70
මන් ජංකුකුත් එක්ක අපේ ගෙදර ආවා
කාර් එකෙන් බැස්සා
"මොකෝ මල්ලී...
"තාත්තා....
"තාත්තා අපි එක්කම ඉන්නවා මල්ලී... මන් ඔයාව බලාගන්නම්"
එයා මගේ අතින් අල්ලගත්තා
"යමු"
ගේ ඇතුලට යද්දි අයියා
"මන් හිතුවා ගියේ ඕකට තමයි කියලා"
"අයියේ....
"හරි හරි... වොශ් එකක් එහෙම දාන් වරෙන්, කන්න... බලපන් එකොලහත් පහු"
ඊලගට මායි ජංකුකුයි කාමරේට
"වොශ් දාන් එන්න මන් ඇදුමක් ලෑස්ති කරන්නම්"
එයා නාන කාමරේට ගියා
මන් අල්මාරියම ඇදලා කලිසමකුයි ටී ශර්ට් එකකුයි ගත්තා එලියට
දෙන එක දෙන්න එපැයි දොබෙන් යන්න
ටික්
ටික්
ටික්
පැය කාලයි පොර නාලා එලියට
මුගේ නෑමත් බොරුවක් හෙන
වතුර ඔලුවෙ ගාන් එනවද කොහෙද මෙච්චර ඉක්මනට
"මෙන්න මේ දෙක ඇදගන්න"
මන් තුවායත් අරන් නාන කාමරේට
"ඒ මගේ තුවාය නේද?"
"හ්ම්ම්"
"මල්ලී මේ....
"මොකද?"
නාගන්න යන්න දෙන්නෙ නැති හැටියක් මේ හිවලා
"යටට අදින එකක් නැද්ද?"
"අනේ මේ.....
වහගත්තා නාන කාමරේ දොර
ගෙන්න එපැයි ඕනේ නම්
මගේ ඒවා දෙන්නද කියන්නේ
තමුසෙගෙ ඔය අලි මගුල් දාන්න ඒවා මදි
"ඔන්න එහෙනම් මන් යටට අදින්නෙ නෑ. පස්සෙ මුකුත් කියන්න එපා හරිය"
ඊ තව ටිකක් හයියෙන් කෑගහපන්
යකෝ අයියටත් ඇහෙනවා ඇති
.
.
.
.
.
නාගෙන ඇදුමකුත් දාගෙන මන් ඔලුව පිහදන ගමන් එලියට
ජංකුක් ඇදේ
"කන්න යමු..
"යමු"
"පොඩ්ඩක් ඉන්නවා"
"මොකද?"
මන් ක්ශනිකව දිව්වෙ අල්මාරිය ලගට
"මොනාද තමුසෙ ඔය අදින්නේ?"
වෙලාවට අලුත් ජොක්කු දෙන්නෙක් තිබ්බ මන් ලග
"මෙන්න මේක ඇදගෙන එනවා.. ආස ඇති හොල්ල හොල්ල යන්න"
(මොනාද යකෝ මේ මන් ලියන්නේ 😂😂😂😂"
මන් එහෙම්මම එලියට ආවා..
විනාඩි පහට එයත් ආවා
"කොහෙද බලන්නේ? ඇදගෙන ආවා"
නෑ මට බැලුනා ඉතින්....
දෙන්නම පහලට යද්දී අයියා කෑම මේසේ
"කෑවේ නැත්තෙ ඇයි අයියේ?"
"නෑ උබලා එනකන් හිටියේ"
"එහෙනම් දැන් ආවනේ කමු"
සද්දයක් නෑ
අයියයි ජංකුකුයි හොදට ගිලිනවා
මුන් දෙන්නා අදුරන්නේ නෑ වගේ කන්නේ
"ජංකුක්....
අයියා පටන් ගත්තා
"ජූන්... කියපන්"
"ඉස්සරහට මොකද කරන්නේ?"
"මන් කම්පැනි එකේ වැඩ භාර ගන්න ඉන්නේ බන්"
"හ්ම් හොදයි ඒක... එතකොට මල්ලී?"
"දැන් අපි බැදලනේ බන්.. මෙයා කැමති නැතුව ඇති එහෙ යන්න.."
"එහෙම අකමැත්තක් නෑ..
"මන් රට යනවා"
"අයියේ....
"උබ වගේ හොරෙන් නෙමෙයි මන් යන්නේ.. මන් ආයේ එනවා"
"හ්ම්ම්"
"උබලා දෙන්නා මෙහෙ ඉන්න"
මාත් ඒකට ආසයි
"බලමුකෝ අයියේ...
ආයේ කාලා ඉවරවෙනකන් නෝ කතා
කෑවා බඩපැලෙන්න
"මන් එහෙනම් නිදාගන්න යනවා... උබලා දැන් බැදලනේ, ඕනේ විදිහකට නිදාගනිල්ලා"
ඊ ඔව් නේන්නම්
ඒ උනාට මේ යකාව ශුවරුත් නෑ
අයියා කාමරේට ගියා
ලිලී ඇන්ටිත් කාපු ටික අස් කරනවා
මායි ජංකුකුයි මගේ කාමරේ පැත්තට ආවා
"අපි දෙන්නා හනිමූන් ගියෙත් නෑ නේද?"
"අනේ මේ....
"ඇයි? ඒක මගේ අයිතියක් හරිද?"
"යනවා යන්න"
.
.
.
.
"ඒයි... අත අරිනවා ගොනෝ.. අයියා එයි"
පිස්සෙක් මහ
කාමරේ දොර පෙනි පෙනි මාව වඩාගත්තා
"මන් ආසයි ඕයි... ඉන්මවකෝ පොඩ්ඩක් ගෙජ්ජි වැල හොල්ලන්නෙ නැතුව"
"හරි ඇතුලට ගිහින් ඕනේ එකක්.. දැන් තියනවකො හලෝ"
කොහේ තියන්නද
උස්සගෙනම කාමරේට ආවා
"තියනවකෝ දැන්වත්....
තිබ්බා මාව ඇද උඩින්
එයා වාඩිවුනා මගේ එහා පැත්තෙන්
ඔලුව මගේ උකුල උඩින් තියන් එයා හාන්සි වුනා
"මොකද?"
"මන් හිතුවේ නෑ ආයේ අපිට මෙහෙම ඉන්න දවසක් එයි කියලා"
"ම්ම්ම්ම් මාත්...
"මට ඒ තරම් වයිර කලාද?"
"හ්ම්ම් ඔව්... ඉතින් මන් වෙන මොනා කරන්නද අයියේ?"
"මන් ඒක තේරුම් ගත්තා, ඒකයි බලන් හිටියේ"
"මන් ආයේ ඔයා ලගට ආවේ නැති වුනා නම්?"
"දන්නෙ නෑ මන් දන්නේ නෑ මල්ලී...
"මාත් එන්න නෙමෙයි හිටියේ, ඒත්... මේ... මට නිචීව හම්බුනා"
ජංකුක් ක්ශනිකව නැගිට්ටා
"අහ්..... එතකොට ඔයා මන් ලගට ආවේ එයා කිව්ව නිසාද?"
"අහනවකෝ"
"නෑ ඕනේ නෑ... මන් හිතුවෙ ඔයා මට ආදරේ නිසා මන් ලගට ආවා කියලා, ඒත් ඔයා මන් ලගට ඇවිල්ලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ කීමට.... එහෙම නේද?"
"විකාරද අනේ?"
"ඔව් විකාරයි තමා"
"කොහෙද යන්න හදන්නේ?"
"නෑ මල්ලී... මන් ගෙදර යනවා"
"පිස්සුද අනේ?"
"ඔව්... ඔයා නිචී මන් ලගට යන්න නොකිව්ව නම් තාම...
"එහෙම නෑ අනේ"
"එයා තේරුම් කලාද මොකක්ද උනේ කියලා?"
"හ්ම්ම්ම්"
හ්ම් කිව්ව විතරයි එයා මගේ නිකට තද කරලා අල්ලගත්තා
"ආව්....
"මටත් රිදුනා, තාම රිදෙනවා... තමුසෙට මන් බල්ලෙක් වගේ පස්සෙන් ඇවිල්ලා තේරුම් කලා, ඒත් තමුසේ මොකක්ද කිව්වේ?මට කාලකණ්නියා කිව්වා.. මගේ නමට වයිර කරනවා කිව්වා.. මන් සතෙක් කිව්වා.. මගෙන් ඩිවෝස් වෙන්න ඕනේ කිව්වා.. එතකොට කොහෙවත් ඉන්න එකියක් පැහැදිලි කලාම යස අගේට තමුසේ තේරුම් ගත්තා නේද?"
"අහන්නකෝ... මුලින් අත අරින්නකෝ අයියේ"
එයා මගේ නිකටෙන් අත ගත්තා
"අහන්න දෙයක් නෑ... තමුසෙට විශ්වාස වෙන උන් කියන ඒවා නම් කොහෙද ඕයි තමුසෙගේ ආදරේ? මගුල තමා....
"අයියේ යන්න එපා.. ප්ලීස්...
එයා දොරත් ඇරගෙන එලියට ගියා
ඔව් මන් වැරදී
මන් විශ්වාස කලේ නිචී කිව්ව දේවල්
ඒ දේවල් ජංකුකුත් මට පැහැදිලි කලා
ඒත් මන් තේරුම් ගත්තේ නෑ
ඒත් ඒකෙන් මගේ ආදරේ ඔහොම පහතට දාන්න බෑ
මන් එහෙම කලත් හිතෙන් අමතක නොකලේ මන් එයාට ආදරේ නිසා
මන් පහලට යද්දිත් එයා ගිහින් ඉවරයි
මන් පාර ලගටම දිව්වා
ඒත් එයා හිටියේ නෑ
"ඔයා කොහෙද ගියේ අයියේ???"
"මල්ලී... මොකද මේ?
"අයියේ...එයා ගියා...
"ජංකුක්ද? මොකක්ද උනේ?"
පාරෙදිම මන් වෙච්ච දේ අයියට කිව්වා
"තමුසෙ මොකටද ඒකක් කියවන්න ගියේ? මන් උනත් ඔහොම එකක් දන්නව නම් ඕකම තමා කරන්නේ"
"මට කියවුනා"
"මන් හෙට උදේම ගිහින් ඌ එක්ක කතා කරන්නම්"
"එයා හිතන්නේ මන් එයා කිව්ව දේ පිලි නොගෙන නිචී කිව්වම එයාට අනුකම්පා කරලා එයා ලගට ආවා කියලා"
"ඔව් ඉතින් ඒක එහෙම නේ ඕයි වෙලා තියෙන්නේ"
"එහෙම නෑ"
"නැත්තෙ මොකද? උබ ඌ වැද වැද කිව්වත් පිලිගත්තේ නෑනේ"
"හ්ම්ම්"
"හරි හරි මන් මොකක්හරි කරන්නම්, යමන් යකෝ මට නිදිමතයි"
අයියා එක්ක ගේ ඇතුලට
කාමරේට ආව ගමන් ෆෝන් එක අරන් කෝල් කලා ජංකුක්ට
ආන්ස්වර් කරන්නේ නෑ
දැම්මා මැසේජ් එකක්
"පරිස්සමෙන් යන්න...."
අයියා හෙට ශේප් කරනකන් මන් පාඩුවෙ ඉන්න එක හොදයි
ඒත් දුකයි
කාලෙකින් එයා මන් ලගට ආවේ
ඒත් මගේ කට නිසා ඔක්කොම අවුල් වුනානේ
පේනවනේ එක වචනයක් ඇති හැමදෙයක්ම අවුල් වෙන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
උදේම නැගිටලා මන් දිව්වේ පහලට
අයියා කොහෙද යන්න
"අයියේ ජංකුක්ගේ ගෙදර යන්නද?"
"හ්ම් ඔව්"
"හා හා... යන්න එහෙනම්"
මන් බලෙන්ම අයියව ඉක්මනට යැව්වා...
.
.
.
.
.
.
දවසේ දින චර්යාවත් නවත්තගෙන මන් අයියා එනකන් බලන් ඉන්නේ දැන් පැය තුනක ඉදන්
මේ යකා ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ
එන්නෙත් නෑ
ජංකුක් අල්ලගෙන ගැහුවද?
මන් ගුටි කෑවට අයියා නම් ඕකගෙන් කන්නෙ නෑ
ඒක නිසා බයක් නෑ
කාර් එකක් නවත්තන සද්දේ
මන් දිව්වා එලියට
අයියා.... අම්බෝ දෙයියෝ දැක්කා වගේ
"අයියේ.....
එයා මුකුත් නොකියම ගේ ඇතුලට ගියා
"මොකෝ උනේ කියනවකෝ"
"ඌ බෑ කිව්වා"
"මොකටද?"
"ඌ ඩිවෝස් වෙන්නම් කිව්වා"
"මොකක්?"
"හ්ම්ම්"
"බොරු"
"මොකටද මන් බොරු කියන්නේ?"
"ඒත්... බොරු නේද අයියේ?"
"මේක අහපන්....
අයියා එයාගේ ෆෝන් එකේ රෙකෝඩ් එකක් ඔන් කරලා මට දුන්නා
"මට බෑ ජූන්....
"මල්ලී උබට ලව් ඕයි"
"මන් ඒක දැනගත්තා ඊයේ"
"ඌ මොනා උනත් උබට ආදරේ කලා.. තාත්තගේ සීන් එක නිසා ඌ අතරමං වෙලා බන් හිටියේ"
"එතකිට නිචී කිව්ව ගමන් හරි පාර හොයාගත්තා"
"මොකක්ද බන් උබත් එකයි ඌත් එකයි"
"නෑ බන් අහපන්කෝ, මල්ලී ඊයේ මන් ලගට ආවේ එයාගේ හිතින්ම ඔව් මන් අයියට ආදරෙයි කියලා නෙමෙයි, ඔව් එයා පව් කියලා හිතලා.."
"ඒ ආදරෙ නෙමෙයිද?"
"නෑ... ඒ ආදරේ නෙමෙයි, මට හිතන්න තිබ්බා මාස තුනක් මාව එපා කිව්ව කෙනාට ආයේ මාව ඕනේ වෙන්න නෑ කියලා"
"මොකක්ද උබේ තීරණේ?"
"එයාට ඕනේ උනා වගේ මන් ඩිවෝස් එක දෙන්නම්"
"ජංකුකා...
"ජූන් තැන්කිව් බන් ආවට.. බට් මගේ තීරනේ ඒක..."
එයා ෆෝන් එක ආයේ ගත්තා..
මන් වැරැද්දක් කලා
මාස තුනක් එයාට ආදරේ කර කර නොකරනවා වගේ රගපෑවා
ඒත් එයාට මන් ආදරේ කලා
කවදාවත් අනුකම්පාවකට බෑ ජංකුක් මෙහෙම හිතක් වෙනස් කරන්න
මගෙ ආදරෙයි හිත වෙනස් කලේ
"තමුසෙ කොහෙද යන්නේ ඔය?"
"මන් ම ඒ ගොනාව හම්බෙලා එන්නම්"
"විකාරද?"
අයියා කෑගහනවා
මන් මුකුත් ඇහෙන්නේ නෑ වගේ කෙලින්ම කාර් එකට ආවා
කෙලින්ම ජංකුක්ගේ ගෙදරට...
ඊ මට එන තරහක්
ඔච්චරම ලයින්ද එයාගේ
අනුකම්පාවලු
මොන රෙද්දක්ද?
අර ගෑනු වගේ
එකම අල්ලන් කියවනවා
මෝඩ යකෙක් මූ නම්
හරි මන් ආවමත් තමුසේ ඔය ටිකම කිව්වොත් අම්මපා මන් නම් ආයේ බලන්නෙවත් නෑ උගේ පැත්තවත්
මේ ගල්මූසලයා පාරේ ලව් කරනවද මන්දා
යන්නෙත් නෑ මට යන්න දෙන්නෙත් නෑ
මන් කපලා ඉස්සර කලා ඉස්සරහෙන් යන කාර් එක
.
.
.
.
.
ජංකුක්ගේ ගේ ඉස්සරහා
නැවැත්තුවා
හරි මන් පැහැදිලි කරන්නම් මොකක්ද උනේ කියලා
ඊට පස්සෙත් තමුසෙ බෑ කිව්වොත් මන් යනවා යන්න
බැස්සා එලියට
දොර ලගට ගියා
මන් මේ දෙවනි පාර මෙහෙ එන
එදා ආවේ ජංකුක්ගේ යාලුවෙක් විදිහට
ඒත් අද.... එයාගේ හස්බන්ඩ්
අද එක්කො මන් හස්බන්ඩ් වෙයි නැත්තම් එක්ස් හස්බන්ඩ් වෙයි
බලමුකෝ
ඕනේ මගුලක් කියලා ගැහුවා බෙල් එක....
මේ ගෙදර මිනිස්සු නැද්ද
දෙවනි පාරටත් ගැහුවා
"ඉන්න එනවා"
හරි ඉන්නම්....
දොර ඇරියේ ජංකුක්ගේ අම්මා...
"පුතා... ඔයා?"
"ඇන්ටි.... නෑ... අම්මේ.... ජංකුක් ඉන්නවද?"
"මේ....
"නැද්ද?"
"මේ... ඉන්නවා... මේ.... කාමරේ"
"මොකද මේ ගොත ගහන්නේ අම්මේ?"
"පුතා ඇයි ආවේ?"
"අයියව හම්බෙන්න"
එයා බයවෙලා වගේ....
"මන් යන්නද උඩට?"
එයා මුකුත් කිව්වෙ නෑ... මන් ඉතින් උඩ ජංකුක්ගේ කාමරේට ආවා..
"අර මෝඩයව අත අරිනවා ඕයි.....
එච්චරයි මට ඇහුනේ
මන් එයාගේ කාමරේ දොර ලග
හරියටම දොර ඉස්සරහා
ඒක කමක් නෑ... ඒත් ඒ කෙල්ලෙක්ගේ කට හඩක්....
නෑ මන් ආවේ එයා එක්ක කතා කරලා මේක බේරගන්න.. ඕනේ එකක්
මන් දොරට තට්ටු කලා....
වචනයකට හැමදේම වෙනස් කරන්න පුලුවන්..
මන් කතාව ඉවර කරන්න යන්නේ
මන් කිව්ව වගේම මේක අනිත් BL ලව් ස්ටෝරියක් වගේ නෙමෙයි
කියවද්දි ඔයාලට තේරෙන්න ඇති
මට ඕනේ වුනේ ෆැන්ටසි ෆනී දෙයක් ලියන්න..
තව සුට්ටක් රැදී ඉන්න අවසානයට...
70න් ඉවර කරන්න හිටියේ, ඒත් 70නුත් බැරිවුනා
vote and comments
🌸🌸
Bạn đang đọc truyện trên: AzTruyen.Top