8

"මගේ බඩින් අල්ල ගන්නවා"

"මට බෑ.. තමුසේ යනවකෝ"

"හා එහෙනම්"

මූ විද්දා නේ දෙසීයට විතර.. බයටම ඇස් දෙක පියාගත්තා..
වේගේ අඩු වෙනවා වගේ දැනෙද්දී ශේප් එකේ ඇස් දෙක ඇරියා...

හුටා......

ඇස් අරිද්දි මන් මේ යකාගේ බඩින් අත දාලා අල්ලගෙන

ලැජ්ජවෙන් බාල්දියයි.. මන් ගත්තා ක්ශනිකව අත...

හුලගටද මන්දා බෙල්ල ලග දනවා..
මන් හිතන්නේ කැපිලා..

මන් ලාවට හෙල්මට් එකේ බෙල්ට් එක බුරුල් කරන්න හැදුවේ..
එතකොටම මේ යකා බයික් එක නතර කලා..

"ඇයි?"

"බහින්න"

"මේ කොහෙද?"

"ගාලු පාර ඕයි"

"මේ මන් තනියම යන්න දන්නෙ නෑ"

"මගුලක් කියවන්න නැතුව බහිනවා"

බැස්සා.. වාහනේ අයිති එක කියවද්දී බහින්නෙ නැතුව ඉන්න බෑනේ..

"එනවා"

කියලා ඉන වටෙන් අත දාලා ලගට ඇදලා ගත්තා.. පපුවට අතක් තියලා බ්‍රේක් පාර ගැහුවේ..

එයා.... එයා හෙමින් හෙල්මට් එක ගැලෙව්වා..

"ආව්...."

හැරෙනවා පස්ස...
හැරුනා

"හීරිලා..."

"හීරිලා නෙමෙයි තමුන් හීරුවා"

"මන් මොකක්ද කලේ? බබෙක් වගේ හෙල්මට් එක අරන් කැරකෙද්දී මන් කලේ උදව්වක්"

දැන් මේ යකා එක්ක ඕකට කියෙව්වා කියලා තේරුමක් නෑ..

"අවුලක් නෑ ජංකුක්.. අපි යමු මන් ගිහින් බෙහෙත් දාගන්නම්"

"හ්ම්ම්ම් රිදෙනවද?"

මන් බලන් හිටියේ එයාගේ ඇස් දිහා...

"රිදෙනවද"

"නෑ නෑ.."

මන් අමාරුවෙන් ආයේ හෙල්මට් එක දාගෙන නැග්ගා..
කේන්තියක් ආවත් ඒක නිව්නා ඇත්තටම
එයා ඇත්තටම හිතාගන්න බැරි කෙනෙක්

විනාඩි කිහිපයකින් ගෙදර ගේට් එක ළග

"මොනාහරි බොන්න එනවද?"

මේක ඕනේ නැති ආරාධනයක්.. ඒත් උදව්වක් කලානේ පොර

"එපා මල්ලී.. උබ පලයන් ඇතුලට"

මල්ලී?? පුෆ්ෆ්ෆ්

මන් ඔලුවත් වනලා එන්න යද්දී ආයෙම ඇද්දා අතින්

මන් බැලුවා එයා දිහා

"සොරි"

මන් මොකටද කියන්න අහනවා වගේ බැල්මට් එකක් දැම්මා

"බෙල්ල හීරුනාට"

"ඒක මහ දෙයක් නෙමෙයි.. ගුඩ් නයිට්"

කොල්ලා ඊලග තප්පරයේ හෙල්මට් එකත් අරන් හෝන් එකකුත් ගහගෙන විද්දා..

ගත්තා ෆෝන් එක අතට...

ජංකුක්ගේ චැට් එක

"පරිස්සමෙන් යන්න"
"මැනස් කියලා දෙයක් දන්නෙම නෑ නේ"

ඌරගේ මාලු කපන්න ඕනේ ඌරගේ පිටේලුනේ...

ගේ ඇතුලට එද්දී ලිලී ඇන්ටි ගේ අතුගානවා.. මන් හිනාවක් දාලා රිංගගත්තා මගේ කාමරයට..

ටී එකත් ගලවලා ඇදන් හිටිය ඩෙනිමත් ගැලෙව්වා...

පුදුම නිදහසක් දැනෙන්නෙ...
හොදට හුලන් වදිනවා

පැයක් නිදාගෙන වොශ් එකක් දාගන්න හිතාගෙන එලාම් එකත් තියලා පොඩ්ඩක් ඇල වුනා..

හොද පැය
ඇහැරෙද්දී නවයත් පහු..

වොශ් එකක් දාන් පහලට යද්දි අයියයි තාත්තයි බර කතාවක
මාත් ගිහින් වාඩිවුනා

"මේ ටේ අනිද්දා වැඩද?"

"ඔව්ව්..."

"අපි යනවා බූසාන්"

"අනේ මාත් ආසයි"

"නිවාඩුවක් දාපන්"

"මොනාද ජූන් මේ තමුන්ලා දෙන්නා කතා කරන බාසාව?"

"අහ් නෑ තාත්තේ.. ජිමින්ලගේ බූසාන් ගෙදර යන්නේ"

"හ්ම්ම් බලමුකෝ.. නිවාඩු දුන්නොත් මාත් එන්නම්"

අනිද්දා සෙනසුරාදා නිසා ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන් වෙයි හැබැයි...
.
.
.
.
.

සිකුරාදා දවසත් ගෙවිලා ගියා..

මන් ඉල්ලපු දවස් දෙකේ නිවාඩුවත් ලොක්කා මට දුන්නා..

ඉතින් මන් මේ ඇදුම් ලෑස්ති කරනවා..
දවස් දෙකක්නේ
බූසාන් කියන්නේ මන් යන්න ආසම තැනක්
පොඩි කාලේ ගියා වගේ හීනියට මතකයි
මායි අයියයි ජිමින් අයියයි යුංගි අයියයි අර ජංකුකුයි

එහේ ඉන්නවා කිව්වා ජිමින් අයියගේ යාලුවෝ, උන් අපිට ඔක්කොම යන්න තියන බලන්න තියන තැන් සෙට් කරන්නම් කියලා

සූට් කේස් එකක් පිරෙන්න දාගත්තා ඇදුම්

හෙට පහට යනවා..

හැබැයි උදේ වැඩී වගේ..

එලාම් එකත් තියලා මන් නිදාගන්න ගියේ
එතකොටයි මට මතක් වුනේ අද දවසටම ෆෝන් එක බැලුවෙ නෑනේද කියලා

ඩේටා ඔන් කලා විතරයි ටන් ටෝන් ටින් ගාලා මැසේජ් පෝලිමයි

වැඩිම මැසේජ් සෙක්සි බෝයිස් එකේ..

"බලලා වැඩක් නෑ, හෙට ට්‍රිප් එක ගැන වෙන්න ඇති"

තව කැම්පස් එකේ ගෲප්වල මැසේජ්..

ඒවත් තේරුමක් නෑ...

ඉබේටම ගියේ ජංකුක්ගේ චැට් එකට..
ඒත් නෝ මැසේජ්

"පරිස්සමෙන් යන්න"
"මැනස් කියලා දෙයක් දන්නෙම නෑ නේ"

මන් දැම්ම මැසේජ් දෙක සීන් කරලා, ඒත් නෝ රිප්ලයි

ඌට ඕනේ වුනාම විතරයි මැසේජ් කරන්නේ..

අර කිව්ව කොල්ලා සෙට් වෙලා වෙන්න ඇති
මට මොකද

ස්ටේටස් ටිකත් බලලම නිදාගන්න හිතුනා...

බල බල යද්දී අර ගොන් ජංකුක්ගේ ස්ටේටස් එකක්...
වැරදීමකින් ඉතින් බැලුනා...

වෙනදාවගේම අදත් තඩි කෙල ගුලියක් ගිලුනා..

මූ නම් අවුස්සන්නම ඉපදුන එකෙක්..

මන් සූම් කර කර ගොඩක් වෙලා බැලුවා...
ලස්සනයි.... නෑ හොට්

පස්සෙයි මන් දැක්කේ කැප්ශන් එක

"If you want me, get in line"

අනේ විකාර.. ගෙට් ඉන් ලයින්
හරි කෑල්ල

ආයෙත් ෆොටෝ එක දිහා බලලා ඩේට ඕෆ් කරලා ඇස් දෙක පියාගත්තා..

මට පේන්නේ එයාව
ජංකුක්ව
නපුරු ඇස්
දරදඩු අත්
ඒ පපුව
රෝස පාටයි එයාගේ තොල්
ඔව් හැමෝම හොයන ජාතියේ අංග සම්පූර්ණ කොල්ලෙක්

මට ලෝභයි
ඒත් ඇයි?

හීන ලෝකේ ඉද්දිම මට නින්ද ගිහින්....

එලාම් එකේ සද්දෙට ඇහැරෙද්දි ඔලුව මන්‍යං වෙලා වගේ.. ඇස් දෙක ඇරගන්න බැරි තරම් නිදිමතයි

ඔව් ඊයේ මගුල් බල බල හිටියනේ

අමාරුවෙන් බඩගාගෙන නැගිටලා යාන්තමට ඇස් ඇරගෙන වොශ් රූම් එකට ගියා..

උදේම නාගත්තට පස්සෙ නම් නිදිමත ගියා..

"මොකක්ද අදින්නේ?"

ගත්තා ඩෙනිමයි අත් දිග සුදු ශර්ට් එකයි...

"ඔය ඉන්නේ සුද්දා වගේ..."

මන් ම මන් ගැන් ප්‍රශංසාවක් කරගෙන ගියා කාමරෙන් එලියට

ඒ එක්කම වගේ අයියත් ආවා...

පාන්දර 4.45යි

ලිලී ඇන්ටිත් උදේම නැගිටලා අයියට තේ එකයි මට ජූස් එකයි හදනවා..

ඒකත් බීලා අපි බලන් හිටියේ අනිත් අය එනකන්

"මොකේද අයියේ යන්නේ?"

"ජංකුක්ගේ වාහනේ"

අහ් එහෙනම් පැයකින් බූසාන් යන්න පුලුවන් වෙයි

හිත හිත ඉද්දිම ආවා වාහනේ

ලිලී ඇන්ටිට සමුදීලා අපි එලියට ගියා..

ජංකුක් ඩ්‍රයිවින් සීට් එකේ... ජිමින් අයියයි යුංගි අයියයි පිටිපස්සේ..

කාර් එකක් වුනාට හොදට ඉඩ තියනවා..

අයියා නැග්ගා ඉස්සරහෙන්
ඉතින් මන් බෑග් එක ඩිකියට දාලා නැග්ගා පස්සෙන්.. පස්සෙන් කිව්වේ පිටිපස්සෙන්

පටන් ගද්දීම මේක දැම්මා හෙන හයියෙන් සින්දු

අයියලටත් අවුලක් නෑ
ඔක්කොම කොහොමත් ආසයි නේ

මාත් ඉතින් අහගෙන ගියා..

ජිමින් අයිය නම් අපේ ගෙදරට එද්දිත් දොයි බබා වෙලා හිටියේ
යුංගී අයියා අපේ අයියත් එක්ක හෙන සාකච්චාව

මන් ඉතින් ජනේලෙන් එලිය බලාගෙන ගියා

ටික දුරක් යද්දී මට තේරුනා කවුරුහරි මන් දිහා බලන් ඉන්නවා කියලා
ඒ එක්කම මගේ ඇස් නැවතුනේ ජංකුක් ළග

ඉස්සරහා කණ්නාඩියෙන් මන් දිහා බාලාගෙන

මාත් එක්ක හිනා වුනා

හැබැයි මාත් එක්ක හිනාවුනාද මට හිනාවුනාද කියලා නම් හිතාගන්න බැරි වුනා..

මන් බලාගත්තා අහක

මන් නිකන් ඌගේ ගැනී වගේ
රවනවා ගොරවනවා
ඉතින් ඒ යකා කරන්නේ ඒ වගේ ප්‍රතිචාර දෙන්න ඕනේ වැඩනේ

පැයක් විතර ගියාට පස්සේ ජිමින් අයියා හෙන ඈනුමක් ඇරගෙන නැගිට්ටා

"උබ නැගිට්ටද?"

"හ්ම්ම් ඔව් ඔව් ඇයි?"

"නිකන්"
අයියා උත්තර දුන්නා

"ජංකුකා උබට අමාරු නම් මන් ගන්නද කාර් එක?"

මොකක්? ඔයා ගියාම අර යකා එයි මෙතනට..
මුන් ඔක්කොටම මක් වෙලාද

ඒ ක්ශනිකව කාර් එක නැවැත්තුවා පාර අයිනට වෙන්න

"මන් මේ උබලා කවුරුහරි අහනකන් හිටියේ"

"ශික් මටත් කට පියන් ඉන්න බෑනේ"

කරුමෙට මගේ පැත්ත තමා පේමන්ට් එකට සෙට් වුනේ.. මන් බැහැලා ජිමින් අයියට බහින්න ඉඩ දුන්නා..

මට මේ යකා එක්කත් මල

ජිමින් අයියා බැස්සම ජංකුක් ඇවිල්ලා මගේ ළග හිට ගත්තා..

මන් බලන් ඉන්නේ මේ යකා ඇතුලට යනකන්

"ඔයා යන්න මල්ලී"

මල්ලී?? අයියා ඉස්සරහා හෙන ගවුරවේ

මන් ඉතින් ගියා ඇතුලට
ජංකුක් ඊට පස්සෙ නැග්ගා

ආයේ ගමන පටන් ගත්තා

මේ යකා බ්‍රේක් ගහන ගහන පාරට මගෙ ඇගේ
මන් ඒ හැම පාරම රැව්වා
බනිනවා වෙන තැනක නම්
කොහෙද අයියලා ඉන්නවනේ

"තව දුරද ජිමිනා?"

"තව ටිකක් දුරයි බන්, ඇයි උබට වමනෙ යන්න එනවද?"

මොකක්? මූට වමනෙත් යනවද?

"නෑ නෑ... නිදිමතයි"

සිරාවට මටත් පට්ට නිදිමතයි..
.
.
.
.
Jk pov

මන් දුරද ඇහුවේ ටේ නිසා.. කොල්ලා ඈනුම් අරිනවා

අහලා විනාඩි දහයක් යද්දී කොල්ලා නිදී

වැනෙද්දී මට තේරුනා එක්කෝ යුක්ගියගේ උරහිසට
නැත්තම් මගේ

මන් තව ටිකක් ළං වුනා
මගේ උරහිසට ඔලුව තියාගන්න කියනවා වගේ...

හරියටම කලා..

මගේ උරහිසට වැටුනා

ශික් යුංගිවත් ඉස්සරහට දැම්ම මට මෙයාගේ අත අල්ලන්න තිබ්බා..
කවදා අල්ලන්නද

ටික දුරක් යනකන්ම කිසි සද්දයක් නෑ...

කොල්ලා හොදටම නිදි
ටික වෙලාවකින් එයාගේ අතක් මගේ බඩ වටේ දැම්මා

කොල්ලෝ මේ කට්ටිය ඉන්න තැන මොනාද උබ ඔය කරන්න යන්නේ

එතකොටම යුංගි බැලුවා....

මන් බැලුවා යුංගි දිහා....

මුකුත් නෑ ඉතින් ඌ ආයේ ෆෝන් එකට මූණ ඔබා ගත්තා...

මන් කොච්චර අයව ආශ්‍රය කලත් අද වගේ පපුව කවදාවත් ගැහුනේ නෑ

කිම් ටේහ්‍යුන්ග්
තමුසේ මට ෆීල් වෙනවා වැඩී ඕයි
බැලුවත් ඇති
මට තමුසෙව බදාගන්න හිතෙනවා
කොහොමද එහෙම කලේ? මට මෙහෙම කලේ?

මන් එයා මගේ බඩ වටේ දාලා තියන අත දිහා බලන් කල්පනා කලා...

තවත් විනාඩි ගාණක් යද්දී කාර් එක නතර කලා...
ගැහුව බ්‍රේක් පාරට කොල්ලා හෙමින් හෙමින් ඇස් ඇරියා
මගෙයි උබෙයි වාසනාවට එකෙක්ටවත් අපි දෙන්නව මීටර් නෑ

ඇස් දෙක බෝල ගෙඩි දෙකක් වගේ ලොකු වුනා...
ඔව් මන් දිහා බලාගෙන

pov end

මොකක්? මන් මෙහෙමද ආවේ
යකෝ මේකව බදාගෙන
උරහිසේ ඔලුව තියාගෙන
අයියා දැක්කද දන්නෙත් නෑ

"සොරි"

"අහ් ඒකට කමක් නෑ මල්ලී"

"ඇයි මොකද උනේ?"

ඔන්න එතකොටයි අපේ අයියට මල්ලිව මතක් වුනේ...

"නෑ නෑ අයියේ මන් මේ ජංකුක් අයියගේ උරහිසේ නිදන් ඇවිල්ල තියෙන්නෙ"

"ඉතින් ඕකට මක් වෙනවද යකෝ... ඕකගේ උරහිස කොහොමත් පොදු භාණ්ඩයක් වගේ තමා"

ඉදකින් ජිමින් අයියා කිව්ව කතාව..
අපේ අයියයි යුංගී අයියයි හෙන හයියෙන් හිනාවුනා

"අනෙ මේ නවත්තගනින්..."

"මේ මල්ලී උබ දන්නේ නෑනේ....

"ඇති ඇති ජිමින්... දැන් ඇයි මෙතන නැවැත්තුවේ?"

ගොනා.. නැවැත්තුවෙ නැත්තම් තාම මෙයා මාව බදාගෙන

ජංකුක් හිතන ගමන් එලියට බැස්සා..

වාව් ගෝල් ෆේස් එක... ( බූසාන් යද්දී හම්බෙනවා ඈ)

මන් පොඩි කාලේ ඇවිල්ල තියනවා
ඒ ආවට පස්සෙ ආවමයි
සෙනගත් ටිකක් ඉන්නවා

"අම්මා පාන් හදලා දුන්න බන්.. බඩගිනි, කාලා යමු"

කියලා ජිමින් අයියා පෙට්ටියක් උස්සන් ආවා..

දැකල ඇතිනේ ගෝල්ෆේස් එක ලග තියන කණ්ඩි.. ඒකක් උඩ පෙට්ටිය තියලා අපිත් වාඩිවුනා..

චිකන් සැන්විච්
පට්ට රසයි
චීසුත් දාලා

මට තිබ්බ බඩගින්නටම කෑවා පෙති තුනක්

ඒ අතරෙ ජංකුක්ට කෝල් එකක්
ෆෝන් එකත් කනේ ගහගෙන ගියේ කාර් එක තිබ්බ පැත්තට

"මල්ලී කාර් එකේ වතුර බෝතලයක් ඇති, අරන් වරෙන්කෝ"

පාන් කෑල්ලත් කන ගමන් ජිමින් අයියා උඩින් එව්ව යතුරත් අල්ලගෙන මන් ගියේ කාර් එක පැත්තට

යද්දී අර හෝතම්බුවා

බර කෝල් එකක..

කාර් එකේ ඩිකියට පශ්චාත් භාගේ තියාගෙන පාර පැත්තා හැරිලා

මන් ශේප් එකේ සද්දේ නෑහෙන ගානට ගියා කාර් එක ළගට...

මන් ලොක් එක අරින්න යද්දී ජංකුක්ගේ කතාව ඇහෙනවා...
ඕපදූප හොයන එක නරක පුරුද්දක් නෙමෙයි ඉතින්

"හරි හරි අනේ"

"මොකක්??"

"අනේ ඔයා මගේ සුදූ නේ"

යකෝ.. මූ මල් කඩනවා

"ජිමින්ලා එක්ක ආවේ..."

"හ්ම්ම් ජූන් යුංගි ආවේ"

"අහ් ඔව් ජූන්ගේ මල්ලිත් ආවා"

මන් බැලුවා මූ මාව නොකිව්වේ ඇයි කියලා.. කෙල්ල හරි කොල්ලා හරි වසයි වගේ.. ඔක්කොම අහනවා..

"හරි අනේ මන් තාත්තා එක්ක කතා කරන්නම්"

අනිත් පැත්තේ කෙනා මොනා කියනවද මන්දා මට ඇහෙන්නේ මේ හෝතම්බුවා කියන ඒවා විතරනේ..
වැඩේ හරියන්නේ නෑ මූගේ මල් කැඩිල්ල ඉවර වෙනකන් හිටියොත් අර යකා වතුර නැතුව මැරෙනවා..

මන් ඉතින් කාර් එකේ ලොක් එක ඇරියා..
සද්දෙට උඩ ගිහින් මන් දිහා බැලුවේ..

මන් නම් සතයකට ගනන් ගත්තේ නෑ
ඒක තමා මේ ටිකේ මට මැසේජ්වත් නැත්තේ
අලුත් එකක් සෙට් වෙලානේ
මහ ජාරා මිනිහෙක් හැබැයි තමුසෙ නම්

මූණ දිහා බලන් හිතාගෙන හිතාගෙන ගියා

ඇරියා දොර
ගත්තා වතුර බෝතලේ
නිකන් මගේ කර් එක වගේ
දඩාං ගාලා වැහුවා
ලොක් කරගෙනම ආවා..

ජංකුක් තාම බලාගෙන..

...........
"කවුරුහරි ආවද පුතා?"
"ලස්සන කෑල්ලක් ආවා"
"ජංකුක් උබට ඔය හිත වටේ යවාගන්නෙ නැතුව තියාගන්නම බෑ නේ"
"මේ පාර නම් හරිම කෙනාව අල්ලගත්තා අම්මා"
"අනෙ පුතේ මන් උබේ අම්මා.."
"බලන්නකෝ
...........

මන් වතුර බෝතලේ ජිමින් අයියට දීලා ඈත පේන මුහුද දිහා බලාගෙන හිටියා..

පුන්චි ළමයි අම්මලා එක්ක සෙල්ලම් කරනවා..
අද සෙනසුරාදා නිසා ටිකක් සෙනග

"මොනාද කල්පනා කරන්නේ?"

අයියා ලගින් වාඩිවුනා මගේ

"මුකුත් නෑ බන්... කාලෙකින්නේ මෙහෙම ඇවිදින්නේ"

අපි දෙන්නා අනිත් අය කනකන් ටිකක් වෙලා කතා කර කර හිටියා

අර හෝතම්බුවා මල් කඩලා ඇවිල්ලා පාන් පෙති දෙකක් අත් දෙකට අරන් ගිලිනවා..

"මේ යමුද?"

"කෝ දියන් යතුර මන් වාහනේ ගන්නම්"

‍යුංගි අයියා කියද්දී ජිමින් අයියගේ අතේ තිබ්බ යතුර විසික් කලා ඒ පැත්තට..

දැන් අයියයි යුංගි අයියයි ඉස්සරහා
ජංකුක්ගෙයි ජිමින් අයියගෙයි මැද මන්.. තව ටික දුරයි කියලා නගිද්දිම කිව්වට යනව යනවා ඉවරයක් නෑ හැබැයි

"ඕයි මට නිදිමතයි"

"මොකද ජිමින් උබ නිදි පෙති බීලද ඕයි ආවේ?"

"උබ ඉදපන්කෝ... ටේ මන් උබේ උකුල උඩින් ඔලුව තියාගන්නවා"

යකෝ
තියාගන්නද නෙමෙයි
තියාගන්නවා
කෙලින්ම බැලුනේ අර යකා දිහා
ඔරවනවා
මන් මොනා කරන්නද

මාත් ඉතින් එච්චර හිතන්නේ නැතුව ආවා...

ජිමින් අයියා මගේ උකුල උඩ ඔලුව තියන් නිදි

කොහොම හරි 11 වගෙ වෙද්දි අපි ආවා ජිමින් අයියලගේ බූසාන් ගෙදරට

කට්ටියම බැස්සා එලියට

වාහ්හ්හ්

මාරම ගති

වටේම ගස්
මැද පොඩි විලා එකක් වගේ
පූල් එක හෙවනට වෙන්න

අනිත් අය නම් මෙතනට ඕනේ තරම් ඇවිල්ලා තියනවා
ඒත් මගේ ෆස්ට් ටයිම් නේ
ඉතින් අනිත් අය බඩු බානකන් මන් පොඩ්ඩක් වටපිටේ ඇවිද්දා

එතකොටම කොල්ලො දෙන්නෙක් ආවා..

මගේ දිහා උඩ ඉදන් යටටම බැලුවා

මාව පහු කරන් ගියේ ජිමින් ළගට

"සර්... බඩු ටික කාමරෙන් තියන්නද?"

සර්??? අහ් මෙහෙ වැඩ කරන කොල්ලො දෙන්නෙක් වෙන්න ඇති
හැබැයි එහෙම පේන්නේ නම් නෑ

"ඔව්ව් උඩ ඩබල් රූම් එකෙන් තියන්න"

කොල්ලො දෙන්නා අපේ බෑග් ටික දෙපාරකට ඇවිල්ල අරගෙන ගියා..
යද්දි බීම 5කුත් ගේන්න කිව්වා.

"යමන් ඇතුලට.. මට නම් මාර මහන්සි"

කට්ටියම ඇතුලට





හායි....
ඊලග එකෙන් වැකේශන් එක ගැන බලමු

plz vote and comment
🌸🌸

Bạn đang đọc truyện trên: AzTruyen.Top