුංගි අයියයි තරගෙට පීනනවා.. අපේ අයියා තාම කකුල් දෙක විතරක් වතුරට දාන් ඉන්නවා

කෝ අර යකා..

මන් වටපිට බැලුවා
පේන්න නෑ

එතකොටම මගේ පිටිපස්සෙන් කෑගහගෙන එන කට හඩ ඇහුනා.. මන් හැරුනා ක්ශනිකයෙන්

කලු අත් දිග ටී එකට ටවල් එකක් ඇදන් එනවා..

"වරෙන් ජංකුකා...ඒයි ටේ වරෙන්"

අපෙ අයියා කෑ ගහනවා.. මාත් හෙමින් අයියා ලගට යද්දී අයියා බැස්සා පූල් එකට..

බහිනවද නැද්ද...
සීතලයි වගේ
තාම මන් හිතනවා

එතකොටම අර යකා ඇදන් හිටිය ටවල් එක ගලවලා මගේ ඇගට විසික් කලා..

"ඕක දාපන් මල්ලී ඔය පුටුවෙන්"

ඇයි තොට අතක් නැද්ද? මූගේ හැම වැඩේම මන් එපැයි යකෝ කරන්න දැන්

එතකොටයි මන් මෙච්චර වෙලා වහන් හිටිය සුන්දර දසුන දැක්කේ

ඔව් එයා හෙන හැන්ඩියා
තනි කලු පාට ඇදලා
එයා සුදු නිසා ලස්සන වැඩි

ජංකුකුත් බැස්සට පස්සෙ මන් ඒකගේ ටවල් එක පුටුවෙන් දාලා බැස්සා

වාව්... වතුර ටික ගානට සීතයි ගානට රස්නෙයි

මන් අයිනේ කණ්ඩියට අත් දෙකත් තියන් බලන් හිටියේ අයියලා දිහා

එයාලා මාර එකතුයි

මටත් රට හිටියා යාලුවෝ දෙන්නෙක්
හොබියයි ජිනුයි
ජින් මටත් කලින් එයාගේ රටට ගියා
හොබියත් තව මාසෙකින් යනවලු
හ්ම්ම් අපිත් ඒ කාලේ මෙහෙම සතුටෙන් හිටියේ

ඒ අතරේ මගේ ඇස් හැමවෙලේම ගියේ ජංකුක් ලගට
වතුරට ඇදුම ඇගට ඇලිලා
ලස්සනයි එහෙමත්
මසල්ස් හොදට ඉලිප්පිලා පේනවා
හිතුවට වඩා පොර ජිම් යනවා වගේ..

මන් ඉතින් පැත්තකට වෙලා හිතින් චිත්‍ර මව මව හිටියා

"ඒයි පොඩි එකෝ"

කොහෙ මවන්නද? අපේ අයියගේ කටේ සද්දෙට මාව ගැස්සුනා

මන් ඇයි කියන්න වගේ බැලුවා

"එනවා ටීම් දෙකක් බෙදිලා වොලිබෝල් ගහන්න"

"5කට බෙදෙන්නෙ බෑනේ"

"පණ්ඩිතයා නොවී වරෙන්කෝ"

මන් ඉතින් ගියා

"එකයි දෙකයි තුනයි කිව්වම එක්කො අත උස්සපන් නැත්තම් පහල දාපන්.. උස්සන් ඉන්න අය එකක පහල දාන් ඉන්න අය එකක... හැබැයි තුනට දෙක එන්න ඕනේ"

අපේ අයියගේ මොලේ තාම වැඩ නේ...

අයියා එකයි දෙකයි තුනයි කිව්ව ගමන් මන් දැම්ම අත පහල..

ජිමින් අයියයි යුංගි අයියයි අත උස්සන්
අපේ එකත් අත උස්සන්
අපෝ අර යකා අත පහල දාන්..
මේකා නම් හාත්ම හතක් පස්සෙන් එක කරුමයක්ද කොහෙද
හැබැයි......... මන් ආසයි

අපි මැද ඉර තියන තැන බෙදාගෙන දෙපැත්තට උනා

අයියලා වට වෙල සාකච්චාව

ජංකුක් මගේ අතින් ඇදගෙන කෙලවරට ගියා

ඔව් එයා මගේ අතින් ඇල්ලුවා...
එයාට නම් ගාණක්වත් නෑ
ඒත් මට

අපි දෙන්න කෙලවරට ගියාම ජංකුක් අයියලට පස්ස හරවලා මගේ ඉස්සරහෙන් හිට ගත්තා..

"ඔයා ඉස්සරහා බලන්න, මන් පස්ස බලන්නම්"

මන් වොලිබෝල් ගහලා තියනවා යකෝ.. දෙන්නම් ඇටි හැලෙන්න

"හා"

"හැමෝටම උකුලෙ නිදාගන්න දෙන්න ඕක පොදු දේපලක්ද අහ්?"

මොකා කියන්නේ? ඒ කතාව කොහෙන්ද මෙතනට ආවෙ
මන් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා..

"උබලා ලව් කරනවද ඕයි? වරෙන් පටන් ගන්න"

"ඉදපන් අපිට දෙන්නයි ඉන්නේ..."

ආයේත් මගේ පැත්තට

"ජිමින් නෙමෙයි කාටවත් ආයේ නිදාගන්න දෙන්න එපා හොදේ.. දැන් එනවා යන්න"

මොකක්?? අන්න ඒ ගමන යනවා
යකෝ යාලුවට ඉරිසියා කරනවා මේ යකා

මාත් ගියා ඒකව පාස් කරන් ඉස්සරහට...

එක දෙක තුන අපි ලකුණු ගද්දී ජිමින් අයියා අඩනවා

"බෑ හොරයි.. මුන් දෙන්නටම වොලිබෝල් පුලුවන්"

"ඒවා අපිට අදාල නෑ.. සාධාරණව ටීම් බෙදලා සාධාරණව ගහන්නේ"

ජංකුක් කියපි

අපේ අයියට හිනා.. ඕකා දන්නවා මන් වොලිබෝල් කාලා ඉන්නේ කියලා

පැයක් විතර ගැහුවා වොලිබෝල්
අපි දෙන්නා ගහනවා
ජිමින් අයියා අඩනවා
අපේ අයියා හිනා වෙනවා

පූල් එකේ හවස තුන වගේ වෙනකන් ඉදලා ආවා ගොඩට

බඩගිනි ඉහ මුදුනටම
දුවලා ගිහින් ගත්තා ටවල් එක

ඔය කලේ වැඩක්

පුටුව උඩ ටවල් තුනයි

ජිමින් අයියා ගත්තා කහ පාට එක
යුංගි අයියා ගත්තා එහා පුටුවේ තිබ්බ එක
අපේ අයියත් ඒ පුටුවෙම තියලා නිල් පාට එකක් ගත්තා

තව දෙකක් ඉතුරුයි
සුදු පාට දෙකක්
මන් මයි අර යකාගේ එක මේ පුටුව උඩට දැම්මේ

මන් ඕනේ එකක් වෙන්න කියලා ගත්තා
යට තිබ්බ එක
හොදට මූණත් පිහදාගත්තට පස්සේ ලාවට දැක්කේ මාකර් එකකින් මොකක්ද ලියලා

ජේකේ

හුටා මේ ඒ යකාගේ එකද

ඒත් මන් උඩින් දැම්මේ එයාගේ එකනේ

මන් බැලුවා ජංකුක් දිහා
ඒකා හිනා වෙනවා
හොදට මගේ එකෙන් ඔලුවත් පිහදානවා

ඒ එක්කම ඇස් වලින් මට පෙන්නුවේ ජිමින් අයියව

හරිනේ මේ යකා යට තිබ්බ එයාගේ ටවල් එක ගන්න ගිහින් මගේ එක උඩට දාලා

දැන් මොකද කරන්නේ? මගේ එක ඉල්ලනවද?
මන් ශේප් එකෙ ජංකුක් ලගට යන්න අඩිය තියද්දිම මේ යකා ටවල් එක ඇදගෙන ගැලෙව්වා නේද කලිසම

යකෝ මූ....
කිසි ලැජ්ජාවක් නෑ
දැන් නම් මට කොහොමත් ඔය ටවල් එක නම් එපා..

කමක් නෑ එක්කෝ මේක අලුත් නේ..
මන් මේක පාවිච්චි කරනවා කියලා හිතන් ඔලුව පිහදාගත්තා

"මේ ටේ හෙම්බා හදාගනින් පුලුවන් නම් වටේ කැරකි කැරකි ඉදලා"

හුටා
ඔක්කොම ඇදුම් ගලවලා ටවල් ඇදන්
මන් තාම පූල් ඇදුම පිටින්

යකෝ ජංකුක්
සික්ස් පැක් එලියෙ
හොද පපුවක් තියන කොල්ලෙක් නේ
මන් මල පෙරේතයෙක් වගේ බලන් හිටියේ ටවල් එක ඉන ලගට ඇදන් ඉන්න ජංකුක් දිහා

"ටේ බැලුවට වැඩක් නෑ"

මන් ගැස්සුනා
අහ් මන් බලන් ඉන්නවා දැකලද

මන් බැලුවේ යුංගි අයියා දිහා...
අපේ අයියත් මන් දිහා බලන්

"ඔය වගේ ඇග හදාගන්න නම් ඉබි මස් කාලා දවසට පැය විසිතුනක්වත් ජිම් එකේ ඉන්න ඕනේ"

අම්බෝ.....
මන් හිතුවේ ඉවරයි කියලා

අපේ අයියයි ජිමින් අයියයි හිනාවීගෙන ගියා ඇතුලට
ඊට පිටි පස්සෙන් යුංගි අයියා
මටත් ඇහැක් ගාලා පල් හිනාවක් දාලා අර යකත් ගියා..

මාත් ඇදුම ගලවලා ටවල් එකත් ඇදගෙන ගියා

ඇතුලට යද්දී ඔක්කොම ටවල් එක පිටින්ම කෑම මේසේ

"මොකද අනේ ඔය"

"ඇයි?"

අපෙ අයියා අහපි

"ඇදුමක් දාන් ඇවිල්ලා කමු"

"මෙන්න මේ වරෙන් ටේ කන්න.. උබෙයි අපෙයි දෙකක් නෑනේ"

ඒ වුනාට...
මට බෑ අර යකා දිහා බලන් නම් කන්න
කන එකත් යන එකක් නෑ උගුරෙන් පල්ලෙහාට
යසයි එලියෙ දාන් ඉන්නවා
මුන්ට ලැජ්ජාවක් නෑනේ

ඒත් මෙතන දැන් කෙල්ලෙක් වගේ ඇබරෙන්න බෑනේ

ඔන්න ඔහේ මාත් ලැජ්ජාව දොර ලග තියලා ගිහින් වාඩිවුනා අයියට එහා පැත්තෙන්

සද්දයක් නෑ.. කනවා

ඇස් කොනෙන් පේනවා
අර යකා බලනවා මන් දිහා

"සර් තව මොනාද ඕනේ?"

එතකොටම කෙල්ලෙක් ආවා.. ශුවර් මෙයත් මෙහෙ වැඩ කරන කෙනෙක්

"උබලට තව මොනාද ඕනේ?"

"මට නම් ඇති"
"මටත්"
"මටත්"

මාත් ඉතින් ඇති කියලා කිව්වා.. ඇත්තටම පට්ට රසයි කෑම
බඩ පැලෙන්න කෑවා...

කෙල්ල මන් ලගින් අත දාලා ඉස්සරහ තිබ්බ දීසිය ගන්න ගියේ
ඒත් එයාගේ අත මගේ ඇගේ වැදුනා
මන් ගැස්සුනා

"සොරි සර්"

"අහ් ඒකට කමක් නෑ"

ඒ කෙල්ල ලස්සන හිනාවක් දාලා ගියා..

"ආව්.... යකෝ ටේ ද ඉස්සර වුනේ?"

"මොකක්ද?"

"ඕකීගේ ඔය වැරදිලා නෙමෙයි අත වැදුනේ"

"මොකක්?"

"ඔයාට හිත ගිහින් වගේ"

"අනේ විකාර කියවන්න එපා ජිමින් අයියේ"

"බලමුකො අපි නේ යුංගියා"

ඔක්කොම හිනාවෙනවා.. ඒත් කෙනෙක් ඇරෙන්න
මල කෝලම්
හින වෙන එකත් මල කෝලම් හිනා නොවෙන එකත් මල කෝලම්

කාලා කට්ටියම රූම්වලට ගියා ඇදුම් මාරු කරන් එන්න...
.
.
.
.
.

මාත් ශෝටයි ටී එකයි ගහගෙන පහලට යද්දී අර කෙල්ල ඉන්නවා...








හායි ගායිස්
ඊලග චැපියෙන් සෙට් වෙමු ඈ

plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top